ඔබේ Google දත්ත බා ගන්නා ආකාරය

වැදගත්: ඔබ ඔබේ Google දත්ත බා ගන්නේ නම්, එය Google හි සේවාදායකවලින් මකනු ලබන්න‌ේ නැත. ඔබේ ගිණුම මකන ආාකරය හෝ ඔබේ ක්‍රියාකාරකම මකන ආකාරය දැන ගන්න.

ඔබට ඔබ භාවිත කරන Google නිෂ්පාදන සඳහා ඔබේ දත්ත නිර්යාත කිරීම සහ බා ගැනීම හැකි ය, උදාහරණය වශයෙන්:

  • ඉ-තැපෑල
  • ලේඛන
  • දිනදර්ශනය
  • ඡායාරූප
  • YouTube වීඩියෝ (ඉඟිය: ඔබට ඔබේ YouTube වීඩියෝවලින් සමහරක් සොයා ගත නොහැකි නම්, ඔබට සන්නම් ගිණුමක් තිබේද පරීක්‍ෂා කරන්න. ඔබට සන්නම් ගිණුමක් තිබේ නම්, ඔබට ගිණුම් මාරු කිරීමට අවශ්‍ය වේවි.)
  • ලියාපදිංචිය සහ ගිණුම් ක්‍රියාකාරකම

ඔබේ සටහන් සඳහා තබා ගැනීමට හෝ වෙනත් සේවයක් තුළ ඔබේ දත්ත භාවිත කිරීමට, ඔබට සංරක්‍ෂණයක් සෑදිය හැක.

වැදගත්: ඔබේ ක්‍රියා අවදානම් සහිත බව පෙනෙන්නේ නම්, ඔබේ ගිණුම ආරක්‍ෂා කිරීමට, ඔබේ ක්‍රියා ප්‍රමාද කරනු ලැබේවි හෝ නොතිබේවි.

1 වෙනි පියවර: ඔබේ බා ගැනීම් සංරක්‍ෂණයට ඇතුළු කිරීමට දත්ත තෝරන්න

  1. ඔබේ Google ගිණුමට පුරන්න.
  2. Google Takeout පිටුවට යන්න. ඔබ ප්‍රයෝජන කරන සහ ඔබේ දත්ත රඳවා ගන්නා Google නිෂ්පාදන ස්වයංක්‍රීයව තෝරනු ලැබේ.
    • ඔබට නිෂ්පාදනයකින් දත්ත බා ගැනීමට අවශ්‍ය නැති නම්, එය ළඟින් ඇති කොටුව නොසලකුණු කරන්න.
    • ඔබට නිෂ්පාදනයකින් ඔබේ දත්ත කිහිපයක් පමණක් බා ගැනීමට අවශ්‍ය නම්, ඔබට සියලු ම දත්ත ඇතුළත් List වැනි බොත්තමක් තේරීමේ විකල්පය තිබේවි. පසුව, ඔබට ඇතුළත් කිරීමට අවශ්‍ය නැති දත්ත යාබදව ඇති කොටුව නොසලකුණු කළ හැක.
  3. ඊළඟ පියවර තෝරන්න.
වැදගත්: ඔබේ දත් ගොනුවට ඔබ බා ගැනීමක් ඉල්ලන අවස්ථාව සහ ඔබ ඔබේ සංරක්‍ෂණය සාදන අවස්ථාව අතර ඔබේ දත්ත වෙත කරන ලද වෙනස්කම් ඇතුළු නොවේවි. ඇතුළු නොවිය හැකි දත්ත කුමක්ද ගැන තව දැන ගන්න.

2 වෙනි පියවර: ඔබේ සංරක්‍ෂණ ආකෘතිය අභිරුචි කරන්න

බෙදා හැරීමේ ක්‍රමය**

බා ගැනීමේ සබැඳිය ඉ-තැපෑල හරහා එවන්න

අපි ඔබට ඔබේ Google දත්ත සංරක්‍ෂණය බා ගැනීමට සබැඳියක් ඉ-තැපැල් කරමු.

