වීඩියෝවලට නිමි තිර එක් කරන්න

වීඩියෝවක අවසාන තත්පර 5–20 ට නිමි තිර එක් කළ හැක. ඔබට ඒවා වෙනත් වීඩියෝ ප්‍රවර්ධන කිරීමට, ග්‍රාහකයින් වීමට බලන්නන් දිරිමත් කිරීමට සහ තවත් බොහෝ දේ සඳහා භාවිත කළ හැක. සම්මත 16:9 දර්ශන අනුපාතය සහිත වීඩියෝ සඳහා ඔබට නිමි තිරයට මූලාංග හතරක් දක්වා එක් කළ හැක. අනෙකුත් දර්ශන අනුපාතවලට ඊට අඩු සීමාවක් තිබේවි.

සටහන:

  • නිමි තිරයක් තිබීමට ඔබේ වීඩියෝව අවම වශයෙන් තත්පර 25ක් දිගු විය යුතු වේ.
  • කාඩ් ටීසර සහ වීඩියෝ දිය සලකුණු වැනි අනෙකුත් අන්තර්ක්‍රියාකාරී මූලාංග නිමි තිරය තුළ යටපත් වෙයි.
  • YouTube Music යෙදුම, ෆ්ලෑෂ් වීඩියෝ, ජංගම වෙබ්, හෝ 360 වීඩියෝ තුළ ළමයින් සඳහා සාදන ලද වීඩියෝ සඳහා නිමි තිර නොමැත.

ඔබේ වීඩියෝ සඳහා නිමි තිර

නිමි තිරයක් එක් කරන්න

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන්, අන්තර්ගතය තෝරන්න.
  3. ඔබ සංස්කරණය කිරීමට කැමති වීඩියෝවෙහි මාතෘකාව හෝ සිඟිති රූපය ක්ලික් කරන්න.
  4. වම් මෙනුවෙන්, සංස්කාරක තෝරන්න.
  5. නිමි තිර තෝරන්න  සහ ඔබට එක් කිරීමට අවශ්‍ය මූලාංගය තෝරන්න:
    • අච්චුවක් යොදන්න: අච්චු තුළ නිමි තිරයක් නිර්මාණ කිරීමට ඔබට අභිරුචි කළ හැකි මූලාංග සමූහ අඩංගු වෙයි.
    • වීඩියෝ: ඔබේ නවතම උඩුගත කිරීම, නරඹන්නන් සඳහා හොඳම, හෝ නිශ්චිත වීඩියෝවක් විශේෂාංග කරන්න.
    • වාදන ලැයිස්තුව: පොදු YouTube වාදන ලැයිස්තුවක් සංදර්ශන කරන්න.
    • ග්‍රාහක වන්න: ඔබේ නාලිකාවට ග්‍රාහක වීමට දිරිමත් කරන්න.
    • නාලිකාව: අභිරුචි පණිවුඩයක් සමග වෙනත් නාලිකාවක් ප්‍රවර්ධන කරන්න.
    • සබැඳිය: ඔබ YouTube හවුල්කාර වැඩසටහනේ සිටින්නේ නම්, ඔබට බාහිර වෙබ් අඩවියකට සම්බන්ධ කළ හැක.
      • සටහන: ඔබේ සම්බන්‍ධිත බාහිර වෙබ් අඩවිය අප ප්‍රජා මාර්ගෝපදේශ සහ සේවා නියම ඇතුළුව අප ප්‍රතිපත්තිවලට අනුකූල වන බවට වග බලා ගන්න. උල්ලංඝන කිරීම් කාඩ්පත් හෝ සබැඳි ඉවත් කිරීම, වර්ජන, හෝ ඔබේ Google ගිණුම අවසන් කිරීමට හේතු විය හැක.

  6. සුරකින්න ක්ලික් කරන්න. 

