වෛරී කථන ප්‍රතිපත්තිය


 
අපගේ නිර්මාණකරුවන්ගේ, බලන්නන්ගේ සහ හවුල්කරුවන්ගේ ආරක්ෂාව අපගේ ඉහළම ප්‍රමුඛතාවයි. මෙම අනන්‍ය සහ විචිත්‍රවත් ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා අපට උදවු කිරීම අපි ඔබ එක් එක් කෙනාගෙන් බලාපොරොත්තු වෙමු. ඔබ අපගේ ප්‍රජා මාර්ගෝපදේශ සහ YouTube ආරක්‍ෂිතව තැබීමට ඒවා අපගේ බෙදා ගත් වගකීම තුළ දරන භූමිකාව තේරුම් ගැනීම වැදගත් වෙයි. හත ප්‍රතිපත්තිය හොඳින් කියවීමට කාලය ගන්න. අප මාර්ගෝපදේශවල සම්පූර්ණ ලැයිස්තුවක් සඳහා ඔබට මෙම පිටුව ද පරීක්‍ෂා කළ හැක.
Note: On June 5, 2019, we announced some changes to our hate speech policies. You can learn more about those changes here. The below policy has been updated with those changes.

ද්වේශ සහගත කථාවට YouTube මත ඉඩ නොදෙයි. YouTube හි ප්‍රතිපත්තිය යටතේ ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වයක් දක්වන පහත ගුණාංගවලින් ඕනෑම එකක් මත පදනම්ව පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය හෝ වෛරය ප්‍රවර්ධනය කරන අන්තර්ගතයට අපගේ වෛරී කථන ප්‍රතිපත්ති යටතේ ඉඩ නොදේ.

  • වයස
  • කුලය
  • ආබාධිතබව
  • ජන වර්ගය
  • ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව සහ ප්‍රකාශනය
  • ජාතිකත්වය
  • ජාතිය
  • ආගමන තත්ත්වය
  • ආගම
  • ලිංගිකත්වය/ස්ත්‍රී පුරුෂ භාවය
  • ලිංගික නැඹුරුව
  • ප්‍රධාන ප්‍රචණ්ඩ සිදුවීමක වින්දිතයන් සහ ඔවුන්ගේ ඥාතීන්
  • ප්‍රවීණ තත්ත්වය

ඔබට මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන අන්තර්ගතය හමු වුවහොත් එය වාර්තා කරන්න. අපගේ ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් වාර්තා කිරීම සඳහා වන උපදෙස් මෙහිදී ලබා ගත හැකිය. ඔබ වාර්තා කිරීමට කැමති වීඩියෝ හෝ අදහස් කිහිපයක් ඔබට හමු වී ඇතිනම්, ඔබට නාලිකාව වාර්තා කළ හැකිය.

මෙම ප්‍රතිපත්තිය ඔබට බලපාන ආකාරය

ඔබ අන්තර්ගතය පළ කරන්නේ නම්

එම අන්තර්ගතයේ අරමුණ පහත ඒවායින් එකක් හෝ වැඩි ගණනක් කිරීමට නම් YouTube හි අන්තර්ගතය පළ නොකරන්න:

  • ඔවුන්ගේ ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය මත පදනම්ව පුද්ගලයන්ට හෝ සමූහවලට එරෙහි ප්‍රචණ්ඩත්වය දිරිමත් කිරීම. අපි YouTube හි තර්ජනවලට ඉඩ නොදෙමු, ප්‍රචණ්ඩත්වය සඳහා වන ව්‍යංග ඇමතුම් අපි සැබෑ තර්ජන ලෙස සලකමු. තර්ජන සහ හිරිහැර කිරීම ගැන අපගේ ප්‍රතිපත්ති පිළිබඳව ඔබට තව දැන ගත හැකි ය.
  • ඔවුන්ගේ ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය මත පදනම්ව තනි පුද්ගලයන් සහ සමූහවලට එරෙහි වෛරය උසිගැන්වීම.

මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන වෙනත් අන්තර්ගත වර්ග

  • ඔවුන්ගේ ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය මත පදනම්ව ඔවුන් සතුන්, කෘමීන්, පලිබෝධකයන්, රෝග හෝ වෙනත් ඕනෑම මානව නොවන වස්තුවකට සංසන්දනය කරමින් ඔවුන්ට උපමානව ලෙස ඇමතීම මගින් තනි පුද්ගලයන් හෝ සමූහ අමානුෂිකකරණය.
  • ඔවුන්ගේ ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය මත පදනම්ව තනි පුද්ගලයන් සහ සමූහවලට එරෙහි ප්‍රචණ්ඩත්වය ප්‍රශංසා කිරීම හෝ උත්කර්ෂයට පැමිණවීම.
  • ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය මත පදනම්ව වෛරය අවුස්සන හෝ ප්‍රවර්ධනය කරන ජන වාර්ගික, ආගමික හෝ වෙනත් අපහාස සහ ඒකාකෘති භාවිතය. මෙය මෙම ඒකාකෘති ප්‍රවර්ධනය කරන හෝ ඒවා කරුණුමය ලෙස සලකන කථන, පෙළ හෝ රූප ආකාරය ගත හැකි ය.
  • ඔවුන්ගේ ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය මත පදනම්ව තනි පුද්ගලයන් හෝ සමූහ කායිකව හෝ මානසිකව පහත්, ඌණ හෝ ගිලන් බව කියා සිටීම. ඒවා අඩු බුද්ධිමත්, අඩු හැකියාවෙන් යුතු හෝ හානියට පත් ලෙස පවසමින්, එක් සමූහයක් අනෙකට වඩා පහත් වන ප්‍රකාශ මෙයට ඇතුළත් වේ. ඔවුන්ගේ ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය මත පදනම්ව තනි පුද්ගලයන් හෝ සමූහ යටත් කර ගැනීම හෝ ආධිපත්‍යය සඳහා ඇමතීම ද මෙයට ඇතුළත් වේ.
  • ප්‍රචණ්ඩත්වය, වෙනස් කොට සැලකීම, වෙන් කිරීම, හෝ බැහැර කිරීම සාධාරණීකරණය කිරීම සඳහා ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය ඇති අයට වඩා සමූහයක උසස් බව කියා සිටීමෙන් ද්වේෂ සහගත අධිපතිවාදය ප්‍රවර්ධනය. මෙයට නව සාමාජිකයන් බඳවා ගැනීම හෝ ඔවුන්ගේ මතවාදය සඳහා මූල්‍ය සහාය සඳහා ඉල්ලීම් සහ ද්වේෂ සහගත අධිපතිවාදය ගී පද, පාර-දත්ත හෝ නිරූපණවල ප්‍රවර්ධනය කරන සංගීත වීඩියෝ වැනි ද්වේෂ සහගත අධිපතිවාදී ප්‍රචාර අඩංගු අන්තර්ගතය ඇතුළත් වේ.
  • ඔවුන්ගේ ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය මත පදනම්ව තනි පුද්ගලයන් සහ සමුහ නපුරු, දූෂිත සහ දුෂ්ට බව කියන කුමන්ත්‍රණකාරී ප්‍රකාශ.
  • හොඳින් ලේඛනගත කරන ලද, ප්‍රධාන ප්‍රචණ්ඩකාරී සිදුවීමක් හෝ එවැනි සිදුවීමකට ගොදුරු වීම ප්‍රතික්ෂේප කිරීම හෝ අවම කිරීම.
  • වෙනත් පුද්ගලයන් වෙත ඔවුන්ගේ චිත්තවේගී, ප්‍රේමණීය සහ/හෝ ලිංගික ආකර්ෂණය මත පදනම්ව තනි පුද්ගලයන්ට හෝ සමූහවලට ප්පහර දීම්.

අධ්‍යාපනික, වාර්තාමය, විද්‍යාත්මක සහ කලාත්මක අන්තර්ගතය

එම අන්තර්ගතයේ අතිරේක අධ්‍යාපනික, වාර්තාමය, විද්‍යාත්මක හෝ කලාත්මක සන්දර්භය ඇතුළත් වේ නම් අප ද්වේෂ සහගත කථාව ඇතුළත් අන්තර්ගතයට ඉඩ දෙනු ඇත. අතිරේක සන්දර්භයට දොස් කීම, නිෂ්ප්‍රභ කිරීම, ප්‍රතිවිරුද්ධ අදහස් ඇතුළත් කිරීම හෝ ද්වේෂ සහගත කථාව උපහාසයට ලක් කිරීම ඇතුළත් විය හැකි ය. මෙය ද්වේෂ සහගත කථාව ප්‍රවර්ධනය කිරීමට අවසරයක් නොවේ. උදාහරණවලට ඇතුළත් වන්නේ:

  • වෛරී කණ්ඩායමක් ගැන වාර්තාමය වැඩසටහනක්: සමූහයට සහාය නොදක්වන හෝ අදහස් ප්‍රවර්ධනය නොකරන අධ්‍යාපනික අන්තර්ගතයට ඉඩ දෙනු ඇත. ප්‍රචණ්ඩත්වය හෝ වෛරය ප්‍රවර්ධනය කරන වාර්තාමය වැඩසටහනකට ඉඩ නොදේ.
  • මානව විද්‍යාත්මක අධ්‍යයනය පිළිබඳව වාර්තාමය වැඩසටහනක්: එහි විශේෂිත සමූහවල පහත් බව හෝ උසස් බව පිළිබඳව මූලධර්ම ඇතුළත් වූවද, කාලයත් සමග මූලධර්ම වෙනස් වී ඇති ආකාරය පිළිබඳව වාර්තාමය වැඩසටහනකට එය අධ්‍යාපනික බැවින් ඉඩ දෙනු ඇත. තනි පුද්ගලයෙක් හෝ සමූහයක් පහත් හෝ උපමානව යැයි අද දවසේ විද්‍යාත්මක සාක්ෂි ඇතැයි ප්‍රකාශ කරන වාර්තාමය වැඩසටහනකට ඉඩ නොදෙමු.
  • ප්‍රචණ්ඩත්වය හෝ වෛරය ප්‍රවර්ධනය නොකරන WWII වැනි සිදුවීමක ඓතිහාසික දර්ශන. 

මෙම ප්‍රතිපත්තිය වීඩියෝ, වීඩියෝ විස්තර, අදහස්, සජීවී ප්‍රවාහ සහ වෙනත් ඕනෑම YouTube නිෂ්පාදනයකට හෝ විශේෂාංගයකට අදාළ වේ. මෙම ප්‍රතිපත්ති ඔබේ අන්තර්ගතයේ ඇති බාහිර සබැඳි සඳහා ද අදාළ වන බව සලකන්න. මෙයට ක්ලික් කළ හැකි URL, වීඩියෝව තුළ වාචිකව පරිශීලකයින් වෙනත් අඩවි වෙත යොමු කිරීම, මෙන්ම වෙනත් ආකාර ඇතුළත් විය හැක. 

ද්වේෂ සහගත කථාව ඇතුළත් වන අධ්‍යාපනික, වාර්තාමය, විද්‍යාත්මක හෝ කලාත්මක අන්තර්ගතය සඳහා, මෙම සන්දර්භය වීඩියෝවේම රූප හෝ ශ්‍රව්‍ය තුළ දිස් විය යුතු ය. එය මාතෘකාව හෝ විස්තරය තුළ සැපයීම ප්‍රමාණවත් නොවේ.

මුදල් ලබා ගැනීම් සහ වෙනත් දඬුවම් 

සමහර විරල සිද්ධිවලදී, නිර්මාපකයෙක් මෙසේ කරන විට අපි අන්තර්ගතය ඉවත් කිරීමට හෝ වෙනත් දඬුවම් දීමට හැකිය:

  • අපයෝජනාත්මක ප්‍රේක්‍ෂක හැසිරීම නැවත නැවතත් පොලඹවයි.
  • බහු උඩුගත කිරීම් හරහා ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය මත පදනම්ව නැවත නැවතත් ඉලක්ක කරයි, නිග්‍රහ කරයි සහ අවභාවිත කරයි.
  • ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත සමූහයක් ප්‍රාදේශීය සමාජයීය හෝ දේශපාලන සන්දර්භය මත පදනම්ව කායික හානි අවධානම්වලට නිරාවරණය කරයි.
  • පුද්ගලික මූල්‍ය වාසි සඳහා ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත සමූහයකට එරෙහිව අඛණ්ඩව සතුරුකම උසිගැන්වීමෙන් YouTube පරිසර පද්ධතියට හානි කරන අන්තර්ගතය තනයි.

උදාහරණ

YouTube හි ඉඩ නොදෙන ද්වේෂ සහගත කථාව සඳහා උදාහරණ මෙන්න.

  • “මෙම [ප්‍රචණ්ඩ සිදුවීම] සිදුවීම ගැන මට සතුටුයි. ඔවුන්ට සිදු විය යුතු දෙය තමයි වුණේ [ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත පුද්ගලයන් අදහස් කරමින්].”
  • “[ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත පුද්ගලයන්] බල්ලෝ” හෝ “[ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත පුද්ගලයන්] සත්තු වගේ.”

තව උදාහරණ

  • “එතනට ගොස් [ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත පුද්ගලයෙක්]ට මිට මොලවා පහර දෙන්න.”
  • “[ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත සමූහ] තුළ සිටින සියලු දෙනාම අපරාධකරුවන් සහ මැරයන් වේ."
  • “[ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත පුද්ගලයෙක්] යනු පොළොවේ කුණු කන්දල්.”
  • “[ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත පුද්ගලයන්] යනු ලෙඩක්.”
  • “[ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත පුද්ගලයන්]ගේ මොලය කුඩා නිසා අපට වඩා බුද්ධිමත් බවෙන් අඩුයි.”
  • “[ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත සමූහය] අපගේ පැවැත්මට තර්ජනය කරන නිසා අපට ලැබෙන සෑම අවස්ථාවකදීම අප ඔවුන්ව ඉවත් කළ යුතු ය."
  • “[ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත සමූහය]ට ලෝකය පාලනය කිරීමට සහ අපව ඉවත් කිරීමට න්‍යාය පත්‍රයක් ඇත."
  • “[ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය] යනු සුවපත් කළ යුතු මානසික රෝග තත්ත්වයක් පමණයි."
  • “[ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත පුද්ගලයෙක්]ට කිසිසේත්ම අධ්‍යාපනය ලබා නොදිය යුතු බැවින් ඔවුන්ට පාසැල්වල අධ්‍යාපනය ලබා දිය යුතු නැත."
  • “මෙම ප්‍රචණ්ඩ සිදුවීමේ ගොදුරු වූවන් යැයි කියන සියලු දෙනා නළුවෝ ය. කිසි කෙනෙකුට පීඩාවක් වුණේ නැහැ. මේක අසත්‍ය සලකුණු කිරීමක් පමණයි.”
  • “සිදුවීමේදී පුද්ගලයන් මිය ගියා, නමුත් ඇත්තටම සැලකිය යුතු ගණනක් නොවේ.”
  • චෝදනා ලද ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය තිබේද හෝ නොතිබේද යන්න නොතකා යම් කෙනෙකුට “[ආරක්ෂිත කණ්ඩායම් තත්ත්වය සහිත පුද්ගලයන්] මහ කරදරයක්!” යැයි කියමින් කෑ ගැසීම. 
  • Video game content which has been developed or modified (“modded”) to promote violence or hatred against a group with any of the attributes noted above.

මේවා උදාහරණ පමණක් වන බව මතක තබා ගෙන, මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළ හැකි යැයි ඔබ සිතන්නේ නම් එම අන්තර්ගතයන් පළ නොකරන්න.

අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළහොත් සිදු වන දේ

ඔබේ අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළහොත්, අපි අන්තර්ගතය ඉවත් කර ඔබට දැන්වීමට ඉ-තැපෑලක් එවමු. අපට ඔබ පළ කරන සබැඳියක් ආරක්ෂිත බව සත්‍යාපනය කළ නොහැකි නම් අප සබැඳිය ඉවත් කළ හැකිය. වීඩියෝව තුළ හෝ වීඩියෝවේ පාරදත්ත තුළ පළ කරනු ලබන උල්ලංඝනාත්මක URL වීඩියෝව ඉවත් කරනු ලැබීමට හේතු විය හැකි බව සලකන්න.

ඔබ අපගේ ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පළමු අවස්ථාව මෙය නම්, ඔබට ඔබේ නාලිකාවට දඬුවමක් නොමැතිව අවවාදයක් ලැබීමට ඉඩ ඇත. අවවාදය දින 90කට පසු කල් ඉකුත් වීමට ඉඩ දීම සඳහා ප්‍රතිපත්ති පුහුණුවක් ලබා ගැනීමට ඔබට අවස්ථාව ලැබේ. කෙසේ වෙතත්, එම ප්‍රතිපත්තියම එම දින 90 කවුළුව තුළ උල්ලංඝනය කළහොත්, අවවාදය කල් ඉකුත් නොවනු ඇති අතර ඔබේ නාලිකාවට වර්ජනයක් ලබා දෙනු ඇත. පුහුණුව අවසන් කිරීමෙන් පසු ඔබ වෙනත් ප්‍රතිපත්තියක් උල්ලංඝනය කළහොත්, ඔබට තවත් අවවාදයක් ලැබෙනු ඇත.

ඔබ දින 90ක් ඇතුළත වර්ජන 3ක් ලැබුණහොත්, ඔබේ නාලිකාව අවසන් කරනු ඇත. අපගේ වර්ජන පද්ධතිය ගැන තව දැන ගන්න.

ප්‍රජා මාර්ගෝපදේශ හෝ සේවා නියම නැවත නැවතත් උල්ලංඝන කිරීම් නිසා අප ඔබේ නාලිකාව හෝ ගිණුම අවසන් කළ හැක. අපට ඔබේ නාලිකාව හෝ ගිණුම දැඩි අනිසි භාවිත සිද්ධියකින් පසුව, හෝ නාලිකාව ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් කළ බව ඔප්පු වූ විටද අවසන් කළ හැකිය. අප නැවත නැවතත් වැරදි කරන්නන් අනාගතයේදී ප්‍රතිපත්ති පුහුණුව ලබා ගැනීමෙන් වැළැක්විය හැකිය. නාලිකා හෝ ගිණුම් අවසන් කිරීම් ගැන තව දැන ගන්න.

ඔබේ අන්තර්ගතය ද්වේෂ සහගත කථාවට ආසන්න වන්නේ යැයි අප සිතන්නේ නම්, අපි එම අන්තර්ගතය සඳහා ලබා ගත හැකි YouTube විශේෂාංග සීමා කරමු. ඔබට සිමා කරන ලද විශේෂාංග පිළිබඳව මෙහිදී තව දැන ගත හැකි ය.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
5679229093670518575
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false