  1. "බෙදා හැරීමේ ක්‍රමය" සඳහා, බා ගැනීම් සබැඳිය ඉ-තැපෑල හරහා එවන්න තෝරන්න.
  2. නිර්යාතය සාදන්න තෝරන්න.
  3. ලැබෙන ඉ-තැපෑල තුළ, සංරක්‍ෂණය බා ගන්න තෝරන්න.
  4. ඔබේ Google දත්ත බා ගැනීමට, තිරය මත පියවර අනුගමන කරන්න.
Drive වෙත එක් කරන්න

අපි ඔබේ සංරක්‍ෂණය Google Drive වෙත එක් කර ඔබට එහි ස්ථානයට සබැඳියක් ඉ-තැපැල් කරමු. ඔබේ දත්ත ඔබේ ආචයනය කරා ගණන් කරනු ලැබේ.

  1. "බෙදා හැරීමේ ක්‍රමය" සඳහා, Drive වෙත එක් කරන්න තෝරන්න.
  2. නිර්යාතය සාදන්න තෝරන්න.
  3. ලැබෙන ඉ-තැපෑල තුළ, Drive තුළ බලන්න තෝරන්න. ඔබ නිෂ්පාදනයට අනුව ඔබේ දත්ත සංවිධාන කරන ලද ෆෝල්ඩරයක් දකියි.
  4. ඔබේ දත්ත බා ගැනීමට, තිරයේ ඉහළින්, බා ගන්න Download තෝරන්න.
Dropbox වෙත එක් කරන්න

අපි ඔබේ සංරක්‍ෂණය Dropbox වෙත උඩුගත කර ඔබට එහි ස්ථානය ඉ-තැපැල් කරමු.

  1. "බෙදා හැරීමේ ක්‍රමය" සඳහා, Dropbox වෙත එක් කරන්න තෝරන්න.
  2. ගිණුම් සම්බන්‍ධ කරන්න තෝරා නිර්යාතයක් සාදන්න.
  3. ඔබ Dropbox වෙත යොමු කරනු ලැබේ. ප්‍රේරණ කරනු ලබන්නේ නම් ඔබේ Dropbox ගිණුමට පුරන්න.
  4. ඔබේ Dropbox තුළ ඔබේ දත්තවල Google බා ගැනීමට එහි "යෙදුම්" ෆෝල්ඩරය වෙත ප්‍රවේශ විය හැකිද අසන Dropbox කවුළුව තුළ, ඉඩ දෙන්න තෝරන්න.
  5. ඔබේ දත්ත පුද්ගලිකව තබා ගැනීමට, ඔබ මෙම Dropbox ෆෝල්ඩරය වෙන කිසිවෙක් සමග බෙදා නොගැනීම තහවුරු කර ගන්න.
  6. ලැබෙන ඉ-තැපෑල තුළ, Dropbox තුළ බලන්න තෝරන්න. ඔබ ඔබේ සංරක්‍ෂණය ඇති Dropbox ෆෝල්ඩරයට ගෙන යනු ලැබේ.
  7. ඔබේ දත්ත බා ගැනීමට, ගොනු බා ගැනීම් සඳහා වන Dropbox හි ක්‍රියාවලිය පිළිපදින්න.
සටහන: ඔබ උසස් ආරක්‍ෂණ වැඩසටහනට ලියාපදිංචි වී තිබේ නම්, අනාගතයේදී ඔබේ සංරක්‍ෂණය දින දෙකකට කාලසටහන් කරනු ලැබේ.
Microsoft OneDrive වෙත එක් කරන්න

අපි ඔබේ සංරක්‍ෂණය Microsoft OneDrive වෙත උඩුගත කර ඔබට එහි ස්ථානය ඉ-තැපැල් කරමු.

