හිරිහැර කිරීම් සහ සයිබර් හිරිහැර ප්‍රතිපත්ති

අපගේ නිර්මාණකරුවන්ගේ, බලන්නන්ගේ සහ හවුල්කරුවන්ගේ ආරක්ෂාව අපගේ ඉහළම ප්‍රමුඛතාවයි. මෙම අනන්‍ය සහ විචිත්‍රවත් ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා අපට උදවු කිරීම අපි ඔබ එක් එක් කෙනාගෙන් බලාපොරොත්තු වෙමු. ඔබ අපගේ ප්‍රජා මාර්ගෝපදේශ සහ YouTube ආරක්‍ෂිතව තැබීමට ඒවා අපගේ බෙදා ගත් වගකීම තුළ දරන භූමිකාව තේරුම් ගැනීම වැදගත් වෙයි. හත ප්‍රතිපත්තිය හොඳින් කියවීමට කාලය ගන්න. අප මාර්ගෝපදේශවල සම්පූර්ණ ලැයිස්තුවක් සඳහා ඔබට මෙම පිටුව ද පරීක්‍ෂා කළ හැක.

අපි කෙනෙකුගේ ශාරීරික ගති ලක්‍ෂණ හෝ වයස, අබලතාව, ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික නැඹුරුව, හෝ වර්ණ භේදය වැනි ආරක්‍ෂක කණ්ඩායම් තත්ත්‍වය මත පදනම්ව දීර්ඝ කාලීන අපහාස හෝ අපවාද සහිත කෙනෙකු ඉලක්ක කරන අන්තර්ගතයට ඉඩ නොදෙමු. අපි තර්ජන හෝ ප්‍රලේඛය වැනි වෙනත් හානිකර හැසිරීම්වලට ද ඉඩ නොදෙමු. අපි බාලවයස්කරුවන් ඉලක්ක කර ගන්නා අන්තර්ගත සම්බන්ධයෙන් දැඩි ප්‍රවේශයක් ගන්නා බව සිතේ තබා ගන්න.

ඔබ මෙම ප්‍රතිපත්තිය උල්ලංඝන කරන අන්තර්ගතය සොයා ගත්තේ නම් එය වාර්තා කරන්න. අප ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝන කිරීම් වාර්තා කිරීම සඳහා වන උපදෙස් මෙහි තිබේ. ඔබ වාර්තා කිරීමට කැමති වීඩියෝ හෝ අදහස් බොහොමයක් ඔබ සොයා ගන්නේ නම්, ඔබට නාලිකාව වාර්තා කළ හැක. ආරක්‍ෂිතව සිටින ආකරය පිළිබඳ ඉඟි සඳහා, ඔබේ ගිණුම සුරක්‍ෂිතව තබන්න, ඔබේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කරන්න, නිර්මාපක ආරක්‍ෂක මධ්‍යස්ථානය සහ YouTube මත ආරක්‍ෂිතව සිටින්න පරීක්‍ෂා කරන්න.

ඔබට විරුද්ධව නිශ්චිත තර්ජන කරනු ලබන අතර ඔබට අනාරක්‍ෂිත බව හැඟෙන්නේ නම්, එය ඔබේ ප්‍රාදේශීය නීති බලාත්මක කිරීමේ ආතයනයට ඍජුව වාර්තා කරන්න.

මෙම ප්‍රතිපත්තියෙන් ඔබට ඇති තේරුම

ඔබ අන්තර්ගතය පළ කරන්නේ නම්

පහත සඳහන් කර ඇති ඕනෑම විස්තරයකට එය ගැළපෙන්නේ නම් YouTube මත අන්තර්ගත පළ නොකරන්න.

