ප්‍රචණ්ඩකාරී හෝ සාහසික දෘශ්‍යමය තොරතුරු අඩංගු අන්තර්ගතය පිළිබඳ ප්‍රතිපත්තිය

අපගේ නිර්මාණකරුවන්ගේ, බලන්නන්ගේ සහ හවුල්කරුවන්ගේ ආරක්ෂාව අපගේ ඉහළම ප්‍රමුඛතාවයි. මෙම අනන්‍ය සහ විචිත්‍රවත් ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා අපට උදවු කිරීම අපි ඔබ එක් එක් කෙනාගෙන් බලාපොරොත්තු වෙමු. ඔබ අපගේ ප්‍රජා මාර්ගෝපදේශ සහ YouTube ආරක්‍ෂිතව තැබීමට ඒවා අපගේ බෙදා ගත් වගකීම තුළ දරන භූමිකාව තේරුම් ගැනීම වැදගත් වෙයි. හත ප්‍රතිපත්තිය හොඳින් කියවීමට කාලය ගන්න. අප මාර්ගෝපදේශවල සම්පූර්ණ ලැයිස්තුවක් සඳහා ඔබට මෙම පිටුව ද පරීක්‍ෂා කළ හැක.

නරඹන්නන් කම්පනයට පත් කිරීමට හෝ ඔවුන් තුළ පිළිකුලක් ඇති කිරීම අදහස් කළ ප්‍රචණ්ඩකාරී හෝ භීෂණමය අන්තර්ගත හෝ අන් අයට ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වීමට දිරි ගැන්වීමක් ලබා දෙන අන්තර්ගතවලට YouTube මත අවසර දෙනු නොලැබේ.

යම් කිසිවකු අනතුරකට අත්‍යාසන්න තත්ත්වයක සිටින බවට ඔබ විශ්වාස කරන්නේ නම්, එකී සිදුවීම හැකි ඉක්මනින් වාර්තා කිරීම සඳහා ඔබ ඔබේ දේශීය නීතිය බලාත්මක කිරීමේ නියෝජිතායතනය සමග සම්බන්ධ විය යුතු ය.

ඔබට මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන අන්තර්ගතය හමු වුවහොත් එය වාර්තා කරන්න. අපගේ ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් වාර්තා කිරීම සඳහා වන උපදෙස් මෙහිදී ලබා ගත හැකිය. ඔබ වාර්තා කිරීමට කැමති වීඩියෝ හෝ අදහස් කිහිපයක් ඔබට හමු වී ඇතිනම්, ඔබට නාලිකාව වාර්තා කළ හැකිය.

මෙම ප්‍රතිපත්තිය ඔබට බලපාන ආකාරය

ඔබ අන්තර්ගතය පළ කරන්නේ නම්

යම් අන්තර්ගතයක් පහත සඳහන් කිනම් හෝ විස්තරයකට ගැළපෙන්නේ නම් එකී අන්තර්ගතය YouTube මත පළ කිරීමෙන් වළකින්න.

ප්‍රචණ්ඩකාරී හෝ සාහසික දෘශ්‍යමය තොරතුරු අඩංගු අන්තර්ගතය:

  • පුද්ගලයන්ට හෝ නිශ්චිත ජන සමූහයකට එරෙහිව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වීමට අන් අය උසි ගන්වන අන්තර්ගතය.
  • බාලවයස්කරුවන් සම්බන්ධ අන්තර්ගතය.
  • නරඹන්නා කම්පනයට පත් කිරීම හෝ නරඹන්නා තුළ පිළිකුළක් ඇති කිරීම අදහස් කරගත් මාර්ග අනතුරු, ස්වභාවික ආපදා, යුද්ධයේ ප්‍රතිවිපාක, ත්‍රස්තවාදී ප්‍රහාරවල ප්‍රතිවිපාක, වීදිවල ඇති වන සටන්, ශාරීරික පහර දීම්, පුළුස්සා මරා දැමීම්, වධ හිංසා පමුණුවීම, මළමිනී, විරෝධතා හෝ කැරලි, කොල්ලකෑම්, වෛද්‍ය ප්‍රතිකර්ම හා පරීක්ෂණ හෝ එවැනි වෙනත් අවස්ථා හා අදාළ දර්ශන, ශ්‍රව්‍යාංග හෝ රූප.
  • නරඹන්නා කම්පනයට පත් කිරීම හෝ නරඹන්නා තුළ පිළිකුළක් ඇති කිරීම අදහස් කරගත් රුධිරය, වමනය වැනි ශාරීරික තරලයන් දක්වන දර්ශන හෝ රූප.
  • කැපී වෙන් වී ගිය ගාත්‍රා වැනි දරුණු අනතුරුවලට ලක් වූ මළ මිනීවල දර්ශන.

සතුන් අපයෝජනය කිරීමේ අන්තර්ගත:

  • මිනිසුන් විසින් සතුන්ට සටන් කිරීමට බල කරවන අන්තර්ගත.
  • මිනිසකු දුෂ්ට චේතනාවෙන් සතකුට අනිසි ලෙස සලකමින් සාම්ප්‍රදායික හෝ සම්මත පිළිවෙත්වලින් බැහැරව එකී සතාව පීඩාවට ලක් කරන අන්තර්ගත. සාම්ප්‍රදායික හෝ සම්මත පිළිවෙත්වලට උදාහරණ වන්නේ දඩයම් කිරීම හෝ ආහාර පිළියෙළ කිරීම යි.
  • මිනිසකු විසින් සාම්ප්‍රදායික හෝ සම්මත පිළිවෙත්වලින් බැහැරව අනවශ්‍ය ලෙස සතකු අයහපත් තත්ත්වයන්ට ඇද දමන ආකාරයේ අන්තර්ගත. සාම්ප්‍රදායික හෝ සම්මත පිළිවෙත්වලට උදාහරණ වන්නේ දඩයම් කිරීම හෝ ආහාර පිළියෙළ කිරීම යි.
  • සතුන් දැඩි ලෙස නොසලකා හැරීම, සතුන්ට අනිසි ලෙස සැලකීම හෝ හානි කිරීම උත්කර්ෂයට නංවන හෝ එය ප්‍රවර්ධනය කරන අන්තර්ගත.
  • සතුන් මුදා ගන්නා බව පෙන්වීමට සතුන්ව හානිකර තත්ත්වයන්ට නිරාවරණය කරන ව්‍යාජ මුදාගැනීමේ අන්තර්ගත.
  • කම්පනයක් හෝ පිළිකුලක් ඇති කිරීම අදහස් කරගත් සතුන්ව නිරූපණය කරන සාහසික දෘශ්‍යමය තොරතුරු අඩංගු අන්තර්ගත.

නාට්‍යානුසාරී හෝ කල්පිතමය අන්තර්ගත:

  • දර්ශනය නාට්‍යානුසාරී හෝ කල්පිත බව අවබෝධ කර ගැනීම සඳහා නරඹන්නාට ප්‍රමාණවත් සන්දර්භයක් ලබා නොදෙන මෙම මාර්ගෝපදේශවලින් තහනම් කර ඇති අන්තර්ගත අඩංගු වන නාට්‍යානුසාරී හෝ කල්පිත දර්ශන.

අධ්‍යාපනික, වාර්තා වැඩසටහන්මය, විද්‍යාත්මක හෝ කලාත්මක සන්දර්භයක් සපයා තිබුණ ද අප පහත වර්ගවල අන්තර්ගතවලට ඉඩ නොදෙන බව සලකන්න:

  • ප්‍රචණ්ඩකාරී ශාරීරික ලිංගික පහරදීම් (වීඩියෝ, නිශ්චල ඡායාරූප හෝ ශ්‍රව්‍යාංග).
  • අවි ආයුධ, ප්‍රචණ්ඩත්වය හෝ අනතුරට ලක් වූ වින්දිතයන් දිස් වන හෝ ඔවුන්ගේ හඬ ශ්‍රවණය වන මාරාන්තික හෝ දැඩි ප්‍රචණ්ඩකාරී සිදුවීමක දී අපරාධකරු විසින් රූගත කරන ලද දර්ශන.