  1. "බෙදා හැරීමේ ක්‍රමය" සඳහා, OneDrive වෙත එක් කරන්න තෝරන්න.
  2. ගිණුම් සම්බන්‍ධ කරන්න තෝරා නිර්යාතයක් සාදන්න.
  3. ඔබ Microsoft වෙත යොමු කරනු ලැබේ. ප්‍රේරණ කරනු ලබන්නේ නම් ඔබේ Microsoft ගිණුමට පුරන්න.
  4. ඔබේ දත්තවල Google බා ගැනීමට ඔබේ තොරතුරු වෙත ප්‍රවේශ විය හැකිද අසන Microsoft කවුළුව තුළ, ඔව් තෝරන්න.
  5. ඔබේ දත්ත පුද්ගලිකව තබා ගැනීමට, ඔබ මෙම OneDrive ෆෝල්ඩරය වෙන කිසිවෙක් සමග බෙදා නොගැනීම තහවුරු කර ගන්න.
  6. ලැබෙන ඉ-තැපෑල තුළ, OneDrive තුළ බලන්න තෝරන්න. ඔබ ඔබේ සංරක්‍ෂණය ඇති OneDrive ෆෝල්ඩරයට ගෙන යනු ලැබේ.
  7. ඔබේ දත්ත බා ගැනීමට, ගොනු බා ගැනීම් සඳහා වන OneDrive හි ක්‍රියාවලිය පිළිපදින්න.

සටහන්

  • ඔබ මෙම පියවර අනුගමන කළ පසු, ඔබේ Microsoft OneDrive ආරක්‍ෂක සහ පෞද්ගලිකත්ව සැකසීම් තුළ ඔබේ සමහර තොරතුරුවලට ප්‍රවේශ විය හැකි යෙදුමක් ලෙස ඔබේ දත්තවල Google බා ගැනීම දිස් වෙයි. ඔබට ඕනෑම වේලාවකදී Google හි ප්‍රවේශය ඉවත් කළ හැක. (ඔබ අනාගතයේදී OneDrive වෙත දත්ත නිර්යාත කරන්නේ නම්, ඔබ Google හට නැවත ප්‍රවේශය දීමට අවශ්‍ය වෙයි.)
  • ඔබේ සංරක්‍ෂණය Microsoft OneDrive වෙත ළඟා වූ විට, Google තවදුරටත් එයට වගකීම නොදැයි. ඔබේ සංරක්‍ෂණය Microsoft හි නියම සහ ප්‍රතිපත්ති, උදා: Microsoft සේවා ගිවිසුම මගින් පාලන කරනු ලැබේ.
Box වෙත එක් කරන්න

අපි ඔබේ සංරක්‍ෂණය Box වෙත උඩුගත කර ඔබට එහි ස්ථානය ඉ-තැපැල් කරමු.

  1. "බෙදා හැරීමේ ක්‍රමය" සඳහා, Box වෙත එක් කරන්න තෝරන්න.
  2. ගිණුම් සම්බන්‍ධ කරන්න තෝරා නිර්යාතයක් සාදන්න.
  3. ඔබ Box වෙත යොමු කරනු ලැබේ. ප්‍රේරණ කරනු ලබන්නේ නම් ඔබේ Box ගිණුමට පුරන්න.
  4. ඔබේ දත්තවල Google බා ගැනීමට ඔබේ තොරතුරු වෙත ප්‍රවේශ විය හැකිද අසන Box කවුළුව තුළ, Box වෙත ප්‍රවේශය දෙන්න තෝරන්න.
  5. ඔබේ දත්ත පුද්ගලිකව තබා ගැනීමට, ඔබ මෙම Box ෆෝල්ඩරය වෙන කිසිවෙක් සමග බෙදා නොගැනීම තහවුරු කර ගන්න. ඔබ ව්‍යවසාය ගිණුමකට නිර්යාත කරන්නේ නම්, බෙදා ගැනීමේ සබැඳියක් සාදා නැති වූවත් පරිපාලකයාට ඔබේ දත්ත බැලීමට හැකි වෙයි.
  6. ලැබෙන ඉ-තැපෑල තුළ, Box තුළ බලන්න තෝරන්න. ඔබ ඔබේ සංරක්‍ෂණය ඇති Box ෆෝල්ඩරයට ගෙන යනු ලැබේ.
  7. ඔබේ දත්ත බා ගැනීමට, ගොනු බා ගැනීම් සඳහා වන Box හි ක්‍රියාවලිය පිළිපදින්න.