  • ස්වභාවයෙන් පිහිටි උපලක්‍ෂණ මත පදනම්ව දිගටම අපහාස කිරීම, හෝ කැලල් කිරීම අඩංගු අන්තර්ගතය. මෙම උපලක්‍ෂණවලට ඔවුන්ගේ ආරක්‍ෂිත සමූහ තත්ත්‍වය, ශාරීරික ලක්‍ෂණ, හෝ ලිංගික ප්‍රවාහරයේ, ඒකමතික නොවන සමීප අනුරූප බෙදා හැරීම, ගෘහ අපයෙදුම, ළමා අපයෙදුම, සහ තවත් ඒාවයෙන් බේරුණු කෙනෙක් ලෙස ඔවුන්ගේ තත්ත්‍වය ඇතුළු වෙයි.
  • බාලවයස්කාර දරුවෙකුට ලැජ්ජා කිරීම, රැවටීම, හෝ අපහාස කිරීමේ චේතනාවෙන් උඩුගත කරන ලද අන්තර්ගතය. එනම් බාල වයස්කරුවෙකුට පීඩාව, ලැජ්ජාව, හෝ නොවටිනාකම වැනි අහිතකර චිත්තවේග හඟවීමට අදහස් කිරීම; ඔවුන්ට හෝ ඔවුන්ගේ දේපළවලට හානි කළ හැකි මාර්ගවලින් ඔවුන් හැසිරවීමට අදහස් කිරීම; හෝ ඔවුන්ට නම් තැබීමේ නියැළීම වෙයි. බාල වයස්කරුවෙක් යනු වයසර අවුරුදු 18 ට අඩු කෙනෙක් වෙයි.
මෙම ප්‍රතිපත්තිය උල්ලංඝන කරන වෙනත් අන්තර්ගත වර්ග
  • ප්‍රසිද්ධ නොවන පුද්ගලිකව හඳුනා ගත හැකි තොරතුරු (PII) බෙදා ගන්නා, බෙදා ගන්නා ලෙස තර්ජන කරන, හෝ බෙදා ගැනීමට අන් අයව දිරිමත් කරන අන්තර්ගතය. 
    • PII හට නිවාස ලිපින, ඉ-තැපැල් ලිපින, පරිශීලක නාමය හෝ මුරපදය වැනි පුරන අක්තපත්‍ර, දුරකථන අංක, ගමන් බලපත්‍ර අංක, වෛද්‍ය සටහන්, හෝ බැංකු ගිණුම් තොරතුරු ඇතුළු වන නමුත් ඒවාට සීමා නොවේ.
    • මෙයට නිලධාරියෙකුගේ කාර්යාල දුරකථන අංකය හෝ ව්‍යාපාරයක දුරකථන අංකය වැනි පුළුල්ව ලැබෙන ප්‍රසිද්ධ තොරතුරු පළ කිරීම ඇතුළු නොවේ. 
    • මෙම ප්‍රතිපත්තිය ඔබේම PII බෙදා ගැනීමට, වෙන කෙනෙකුගේ PII බෙදා ගැනීමට, සහ ඔබ අහම්බෙන් PII බෙදා ගන්නා අවස්ථාවලට යෙදෙයි.
    • ව්‍යාජ PII බෙදා ගනු ලැබූ විට අන්තර්ගතය පැහැදිලිව සඳහන් කළ යුතු ය. උදාහරණය වශයෙන්, පුහුණුවක කොටසක් වශයෙන් ව්‍යාජ පුරන අක්තපත්‍ර.
  • රොක් වී පහර දීම වැනි අපහාසාත්මක හැසිරීම පොලඹවන අන්තර්ගතය. රොක් වී සටන් කිරීම යනු තනි පුද්ගලයෙක් YouTube මත හෝ ඉන් පිටත හඳුනා ගත හැකි පුද්ගලයෙකුට සංවිධාන කර අපයෝජන කිරීම පොලඹ වීම වෙයි.
