නිරුවත්භාවය හා ලිංගික අන්තර්ගතය පිළිබඳ ප්‍රතිපත්තිය

Note: On September 7, 2022, we updated our Nudity and sexual content policy to more consistently enforce our Community Guidelines. You can learn more about these changes on our forum. This policy has been updated with these changes.
අපගේ නිර්මාණකරුවන්ගේ, බලන්නන්ගේ සහ හවුල්කරුවන්ගේ ආරක්ෂාව අපගේ ඉහළම ප්‍රමුඛතාවයි. මෙම අනන්‍ය සහ විචිත්‍රවත් ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා අපට උදවු කිරීම අපි ඔබ එක් එක් කෙනාගෙන් බලාපොරොත්තු වෙමු. ඔබ අපගේ ප්‍රජා මාර්ගෝපදේශ සහ YouTube ආරක්‍ෂිතව තැබීමට ඒවා අපගේ බෙදා ගත් වගකීම තුළ දරන භූමිකාව තේරුම් ගැනීම වැදගත් වෙයි. හත ප්‍රතිපත්තිය හොඳින් කියවීමට කාලය ගන්න. අප මාර්ගෝපදේශවල සම්පූර්ණ ලැයිස්තුවක් සඳහා ඔබට මෙම පිටුව ද පරීක්‍ෂා කළ හැක.

ලිංගික තෘප්තියක් ඇති කිරීම සඳහා අදහස් කර ඇති අසභ්‍ය අන්තර්ගතයට YouTube මත අවසර දෙන්නේ නැත. කාමෝද්දීපක දර්ශන පළ කිරීම අන්තර්ගතය ඉවත් කරනු ලැබීමට හෝ නාලිකාව අවසන් කිරීමට හේතු විය හැකි ය. අර්චණකාමී අන්තර්ගත අඩංගු වන වීඩියෝ ඉවත් කරනු ලැබීමට හෝ ඒවාට වයස් සීමා පනවනු ලැබීමට ඉඩ ඇත. බොහෝ අවස්ථාවන්හී දී, ප්‍රචණ්ඩකාරී, සභ්‍යත්වයේ සීමා ඉක්මවා යන දෘශ්‍යමය අන්තර්ගත හෝ නින්දා පමුණුවන ආකාරයේ අර්චණකාමයට YouTube මත අවසර දෙනු නොලැබේ.

ඔබට මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන අන්තර්ගතය හමු වුවහොත් එය වාර්තා කරන්න. අපගේ ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් වාර්තා කිරීම සඳහා වන උපදෙස් මෙහිදී ලබා ගත හැකිය. ඔබ වාර්තා කිරීමට කැමති වීඩියෝ හෝ අදහස් කිහිපයක් ඔබට හමු වී ඇතිනම්, ඔබට නාලිකාව වාර්තා කළ හැකිය.

බාලවයස්කරුවන් ඇතුළත් වන ලිංගික වශයෙන් අසභ්‍ය වන අන්තර්ගතය සඳහා YouTube මත ඉඩ දෙනු නොලැබේ. අපි ළමා ලිංගික අපයෝජනය සහිත රූප අඩංගු අන්තර්ගත ගෝලීය නීතිය බලාත්මක කිරීමේ නියෝජිතායතන සමග කටයුතු කරන අතුරුදන් වූ හෝ සූරා කෑමට ලක් වන ළමුන් සඳහා වන ජාතික මධ්‍යස්ථානය වෙත වාර්තා කරන්නෙමු.

මෙම ප්‍රතිපත්තිය ඔබට බලපාන ආකාරය

ඔබ අන්තර්ගතය පළ කරන්නේ නම්

මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන අසභ්‍ය අන්තර්ගත නාලිකාව අවසන් කරනු ලැබීමට හේතු විය හැකි ය. මෙම ප්‍රතිපත්තිය ලිංගික දර්ශන, වීඩියෝ ක්‍රීඩා හා සංගීතය ඇතුළු සැබෑ ලෝකයේ, නිරූපණාත්මක, සිතුවම් ආකාරයේ හා සජීවීකරණය කරන ලද අන්තර්ගතවලට අදාළ වේ.