සටහන්

  • ඔබ මෙම පියවර අනුගමන කළ පසු, ඔබේ සම්බන්‍ධිත යෙදුම් තුළ ඔබේ සමහර තොරතුරුවලට ප්‍රවේශ විය හැකි යෙදුමක් ලෙස ඔබේ දත්තවල Google බා ගැනීම දිස් වෙයි. ඔබට ඕනෑම වේලාවකදී Google හි ප්‍රවේශය ඉවත් කළ හැක. (ඔබ අනාගතයේදී Box වෙත දත්ත නිර්යාත කරන්නේ නම්, ඔබ Google හට නැවත ප්‍රවේශය දීමට අවශ්‍ය වෙයි.)
  • ඔබේ Box ගිණුමේ උපරිම ගොනු උඩුගත ප්‍රමාණය කුඩා නම් ඔබේ තේරූ උපරිම සංරක්‍ෂණ ප්‍රමාණය අඩු වෙයි. ඔබේ Box ගිණුමේ උපරිම ගොනු උඩුගත ප්‍රමාණයට වඩා විශාල ඔබේ සංරක්‍ෂණවල ඇති ගොනු Box වෙත නිර්යාත නොකරනු ලැබේ.
  • ඔබේ සංරක්‍ෂණය Box වෙත ළඟා වූ විට, Google තවදුරටත් එයට වගකීම නොදරයි. ඔබේ සංරක්‍ෂණය Box හි නියම සහ ප්‍රතිපත්ති, උදා: Box සේවා නියම මගින් පාලන කරනු ලැබේ.

නිර්යාත වර්ගය

එක් වරක සංරක්‍ෂණය

ඔබේ තෝරන ලද දත්තවල තනි සංරක්‍ෂණයක් සාදන්න.

සටහන: ඔබ උසස් ආරක්‍ෂණ වැඩසටහනට ලියාපදිංචි වී තිබේ නම්, අනාගතයේදී ඔබේ සංරක්‍ෂණය දින දෙකකට කාලසටහන් කරනු ලැබේ.

කාලසටහන් කළ නිර්යාත

වසරක් සඳහා සෑම මාස 2කින්ම ඔබේ තෝරන ලද දත්තවල සංරක්‍ෂණයක් ස්වයංක්‍රීයව සාදන්න. පළමු සංරක්‍ෂණය වහාම සාදනු ලැබේ.

සටහන: ඔබ උසස් ආරක්‍ෂණ වැඩසටහනට ලියාපදිංචි වී තිබේ නම්, කාලසටහන් කළ නිර්යාත නොලැබේ.

ගොනු වර්ගය

Zip ගොනු

මෙම ගොනු ඕනෑම පරිගණකයකින්ම වාගේ විවෘත කළ හැක.

Tgz ගොනු

ඔබට Windows මත මෙම ගොනු විවෘත කිරීමට අමතර මෘදුකාංග අවශ්‍ය වේවි.

සංරක්‍ෂණයේ තරම

ඔබට සෑදීමට අවශ්‍ය සංරක්‍ෂණයේ උපරිම තරම තෝරන්න. ඔබ බා ගන්නා දත්ත මෙම ප්‍රමාණයට වඩා විශාල නම්, බහු සංරක්‍ෂණ සාදනු ලැබේ.

3 වෙනි පියවර: ඔබේ Google දත්ත සංරක්‍ෂණය ලබා ගන්න

ඔබේ සංරක්‍ෂණය මෙම විකල්පවලින් එකක් භාවිත කර සාදනු ලබන විට, අපි ඔබට එහි ස්ථානයට සබැඳියක් ඉ-තැපැල් කරමු. ඔබේ ගිණුම තුළ ඇති තොරතුරු ප්‍රමාණය මත පදනම්ව, මෙම ක්‍රියාවලියට විනාඩි කිහිපයක සිට දින කිහිපයක් දක්වා ගත විය හැක. බොහෝ අයට ඔවුන්ගේ සංරක්‍ෂණයට සබැඳිය ඔවුන් ඉල්ලන දිනයේම ලැබේ.