  • හානිකර කුමන්ත්‍රණ න්‍යායවල් ප්‍රවර්ධන කරන හෝ ඔවුන් හානිකර කුමන්ත්‍රණ න්‍යායයක කොටසක් යැයි පවසා යමෙකු ඉලක්ක කරන අන්තර්ගතය. හානිකර කුමන්ත්‍රණ න්‍යායයක් යනු සෘජු තර්ජන හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්‍ධ වූ එකකි.
  • හඳුනා ගත හැකි පුද්ගලයෙකුට හෝ ඔවුන්ගේ දේපළවලට තර්ජන කරන අන්තර්ගතය. උදාහරණය වශයෙන්, මෙයට කාලයක් හෝ තැනක් සඳහන් නොකරන නමුත් ආයුධයක් පෙන්විය හැකි නිසැක තර්ජන ඇතුළු වෙයි.
  • නීතිය බලාත්මක කිරීම පෙනී නොසිටිමත් සමග හඳුනා ගත හැකි පුද්ගලයෙකුට බාල වයස්කරුවෙක් සම්බන්‍ධ බරපතල විෂමාචාර චෝදනාව එල්ල කිරීමට භාවිත කෙරෙන වේදිකා ගත කරන ලද රැස්වීමක් දක්වන අන්තර්ගතය.
  • හඳුනාගත හැකි පුද්ගලයෙකුගේ මරණය හෝ බරපතල තුවාල ගැන ප්‍රීති වීම හෝ සමච්චල් කිරීම ඇති අන්තර්ගතය.
  • මියගිය බාල වයස්කරුවන් යථාර්ථවාදීව අනුකරණ කරන හෝ මාරාන්තික හෝ හොඳින් ලේඛන ගත කර ඇති ප්‍රධාන ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට ගොදුරු වූවන් ඔවුන්ගේ මරණය හෝ අත්විඳි ප්‍රචණ්ඩත්වය විස්තර කරන අන්තර්ගතය.
  • නිර්මාපකයින් අන් අයට විරුද්ධව දැඩි ප්‍රචණ්ඩත්වය අනුකරණ කරන ක්‍රියා දක්වන අන්තර්ගතය. උදාහරණය වශයෙන් මරණ දඬුවම්, වද හිංසාව, අංග විකල කිරීම්, පහර දීම්, සහ තවත් ඒවා.
  • හඳුනා ගත හැකි පුද්ගලයෙක් රහසින් පසුපස යාම අඩංගු අන්තර්ගතය.
  • හොඳින් ලේඛනගත, ප්‍රධාන ප්‍රචණ්ඩකාරී සිදුවීමකට ගොදුරු වූ බවට යමෙකුගේ භූමිකාව ප්‍රතික්‍ෂේප කරන හෝ අවම කරන අන්තර්ගතය.
  • හඳුනා ගත හැකි පුද්ගලයෙකුගේ අනවශ්‍ය ලිංගිකත්වය අඩංගු අන්තර්ගතය. මෙයට ඇතුළු වන්නේ:
    • යමෙකු අසභ්‍ය, අවමන් සහගත සහ ලිංගිකව අසභ්‍ය ආකාරයෙන් විස්තර කරන අන්තර්ගතය.
    • ඒකමතික නොවන සමීප අනුරූප බෙදා ගන්නා, ඉල්ලන, හෝ බෙදා හරින ආකාරය පෙන්වන අන්තර්ගතය
    • ලිංගික ප්‍රහාරය ගැන මනඃකල්පිත කරන, තර්ජන කරන, හෝ සහය දක්වන අන්තර්ගතය