තවත් විකල්ප

  • මූලාංග වර්ගය ඉවත් කරන්න: මූලාංග වර්ගයක් ඉවත් කිරීමට මූලාංගය මකන්න ක්ලික් කරන්න. ඔබට වෙනත් නිමි තිර මූලාංගයක් තෝරා ගැනීමට මූලාංගය ක්ලික් කළ හැක.
  • මූලාංග කාල නියාමනය වෙනස් කරන්න: මූලාංගය ආරම්භ වන විට සහ අවසන් වන විට සැකසීමට කාලරේඛාවේ කෙළවර ක්ලික් කර අදින්න. මූලාංගය මකන්න බොත්තම අසල ඇති කොටුවේ ඔබට නිශ්චිත කාලයද ඇතුළත් කළ හැකිය.
  • මූලාංග ස්ථානය වෙනස් කරන්න: කොටුව තුළ ක්ලික් කර අදින්න. වීඩියෝ පෙරදසුන හරහා ජාලකයක් පෙන්වීමට ඔබ ධාවකය තුළ ඇති ජාලකය ක්ලික් කරන්න. ඔබට මූලාංග තැබීමට උදව්වක් ලෙස “ජාලකයට සවි කරන්න” සහ “මූලාංගයට සවි කරන්න” ද තෝරාගත හැක.
  • ඔබේ නිම් තිරය පෙරදකින්න: ඔබේ වීඩියෝව ධාවන වන විට ඔබේ නිමි තිරය පෙනෙන්නේ කෙසේදැයි බැලීමට, වීඩියෝ වාධකයේ ධාවන බොත්තම තෝරන්න.
  • නිමි තිර මාත්‍රා පරීක්‍ෂා කරන්න: ඔබට YouTube විශ්ලේෂණවල පුළුල් වාර්තාවේ ඔබේ නිමි තිර වල කාර්යසාධනය පරීක්‍ෂා කළ හැක.

නිමි තිරය අභිරුචිකරණය කරන්න

මූලාංග යනු ඔබ ඔබේ නිමි තිරයට එක් කරන අන්තර්ගත කොටස් වෙයි. ඔබේ නිම් තිරයේ ඇති මූලාංග අභිරුචිකරණ කිරීමට බොහෝ ක්‍රම තිබේ. ඔබට අච්චු යෙදීමට, ඔබේ මූලාංගවල කාල නියාමනය වෙනස් කිරීමට සහ ඔබේ වීඩියෝවේ මූලාංග පෙන්විය යුත්තේ කොතැනදැයි තීරණ කළ හැක.

අච්චුවක් යොදන්න

ඔබට නිමි තිරයක් නිර්මාණ කිරීමට අභිරුචි කළ හැකි මූලාංග සමූහ අච්චුවල අඩංගු වෙයි.

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන්, අන්තර්ගතය තෝරන්න.
  3. ඔබ සංස්කරණ කිරීමට කැමති වීඩියෝව ක්ලික් කරන්න.
  4. වම් මෙනුවෙන්, සංස්කාරක තෝරන්න.
  5. ඔබේ අච්චුව යොදන්න මූලාංගය එක කරන්න  ක්ලික් කරන්න.
  6. සුරකින්න ක්ලික් කරන්න.

මූලාංග වර්ගය ඉවත් කරන්න

  1. සංස්කාරකයේ නිමි තිර පේළියේ ක්ලික් කිරීමෙන් මූලාංගයක් තෝරන්න.
  2. ඔබේ වීඩියෝවේ වම්පස, මූලාංගය මකන්න ක්ලික් කරන්න .
  3. වෙනත් නිම් තිර මූලාංගයක් තේරීමට මූලාංගය එක් කරන්න  ක්ලික් කරන්න.
  4. සුරකින්න ක්ලික් කරන්න.

මූලාංග කාල නියාමනය වෙනස් කරන්න

ඔබේ වීඩියෝවේ නිමි තිර මූලාංග පෙන්වීමට ඔබ කැමති ස්ථානය ඔබට තේරිය හැක. නිමි තිර මූලාංග පෙරනිමියෙන් එකම අවස්ථාවේදීම පෙන්වනු ලැබේ. ඔබට විවිධ අවස්ථාවලදී පෙන්වීමට තනි මූලාංග අභිරුචි කළ හැක.

  1. සංස්කාරකයේ නිමි තිර පේළියේ ක්ලික් කිරීමෙන් මූලාංගයක් තෝරන්න.
  2. ඔබේ වීඩියෝවේ වම් පසින්, නිමි තිර කාලය අඩංගු කොටු සොයා ගන්න.
  3. මූලාංගයේ ආරම්භක වේලාව හෝ අවසන් වේලාව යාවත්කාලීන කරන්න.
  4. සුරකින්න ක්ලික් කරන්න.