සටහන: ඔබ උසස් ආරක්‍ෂණ වැඩසටහනට ලියාපදිංචි වී තිබේ නම්, අනාගතයේදී ඔබේ සංරක්‍ෂණය දින දෙකකට කාලසටහන් කරනු ලැබේ.

ඔබ මකා ඇති දත්ත

ඔබ දත්ත මකන විට, එය ඔබේ ගිණුමෙන් ආරක්‍ෂිතව සහ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අපි Google පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය තුළ විස්තර කෙරෙන ක්‍රියාවලිය අනුගමන කරමු. පළමුව, මකන ලද ක්‍රියාකාරකම වහාම දසුවෙන් ඉවත් කෙරෙන අතර තවදුරටත් ඔබේ Google අත්දැකීම පුද්ගලායන නොකරයි. පසුව අපි අපේ ආයචන පද්ධතිවලින් දත්ත ආරක්‍ෂිතව සහ සම්පූර්ණයෙන් මැකීමට සැලසුම් කරන ලද ක්‍රියාවලියක් පටන් ගන්නෙමු.

තවමත් මකනු ලබන ක්‍රියාවලියේ ඇති මගේ ක්‍රියාකාරකමින් ලැබෙන අයිතම, ඡායාරූප, හෝ ලේඛන වැනිත දත්ත ඔබේ සංරක්‍ෂණයට ඇතුළු නොකෙරේ.

වැදගත්: ඔබ සොයන තොරතුරු මෙම මෙවලම් මගින් නොලැබෙන්නේ නම්, අපේ පෞද්ගලිකත්ව උදවු මධ්‍යස්ථානයට පැමිණෙන්න, එතැනින් ඔබට අපි එකතු කරන තොරතුරු කුමක්ද, අපි එය එකතු කිරීමට හේතුව, සහ ඔබට ඔබේ තොරතුරු යාවත්කාලීන කිරීමට, කළමනා කිරීමට, නිර්යාත කිරීමට, සහ මැකීමට හැකි ආකාරය දැන ගත හැක. තොරතුරු අපේ ආචයන පද්ධතිවලින් මකා තිබේ නම් එය ප්‍රතිසාධන කළ හැකි වීමට ඉඩ නැත.

පොදු ප්‍රශ්න

අපේ පෞද්ගලිකත්ව උදවු මධ්‍යස්ථානයට යොමු වන්න, එතැනින් ඔබට අපි එකතු කරන තොරතුරු කුමක්ද, අපි එය එකතු කිරීමේ හේතුව, සහ ඔබට ඔබේ තොරතුරු යාවත්කාලීන කිරීමට, කළමනා කිරීමට, නිර්යාත කිරීමට, සහ මැකීමට හැකි ආකාරය දැන ගත හැක.

If the info you are looking for is not available via the tools mentioned above, submit a data access request and specify:

  • The categories of personal info you're seeking;
  • The products or services to which the data relates;
  • Any approximate dates when you think the data may have been collected by Google.

You’ll need to sign in to your Google Account to complete the form.

Important: You can also call our toll-free number, 855-548-2777. Our representatives can answer many of your questions and help you fill out the form to ensure we are providing information to the account owner.

මගේ නිර්යාත කළ Takeout දත්ත සොයා ගන්නේ කෙසේ ද?

ඔබේ දත්ත නිර්යාත ඉල්ලීම සම්පූර්ණ වූ පසු, ඔබේ දත්ත ඇති ෆෝල්ඩරය වෙත සබැඳියක් අඩංගු ඉ-තැපැල් දැනුම්දීමක් ඔබට ලැබෙනු ඇත.

ඔබ “බාගැනීම් සබැඳිය ඉ-තැපෑල හරහා යවන්න” තේරුවහොත්, ඔබේ දත්ත බාගැනීමට Google Takeout හි ඔබේ දත්ත අඩංගු ෆෝල්ඩරය වෙත ඔබව හරවා යවනු ලැබේ.