මෙම ප්‍රතිපත්තිය වීඩියෝ, වීඩියෝ විස්තර, අදහස්, සජීවී ප්‍රවාහ, සහ වෙනත් ඕනෑම YouTube නිෂ්පාදනයක් හෝ විශේෂාංගයකට යෙදෙයි. මෙය සම්පූර්ණ ලැයිස්තුවක් නොවන බව මතක තබා ගන්න. මෙම ප්‍රතිපත්ති ඔබේ අන්තර්ගතයේ ඇති බාහිර සබැඳි සඳහා ද යෙදෙන වන බව සලකන්න. මෙයට ක්ලික් කළ හැකි URL, වීඩියෝව තුළ වාචිකව පරිශීලකයින් වෙනත් අඩවි වෙත යොමු කිරීම, සහ වෙනත් ආකෘති ඇතුළත් විය හැක.

ව්‍යතිරේක

මූලික අරමුණ අධ්‍යාපනික, වාර්තාමය, විද්‍යාත්මක, හෝ කලාත්මක ස්වභාවයෙන් යුතු නම්, අපි හිරිහැරය ඇතුළු වන අන්තර්ගතයට ඉඩ දිය හැක. මෙම ව්‍යතිරේක යමෙකුට කරදර කිරීමට අවසරයක් නොවේ. සමහර උදාහරණ කිහිපයකට ඇතුළු වන්නේ:

  • ඉහළ මට්ටමේ නිලධාරීන් හෝ නායකයින් ආශ්‍රිත තර්ක: ඉහළ රාජ්‍ය නිලධාරීන් හෝ ප්‍රධාන බහු ජාතික සංස්ථාපනවල ප්‍රධාන විධායක නිලධාරීන් වැනි ඉහළ බලයේ තනතුරුවල සිටින පුද්ගලයින් පිළිබඳ මාතෘකා ඇති තර්ක හෝ සාකච්ඡා දක්වන අන්තර්ගතය.
  • නාට්‍යමය රඟපෑම්: නාට්‍යමය විහිළු, තනි විකට හෝ (අපහාස ගීතයක් වැනි) සංගීතය වැනි කලාත්මක මාධ්‍යයක සන්දර්භය තුළ කරන ලද අපහාස. සටහන: මෙම ව්‍යතිරේකය යමෙකුට හිරිහැර කර “මම විහිළු කළා” කියන්න අවසරපතක් නොවේ.
  • හිරිහැර අධ්‍යාපනය හෝ අවධානය: වාර්තාමය අරමුණු සඳහා හෝ සයිබර් හිරිහැරයට එරෙහිව සටන් කිරීමට හෝ අවබෝධය වැඩි කිරීමට (නළුවන් වැනි) කැමති සහභාගී වන්නන් සහිත සැබෑ හෝ සමාකරණ කරන ලද හිරිහැරය දක්වන අන්තර්ගතය.

සටහන: ඔවුන් ඉහළ මට්ටමේ පුද්ගලයෙක්ද නැතිද යන්න නොතකා, අපි ඔවුන්ගේ ආරක්‍ෂිත සමූහ තත්ත්‍වය පදනම් කර ගෙන අනිෂ්ට ලෙස යමෙකුට අපහාස කරන අන්තර්ගතය ගැන දැඩි ක්‍රියාමාර්ගයක් ගනිමු.

මුදල් කිරීම් සහ වෙනත් දඬුවම්

සමහර කලාතුර සන්දර්භවලදී, නිර්මාපකයෙක් මෙසේ කරන විට අපි අන්තර්ගතය ඉවත් කිරීමට හෝ වෙනත් දඬුවම් දීමට හැකිය:

  • අපයෝජනාත්මක ප්‍රේක්‍ෂක හැසිරීම නැවත නැවතත් පොලඹ වයි.
  • උඩුගත කිරීම් කිහිපයක් හරහා ඔවුන්ගේ ආවේණික ගුණාංග මත පදනම්ව හඳුනා ගත හැකි පුද්ගලයෙකු නැවත නැවතත් ඉලක්ක කරයි, අපහාස කරයි සහ අනිසි භාවිත කරයි.
  • ප්‍රාදේශීය සමාජ හෝ දේශපාලන සන්දර්භය පදනම් කර ගෙන පුද්ගලයෙක් ශාරීරික හානියට නිරාවරණ කරයි.
  • පුද්ගලික මූල්‍ය ලාභය සඳහා නිර්මාපකයින් අතර අඛණ්ඩව සතුරුකම පෙලඹවීමෙන් YouTube ප්‍රජාවට හානි කරන අන්තර්ගතය සාදයි.

උදාහරණ

මෙන්න YouTube මත ඉඩ නොදෙනු ලබන අන්තර්ගතවල සමහර උදාහරණ:

  • වීඩියෝව පුරා යමෙකුගේ පින්තූර නැවත නැවතත් පෙන්වා “මෙම සතාගේ දත් බලන්න, ඒවා හරි පිළිකුල් සහගතයි!”, වැනි ප්‍රකාශ කිරීම සහ ආවේණික ගුණාංග ඉලක්ක කර සමාන අදහස් දැක්වීම.
  • “මේ [ආරක්‍ෂිත සමූහය ඉලක්ක කරන අපහාසය] බලන්න” කීම වැනිවෙන් ආරක්‍ෂිත සමූහයක් තුළ ඔවුන්ගේ සාමාජිකත්වය පදනම් කර ගෙන පුද්ගලයෙක් ඉලක්ක කිරීම.
  • පුද්ගලයෙක් ඉලක්ක කර, හානිකර කුමන්ත්‍රණ න්‍යාය ඍජු තර්ජනවලට හෝ ප්‍රචණෟඩ ක්‍රියාවලට සම්බන්‍ධ වන හානිකර කුමන්ත්‍රණ න්‍යායක සන්දරභය තුළ ඔවුන් මිනිස් ජාවාරමට සම්බන්‍ධ වන ප්‍රකාශ කිරීම්.
  • පුද්ගලයෙක් ඔවුන්ගේ ආවේණික ගුණාංග පදනම් කර ගෙන අමානුෂික කිරීමට අතිශය අපහාසයක් භාවිත කිරීම. උදාහරණය වශයෙන්: “මෙම ගැහැනි බැල්ලිය බලන්න! ඒකි මනුෂ්‍ය ජාතියේ නෙවෙයි — ඒකි විකෘති වී ඇති කෙනෙක් හෝ සතෙක්!”
  • පුද්ගලයෙක් ඉලක්ක කර ඔවුන්ගේ මරණය හෝ දැඩි තුවාල සඳහා ප්‍රාර්ථනා කිරීම: “මම ඇයට ඒ තරම් වෛර කරනවා. මම හිතන්නේ ඒකි ලොරියකට යට වෙලා මැරෙන්න ඕන කියලා.”
  • හඳුනා ගත හැකි පුද්ගලයෙක් මරා දැමීම හෝ දැඩිව තුවාල ලැබීම ලෙස දැක්වීම. උදාහරණය වශයෙන්: වීඩියෝවකට එක චරිතයක් ක්‍රෑව වෙඩි වැදී මිය යන චිත්‍රපටියක පසුරක් ඇතුළු වෙයි. නළුවෙකුගේ මුහුණට උඩින් සැබෑ පුද්ගලයෙකුගේ ඡායාරූපය තැබෙන පරිදි වීඩියෝව සංස්කරණ කර ඇත.
  • යමෙකුගේ ශාරීරික ආරක්‍ෂාවට තර්ජන කිරීම. මෙයට “මම සෙනසුරාදා නුඹ දැක්කොත් මම නුඹ මරා දමනවා” වැනියෙන් ඉතා පැහැදිලි තර්ජන ඇතුළු වෙයි. මෙයට ආයුධයක් පෙන්වන අතරතුර “උඹ පරිස්සමින්, මම එනවා උඹ හොයා ගෙන” වැනි ප්‍රකාශ කිරීමෙන් ප්‍රචණ්ඩත්වය අදහස් දැක්වීම ද ඇතුළු වෙයි.
  • ඔවුන් කෙරෙහි අපයෝජනාත්මක අවධානය හෝ ගමනාගමන යොමු කිරීමට පුද්ගලයෙකුගේ ප්‍රසිද්ධ නොවන දුරකථන අංකයක්, නිවසේ ලිපිනය, හෝ ඉ-තැපැල් ලිපිනය වැනි පුද්ගලිකව හඳුනා ගත හැකි තොරතුරු පළ කිරීම. උදාහරණය වශයෙන්, මෙසේ කීම: “මං උන්ගේ දුරකථන අංකය ලබා ගත්තා. ඌ ගන්නකම් අමතන්න සහ පණිවුඩ යවන්න!”
  • ක්‍රීඩාව තුළ හඬ කථාබස හෝ ප්‍රවාහයක් සමයේ පණිවුඩ හරහා හඳුනා ගත හැකි පුද්ගලයින් “වටලෑම” හෝ අනිෂ්ට අපයෝජනය යොමු කිරීම.
  • පරිශීලකයින් තවත් නිර්මාපකයෙකුගේ අදහස් කොටස තුළ අපයෝජනාත්මක අදහස් දැක්වීමට යොමු කිරීම.
  • ඒකමතික නොවන සමීප අනුරූප ධාරණ කරන හෝ දක්වන වේදිකාවෙන් පිටත අඩවිවලට සම්බන්‍ධ කිරීම.
  • ඒකමතික නොවන සමීප අනුරූප බෙදා ගැනීමට වෙනත් පරිශීලකයින්ට සම්බන්‍ධ කර ගන්නා ලෙස ඉල්ලීම.
  • හදිසි හෝ අර්බුද ප්‍රතිචාර සේවාවලට “එලවීමේ” හෝ වෙනත් විහිළු ඇමතුම්, හෝ නරඹන්නන්ට මෙම හෝ වෙනත් හිරිහැර කිරීමේ හැසිරීමෙන් ක්‍රියා කිරීමට පෙලඹවීම.
  • පරිශීලකයින්ට රහසින් පසුපස යාම හෝ අවමාන තර්ජනයට උත්සාහ කිරීම.
  • පුද්ගලයෙකුට එරෙහි ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධන කිරීමට සංවර්ධන කරන ලද හෝ වෙනස් කරන ලද (“නව්‍ය කරන ලද”) වීඩියෝ ක්‍රීඩා අන්තර්ගතය.