සංස්කාරකයේ නිමි තිර පේළිය මතට ඇදගෙන යාමට ඊතල භාවිත කිරීමෙන් ඔබට ඔබේ නිමි තිර මූලාංගයේ කාල නියාමනය වෙනස් කළ හැක.

මූලාංග ස්ථානගත කිරීම වෙනස් කරන්න

  1. සංස්කාරකයේ නිමි තිර පේළියේ ක්ලික් කිරීමෙන් මූලාංගයක් තෝරන්න.
  2. වීඩියෝ වාදකය තුළ, මූලාංගය අවශ්‍ය ස්ථානයට ඇද දමන්න.
  3. සුරකින්න ක්ලික් කරන්න.
ඉඟිය: වීඩියෝ පෙරදසුනට ඉහළින් ජාලකයක් පෙන්වීමට වාදකය තුළ ඇති ජාලකය ක්ලික් කරන්න. ඔබට මූලාංග තැබීමට උදව්වක් ලෙස “ජාලකයට සවි කරන්න” සහ “මූලාංගයට සවි කරන්න” ද තෝරාගත හැක.

ඔබේ නිමි තිරය පෙරදසුන් කරන්න

ඔබේ වීඩියෝව වාදනය වන විට ඔබේ නිමි තිරය පෙනෙන්නේ කෙසේදැයි බැලීමට, වීඩියෝ වාධකයේ වාදනය බොත්තම තෝරන්න.

ඔබේ නිමි තිරයට පෙන්විය හැකි දේ

මූලාංග යනු ඔබ ඔබේ නිමි තිරයට එක් කරන අන්තර්ගත කොටස් වෙයි. වැඩිදුර තොරතුරු ලබා දීම සඳහා සමහර මූලාංග පුළුල් කිරීමට හෝ උඩින් තබා ගැනීමට හැකිය. සම්මත 16:9 දර්ශන අනුපාතය සහිත වීඩියෝ සඳහා ඔබට ඔබේ නිමි තිරයේ මූලාංග හතරක් දක්වා එක් කළ හැක. අනෙකුත් දර්ශන අනුපාතවලට ඊට අඩු සීමාවක් තිබේවි.

මූලාංගවලට විවිධ ආකාරයේ අන්තර්ගත තිබිය හැක:

  • වීඩියෝ හෝ වාදන ලැයිස්තුව:
    • ඔබේ නවතම උඩුගත වීඩියෝව විශේෂාංගගත කරන්න.
    • බලන්නාට හොඳටම ගැළපෙන පරිදි ඔබේ නාලිකාවෙන් වීඩියෝවක් තෝරා ගැනීමට YouTube හට ඉඩ දෙන්න.
    • ඔබේ හෝ වෙනත් ඕනෑම නාලිකාවකින් ඕනෑම වීඩියෝවක් හෝ වාදන ලැයිස්තුවක් (පොදු හෝ ලැයිස්තුගත නොවූ) තෝරන්න.
  • ග්‍රාහක වන්න: ඔබේ නාලිකාවට ග්‍රාහක වීමට දිරිමත් කරන්න.
  • නාලිකාව: අභිරුචි පණිවුඩයක් සමග වෙනත් නාලිකාවක් ප්‍රවර්ධන කරන්න.
  • බාහිර වෙබ් අඩවි: ඔබ YouTube හවුල්කාර වැඩසටහනේ සිටින්නේ නම්, ඔබට බාහිර වෙබ් අඩවියකට සම්බන්‍ධ කළ හැක.
සටහන: ඔබේ සම්බන්‍ධිත බාහිර වෙබ් අඩවිය අපගේ ප්‍රජා මාර්ගෝපදේශ සහ සේවා නියම ඇතුළුව අපගේ ප්‍රතිපත්තිවලට අනුකූල වන බවට වග බලා ගන්න. උල්ලංඝන කිරීම් කාඩ්පත් හෝ සබැඳි ඉවත් කිරීම, වර්ජන, හෝ ඔබේ Google ගිණුම අවසන් කිරීමට හේතු විය හැක.
නිමි තිර නිර්මාණය සඳහා හොඳම භාවිත
  • වීඩියෝවට අදාළ මූලාංග විශේෂාංගගත කරන්න
  • ක්‍රියා සඳහා ඇමතීම් භාවිත කර විවිධ නිම් තිර මූලාංග ක්ලික් කිරීමට බලන්නන්ව දිරිමත් කරන්න.
  • ඔබ අභිරුචි රූපයක් භාවිත කරන්නේ නම්, අපි අවම වශයෙන් පික්සල් 300 x 300 පළල රූපයක් භාවිත කිරීම නිර්දේශ කරමු.
  • ඔබේ වීඩියෝව අවසානයේ නිම් තිරයක් සඳහා ඉඩ සහ කාලය තියන්න වග බලාගන්න. වීඩියෝව සංස්කරණ කිරීමේදී එහි අවසාන තත්පර 20 සලකා බැලීමට වග බලා ගන්න.
  • විවිධ වෙලාවට පෙන්වීමට විවිධ නිමි තිර මූලාංග කාල නියම කිරීම සලකා බලන්න.
නිම් තිර මාත්‍රා පරීක්‍ෂා කරන්න