එසේ නැත්නම්, එය ඔබ තෝරන ලද ක්ලවුඩ් ගමනාන්තයේ (Drive, Dropbox, Box, OneDrive) ඔබේ දත්ත අඩංගු ෆෝල්ඩරයේ ස්ථානයට ඔබව සම්බන්ධ වනු ඇත.

මගේ දත්ත සඳහා මා තෝරා ගත යුත්තේ කුමන ආකෘතිය ද?
ඔබ තෝරා ගත යුතු ආකෘතිය තීරණ කිරීම සේවය, දත්ත වර්ගය, සහ ඔබ අදහස් කරන එහි භාවිතය මත පදනම් වෙයි. අපි තෝරා ගෙන ඇත්තේ අපි ඉතාම ප්‍රයෝජනවත් සහ සුවහ ලෙස විශ්වාස කරන වර්ග වෙයි. උදාහරණය වශයෙන්, අපි සම්බන්‍ධතා vCard ලෙස නිර්යාත කරන්නෙමු, එය ඉ-තැපැල් සපයන්නන් සඳහා ඉතා පොදු ආකෘතියකි. අපි සාමාන්‍යයෙන් ඔබේ නිශ්චිත අවශ්‍යතාවලට ගැළපීමට අමතර විකල්ප ද දෙමු.
මට මගේ දත්ත බා ගත නොහැකි නම් කෙසේද?
ඔබට ඔබේ දත්ත බා ගැනීමට නොහැකි නම්, නිර්යාත කිරීමට අඩුවෙන් නිෂ්පාදන ගොනු තෝරා ගැනීමට සහ/හෝ නිෂ්පාදනය ඇතුළත පතන විකල්පවලින් කුඩා සංරක්‍ෂිත දත්ත ප්‍රමාණයක් ඉල්ලීමට උත්සාහ කරන්න. අමතරව, Box හෝ Storage වැනි තෙවන පාර්ශ්ව ආචයනය අඩවියකට නිර්යාත කිරීමට උත්සාහ කරන්න.
මට යම් ගොනු ආකෘති විවෘත කළ නොහැකි නම් කෙසේද?
HTML ගොනු ඕනෑම සම්මත බ්‍රවුසරයකින් විවෘත කළ හැක; CSV සහ JSON ගොනු TextEdit මෘදුකාංග, කර්මාන්ත ප්‍රමිත එන ලිපි හෝ ICS විශේෂිත සේවය තුළ විවෘත කළ හැක.
දත්ත නිර්යාත කරන විට සියලු දත්ත නිර්යාත කිරීමට එරෙහිව කාල පරිච්ඡේදයක් තෝරා ගැනීමට හැකිද?
මේ අවස්ථාවේදී, අපි දැනට නිශ්චිත කාලරාමු සඳහා දත්ත නිර්යාත කිරීමට සහය නොදක්වන්නෙමු.
මම මගේ දත්ත ගබඩා කළ යුත්තේ කොතැනද?

ඔබට ඕනෑම ආරක්‍ෂිත සහ එයට ප්‍රමාණවත් ඉඩ ඇති තැනකට ඔබේ දත්ත ගබඩා කළ හැක. බොහෝ අවස්ථාවලදී, එය ඔබේ පරිගණකයට ඍජුව බා ගැනීමට ඉතාම පහසු වෙයි.

ඔබ පොදු පරිගණකයක් භාවිත කරන්නේ නම්, එය Google Drive හෝ ඔබ පමණක් පරිශීලකයා වන විකල්ප ආචයන තැනක් තුළ ගබඩා කරන්න.

සටහන: ඔබ Google Drive භාවිත කරන අතර ඔබේ Google ගිණුම මැකීමට සැලසුම් කරන්නේ නම්, ඔබේ ගිණුම මැකීමට පෙර ඔබට ඔබේ සංරක්‍ෂණය වෙනත් ගබඩා ඉඩකට ගෙන යාමට සිදු වෙයි.

තෙවන පාර්ශ්ව යෙදුමක් හෝ වෙබ් අඩවියක් සමග මගේ නිර්යාත Takeout දත්ත බෙදා ගන්නේ කෙසේ ද?

