Creator Music නි.අ.ප්‍ර.

Creator Music දැන් YouTube හවුල්කාර වැඩසටහන (YPP) තුළ සිටින එ.ජ. නිර්මාපකයන්ට ලබා ගත හැකි ය. එ.ජ. වෙතින් බැහැර YPP නිර්මාපකයන් වෙත පුළුල් කිරීම පොරොත්තුව පවතී.
Creator Music ගැන නිර්මාපකයින් නිතර අසන ප්‍රශ්න කිහිපයක් පහත දැක්වේ. නි.අ.ප්‍ර. කාණ්ඩ 3කට බෙදනු ලැබේ:
 
 

සාමාන්‍ය නි.අ.ප්‍ර.

Creator Music යනු කුමක්ද?
Creator Music යනු, ප්‍රකාශන හිමිකම් පිලිබඳව වද වීමකින් තොරව මුදල් ඉපැයීමේ වීඩියෝවල භාවිත කළ හැකි ප්‍රධාන ධාරාවේ සංගීත නාමාවලියකි. සංගීත හිමිකම් දරන්නන් විසින් පිහිටුවන ලද භාවිත කිරීමේ නියම මත පදනම්ව Creator Music, සංගීතය භාවිත කළ හැකි ආකාර කිහිපයක්ම ලබා දේ. උදාහරණයක් වශයෙන්:
  • ඇතැම් ගීත සඳහා බලපත්‍ර ලබා ගත හැකි අතර ඉන් අදහස් වන්නේ සංගීත නිර්මාපකයින් සිය වීඩියෝ සඳහා සංගීත ඛණ්ඩ යොදා ගැනීමේදී හා වීඩියෝවේ ආදායම තබා ගන්නා විට ඒ සඳහා පූර්ව ගෙවීමක් සිදු කළ යුතු බවයි (ඇතැම් සංගීත ඛණ්ඩ සඳහා ගාස්තු අය නොකෙරේ). තව දැන ගන්න.
  • ඇතැම් ගීත ආදායම බෙදා ගත හැකි අතර ඉන් අදහස් වන්නේ නිර්මාපකයින් ඒවා සඳහා පූර්වෙ ගෙවීමක් සිදු නොකරන අතර සිය වීඩියෝ ආදායම සංගීත හිමිකම් දරන්න්නන් සමග බෙදා ගන්නා බවයි. තව දැන ගන්න.
මා Creator Music භාවිත කරන්නේ කෙසේද?

Creator Music එක YouTube Studio තුළ වෙසෙන අතර එය ඔබට ඔබේ YouTube වීඩියෝ සඳහා ගීත බ්‍රවුස් කිරීමට, පෙරදැක්මට හා බාගැනීමට අවස්ථාව සලසයි. ​​සෑම සංගීත ඛණ්ඩයකටම අදාළව ඔබට පහත දැක්වෙන භාවිත විකල්ප දිස් වනු ඇත.

  1. බලපත්‍රයක් මිලදී ගන්න: සංගීතය භාවිත කිරීම සඳහා පූර්ව ගෙවීමක් සිදු කරන්න සහ සංගීතය නොමැතිව ඔබේ අන්තර්ගතයට හිමි වන අදාායමම උපයන්න.
  2. ආදායම් බෙදාගැනීම: වීඩියෝ ආදායම සංගීත ඛණ්ඩයේ හිමිකම දරන්නන් සමග බෙදා ගන්න.
ඛණ්ඩයෙන් ඛණ්ඩය පදනම මත භාවිත විකල්ප වෙනස් විය හැක. බලපත්‍ර දීම හෝ ආදායම බෙදා ගැනීම සඳහා අදාළ නොවන සංගීත ඛණ්ඩ තවදුරටත් ඔබට පෙනෙනු ඇති බව සලකන්න. ඔබ එවැනි සංගීත ඛණ්ඩයක් භාවිත කිරීමට තෝරාගන්නේ නම්, ඔබේ වීඩියෝවට අන්තර්ගත හැඳුනුම් හිමිකම් පෑමක් හෝ ප්‍රකාශන හිමිකම් ඉවත් කිරීමේ ඉල්ලීමක් ලැබිය හැක.
ඇතැම් සංගීත ඛණ්ඩ සඳහා බාගැනීමේ පෙරදසුනක් නොපවතින්නේ ඇයි?