මෙය සම්පූර්ණ ලැයිස්තුවක් නොවන බව කරුණාවෙන් සලකන්න.

මෙම ප්‍රතිපත්තිය වීඩියෝ, වීඩියෝ විස්තර කිරීම්, සිඟිති රූ, අදහස් දැක්වීම්, සජීවී ප්‍රවාහන් සහ වෙනත් කිනම් හෝ YouTube නිෂ්පාදනයකට හෝ විශේෂාංගයකට ද අදාළ වන බව සිත්හි තබාගන්න. මෙම ප්‍රතිපත්ති ඔබේ අන්තර්ගතයේ ඇති බාහිර සබැඳිවලට ද අදාළ වන බව කරුණාවෙන් සලකන්න. මීට ක්ලික් කළ හැකි URL යොමු, පරිශීලකයන්ව වාචිකව මෙන්ම වෙනත් ආකාරවලින් ද වීඩියෝව තුළ ඇති වෙනත් අඩවිවලට යොමු කිරීම අයත් විය හැකි ය.

අධ්‍යාපනික අන්තර්ගතය

අධ්‍යාපනික, වාර්තා වැඩසටහන්මය, විද්‍යාත්මක හෝ කලාත්මක අන්තර්ගත තුළ ඉහත සඳහන් කරන ලද ප්‍රචණ්ඩකාරී හෝ සාහසික දෘශ්‍යමය තොරතුරු අඩංගු අන්තර්ගත සඳහා අප විසින් ඇතැම් අවස්ථා යටතේ ඉඩ දෙනු ලැබිය හැකි ය. මෙය කම්පනයක් හෝ පිළිකුළක් ඇති කිරිම අදහස් කරන හෝ අන් අයට ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමට දිරි ගන්වන අන්තර්ගත උඩුගත කිරීමට අවසරයක් නොවන අතර සාහසික ශාරීරික ලිංගික අතවරවල දර්ශන වැනි නිශ්චිත වර්ගවල අන්තර්ගත සඳහා අපි මේ මුක්තීන් ලබා නොදෙන්නෙමු. ඉහත සඳහන් කර ඇති ප්‍රචණ්ඩකාරී හෝ සාහසික දෘශ්‍යමය තොරතුරු අඩංගු අධ්‍යාපනික අන්තර්ගත සඳහා මෙකී සන්දර්භය අදාළ වීඩියෝවේ පින්තූර හෝ ශ්‍රව්‍යාංග තුළ ම දිස් විය යුතු ය. එය සිරස්තලයෙහි හෝ විස්තරයෙහි සඳහන් කිරීම ප්‍රමාණවත් නොවේ.

වැඩිහිටි අන්තර්ගතය හෝ සාහසික දෘශ්‍යමය තොරතුරු අඩංගු ප්‍රචණ්ඩත්වය සහිත අධ්‍යාපනික, වාර්තා වැඩසටහන්මය, විද්‍යාත්මක හෝ කලාත්මක අන්තර්ගතය සඳහා අදාළ අන්තර්ගතය YouTube මත තිබිය යුතු දැයි තීරණය කිරීමට අප විසින් නිල තෙවැනි පාර්ශ්වීය ක්ෂේත්‍ර ඇගයීම් සැලකිල්ලට ගැනීමට ඉඩ ඇත. අපගේ ප්‍රතිපත්ති අනුගමනය කරන නමුත් සෑම ප්‍රේක්ෂක පිරිසක් සඳහා ම සුදුසු නොවන අන්තර්ගතයට වයස් සීමා පනවා ඇත. වයස් සීමා පැනවූ අන්තර්ගත වයස අවුරුදු 18ට අඩු හෝ වරා ඇති කිසිවකුට දැකගත නොහැකි ය.

වයස් සීමා පැනවූ අන්තර්ගතය

ප්‍රචණ්ඩකාරී හෝ සාහසික දෘශ්‍යමය තොරතුරු සඳහන් අන්තර්ගතය මගින් ඒ බව අවබෝධ කර ගැනීමට තරම් ප්‍රමාණවත් සන්දර්භයක් සපයන්නේ නම්, අප විසින් එකී අන්තර්ගතය ඉවත් කිරිමට වඩා ඊට වයස් සීමාවක් පැනවීමට ඉඩ තිබේ. උදාහරණ ලෙස මාර්ග අනතුරකින් අනතුරට පත් වූ වින්දිතයන් පෙන්වන අන්තර්ගතය ඉවත් විය හැකි නමුත් අදාළ අවස්ථාව සහ සන්දර්භය විස්තර කරන පුවත් ආවරණයක් සමගින් ඉදිරිපත් කරනු ලැබුවහොත් අපි එකී අන්තර්ගතයට වයස් සීමා පැනවීමට ඉඩ තිබේ. ප්‍රචණ්ඩකාරී හෝ සාහසික දෘශ්‍යමය තොරතුරු අඩංගු වන අන්තර්ගතයන් අධ්‍යාපනික භාවිතය සඳහා යොදා ගැනීමේ දී මෙම සන්දර්භය වීඩියෝවේ පින්තූර හෝ ශ්‍රව්‍යාංගවල දිස් විය යුතු ය. ඔබේ සන්දර්භයෙහි ඇති වැදගත්කම මෙතැනින් වඩා හොඳින් දැනගත හැකි ය.

අන්තර්ගතය ඉවත් කළ යුතු ද නැතහොත් ඊට වයස් සීමා පැනවිය යුතු ද යන්න තීරණය කිරීමේ දී අපි පොදු යහපත ද සැලකිල්ලට ගන්නෙමු. උදාහරණ ලෙස, යුද කලාප වාර්තාකරණයේ යෙදෙන සාහසික දෘශ්‍යමය තොරතුරු අඩංගු හෝ ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයට අප විසින් වයස් සීමා පනවනු ලැබිය හැකි ය.

පුද්ගලයන්ගේ අවයව කපා දැමීම හෝ හිස කඳෙන් වෙන් කිරීම හෝ මෙකී දරුණු අනතුරු සිදු වූ මිනිස් මළ සිරුරු පෙන්වන ආකාරයේ සාහසික දර්ශන ඇතුළත් වන විට අප විසින් කල්පිත ප්‍රචණ්ඩත්වයට ද වයස් සීමා පැනවීමට ඉඩ තිබේ. සාමාන්‍යෙයන්, අන්තර්ගතය කල්පිත බව අන්තර්ගතයෙන් හෝ පාරදත්තවලින් අපට දන්වන විට හෝ සජීවීකරණය කළ අන්තර්ගත හෝ වීඩියෝ ක්‍රීඩා වැනි අන්තර්ගතයෙන් ම එය පෙනෙන්නට තිබෙන විට අපි නාට්‍යානුසාරී ප්‍රචණ්ඩත්වයට ඉඩ දෙන්නෙමු.

අන්තර්ගතයකට වයස් සීමා පැනවිය යුතු ද නැතහොත් එය ඉවත් කළ යුතු ද යන්න තීරණය කිරීමේ දී අපි පහත කරුණු සැලකිල්ලට ගන්නෙමු. මෙය සම්පූර්ණ ලැයිස්තුවක් නොවන බව සැලකිල්ලට ගන්න:

  • වීඩියෝව ප්‍රමුඛත්වය දෙන්නේ ප්‍රචණ්ඩකාරී හෝ භීෂණකාරී රූපවලට ද යන්න. උදාහරණ ලෙස, වීඩියෝවෙන් චිත්‍රපටයක හෝ වීඩියෝ ක්‍රීඩාවක වැඩියෙන් ම සාහසික දෘශ්‍යමය තොරතුරු සහිත ප්‍රචණ්ඩකාරී අන්තර්ගතය ඉස්මතු කර දැක්වීම.
  • සිරස්තලය, විස්තරය, ටැග් හෝ වෙනත් දත්ත මගින් නරඹන්නන් කම්පනයට හෝ පිළිකුලට පත් කිරීමේ අරමුණක් පෙන්වන්නේ ද යන්න.
  • ප්‍රචණ්ඩකාරී දෘශ්‍යමය තොරතුරු හෝ ශ්‍රව්‍යාංග බොඳ කර, ආවරණය කර හෝ අපැහැදිලි කර ඇති ද යන්න.
  • ප්‍රචණ්ඩකාරී රූප හෝ ශ්‍රව්‍යාංග අන්තර්ගතය තුළ රැඳී තිබෙන වේලාව.
  • දෘශ්‍යමය තොරතුරු නාට්‍යානුසාරී හෝ කල්පිත බව නරඹන්න්නට දැන ගැන්මට ඉඩ සලස්වන සන්දර්භයක් තිබේ ද යන්න. උදාහරණ ලෙස, වීඩියෝවේ, එහි සිරස්තලයේ හෝ විස්තරයේ ඇති තොරතුරු ඔස්සේ.
  • අදාළ ප්‍රචණ්ඩකාරී තත්ත්වය ආගමික හෝ සංස්කෘතික පිළිවෙතක අංගයක් වන්නේ ද යන්න හා උඩුගත කරන්නා විසින් ඒ බව හඟවන සන්දර්භයක් ලබා දෙන්නේ ද යන්න.
  • අන්තර්ගතයෙන් දඩයම් කිරීමේ සාම්ප්‍රදායික හෝ සම්මත පිළිවෙත්, ආගමික වත් පිළිවෙත් හෝ ආහාර සැකසීම සඳහා සතකු මැරීම දක්වන්නේ ද යන්න.

මෙම ප්‍රතිපත්තිය වීඩියෝ, වීඩියෝ විස්තර, අදහස් දැක්වීම්, සජීවී ප්‍රවාහ සහ වෙනත් ඕනෑම YouTube නිෂ්පාදනයකට හෝ විශේෂාංගයකට අදාළ වේ.

උදාහරණ

YouTube මත ඉඩ දෙනු නොලබන අන්තර්ගතවලට නිදසුන් කිහිපයක් මෙන්න.

  • ප්‍රචණ්ඩකාරී හැසිරීම්වල නිරත වීම සඳහා විශේෂිත ස්ථානයකට යාමට, යම් නිශ්චිත වේලාවක දී ප්‍රචණ්ඩකාරී හැසිරීමක නිරත වීම හෝ පුද්ගලයන් හෝ සමූහයන් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩත්වය සඳහා අන් අයව පෙළඹවීම.
  • බාලවයස්කරුවන් අතර සැබෑ ලෙස පාසැල් භූමියේ ඇති වන ගැටුම්. බාලවයස්කරුවන් සටන් කරන බව නිරූපණය කරන්නේ නම් පමණක් හා එසේ නිරූපණය කරන බව නරඹන්නන්ට පැහැදිලිව පෙනේ නම් අපි අන්තර්ගතවලට ඉඩ දීමට ඉඩ තිබේ.
  • වෘත්තීමය හෝ වෘත්තීමය ලෙස අධීක්ෂණයට ලක් කෙරෙන ක්‍රීඩා ඉසව්වල දී හැරුණු කොට පහර දීම හෝ කලහ කිරීමේ අවස්ථා.

තවත් උදාහරණ

ප්‍රචණ්ඩ හෝ සාහසික දෘශ්‍යමය තොරතුරු අඩංගු අන්තර්ගතය
පහත ආකාරයේ අන්තර්ගත සඳහා YouTube තුළ ඉඩ දෙනු නොලැබේ. මෙම ලැයිස්තුව සම්පූර්ණ එකක් නොවේ.
  • නරඹන්නන්ට කිසිදු අධ්‍යාපනයක් හෝ විස්තර කිරීමක් සපයන්නේ නැති පිටතට විවෘත වූ තුවාල වෙත ප්‍රමුඛත්වය ලබා දෙන වෛද්‍ය ප්‍රතිකර්මවල දර්ශන.
  • නරඹන්නන්ට කිසිදු අධ්‍යාපනයක් හෝ විස්තර කිරීමක් සපයන්නේ නැති භීෂණකාරී කොල්ලකෑම් වැනි අපරාධ දර්ශන.
  • “මාරක අනතුර“ හෝ “අනතුරු ඇඟවීම: අධික රුධිර වහනය වීමේ දර්ශන සහිතයි“ වැනි සිරස්තල යෙදූ මාර්ග අනතුරකින් අනතුරට හෝ මරණයට පත් වූවන් පෙන්වන සෙලියුලර් දුරකථන, ඩෑෂ් කැමරා හෝ සංවෘත පරිපථ රූපවාහිනී දර්ශන.
  • හිස ගසා දැමීමේ වීඩියෝ.
  • “මේ මනුස්සයාට ගහන හැටි බලන්න“ වැනි සිරස්තල සහිත ඒකපාර්ශ්වික පහර දීම්.
සතුන් අපයෝජනයට ලක් කිරීමේ අන්තර්ගත
සත්ත්‍ව අපයෝජනය යන්නෙන් සතකුට වේදනා විඳීමට හේතු වන ආකාරයේ දුෂ්ට චේතනාවෙන් සිදු කරන බරපතළ ශාරීරික හෝ මානසික හානියක් පෙන්වන අන්තර්ගත අදහස් වේ. දඩයම් කිරිම, උගුල් ඇටවීම, පළිබෝධකයන් විනාශ කිරීම, ආහාර පිළියෙළ කිරීම, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම වැනි ප්‍රචළිතව පිළිගත් පිළිවෙත් පෙන්වන අන්තර්ගතයන් හෝ සත්ත්වයකුට හෝ සත්තව රැළකට හානි සිදු වන අන්දම පෙන්වන සතුන් මැරීම පෙන්වන අන්තර්ගතයන් සඳහා අප විසින් ව්‍යාතිරේකයන් සපයා දිය හැකි ය.

YouTube මත ඉඩ නොදෙන අන්තර්ගතවලට තවත් උදාහරණ මෙන්න:

  • එකිනෙකාට පහර දීම සඳහා මිනිසුන් විසින් සතුන්ට බල කරන සුනඛ පොර, කුකුළු පොර හේ වෙනත් බලාත්කාරයෙන් ඇති කරන සත්ත්ව පොර. ස්වභාවික පරිසරය පිළිබඳ වාර්තා වැඩසටහනක වැනි වනය තුළ සිදු වන සැබෑ සත්ත්ව සටන් පෙන්වන අන්තර්ගතයට අපි ඉඩ දෙන්නෙමු.
  • නරඹන්නාව කම්පනයට පත් කිරීමේ හෝ අපයෝජනය උත්කර්ෂයට නැංවීමේ අරමුණින් පෙන්වන, ප්‍රමාණවත් අධ්‍යාපනික, වාර්තා වැඩසටහන්මය, විද්‍යාත්මක හෝ කලාත්මක සන්දර්භයක් සපයන්නේ නැති සතුන්ගේ වේදනා විඳීම්, සතුන් නොසලකා හැරීම හෝ අයහපත් අන්දමින් සැලකීම පෙන්වන අන්තර්ගත.
  • ගවයන්ගේ සිරුරේ ඇති කඩු වැනි දෑ මගින් ගවයන්ට හානි වන අන්දමේ ගව පොර.
  • බෝම්බ හෝ වස දැමීම වැනි සම්මත නොවන ආකාරයේ ක්‍රම මගින් සිදු කරන දඩයම.
  • නාට්‍යානුසාරී ප්‍රයෝගයක් සඳහා සතුන්ව සිතාමතා ම අනතුරට ලක් කරන හෝ අනතුරුදායක තත්ත්වයන්ට නිරාවරණය කරන සතුන් මුදා ගැනීමේ නිරූපණයන්.

ඉහත ලැයිස්තුව සම්පූර්ණ එකක් නොවේ.

මේවා උදාහරණ කිහිපයක් බව සිහි තබා ගනිමින්, යම් අන්තර්ගතයකින් මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමට ඉඩ ඇති බවට ඔබ සිතන්නේ නම් එකී අන්තර්ගතය පළ කිරීමෙන් වළකින්න.

අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළහොත් සිදු වන දේ

ඔබේ අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළහොත්, අපි අන්තර්ගතය ඉවත් කර ඔබට දැන්වීමට ඉ-තැපෑලක් එවමු. අපට ඔබ පළ කරන සබැඳියක් ආරක්ෂිත බව සත්‍යාපනය කළ නොහැකි නම් අප සබැඳිය ඉවත් කළ හැකිය. වීඩියෝව තුළ හෝ වීඩියෝවේ පාරදත්ත තුළ පළ කරනු ලබන උල්ලංඝනාත්මක URL වීඩියෝව ඉවත් කරනු ලැබීමට හේතු විය හැකි බව සලකන්න.

ඔබ අපගේ ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පළමු අවස්ථාව මෙය නම්, ඔබට ඔබේ නාලිකාවට දඬුවමක් නොමැතිව අවවාදයක් ලැබීමට ඉඩ ඇත. අවවාදය දින 90කට පසු කල් ඉකුත් වීමට ඉඩ දීම සඳහා ප්‍රතිපත්ති පුහුණුවක් ලබා ගැනීමට ඔබට අවස්ථාව ලැබේ. කෙසේ වෙතත්, එම ප්‍රතිපත්තියම එම දින 90 කවුළුව තුළ උල්ලංඝනය කළහොත්, අවවාදය කල් ඉකුත් නොවනු ඇති අතර ඔබේ නාලිකාවට වර්ජනයක් ලබා දෙනු ඇත. පුහුණුව අවසන් කිරීමෙන් පසු ඔබ වෙනත් ප්‍රතිපත්තියක් උල්ලංඝනය කළහොත්, ඔබට තවත් අවවාදයක් ලැබෙනු ඇත.

ඔබ දින 90ක් ඇතුළත වර්ජන 3ක් ලැබුණහොත්, ඔබේ නාලිකාව අවසන් කරනු ඇත. අපගේ වර්ජන පද්ධතිය ගැන තව දැන ගන්න.

ප්‍රජා මාර්ගෝපදේශ හෝ සේවා නියම නැවත නැවතත් උල්ලංඝන කිරීම් නිසා අප ඔබේ නාලිකාව හෝ ගිණුම අවසන් කළ හැක. අපට ඔබේ නාලිකාව හෝ ගිණුම දැඩි අනිසි භාවිත සිද්ධියකින් පසුව, හෝ නාලිකාව ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් කළ බව ඔප්පු වූ විටද අවසන් කළ හැකිය. අප නැවත නැවතත් වැරදි කරන්නන් අනාගතයේදී ප්‍රතිපත්ති පුහුණුව ලබා ගැනීමෙන් වැළැක්විය හැකිය. නාලිකා හෝ ගිණුම් අවසන් කිරීම් ගැන තව දැන ගන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
11213903681868708451
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false