මතක තබා ගන්න, මෙම ලැයිස්තුව නිරවශේෂ නොවේ. ඔබ අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝන කළ හැකි යැයි සිතන්නේ නම් එය පළ නොකරන්න.

අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළහොත් සිදු වන දේ

ඔබේ අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළහොත්, අපි අන්තර්ගතය ඉවත් කර ඔබට දැන්වීමට ඉ-තැපෑලක් එවමු. අපට ඔබ පළ කරන සබැඳියක් ආරක්ෂිත බව සත්‍යාපනය කළ නොහැකි නම් අප සබැඳිය ඉවත් කළ හැකිය. වීඩියෝව තුළ හෝ වීඩියෝවේ පාරදත්ත තුළ පළ කරනු ලබන උල්ලංඝනාත්මක URL වීඩියෝව ඉවත් කරනු ලැබීමට හේතු විය හැකි බව සලකන්න.

ඔබ අපගේ ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පළමු අවස්ථාව මෙය නම්, ඔබට ඔබේ නාලිකාවට දඬුවමක් නොමැතිව අවවාදයක් ලැබීමට ඉඩ ඇත. අවවාදය දින 90කට පසු කල් ඉකුත් වීමට ඉඩ දීම සඳහා ප්‍රතිපත්ති පුහුණුවක් ලබා ගැනීමට ඔබට අවස්ථාව ලැබේ. කෙසේ වෙතත්, එම ප්‍රතිපත්තියම එම දින 90 කවුළුව තුළ උල්ලංඝනය කළහොත්, අවවාදය කල් ඉකුත් නොවනු ඇති අතර ඔබේ නාලිකාවට වර්ජනයක් ලබා දෙනු ඇත. පුහුණුව අවසන් කිරීමෙන් පසු ඔබ වෙනත් ප්‍රතිපත්තියක් උල්ලංඝනය කළහොත්, ඔබට තවත් අවවාදයක් ලැබෙනු ඇත.

ඔබ දින 90ක් ඇතුළත වර්ජන 3ක් ලැබුණහොත්, ඔබේ නාලිකාව අවසන් කරනු ඇත. අපගේ වර්ජන පද්ධතිය ගැන තව දැන ගන්න.

ප්‍රජා මාර්ගෝපදේශ හෝ සේවා නියම නැවත නැවතත් උල්ලංඝන කිරීම් නිසා අප ඔබේ නාලිකාව හෝ ගිණුම අවසන් කළ හැක. අපට ඔබේ නාලිකාව හෝ ගිණුම දැඩි අනිසි භාවිත සිද්ධියකින් පසුව, හෝ නාලිකාව ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් කළ බව ඔප්පු වූ විටද අවසන් කළ හැකිය. අප නැවත නැවතත් වැරදි කරන්නන් අනාගතයේදී ප්‍රතිපත්ති පුහුණුව ලබා ගැනීමෙන් වැළැක්විය හැකිය. නාලිකා හෝ ගිණුම් අවසන් කිරීම් ගැන තව දැන ගන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
4511420213860995107
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false