ඔබේ අන්තර්ගතයෙන් පහත දෑ පෙන්වන්නේ නම් එය YouTube වෙත පළ කිරීමෙන් වළකින්න:

  • ඇඳුම් සහිත හෝ රහිත ලිංගික අවයව, පියයුරු හෝ තට්ටම් නිරූපණය වන ලිංගික තෘප්තිය සඳහා අදහස් කරන ලද අන්තර්ගතය.
  • කාමෝද්දීපනය, එනම් ලිංගික තෘප්තිය සඳහා අදහස් කරන ලද ලිංගික ක්‍රියාකාරකම් හෝ අර්චණ කාමයේ නිරූපණය.

මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන වෙනත් ආකාරයේ අන්තර්ගත

  • ස්වයං වින්දනය
  • ලිංගික අවයව, පියයුරු හෝ තට්ටම් පිරිමැදීම හෝ ලිංගික සන්තර්පණය සඳහා අතපත ගෑම
  • නරඹන්නන්ට ලිංගික තෘප්තියක් ලබා දීම සඳහා ලිංගික කෙළිබඩු භාවිතය
  • ලිංගික තෘප්තිය ලබා දීමට අදහස් කළ නිරුවත් බව හෝ අඩ නිරුවත්බව
  • කැමැත්ත ලබා ගැනීමකින් තොරව කරන ලිංගික කටයුතු හෝ ලිංගික අතවර, ව්‍යභිචාරය, සතුන් සමග ලිංගිකව හැසිරීම හෝ සතුන් කෙරෙහි ලිංගික ආශාවක් දැක්වීම ප්‍රවර්ධනය කිරිම හෝ උත්කර්ෂයට නැඟීම
  • කැමැත්ත ලබා ගැනීමකින් තොරව බෙදාගත් පින්තූර හෝ නිරුවත හෝ ලිංගික හැසිරීම් නැරඹීම වැනි අනවශ්‍ය ලිංගිකත්වය හුවා දැක්වීම්
  • ඇඳුම් එහා මෙහා වීමෙන් සිරුර නිරාවරණය වීම් හෝ නිරුවත් පින්තූර පිටතට යාම
  • කැමැත්ත ලබා ගැනීමකින් තොරව ලිංගික තෘප්තියක් ලබා ගැනීමේ අරමුණින් පියයුරු, තට්ටම් හෝ ලිංගික ප්‍රදේශවල සමීප දර්ශන ලබා ගැනීම හෝ ඒවා දිගු වේලාවක් කැමරාවට නාභිගත කර තබා ගැනීම
  • ලිංගික තෘප්තිය අරමුණු කරගත් භීෂණකාරී ,චිත්‍රණමය හෝ අවමානයට පත් කරන සුලු අර්චණකාමී අන්තර්ගත
  • ලිංගික තෘප්තිය සඳහා අදහස් කරන ලද සමුච්චිත අන්තර්ගත
  • බාලවයස්කරුවන් සම්බන්ධ වන කිනම් හෝ ලිංගික අන්තර්ගතයක් — වැඩි විස්තර සඳහා අපගේ YouTube මත දරුවන්ගේ ආරක්ෂාව පිටුව බලන්න

සටහන: ඉහත ලැයිස්තුව සම්පූර්ණ එකක් නොවේ.

වයස් සීමා පැනවූ අන්තර්ගතය

අන්තර්ගතයක නිරුවත හෝ ලිංගික අන්තර්ගතය අඩංගු වුව ද ඉන් ඉහතින් විස්තර කළ කිසිවක් නිරූපණය නොවන්නේ නම් අප විසින් එම අන්තර්ගතයට වයස් සීමා පනවනු ලැබිය හැකි ය. අන්තර්ගතයට වයස් සීමා පැනවිය යුතු ද නැතහොත් එය ඉවත් කළ යුතු ද යන්න තීරණය කිරීමේ දී අපි පහත දෑ සැලකිල්ලට ගන්නෙමු.