ඔබ ඔබේ උපාංගයට ඔබේ දත්ත බාගත කළේ නම්, ඔබට එම තෙවන පාර්ශ්වයේ ප්‍රවේශ ස්ථානය භාවිතයෙන් එය තෙවන පාර්ශ්වීය යෙදුමක් හෝ වෙබ් අඩවියක් සමග කෙළින්ම බෙදා ගත හැක.  මෙම ප්‍රවේශ ස්ථානයට ඔබට දත්ත කෙළින්ම උඩුගත කළ හැකි වන ඉ-තැපැල් ලිපිනයක් හෝ තෙවන පාර්ශ්වීය යෙදුමක් හෝ වෙබ් අඩවියේ අභිරුචි ගොඩනගා ඇති උඩුගත කිරීමේ ක්‍රියාකාරිත්වය ඇතුළුව විවිධ ආකාර ගත හැක.

ඔබ Drive, Box, OneDrive, හෝ Dropbox වැනි ක්ලවුඩ් ගබඩා ගමනාන්තයකට ඔබේ දත්ත එක් කළේ නම්, ඔබට ඔබේ දත්ත Cloud සපයන්නා වෙතින් තෙවන පාර්ශ්වීය යෙදුමකට හෝ වෙබ් අඩවියකට කෙළින්ම බෙදා ගත හැක.  බොහෝ අවස්ථාවන්හි දී, ක්ලවුඩ් සපයන්නා විසින් සහාය දක්වන ඉ-තැපෑල හරහා ක්ලවුඩ් සපයන්නා වෙතින් ඔබේ දත්ත සෘජුවම තෙවන පාර්ශ්වයට බෙදා ගැනීම මෙයට ඇතුළත් වේ.

සමහර අවස්ථාවල දී, තෙවන පාර්ශ්ව යෙදුමක් හෝ වෙබ් අඩවියක් ක්ලවුඩ් ආචයන ගමනාන්තයක් සමග සෘජුවම ඒකාබද්ධ විය හැකි අතර ක්ලවුඩ් ගමනාන්තයෙන් ඔබේ දත්ත කෙළින්ම කියවීමට තෙවන පාර්ශ්වයට ප්‍රවේශය ලබා දීමට ඔබට හැකියාව ලබා දෙයි.

මගේ ලේඛනාරක්ෂිතය ගොනු කිහිපයකට බිඳී ගියේ ඇයි?

ඔබ තෝරා ගත් ප්‍රමාණ සීමාවට වඩා විශාල සංරක්‍ෂණ බහු ගොනුවලට බෙදනු ලැබේ.

ඔබේ සංරක්‍ෂණය බෙදීමේ ඉඩකඩ අඩු කිරීමට, ඔබට 50GB ප්‍රමාණ සීමාව තෝරා ගත හැක.

සටහන: tgz සංරක්‍ෂණයක් ඇසුරුම හැරීමට විශේෂ මෘදුකාංග අවශ්‍ය වේවි. මෙම ගොනු වර්ගවලට ගොනු නම් තුළ යුනිකේත අනුලකුණු තිබිය නොහැකි බව මතක තබා ගන්න.
මගේ ලේඛනාරක්ෂිතය කල් ඉකුත් වන්නේ ඇයි?

ඔබේ සංරක්‍ෂණය දින 7කින් පමණ කල් ඉකුත් වෙයි. ඒ කාලයට පසු, ඔබට ඔබේ ඉතාමට යාවත්කාලීන තොරතුරු සමග නව සංරක්‍ෂණයක් සෑදීමට අවශ්‍ය වෙයි.

සංරක්‍ෂණයක් කල් ඉකුත් වීම යන්නෙන් ඔබේ දත්ත කල් ඉකුත් වූ බව අදහස් නොවන අතර එම නිසා ඔබ Google සේවා තුළ කිසිම වෙනසක් අත්දකින්නේ නැත.

සටහන: අපි එක් එක් සංරක්‍ෂණය බා ගැනීමට ඉඩ දෙන්නේ 5 වරක් පමණයි; ඉන් පසු, තව සංරක්‍ෂණයක් ඉල්ලන්න.

මම මගේ ලේඛනාරක්ෂිතය බාගැනීමට උත්සාහ කරන විට මගේ මුරපදය නැවත ඇතුළු කිරීමට සිදු වන්නේ ඇයි?

ඔබේ දත්තවල ආරක්‍ෂාව ඉතා වැදගත් වෙයි, එබැවින් ඔබ සංරක්‍ෂණයක් සාදන විට, අපි ඔබේ දත්ත බා ගන්නා එකම පුද්ගලයා ඔබ බව තහවුරු කිරීමට කැමතියි.

එය සිදු කිරීමට, අපි ඔබ මෑතදී ඔබේ Google ගිණුම් මුරපදය ඇතුළත් කර නොමැති නම් එය නැවත ඇතුළත් කිරීමට ඔබට කියමු. මෙය අපහසු විය හැකි යැයි අපි තේරුම් ගනිමු, නමුත් ඔබේ දත්ත ආරක්‍ෂිතව තබා ගැනීමට අමතර පියවර ගැනීම වැදගත් වෙයි.

සටහන: ඔබේ ගිණුමට දෙපියවර සත්‍යාපනය සක්‍රීය කර තිබේ නම්, ඔබට අමතර සත්‍යාපන පියවරක් සම්පූර්ණ කිරීමට ද කියනු ලැබේවි.

මගේ සංරක්‍ෂණය ක්‍රියා නොකළේ ඇයි?

ඔබේ සංරක්‍ෂණය සම්බන්‍ධයෙන් යමක් වරදින්නේ නම් හෝ ඔබට එකක් සෑදීමට නොහැකි නම්, තව එකක් සෑදීමට උත්සාහ කරන්න. මෙම ප්‍රවේශය සාමාන්‍යයෙන් ගැටලුව නිරාකරණ කරයි.

විකල්ප ලෙස, එක් වරකට එක නිෂ්පාදනයක් හෝ සේවයක් තෝරා ගැනීමෙන් කුඩා වැඩි කිරීම්වලින් දත්ත බා ගැනීමට උත්සාහ කරන්න. ඔබ විශාල දත්ත ප්‍රමාණයක් බා ගැනීමට උත්සාහ කරන්නේ නම් මෙය ඵලදායී වේවි.

බා ගන්නා ලද ගොනු Takeout වෙතින් විවෘත කරන ආකාරය
අපි ඩෙස්ක්ටොප පරිගණකයකින් Takeout නිර්යාත බා ගැනීම සහ බැලීම නිර්දේශ කරමු, ජංගම උපාංගයකින් නොවේ. ඔබේ සංරක්‍ෂණය ඇතුළත ගොනු ආකෘති, ගොනුව විවෘත කරන ආකාරය, සහ දත්ත බැලීම පිළිබඳ අමතර තොරතුරු ඇති archive_browser.html යන නමින් ගොනුවක් තිබේ.
මගේ සංරක්‍ෂණයට සමහර මෑත වෙනස්කම් ඇතුළු නොවන්නේ ඇයි?

ගොනුවට ඔබ බා ගැනීමක් ඉල්ලන අවස්ථාව සහ සංරක්‍ෂණ සාදනු ලබන අවස්ථාව අතර ඔබේ දත්ත වෙත කරන ලද වෙනස්කම් ඇතුළු නොවේවි. සමහර උදාහරණයවලට ඇතුළු වන්න:

  • Drive ගොනුවක් සඳහා බෙදා ගැනීමේ වර්ගය හෝ අවසර වෙත වෙනස්කම්
  • Drive ගොනුවක් මත විසඳන ලද අදහස්
  • එක් කරන ලද හෝ මකන ලද ඡායාරූප හෝ ඇල්බම
මම මගේ තැපෑල නිර්යාත කරන්නේ නම් මගේ Gmail ලේබල ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?

ඔබ Gmail වෙතින් ඔබගේ තැපෑල නිර්යාත කරන විට, ඔබේ බා ගැනීම් ගොනුව තුළ විශේෂ X-Gmail-Labels මාතