ළමා සුරක්ෂිතතා ප්‍රතිපත්තිය

අපගේ නිර්මාණකරුවන්ගේ, බලන්නන්ගේ සහ හවුල්කරුවන්ගේ ආරක්ෂාව අපගේ ඉහළම ප්‍රමුඛතාවයි. මෙම අනන්‍ය සහ විචිත්‍රවත් ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා අපට උදවු කිරීම අපි ඔබ එක් එක් කෙනාගෙන් බලාපොරොත්තු වෙමු. ඔබ අපගේ ප්‍රජා මාර්ගෝපදේශ සහ YouTube ආරක්‍ෂිතව තැබීමට ඒවා අපගේ බෙදා ගත් වගකීම තුළ දරන භූමිකාව තේරුම් ගැනීම වැදගත් වෙයි. හත ප්‍රතිපත්තිය හොඳින් කියවීමට කාලය ගන්න. අප මාර්ගෝපදේශවල සම්පූර්ණ ලැයිස්තුවක් සඳහා ඔබට මෙම පිටුව ද පරීක්‍ෂා කළ හැක.
යාවත්කාලීනය: බාල වයස්කරුවන් හා පවුල් ඉලක්ක කර ගන්නා නමුත් ලිංගික තේමා, ප්‍රචණ්ඩත්වය, අසභ්‍ය අන්තර්ගත හෝ ලාබාල ප්‍රේක්ෂකයන්ට නොගැළපෙන පරිණත තේමාවලට YouTube මත අවසර නැත. ඔබේ සිරස්තල, විස්තර හා ටැග්වලට අමතරව ඔබේ ප්‍රේක්ෂක තේරීම ඔබේ අන්තර්ගතය සුදුසු වන ප්‍රේක්ෂක පිරිසට ගැළපෙන්නෙ දැයි යන්න බලන්න.

බාල වයස්කරුවන්ගේ චිත්තවේගීය සහ ශාරීරික යහපැවැත්මට අනතුරක් වන අන්තර්ගතයට YouTube ඉඩ නොදෙයි. බාල වයස්කරුවෙක් යනු වයසර අවුරුදු 18ට අඩු අයෙක් ය.

ඔබට මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන අන්තර්ගත හමු වුවහොත් ඒ පිළිබඳ වාර්තා කරන්න. දරුවකු අනතුරුදායක තත්ත්වයක සිටින බවට ඔබ විශ්වාස කරන්නේ නම්, අදාළ සිදුවීම වාර්තා කිරීම සඳහා ඔබ වහාම ඔබේ දේශීය නීතිය බලාත්මක කිරීමේ ආයතනන සම්බන්ධ කරගත යුතු ය.

අපගේ ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම සඳහා වන උපදෙස් මෙහි තිබේ. වාර්තා කිරීමට කැමති වීඩියෝ හෝ අදහස් දැක්වීම් කිහිපයක් ඔබට හමු වී ඇත්නම්, ඔබට නාලිකාව පිළිබඳව වාර්තා කළ හැකි ය.

මෙම ප්‍රතිපත්තිය ඔබට බලපාන ආකාරය

ඔබ අන්තර්ගතය පළ කරන්නේ නම්

යම් අන්තර්ගතයක් පහත කිනම් හෝ විස්තරයක් හා ගැළපේ නම් එය YouTube මත පළ කිරීමෙන් වළකින්න.

  • බාලවයස්කරුවන්ගේ ලිංගිකත්වය හුවා දැක්වීම: බාලවයස්කරුවන් නිරූපණය වන අසභ්‍ය ලිංගික අන්තර්ගතය සහ ප්‍රහසනාභිප්‍රායීව බාලවයස්කරුවන්ගේ නිරුවත ඇතුළත්ව පළ කරන අන්තර්ගතය ඇතුළුව බාලවයස්කරුවන්ව ලිංගිකව සූරාකෑමට ලක් කරන අන්තර්ගතය. අපි දරුවන් ලිංගිකව අපයෝජනය කිරීම ආශ්‍රිත රූප අඩංගු අන්තර්ගත ගෝලීය නීතිය බලාත්මක කිරීමේ ආයතන සමග කටයුතු කරන අතුරුදන් වූ හා සූරාකෑමට ලක් වන දරුවන් සඳහා වන ජාතික මධ්‍යස්ථානය වෙත වාර්තා කරන්නෙමු.
  • බාලවයස්කරුවන් සම්බන්ධ වන හානිකර හෝ අනතුරුදායක අන්තර්ගත: බාලවයස්කරුවකු අනතුරුදායක ක්‍රියාකාරකම්වල නිරත වන අයුරු දක්වන හෝ බාලවයස්කරුවන්ව අනතුරුදායක ක්‍රියා කිරීමට දිරි ගන්වන අන්තර්ගත අනතුරුදායක කරණම්, අභියෝග හෝ රැවටිලිකාර සරදම් ඇතුළුව අනතුරකට මග පෑදිය හැකි හානිදායක අවස්ථාවලට කිසිවිටෙකත් බාලවයස්කරුවන් පත් නොකරන්න.
  • බාලවයස්කරුවන්ට චිත්තවේගීය පීඩා ඇති කිරීම ඇතුළුව දරුවකුට ශාරීරික, ලිංගික හෝ චිත්තවේගීය ලෙස නොමනා අයුරින් සැලකීම හෝ නොසලකා හැරීම සිදු කිරීම හෝ එසේ සිදු කිරිමට අනුබල සැපයීම.
    • අධ්‍යාපනික, වාර්තා වැඩසටහන්, විද්‍යාත්මක හෝ කලාත්මක සන්දර්භයක් තුළ සහ බොඳ කිරීම් සහිතව දරුවකු ශාරීරික, ලිංගික හෝ චිත්තවේගීය අපයෝජනයකට ලක් කිරිමක් අඩංගු වන අන්තර්ගත සඳහා මුක්තියක් ලැබීමට ඉඩ ඇත.
    • බාලවයස්කාර සහභාගිවන්නන්ට හෝ නරඹන්නන්ට චිත්තවේගීය පීඩාවන් ඇති කළ හැකි පහත දෑ ඇතුළු අන්තර්ගතය:
      • බාලවයස්කරුවන්ව පරිණත තේමාවලට නිරාවරණය කිරීම
      • දෙමාපිය අපයෝජනය සමානුරූපණය කිරීම
      • බාලවයස්කරුවන් බලාත්කාරයට ලක් කිරීම
      • ප්‍රචණ්ඩත්වය
  • නොමග යවන සුලු පවුලේ නැරඹීම සඳහා වන අන්තර්ගත: බාල පරපුර හා පවුල ඉලක්ක කරන නමුත් පහත දෑ අඩංගු වන අන්තර්ගතය:
    • ලිංගික තේමා
    • ප්‍රචණ්ඩත්වය
    • ලාබාල ප්‍රේක්ෂකයන් සඳහා සුදුසු නොවන අසභ්‍ය දෑ හෝ වෙනත් පරිණත තේම
    • වෛද්‍යමය ප්‍රතිකර්ම හා පරීක්ෂණ
    • තමාට ම හානි කර ගැනීම
    • වැඩිහිටි ත්‍රාසෝත්පාදක චරිත භාවිතය
    • ලාබාල ප්‍රේක්ෂකයන් කම්පනයට පත් කිරීම අදහස් කර ගත් වෙනත් අයෝග්‍ය තේමා
    • අධ්‍යාපනික, වාර්තා වැඩසටහන්මය, විද්‍යාත්මක හෝ කලාත්මක සන්දර්භයකට ඇතුළත් වන බාලවයස්කරුවන් හා පවුල ඉලක්ක කරගත් වයසට නොගැළපෙන අන්තර්ගතවලට මුක්තියක් ලැබීමට ඉඩ ඇත. මෙය ලාබාල ප්‍රේක්ෂකයන් කම්පනයට පත් කිරීමේ අදහසින් සකස් කළ පරිණත තේමාවලින් බාලවයස්කරුවන් හා පවුල ඉලක්ක කිරීම සඳහා ලැබෙන අවසරයක් නොවේ.
    • ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, මරණය, මත්ද්‍රව්‍ය සහ තවත් දෑ වැනි වැඩිහිටි හෝ වයසට නොගැළපෙන තේමා අඩංගු වන බාලවයස්කරුවන් ඉලක්ක කරන පවුලේ නැරඹීමට සුදුසු කාටූන්. විඩියෝවේ වයසට නොගැළපෙන තේමාවන් අඩංගු වන්නේ නම් අපි වීඩියෝවේ සිරස්තලය, විස්තරය, ටැග හෝ ප්‍රේක්ෂක තේරීම තුළ අන්තර්ගතය ළමුන් සඳහා සුදුසු ලෙස ලේබල් කිරීමට ඉඩ නොදෙන්නෙමු.
    • ඔබේ සිරස්තල, විස්තර හා ටැග් කිරීම් ඔබ ඉලක්ක කරන ප්‍රේක්ෂක පිරිසට ගැළපෙන බවට වග බලා ගන්න. ඊට අමතරව, ඔබේ ප්‍රේක්ෂක තේරීම ඔබේ අන්තර්ගතය ගැළපෙන ප්‍රේක්ෂක පිරිද නිවැරදි ලෙස නියෝජනය කරන බවට වග බලා ගන්න. ඔබේ අන්තර්ගතය පරිණත ප්‍රේක්ෂකයන් සඳහා අදහස් කරන ලද එකක් නම්, අන්තර්ගතය උඩුගත කිරීමෙන් පසු ඊට වයස් සීමා පැනවීමට ද ඔබට පුළුවන.
  • බාලවයස්කරුවන් සම්බන්ධ සයිබර් හිංසනය සහ හිරිහැර කිරීම: පහත ආකාරයේ අන්තර්ගත:
    • බාලවයස්කරුවකු අවමානයට පත් කිරීම, රැවටීම හෝ ඒ අයට අපහාස කිරීම අරමුණු කර ගත් අන්තර්ගතය
    • ඉ-තැපැල් ලිපිනය හෝ බැංකු ගිණුම් අංක වැනි පුද්ගලික තොරතුරු අනාවරණය කිරීම
    • ලිංගිකත්වය හුවා දැක්වීම් අන්තර්ත වීම
    • හිංසනයට හෝ හිරිහැර කිරීමට අන් අයව පොළඹවන සුලු වීම

This policy applies to videos, video descriptions, comments, Stories, Community posts, live streams, playlists, and any other YouTube product or feature. Keep in mind that this isn't a complete list.

Please note these policies also apply to external links in your content. This can include clickable URLs, verbally directing users to other sites in video, as well as other forms. 

වයස් සීමා පැනවූ අන්තර්ගතය

පහත කිසිවක් හෝ අයත් වන අන්තර්ගතයට අප විසින් වයස් සීමාවක් පැනවීමට ඉඩ ඇත.

  • ලාබාලයන් විසින් අනුකරණය කිරීමට ඉඩ ඇති හානිකර හෝ අනතුරුදායක ක්‍රියා: බාලවයස්කරුවන් විසින් පහසුවෙන් ම අනුකරණය කළ හැකි වැඩිහිටියන් අනතුරුදායක ක්‍රියාකාරකම්වල නිරත වීම අඩංගු වන අන්තර්ගත.
    • සටහන: අන්තර්ගතය මගින් මෙම අනතුරුදායක ක්‍රියාකාරකම් නොකරන ලෙස අනතුරු අඟවන්නේ නම්, අප විසින් සීමා පැනවීමකින් තොරව එකී අන්තර්ගතයට ඉඩ දීමට ඉඩ ඇත. තව ද ඉන් වෘත්තීමය වැඩිහිටි අධීක්ෂණයක අවශ්‍යතාව ද විස්තර කළ යුතු වනු ඇත.
  • පවුලේ අන්තර්ගතය තුළ වැඩිහිටි තේමාවන්: වැඩිහිටි ප්‍රේක්ෂකයන් සඳහා අදහස් කරන ලද නමුත් පහසුවෙන් ම පවුලේ අන්තර්ගත ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇති අන්තර්ගත. මීට ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය හෝ මරණය වැනි වැඩිහිටි තේමා අඩංගු වන කාටූන් අයත් වේ. ඔබේ අන්තර්ගතය පරිණත ප්‍රේක්ෂකයන් සඳහා අදහස් කරන ලද්දක් නම්, අන්තර්ගතය උඩුගත කිරිමෙන් පසු ඊට වයස් සීමා පැනවීමේ හැකියාව ඔබට තිබෙන බව මතක තබා ගන්න.
  • අශිෂ්ට භාෂාව: ඇතැම් භාෂා භාවිතයන් ලාබාල ප්‍රේක්ෂකයන් සඳහා සුදුසු නොවේ. අසභ්‍ය ලිංගික භාෂාව හෝ දැඩි ලෙස අසභ්‍ය වචන වයස් සීමා පනවනු ලැබීමට මග පෑදිය හැකි ය.
බාලවයස්කරුවන්ව නිරූපණය කරන අන්තර්ගතය
අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය නොකරන නමුත් දරුවන් නිරූපණය කරන අන්තර්ගතවලට YouTube මත බාලවයස්කරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා, නාලිකා මට්ටමින් මෙන්ම වීඩියා් මට්ටමින් ද ඇතැම් විශේෂාංග අබල කරනු ලැබ තිබීමට ඉඩ ඇත. මෙම විශේෂාංගවලට අයත් වන්නේ:
  • අදහස් දැක්වීම්
  • සජීවී කථාබහ
  • සජීවී ප්‍රවාහ කිරීම
  • වීඩියෝ නිර්දේශ ( ඔබේ වීඩියෝව නිර්දේශ කරන ආකාරය සහ එය නිර්දේශ කෙරෙන අවස්ථා)
  • ප්‍රජා පළ කිරීම්
  • Shorts වීඩියෝ රීමික්ස් කිරීම

ඔබේ අන්තර්ගතය තුළ බාලවයස්කරුවන් ආරක්ෂා කරන අන්දම

ඔබේ, ඔබේ පවුලේ අයගේ හෝ මිතුරන්ගේ අන්තර්ගතයන් පළ කිරීමට පෙර, ඉන් කිසිවකු හෝ අහිතකර අවධානයක් යොමු වීමේ අවදානමකට නිරාවරණය කරන්නේ ද යන්න පිළිබඳ සැලකිල්ලෙන් සිතා බලන්න. බාලවයස්කරුවන් යනු අනතුරේ වැටීමේ අවදානමක් ඇති කොට්ඨාසයක් වන අතර ඔවුන්ව අනවශ්‍ය අවධානයෙන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තියක් YouTube සතුව ඇත.

  • බාලවයස්කරුවා වැඩිහිටියකුගේ අධීක්ෂණයට ලක් වන බවත් විනෝදාංශ, අධ්‍යාපනික අන්තර්ගත හෝ ප්‍රසිද්ධියේ සිදු කරන රංගනයන් ඉදිරිපත් කිරීම වැනි වයසට ගැළපෙන ක්‍රියාකාරකම් සිදු කරන බව සහතික කරගන්න.
  • හැඳ සිටින ඇඳුම් වයසට ගැළපෙන බව සහතික කරගන්න. බාලවයස්කරුවාගේ සිරුර අනවශ්‍ය අන්දමින් නිරාවරණය වන හෝ සිරුරට තදින් ඇලී ඇති ඇඳුම් භාවිත නොකරන්න.
  • ඔබ පළ කරන වීඩියෝ දැකිය හැක්කේ කාහට දැයි යන්න බැලීමට YouTube පෞද්ගලිකත්ව සැකසුම් භාවිත කරන්න.

බාලවයස්කරුවන් නිරූපණය කරන හා පහත ඒවායින් එකක් හෝ කිහිපයක් සපුරාලන අන්තර්ගත YouTube මත පළ කිරීමෙන් වළකින්න:

  • නිදන කාමර හෝ නාන කාමර වැනි නිවසේ ඇති පෞද්ගලික ස්ථානවල රූගත කර තිබීම.
  • සබැඳිව නන්නාඳුනන්නන්ගෙන් සම්බන්ධ වීමට හෝ අභියෝග ආදිය ඉල්ලන හෝ වැඩිහිටි මාතෘකා සාකච්ඡා කරන බාලවයස්කරුවන් නිරූපණය කිරීම.
  • බාලවයස්කරුවාට අනභිමත අවධානයක් ලබා දෙන සිරුර අසාමාන්‍ය ලෙස නැවීම හෝ ASMR වැනි ක්‍රියාකාරකම් පෙන්වීම.
  • බාලවයස්කරුවකුගේ පුද්ගලික විස්තර අනාවරණය කිරීම.

මේවා උදාහරණ කිහිපයක් පමණක් වන අතර ඔබට මෙතැනින් ළමා ආරක්ෂාව පිළිබඳ තවත් හොඳම පරිචයන් ලබා ගැනීමේ හැකියාව තිබේ. ඔබ වයස අවුරුදු 18 හෝ ඔබේ රටෙහි වයෝපූර්ණත්වයට පත් වීමේ අදාළ වයසට අඩු අයෙක් නම්, සබැඳිව ආරක්ෂිතව සිටීමට අන්තර්ජාලයේ විචක්ෂණශීලී වන්න ඔබට උපකාරී විය හැකි ය.

උදාහරණ

YouTube මත ඉඩ නොදෙන අන්තර්ගතයන්ට උදාහරණ කිහිපයක් මෙන්න.

  • සිප ගැනීම හෝ ලිංගික සන්තර්පණය සඳහා පිරිමැදීම ඇතුළු හැඟීම් අවුස්සවන සුලු, ලිංගික හෝ ලිංගිකත්වය හඟවන ක්‍රියාකාරකම්, අභියෝග ආදිය නිරූපණය වන වීඩියෝවක්.
  • අනතුරුදායක ක්‍රියාකාරකම්වල නිරත බාලවයස්කරුවන් පෙන්වීම. උදාහරණ ලෙස, ශාරීරික කරණම්, අවි හෝ පුපුරන ද්‍රව්‍ය භාවිතය හෝ මද්‍යසාර හෝ නිකොටීන් අඩංගු වන වේප් හෝ ඉ-සිගරැට් වැනි පාලනය කළ ද්‍රව්‍ය භාවිතය.
  • “ළමුන් සඳහා“ යනා දී ටැග් සහිත හෝ ප්‍රේක්ෂක පිරිස “ ඔව්, එය තනා ඇත්තේ ළමුන් වෙනුවෙන්“ යනුවෙන් සකසා ඇති, පවුලේ නැරඹීම සඳහා සුදුසු කාටූන් සහිත වීඩියෝවක එන්නත් කර ගැනීම වැනි නුසුදුසු ක්‍රියාවල නිරත වන දර්ශන.

මේවා උදාහරණ කිහිපයක් පමණක් බව සිහි තබා ගනිමින්, යම් අන්තර්ගතයක් මගින් මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය වන බවට ඔබ විශ්වාස කරන්නේ නම් එබඳු අන්තර්ගත පළ කිරීමෙන් වළකින්න.

තවත් උදාහරණ

  • වෙනත් අයකු සමග ශාරීරික සම්බන්ධතාවක් පැවැත්වීම සඳහා බාලවයස්කරුවකුට මුදල්, ප්‍රශංසා කිරීම්, කැමැත්ත දැක්වීම් හෝ වෙනත් කිනම් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කිරීම.
  • බාලවයස්කරුවන් නිරූපණය කරන ලිංගික අන්තර්ගත ප්‍රචාරණය කරන හෝ අපයෝජනාත්මක අන්තර්ගත නිරූපණය කරන වීඩියෝවක්.
  • බාලවයස්කරුවන් සමග හෝ ඔවුන් පිළිබඳ සන්නිවේදනය හා බැඳුණු කොල්ලකාරී හැසිරීම.
  • ලිංගික තෘප්තියේ අරමුණ සඳහා බාලවයස්කරුවන්ගේ අහිංසක අන්තර්ගතයන් ඒකාබද්ධ කිරීම.
  • අධ්‍යාපනික, වාර්තා වැඩසටහන්මය, විද්‍යාත්මක හෝ කලාත්මක සන්දර්භයක් හා බොඳ කිරීම් රහිතව දරුවන් නිරූපණය කෙරෙන සටන් හෝ හිරිහැර කිරීම දැක්වෙන වීඩියෝ.
  • ශාරීරික තුවාල හෝ බරපතල චිත්තවේගීය පීඩා ඇතිවීමේ අවදානමක් ඇති කරන අභියෝග, රැවටිලිකාර සරදම් හෝ කරණම්. ඔබට අභියෝග හා රැවටිලිකාල සරදම් ආශ්‍රිතව අපගේ ප්‍රතිපත්ති මගින් ඉඩ නොදෙන්නේ කවරකට ද යන්න පිළිබඳ වැඩි විස්තර දැනගත හැකි ය.
  • අන්තර්ගතයේ කිසිදු බාලවයස්කරුවකු නොමැති වුවත්, බාලවයස්කරුවන්ව අනතුරුදායක ක්‍රියාකාරකම්වල නිරත වීමට දිරි ගැන්වීම.
  • දෙමාපිය අපයෝජනය හෝ අත්හැර දැමීම සමානුරූපණය කරන, මරණයට හෝ ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීම සමානුරූපණය කරන හෝ බාලවයස්කරුවන්ව දැඩි ලෙස ලජ්ජාවට පමුණුවන හෝ අවමානයට පත් කරන අන්තර්ගත.
  • ප්‍රචණ්ඩත්වය හෝ ලිංගිකත්වය වැනි තේමාවන් නිරූපණය කරන ළමුන්ගේ සිත් ඇද ගැනීම සඳහා කාටූන්, රූකඩ හෝ පවුලේ විනෝදාස්වාදය හා සම්බන්ධ චරිත භාවිත කරන අන්තර්ගතයන්.

අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළහොත් සිදු වන දේ

ඔබේ අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළහොත්, අපි අන්තර්ගතය ඉවත් කර ඔබට දැන්වීමට ඉ-තැපෑලක් එවමු. අපට ඔබ පළ කරන සබැඳියක් ආරක්ෂිත බව සත්‍යාපනය කළ නොහැකි නම් අප සබැඳිය ඉවත් කළ හැකිය. වීඩියෝව තුළ හෝ වීඩියෝවේ පාරදත්ත තුළ පළ කරනු ලබන උල්ලංඝනාත්මක URL වීඩියෝව ඉවත් කරනු ලැබීමට හේතු විය හැකි බව සලකන්න.

ඔබ අපගේ ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පළමු අවස්ථාව මෙය නම්, ඔබට ඔබේ නාලිකාවට දඬුවමක් නොමැතිව අවවාදයක් ලැබීමට ඉඩ ඇත. අවවාදය දින 90කට පසු කල් ඉකුත් වීමට ඉඩ දීම සඳහා ප්‍රතිපත්ති පුහුණුවක් ලබා ගැනීමට ඔබට අවස්ථාව ලැබේ. කෙසේ වෙතත්, එම ප්‍රතිපත්තියම එම දින 90 කවුළුව තුළ උල්ලංඝනය කළහොත්, අවවාදය කල් ඉකුත් නොවනු ඇති අතර ඔබේ නාලිකාවට වර්ජනයක් ලබා දෙනු ඇත. පුහුණුව අවසන් කිරීමෙන් පසු ඔබ වෙනත් ප්‍රතිපත්තියක් උල්ලංඝනය කළහොත්, ඔබට තවත් අවවාදයක් ලැබෙනු ඇත.

ඔබ දින 90ක් ඇතුළත වර්ජන 3ක් ලැබුණහොත්, ඔබේ නාලිකාව අවසන් කරනු ඇත. අපගේ වර්ජන පද්ධතිය ගැන තව දැන ගන්න.

ප්‍රජා මාර්ගෝපදේශ හෝ සේවා නියම නැවත නැවතත් උල්ලංඝන කිරීම් නිසා අප ඔබේ නාලිකාව හෝ ගිණුම අවසන් කළ හැක. අපට ඔබේ නාලිකාව හෝ ගිණුම දැඩි අනිසි භාවිත සිද්ධියකින් පසුව, හෝ නාලිකාව ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් කළ බව ඔප්පු වූ විටද අවසන් කළ හැකිය. අප නැවත නැවතත් වැරදි කරන්නන් අනාගතයේදී ප්‍රතිපත්ති පුහුණුව ලබා ගැනීමෙන් වැළැක්විය හැකිය. නාලිකා හෝ ගිණුම් අවසන් කිරීම් ගැන තව දැන ගන්න.

YouTube මත කොල්ලකාරී හැසිරීම් අපි කිසි ලෙසකින්වත් ඉවසන්නේ නැත. වාර්තා කර ඇති අන්තර්ගතය මත පදනම්ව දරුවකු අනතුරේ වැටී ඇති බවට අප සිතන්නේ නම්, අපි නීතිය බලාත්මක කිරීමේ ආයතනවලට අදාළ අන්තර්ගතය ගවේෂණය කිරීමට උපකාරී වන්නෙමු.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
18231939413557361000
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false