  • වීඩියෝවේ කේන්ද්‍රීය ලක්ෂණය වන්නේ ඇඳුම් සහිත හෝ රහිත පියයුරු, තට්ටම් හෝ ලිංගික අවයව ද යන වග
  • අදාළ පුද්ගලයා නිරූපණය කර ඇත්තේ නරඹන්නාගේ ලිංගික හැඟීම් ඇවිස්සීම අදහස් කරන ඉරියව්වකින් ද යන වග
  • වීඩියෝවේ භාවිත වන භාෂාව සභ්‍යත්වය ඉක්මවා යන දෘශ්‍යමය අන්තර්ගත අඩංගු හෝ අසභ්‍ය ලිංගික තොරතුරු
  • පියයුරු හෝ ලිංගික අවයව ස්පර්ශ කිරීමෙන් හෝ යට ඇඳුම් නිරාවරණය කිරීමෙන් වැනි ක්‍රම මගින් වීඩියෝවේ සිටින පුද්ගලයාගේ ක්‍රියාකාරකම් ලිංගික හැඟීම් අවුස්සාලීමට හේතු වන්නේ ද යන්න
  • හැඳ සිටින ඇඳුම් පොදු ස්ථාන හෝ අවස්ථා සඳහා සාමාන්‍යෙයන් පිළිගනු නොලබන යට ඇඳුම් වැනි ඒවා ද යන්න.
  • ලිංගික රූප හෝ ශ්‍රව්‍යාංග බොඳ කර, වෙස් ගන්වා හෝ අපැහැදිලි ලෙස දිස් කර ඇති ද යන්න
  • ලිංගික රූප හෝ ශ්‍රවශාංග අදාළ අන්තර්ගතය තුළ දර්ශනය වන්නේ ඉතා සුළු කාලයක් සඳහා ද නැතහොත් එය දිගු වේලාවක් සඳහා දර්ශනය වන්නේ ද යන්න
  • අදාළ අන්තර්ගතය මගින් අන් අයට ලිංගික ක්‍රියාකාරකම් අයත් වන අභියෝගයකට සහභාගි වීමට ඇරයුම් කරන්නේ ද යන්න

සටහන: ඉහත ලැයිස්තුව සම්පූර්ණ නොවේ.

මෙම ප්‍රතිපත්තිය වීඩියෝ, වීඩියෝ විස්තර, අදහස් දැක්වීම්, සජීවී ප්‍රවාහ සහ වෙනත් ඕනෑම YouTube නිෂ්පාදනයකට හෝ විශේෂාංගයකට අදාළ වේ. මේවා උදාහරණ කිහිපයක් පමණක් බව සිහි තබා ගනිමින්, යම් අන්තර්ගතයක් මගින් මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය වන බවට ඔබ විශ්වාස කරන්නේ නම් එබඳු අන්තර්ගත පළ කිරීමෙන් වළකින්න.

අධ්‍යාපනික අන්තර්ගතය

මූලික අරමුණ අධ්‍යාපනික, වාර්තා වැඩසටහන්මය, විද්‍යාත්මක හෝ කලාත්මක වන විට හා ලිංගික සන්තර්පණයක් ලබා දීමක් අරමුණු කර නොගත්තක් වන විට, අපි ලිංගික අන්තර්ගතවලට ඉඩ ලබා දීමට ඉඩ ඇත. උදාහරණ ලෙස, නිරුවත් පියයුරු පෙන්වන පියයුරු පිළිකා පිළිබඳ වාර්තා වැඩසටහනක් උචිත වුව ද, එම වාර්තා වැඩසටහන තුළ ද ලිංගික සන්තර්පණය සඳහා අවස්ථාවෝචිත නොවන දර්ශන කොටස් පළ කිරීම අනුචිත වේ. ස්වදේශික ජන කොටස්වල වෛද්‍ය ප්‍රතිකර්ම කටයුතු, දරු උපත, කලාත්මක රංගනයන් හෝ මව්කිරි දීම අතරතුර අවස්ථාවෝචිත නොවන නිරුවත්බව අපගේ වාර්තා වැඩසටහන් සඳහා ඇති ව්‍යතිරේකයට යටත් නොවීමට ඉඩ ඇත. 