Currently we only allow downloading of licensable tracks from Creator Music. මේ වන විට අප අවසර ලබා දෙන්නේ Creator Music වෙතින් බලපත්‍ර ලබා ගත හැකි ශ්‍රව්‍ය ඛණ්ඩ බාගැනීම සඳහා පමණි.

ආදායම් බෙදා ගැනීමට සුදුසුකම් ලබන ශ්‍රව්‍ය ඛණ්ඩ සඳහා ඔබ Creator Music වෙතින් පරිබාහිරව අදාළ ඛණ්්ඩය බාගැනීම මූලාශ්‍රගත කිරීම අවශ්‍ය වනු ඇත.

මට මගේ සජීවී ප්‍රවාහ සඳහා Creator Music භාවිත කළ හැකිද?
මේ වන විට, සජීවි අන්තර්ගත සඳහා බලපත්‍ර දීමට Creator Music සහය නොදක්වයි.
මට තවමත් Creator Music වෙත ප්‍රවේශය නැත්තේ ඇයි?
අපි ක්‍රමක්‍රමයෙන් එක්සත් ජනපදය තුළ මෙම විශේෂාංගය YouTube හවුල්කාර වැඩසටහන වෙත යෙදවීමට කටයුතු කරන අතර පසු කාලයකදී එක්සත් ජනපදයෙන් පරිබාහිර නිර්මාපකයින් වෙත YPP පහසුකම ව්‍යාප්ත කිරීමට සැලසුම් කරන්නෙමු.
මම YPP තුළ නොමැති අතර මට Creator Music වෙත ප්‍රවේශය ලබා ගත හැකිද?
කාලයා ඇවෑමෙන් අපි Creator Music වැඩි පරිශීලක පිරිසක් වෙත ව්‍යාප්ත කිරීමට ක්‍රමානුකූලව කටයුතු කරන අතර සියලුම නිර්මාපකයින් වෙත සංගීතය ආශ්‍රිත නව විශේෂාංග ලබා දීම වෙනුවෙන්ද කටයුතු කරමින් සිටින්නෙමු. දැනට බලපත්‍ර ලබා ගත හැක්කේ YPP තුළ සිටින නිර්මාපකයින්ට පමණි.
ශ්‍රව්‍ය පුස්තකාලය යොමු වූයේ කොතැනටද?
ඔබට Creator Music සඳහා ප්‍රවේශය තිබේ නම්, ඔබේ ශ්‍රව්‍ය ඛණ්ඩ අවශ්‍යතා සියල්ලම එකම තැනකින් සොයා ගත හැකි වනු පිණිස අප විසින් YouTube ශ්‍රව්‍ය පුස්තකාල ගීත සියල්ලම එක් දැනට, මින් පෙර පැවැති ශත්ද ප්‍රයෝග පටිත්ත Genres කොටස යටතේ සොයා ගත හැක. මීට පෙර YouTube ශ්‍රව්‍ය පුස්තකාලයෙහි සුරකින ලද ගීත වෙත, Creator Musicමුල් පිටුවෙහි පහළින් ඇති ශ්‍රව්‍ය පුස්තකාලය වෙත ආපසු යන්න ක්ලික් කිරීමෙන් ප්‍රවේශ විය හැක.
මට Creator Music තුළ ගීතයක් සොයා ගත නොහැක. ඉන් කුමක් අදහස් වේද?
ඔබ බලාපොරොත්තු වන ශ්‍රව්‍ය ඛණ්ඩය Creator Music තුළ සොයා ගත නොහැකි නම් සහ එය ඔබේ වීඩියෝ සඳහා භාවිත කිරීමට ඔබට අවශ්‍ය නම්, මින් බොහෝ විට අදහස් වන්නේ එම ඛණ්ඩය බලපත්‍ර දීම හෝ ආදායම බෙදා ගැනීම සඳහා ලබා ගත නොහැකි බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබට භාවිත කිරීමට හිමිකම් නොමැති ශ්‍රව්‍ය ඛණ්ඩයක් භාවිත කිරීමට අවශ්‍ය නම්, ඔබ වෙත අන්තර්ගත හැඳුනුම් හිමිකම් පෑමක් හෝ ප්‍රකාශන හිමිකම් ඉවත් කිරීමේ ඉල්ලීමක් ලැබීමේ අවදානමක් ඇත.
මට මම භාවිත කළ ගීතයට වඩා වෙනස් ගීතයක් සඳහා අන්තර්ගත හැඳුනුම් හිමිකම් පෑමක් ලැබුණා. මට කළ හැක්කේ කුමක් ද?
ඔබට වැරදි අන්තර්ගත හැඳුනුම් හිමිකම් පෑමක් ලැබුණු බවට ඔබ විශ්වාස කරන්නේ නම්, ඔබට හිමිකම් පෑම ගැන ආරවුල ඉදිරිපත් කළ හැක.

මගේ වීඩියෝව රුසියව හෝ බෙලරුස් තුළ අවහිර කර ඇත්තේ ඇයි?

ඇතැම් සංගීත හිමිකම් දරන්නන් සිය ශ්‍රව්‍ය ඛණ්ඩ රුසියාව හා බෙලරුස් ඇතුළු ඇතැම් දේශභූමි තුළ අවහිර කිරීමට තෝරා් ගැනීමට ඉඩ ඇත.

බලපත්‍ර නි.අ.ප්‍ර.

බලපත්‍රයක් යනු කුමක්ද?
අනෙකුත් පුද්ගලයින් සතුව හිමිකම පවතින අන්තර්ගත භාවිත කිරීමට කිසියම් නෛතික අවසරයක් බලපත්‍රයක් මඟින් ලබා දේ. Creator Music සමගින් අපි, YouTube මත මෙම හිමිකම් දරන්නන් සමග අන්තර්ක්‍රිය පාවත්වන ක්‍රියාවලිය කාර්යක්‍ෂම කර ඇත්තෙමු. බලපත්‍ර දීම ගැන අපගේ උදවු මධ්‍යස්ථානය වෙතින් තව දරන ගන්න.
මා බලපත්‍රයක් වෙනුවෙන් ගෙවීම් සිදු කරන්නේ කවර විටද?
ඔබ, ඍජුවම Creator Music තුළ කල්තියා හෝ ඔබ Creator Music ඛණ්ඩයක් භාවිත කෙරෙනවීඩියෝවක් උඩුගත කරන විට බලපත්‍රයක් සඳහා මුදල් ගෙවයි. ශ්‍රව්‍ය ඛණ්ඩ සඳහා බලපත්‍ර දීම ගැන තව දැන ගන්න.
මා බලපත්‍රයක් මිල දී ගන්නේ නම් ඉන් අදහස් වන්නේ එවිට එම සංගීත ඛණ්ඩය මට අයිති බවද?
නැත, ඔබ බලපත්‍රයක් මිල දී ගැනීමෙන් අදහස් වන්නේ එම සංගීත ඛණ්ඩය ඔබට අයිති වන බව නොවේ. ඉන් අදහස් වන්නේ එම සංගීත ඛණ්ඩය භාවිත කිරීම සඳහා අවසරයක් ඔබ මිල දී ගන්නා බවයි. විශේෂයෙන්ම ඔබ සිදු කරන්නේ බලපත්‍ර නියම හා කොන්දේසිවලට යටත්ව ඔබ බලපත්‍ර ලබා ගන්නා සංගීතයක් සමග වීඩියෝවක් සමමුහූර්ත කිරීමට ඔබට ඉඩකඩ ලබා දෙන තනි-භාවිත සමමුහූර්ත කිරීමේ බලපත්‍රයක් මිල දී ගැනීමයි.
බලපත්‍ර මිල තීරණය වන්නේ කෙසේද? මිල ගණන් වෙනස් විය හැකිද?

ශ්‍රව්‍ය ඛණ්ඩවල හිමිකම් දරන සංගීත හවුල්කරුවන් බලපත්‍ර නියම හා මිල ගණන් නියම කරයි. ඇතැම් ශ්‍රව්‍ය ඛණ්ඩවල මිල නිර්මාපකයින් සියලුම දෙනාට එක සමානව පිහිටුවා ඇති අතර ඇතැම් ඒවාගේ මිල ඔබේ නාලිකාවේ විශාලත්වය මත පදනම්ව අභිරුචි කරන බව මතක තබා ගන්න.

ඔබ බලපත්‍රයක් මිල දී ගත් විට ඊට අදාළ බලපත්‍ර කාල සීමාව තුළ මිල වෙනස්වීම් ඊට බලපාන්නේ නැත.

බලපත්‍රයක මිල වෙනස් වුවහොත් එමඟින් මා ඊට පෙර සිදු කළ මිල දී ගැනීම් වෙත බලපෑම් එල්ල වේද?
බලපත්‍ර මිල වෙනස් වීම් කිසිවකින් ඔබ අතීතයේදී මිල දී ගත් බලපත්‍ර හා ඒවායෙහි භාවිතවලට බලපෑමක් එල්ල නොවේ.
මා බලපත්‍රයක් මිල දී නොගන්නා නමුදු ශ්‍රව්‍ය ඛණ්ඩය මගේ වීඩියෝව සඳහා යොදා ගතහොත් කුමක් සිදු වේද?
Creator Music තුළ ඇති ඇතැම් බලපත්‍ර ලබා ගත හැකි ගීත ආදායම බෙදා ගැනීම සඳහා ලබා ගත හැක. මින් අදහස් වන්නේ, එවැනි වීඩියෝවල ආදායම ඔබ සහ ගීතයේ හිමිකම දරන්නන් අතර බෙදී යනු ඇති බවයි.
බලපත්‍ර දීමට හෝ ආදායම බෙදා ගැනීමට ලබා ගත නොහැකි අනෙකුත් ගීත නිසා මුදල් ඉපැයීමෙන් ඔබ වළක්වාලමින් ඔබේ වීඩියෝවලට අදාළව අන්තර්ගත හැඳුනුම් හිමිකම් පෑමක් හෝ ප්‍රකාශන හිමිකම් ඉවත් කිරීමේ ඉල්ලීමක් සිදු විය හැක.
ඔබට යම් දී ඇති ශ්‍රව්‍ය ඛණ්ඩයකට අදාළ වන්නේ කවර නියමද යන්න දැක ගැනීමට Creator Music තුළ භාවිත විස්තර පරීක්‍ෂා කළ හැක.
මා බලපත්‍රයක් මිල දී ගතහොත්, එම ශ්‍රව්‍ය ඛණ්ඩය එකකට වැඩි වීඩියෝ සංඛ්‍යාවක් සඳහා මට භාවිත කළ හැකිද?
දැනට අප සහාය දක්වන්නේ තනි-භාවිත බලපත්‍ර සඳහා පමණි. මින් අදහස් වන්නේ ඔබ යම් ශ්‍රව්‍ය ඛණ්ඩයක් සඳහා බලපත්‍රයක් මිල දී ගතහොත්, ඔබට එය භාවිත කළ හැකක්කේ එක් වීඩියෝවක් සඳහා පමණක් බවයි. ඔබට එකම ශ්‍රව්‍ය ඛණ්ඩය එකකට වැඩි වීඩියෝ සංඛ්‍යාවක් සඳහා භාවිත කිරීමට අවශ්‍ය නම්, සෑම වීඩියෝවක්ම සඳහා වෙන වෙනම බලපත්‍රයක් මිල දී ගැනීමට ඔබට සිදු වේ.
මට එකකට වැඩි බලපත්‍ර ප්‍රමාණයක් ලබා ගත් ශ්‍රව්‍ය ඛණ්ඩ එකම වීඩියෝව සඳහා භාවිත කළ හැකිද?
ඔව්! වීඩියෝවකට එක් කළ හැකි බලපත්‍ර සංඛ්‍යාවට සීමාවක් නොමැත. වීඩියෝවකින් මුදල් ඉපැයීමට හැකි වීම සඳහා ඔබ ඊට අදාළ අන්තර්ගත සියල්ලෙහිම අවශ්‍ය හිමිකම් ලබා ගත යුතු බව සිතෙහි තබා ගන්න.
YouTube හැර වෙනත් වේදිකා මත Creator Music වෙතින් බලපත්‍ර ලබා ගත් ශ්‍රව්‍ය ඛණ්ඩය මට භාවිත කළ හැකිද?
වෙතින් ශ්‍රව්‍ය ඛණ්ඩයක් සඳහා බලපත්‍ර ලබා ගන්නේ නම්, එය භාවිත කළ හැක්කේ YouTube වෙත උඩුගත කරන වීඩියෝ සඳහා පමණි. Creator Music භාවිත විස්තර ගැන තව දැන ගන්න.
බලපත්‍රය කල් ඉකුත් වූ පසුව වීඩියෝවකට කුමක් සිදු වේද?
ඔබට ඔබේ බලපත්‍රය අළුත් කළ හැකි වනු ඇත. ඔබ බලපත්‍රයක් අළුත් නොකළහොත් සංගීතයේ භාවිත නියම ආපසු ආදායම බෙදා ගැනීමේ නියම දක්වා වෙනස් වනු ඇත (ශ්‍රව්‍ය ඛණ්ඩය ආදායම බෙදා ගැනීමට සුදුසුකම් ලබන්නේ නම්).
එසේ නොවුණහොත් වීඩියෝ ඇති ශ්‍රව්‍ය ඛණ්ඩය සඳහා බලපත්‍ර ලබා නොමැති හෝ බෙදා ගැනීම නොමැති විට අන්තර්ගත හැඳුනුම් හිමිකම් පෑමක් හෝ ප්‍රකාශන හිමිකම් ඉවත් කිරීමේ ඉල්ලීමකට ලක් වීමේ අවදානමක් ඇති නිසා ඔබේ වීඩියොවට අදාළව මුදල් ඉපැයීමේ හෝ දෘශ්‍යතා සීමා පැනවිය හැක.
මා විසින් මිල දී ගන්නා ලද බලපත්‍රයක් සඳහා මුදල් ආපසු ගෙවීමක් ඉල්ලිය හැක්කේ කෙසේද?

ඔබට Creator Music බලපත්‍රයක් වෙනුවෙන් ඍජුවම YouTube Studio තුළ Creator Music පුස්තකාල පිටුවෙන් මුදල් ආපසු ගෙවීමක් ඉල්ලා සිටිය හැක. මුදල් ආපසු ගෙවීමක් ඉල්ලා සිටීම සඳහා:

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන්, Creator Music තෝරන්න.
  3. ඔබේ පුස්තකාලය පටිත්ත තෝරන්න
  4. ඔබට මුදල් ආපසු ගෙවීමක් අවශ්‍ය වන බලපත්‍රය සහිත ශ්‍රව්‍ය ඛණ්ඩය සොයා ගන්න.
    • (විකල්ප) ඔබේ බලපත්‍රලාභී ශ්‍රව්‍ය ඛණ්ඩ පමණක් දැක ගැනීම සඳහා පිටුවේ ඉහළින් ඇති බලපත්‍රලාභී ක්ලික් කරන්න.
  5. ශව්‍ය ඛණ්ඩයේ පේළිය තුළ, "වැඩිදුර ක්‍රියා" '' ඉන් අනතුරුව මුදල් ආපසු ගෙවීම ඉල්ලන්න ක්ලික් කරන්න.
  6. මුදල් ආපසු ගෙවීම ඉල්ලීමේ පෝරමය පුරවන්න.

ඔබේ ආපසු ගෙවීම් ඉල්ලීම් පෝරමය ඉදිරිපත් කළ පසු, ඉල්ලීම Creator Music ආපසු ගෙවීම් ප්‍රතිපත්තිය යටතේ සුදුසුකම් ලබන්නේ නම් අප සහය කණ්ඩායම ඔබ වෙනුවෙන් ආපසු ගෙවීමක් සැකසුම් කරයි. මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීම සඳහා, Creator Music සේවා නියමවල "අවලංගු කිරීම සහ මුදල් ආපසු ගෙවීම" වෙත යන්න.

ආදායම බෙදා ගැනීම් නි.අ.ප්‍ර.

ආදායම බෙදා ගැනීමට මා සුදුසුකම් ලබන්නේ කවර විටද?
  • ශ්‍රව්‍ය ඛණ්ඩයට අසළින් ඔබට ආදායම බෙදා ගන්න නිරූපකය දිස් වන විට
    • ඕනෑම කාලයක වීඩියෝවක් තුළ ශ්‍රව්‍ය ඛණ්ඩයේ අවශ්‍ය තරම් ඔබට භාවිත කළ හැක.
  • ශ්‍රව්‍ය ඛණ්ඩයක් සඳහා බලපත්‍ර ලබා ගත හැකි නමුදු ඔබට බලපත්‍රයක් මිල දී ගැනීමට අවශ්‍ය නොවේ නම්
    • ඔබ ශ්‍රව්‍ය ඛණ්ඩය භාවිත කිරීම මිනිත්තු 3කට වඩා දිග වීඩියෝවක තත්ත්පර 30කට වඩා අඩු.
ආදායම් කොටස් බෙදීම යනු කුමක්ද?

Creator Music සමග, දිගු ආකෘති වීඩියෝවක් ආදායම් බෙදා ගැනීම සඳහා සුදුසුකම් ඇති ඛණ්ඩ භාවිත කරන්නේ නම්, පහත උදාහරණවල පෙන්වා ඇති පරිදි සංගීත හිමිකම් හිස් කිරීමේ පිරිවැය ආවරණ කිරීමට සම්මත 55% ආදායම් කොටස සකස් කරනු ලැබේ. මෙය රඳා පවතින්නේ:

  • භාවිත කරන ලද ශ්‍රව්‍ය ඛණ්ඩ ගණන: නිර්මාණකරුවෙකු තම වීඩියෝව තුළ සුදුසුකම් ලත් ආදායම් බෙදා ගැනීමේ ශ්‍රව්‍ය ඛණ්ඩ කීයක් භාවිත කරන්නේද යන්න (පහත උදාහරණ බලන්න).
  • අමතර සංගීත හිමිකම් පිරිවැය: කාර්යසාධන හිමිකම් වැනි අතිරේක සංගීත හිමිකම් පිරිවැය ආවරණ කිරීමට අඩු කිරීම. මෙම අඩු කිරීම 5% දක්වා විය හැකි අතර ආදායම් බෙදා ගැනීම සඳහා සුදුසුකම් ඇති Creator Music ඛණ්ඩ හරහා මෙම අතිරේක සංගීත අයිතිවාසිකම්වල මිශ්‍ර පිරිවැය පිළිබිඹු කරයි.
ආදායම් කොටස් ගණන් කිරීමේ උදාහරණ

උදාහරණය: 1 ආදායම බෙදා ගැනීමේ ශ්‍රව්‍ය ඛණ්ඩයක් භාවිත කිරීම

උදාහරණය: නිර්මාණකරු තම දිගු ආකෘති වීඩියෝව තුළ 1 ආදායම බෙදා ගැනීමේ ශ්‍රව්‍ය ඛණ්ඩයක් භාවිත කරන අතර සම්මත 55% ආදායම් කොටසින් (27.5%) අඩක් උපයයි. උදාහරණය ලෙස, අතිරේක සංගීත හිමිකම් පිරිවැය සඳහා අඩු කිරීම 2.5% විය හැක.

මෙම වීඩියෝව සඳහා, නිර්මාණකරු මුළු ආදායමින් 25% ක් (27.5% - 2.5%) උපයයි.

 
උදාහරණය: 1 ආදායම් බෙදා ගැනීමේ ශ්‍රව්‍ය ඛණ්ඩයක් භාවිත කිරීම
උදාහරණය ආදායම බෙදා ගැනීම: 55% ÷ 2 27.5%
උදාහරණය අතිරේක සංගීත හිමිකම් පිරිවැය - 2.5%
උදාහරණය මුළු ආදායම 25%

උදාහරණය: ආදායම බෙදා ගැනීමේ මාර්ග 2 ක් සහ 1 බලපත්‍රලාභී ශ්‍රව්‍ය ඛණ්ඩයක් භාවිත කිරීම

උදාහරණය: නිර්මාණකරු තම දිගු ආකෘති වීඩියෝ තුළ ආදායම බෙදා ගැනීමේ ශ්‍රව්‍ය ඛණ්ඩ 2 ක් සහ 1 බලපත්‍රලාභී ඛණ්ඩයක් භාවිත කරන අතර සම්මත 55% ක ආදායම් කොටසින් (18.33%) 1/3 ක් උපයයි. උදාහරණය ලෙස, අතිරේක සංගීත හිමිකම් පිරිවැය සඳහා අඩු කිරීම 2% විය හැක.

මෙම වීඩියෝව සඳහා, නිර්මාණකරු මුළු ආදායමින් 16.33% (18.33% - 2%) උපයයි.

 
උදාහරණය: ආදායම බෙදා ගැනීමේ මාර්ග 2 ක් සහ 1 බලපත්‍රලාභී ශ්‍රව්‍ය ඛණ්ඩයක් භාවිත කිරීම
උදාහරණය ආදායම බෙදා ගැනීම: 55% ÷ 3 18.33%
උදාහරණය අතිරේක සංගීත හිමිකම් පිරිවැය - 2.5%
උදාහරණය මුළු ආදායම 15.83%
මගේ වීඩියෝව ආදායම බෙදා නොගන්නේ ඇයි?
ඔබේ වීඩියෝව ආදායම බෙදා නොගැනීමට බලපාන හේතු කිහිපයක් තිබිය හැක:
  • ඔබේ වීඩියෝවෙහි අන්තර්ගත ID මඟින් ආදායම බෙදා ගැනීමට සුදුසුකම් ලබන ශ්‍රව්‍ය ඛණ්ඩය හඳුනා නොගැනීම. ශ්‍රව්‍ය ඛණ්ඩය පසුව ආදායම බෙදා ගැනීමට සුදුසුකම් ලබා ඇති බවට අන්තර්ගත ID මඟින් හඳුනාගතහොත්, එම කාලයේදී ඔබේ වීඩියෝව ආදායම බෙදා ගැනීම සඳහා සබල වනු ඇත.
  • ඔබ වීඩියෝව උඩුගත කළ මොහොතට පසුව හිමිකම් දරන්නා(දරන්නන්) විසින් ශ්‍රව්‍ය ඛණ්ඩය සඳහා ආදායම බෙදා ගැනීම අබල කර තිබිය හැක.
  • බලපත්‍රයක් මිල දී ගැනීමට හැකිව පැවතිය හැකි නමුදු මිනිත්තු 3කට වඩා දිගු වීඩියෝවක ඔබට භාවිත කළ හැකි ශ්‍රව්‍ය ඛණ්ඩය තත්ත්පර 30කට අඩු වේ.
  • ඔබේ වීඩියෝව සතුව, ආදායම බෙදා ගැනීමට සුදුසුකම් නොලබන වෙනත් තුන් වන පාර්ශ්ව අන්තර්ගතයකට අදාළ අන්තර්ගත හැඳුනුම් හිමිකම් පෑමක් පවතිය. අන්තර්ගත හැඳුනුම් හිමිකම් පෑමක් විසඳා ගැනීම සඳහා වන ඔබේ විකල්ප ගැන දැන ගන්න.
මා විසින් දැනටමත් උඩුගත කර ඇති වීඩියෝ ආදායම බෙදා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නේද?
නැත, බලපත්‍ර/ආදායම බෙදා ගැනීම අදාළ වන්නේ Creator Music වෙත ඔබ ප්‍රවේශය ලබා ගැනීමෙන් පසුව පළ කරන ලද වීඩියෝවලට පමණි. එය අනිත් අතට අදාළ නොවනු ඇත.
Creator Music ආදායම බෙදා ගැනීම කෙටි වීඩියෝවලින් ආදායම බෙදා ගැනීමෙන් වෙනස් වන්නේද?
ඔවු, ඒවා වෙනස්ය. කෙටි වීඩියෝ ආදායම බෙදා ගැනීම මඟින් නිර්මාපකයින්ට ඔවුන් උඩුගත කරන කෙටි වීඩියෝ සඳහා ආදායම් බෙදාගැනීමෙන් %ක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ. දීර්ඝ වීඩියෝ සඳහා සුදුසුකම් ලබන සංගීත ඛණ්ඩ භාවිත කරන විට Creator Musicආදායම බෙදා ගැනීම නිර්මාපකයින්ට සංගීත හිමිකම් දරන්නන් සමග ආදායම බෙදා ගැනීමට අවස්ථාව උදා කරයි.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
13604350791267921146
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false