ඔබට YouTube විශ්ලේෂණ හි නියැළීම පටිත්තෙහි ඔබේ නිමි තිරවල කාර්යසාධනය පරීක්‍ෂා කළ හැක.

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් විශ්ලේෂණ තෝරන්න.
  3. ඉහළ මෙනුවෙන් නියැළීම තෝරන්න.

ඔබ ඔබේ සම්පූර්ණ නාලිකාව සඳහා විශ්ලේෂණ බලන්නේ නම්:

  • විවිධ මූලාංග වර්ගවල සාර්ථකත්වය සංසන්දන කිරීමට, "ඉහළම නිමි තිර මූලාංග වර්ග" කාඩ්පත භාවිත කරන්න.
  • බලන්නන් වැඩිපුරම ක්ලික් කළ නිමි තිර සහිත වීඩියෝ බැලීමට, "නිම් තිරයෙන් ඉහළම වීඩියෝ" කාඩ්පත භාවිත කරන්න.

ඔබ නිශ්චිත වීඩියෝවක් සඳහා විශ්ලේෂණ බලන්නේ නම්:

  • බලන්නන් ඔබේ නිම් තිර මූලාංග ක්ලික් කරන වාර ගණන බැලීමට, “නිම් තිර මූලාංග‍ය ක්ලික් අනුපාතය” කාඩ්පත භාවිත කරන්න.

බලන්නන් සඳහා නිම් තිර අවශ්‍යතා

බලන්නන්ට මෙම ස්ථානවල ඔබේ නිම් තිර දැකිය නොහැක:

  • ජංගම වෙබ් මත (ව්‍යතිරේකය: iPad ජංගම වෙබ්).
  • YouTube Music හෝ YouTube Kids යෙදුම් තුළ.
  • ෆ්ලෑෂ් වීඩියෝවල.
  • 360 වීඩියෝ තුළ

ළමයින් සඳහා සාදන ලද ලෙස සැකසූ නිමි තිර සහ වීඩියෝ

ළමයින් සඳහා සාදන ලද ලෙස සකසා ඇති වීඩියෝ සඳහා නිමි තිර නොමැත.
ඔබ මීට පෙර ඔබේ වීඩියෝවට නිම් තිරයක් එක් කළත්, ඔබේ ප්‍රේක්‍ෂකයින් ළමයින් සඳහා සාදන ලද ලෙස සැකසූ විට බලන්නෝ නිම් තිර නොදකිති.

සටහන: ඔබේ නිමි තිරය සෑම විටම නොපෙන්විය හැක, නැතහොත් නිර්මාණයට වඩා වෙනස් ලෙස පෙන්විය හැක. කාර්ය සාධනය, බලන්නන්ගේ හැසිරීම, උපාංගය සහ සන්දර්භය මත පදනම්ව, අප නිමි තිර වැඩි දියුණු කරන විට මෙම වෙනස සිදු වෙයි.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
7086074476671086992
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false