චිත්‍රපට, ශ්‍රව්‍ය කතාන්දර, සංගීතය හෝ වීඩියෝ ක්‍රීඩා වැනි කලාත්මක අන්තර්ගතයන් තුළ ලිංගික දර්ශන නිරූපණයට ද මෙය මෙලෙස ම අදාළ වේ. උදාහරණ ලෙස ලිංගික දර්ශනයක් සහිත චිත්‍රපටයක චිත්‍රපටයේ නම, අධ්‍යක්ෂක, නළු නිළි පිරිස වැනි විස්තර වීඩියෝ අන්තර්ගතය තුළ සහ වීඩියොවේ විස්තරය තුළ ඇතුළත් වන්නේ නම් ඒ සඳහා ඉඩ දෙනු ලැබිය හැකි ය. අන්තර්ගතය, මාතෘකාව, සහ විස්තරය තුළ සන්දර්භය සැපයීම අපට සහ ඔබේ නරඹන්න්නට වීඩියෝවෙහි අරමුණ තීරණය කිරීමට උපකාරී වනු ඇති බව මතක තබා ගන්න.

වැඩිහිටියන්ට සුදුසු අන්තර්ගතය හෝ සාහසික චිත්‍රණමය ප්‍රචණ්ඩත්වය ඇතුළත් වන අධ්‍යාපනික, වාර්තා වැඩසටහන්මය, විද්‍යාත්මක හෝ කලාත්මක අන්තර්ගත සඳහා, අන්තර්ගතය YouTube මත දිගට ම පැවතිය යුතු ද යන්න තීරණය කිරීමට අප විසින් නිල තෙවැනි පාර්ශ්වීය ශ්‍රේණිගත කිරීම් සැලකිල්ලට ගැනීමට ඉඩ ඇත. අපගේ ප්‍රතිපත්ති අනුගමනය කරන නමුත් සෑම ආකාරයක ම ප්‍රේක්ෂක පිරිස් සඳහා උචිත නොවන අන්තර්ගතවලට වයස් සීමා පනවනු ලැබේ. වයස් සීමා කරන ලද අන්තර්ගත වයස අවුරුදු 18ට අඩු හෝ වරා ඇති කිසිවකුට දැකගත නොහැකි ය.

උදාහරණ

YouTube මත ඉඩ දෙනු නොලබන අන්තර්ගතවලට නිදසුන් කිහිපයක් මෙන්න.

  • ලිංගික අන්තර්ගතය (සැබෑ ලෝකයේ හෝ කලාත්මක) වෙන් කර දැක්වීම සඳහා කාමෝද්දීපක නොවන චිත්‍රපට, වැඩසටන් හෝ වෙනත් අන්තර්ගතවලින් උපුටා ගත් දර්ශන කොටස්
  • ලිංගික සන්තර්පණය පිණිස පිරිමැදීම, සිප ගැනීම, ප්‍රසිද්ධියේ ස්වයං වින්දනයේ යෙදීම, ඇඳුම් යටින් කැමරා කිරීම, නිරුවත හෝ ලිංගික ක්‍රියාකාරකම් නැරඹීම, විලෝපික ප්‍රදර්ශන කාමය හෝ යමකු සිය කැමැත්තෙන් තොරව ලිංගිකත්වය හුවා දක්වන ආකාරයකින් නිරූපණය කරන වෙන්ත ඕනෑම අන්තර්ගතයක්.
  • ලිංගික තෘප්තිය ලබා ගැනීම සඳහා අදහස් කර ඇති ලිංගික ක්‍රියාකාරකම්, හැසිරීම් හෝ ලිංගික කෙළිබඩු නිරූපණය කරන අන්තර්ගත

සටහන: ඉහතින් දැක්වෙන්නේ උදාහරණ කිහිපයක් පමණි. යම් අන්තර්ගතයක් මගින් මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරනු ලැබිය හැකි බවට ඔබ සිතන්නේ නම්, එබඳු අන්තර්ගත පළ කිරීමෙන් වළකින්න.

තවත් උදාහරණ

  • ලිංගික තෘප්තියක් ලබා දීමේ අරමුණින් නිරුවත හෝ ලිංගික තේමා අඩංගු අන්තර්ගත සමුච්චිත කර ඇති ධාවන ලැයිස්තු
  • නර්තනයේ යෙදෙන්නාගේ ලිංගික අවයව, තට්ටම් හෝ පියයුරු වෙත කැමරාව යොමු වී ඇති පිරිමැදීම් හෝ ලිංගික සන්තර්පණය උදෙසා අතපත ගැමී ඇතුළත් වන හැඟීම් කළඹවන නර්තනය.
  • කිනම් හෝ ආකාරයක ලිංගික දූෂණයක ලිංගිකත්වය හුවා දක්වන අන්තර්ගතය
  • ලිංගික තෘප්තියක් ලබා දීම අදහස් කොටගෙන ඇති ශ්‍රව්‍යමය හෝ පාඨමය නිරූපණයන්
  • ලිංගික සන්තර්පණය ලබා දීමේ අරමුණින් මුත්‍රා වැනි ශාරීරික තරලයන් හෝ ස්‍රාවයන් පෙන්වන අන්තර්ගත
  • ලිංගික සන්තර්පණය ලබා දීමේ අරමුණින්, අන් ආකාරයට එදිනෙදා ජීවීතයේ වස්තූන් හෝ සිද්ධි යටතට වැටෙන එන්නත් කිරීම හෝ ආහාර ගැනීම වැනි දෑ භාවිත කරන අන්තර්ගත

අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළහොත් සිදු වන දේ

ඔබේ අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළහොත්, අපි අන්තර්ගතය ඉවත් කර ඔබට දැන්වීමට ඉ-තැපෑලක් එවමු. අපට ඔබ පළ කරන සබැඳියක් ආරක්ෂිත බව සත්‍යාපනය කළ නොහැකි නම් අප සබැඳිය ඉවත් කළ හැකිය. වීඩියෝව තුළ හෝ වීඩියෝවේ පාරදත්ත තුළ පළ කරනු ලබන උල්ලංඝනාත්මක URL වීඩියෝව ඉවත් කරනු ලැබීමට හේතු විය හැකි බව සලකන්න.

ඔබ අපගේ ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පළමු අවස්ථාව මෙය නම්, ඔබට ඔබේ නාලිකාවට දඬුවමක් නොමැතිව අවවාදයක් ලැබීමට ඉඩ ඇත. අවවාදය දින 90කට පසු කල් ඉකුත් වීමට ඉඩ දීම සඳහා ප්‍රතිපත්ති පුහුණුවක් ලබා ගැනීමට ඔබට අවස්ථාව ලැබේ. කෙසේ වෙතත්, එම ප්‍රතිපත්තියම එම දින 90 කවුළුව තුළ උල්ලංඝනය කළහොත්, අවවාදය කල් ඉකුත් නොවනු ඇති අතර ඔබේ නාලිකාවට වර්ජනයක් ලබා දෙනු ඇත. පුහුණුව අවසන් කිරීමෙන් පසු ඔබ වෙනත් ප්‍රතිපත්තියක් උල්ලංඝනය කළහොත්, ඔබට තවත් අවවාදයක් ලැබෙනු ඇත.

ඔබ දින 90ක් ඇතුළත වර්ජන 3ක් ලැබුණහොත්, ඔබේ නාලිකාව අවසන් කරනු ඇත. අපගේ වර්ජන පද්ධතිය ගැන තව දැන ගන්න.

ප්‍රජා මාර්ගෝපදේශ හෝ සේවා නියම නැවත නැවතත් උල්ලංඝන කිරීම් නිසා අප ඔබේ නාලිකාව හෝ ගිණුම අවසන් කළ හැක. අපට ඔබේ නාලිකාව හෝ ගිණුම දැඩි අනිසි භාවිත සිද්ධියකින් පසුව, හෝ නාලිකාව ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් කළ බව ඔප්පු වූ විටද අවසන් කළ හැකිය. අප නැවත නැවතත් වැරදි කරන්නන් අනාගතයේදී ප්‍රතිපත්ති පුහුණුව ලබා ගැනීමෙන් වැළැක්විය හැකිය. නාලිකා හෝ ගිණුම් අවසන් කිරීම් ගැන තව දැන ගන්න.

ඔබේ අන්තර්ගතයේ කාමෝද්දීපක දෑ අඩංගු වේ නම්, අප විසින් ඔබේ නාලිකාව අවසන් කිරීමට ඉඩ ඇත.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
14952966902646175458
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false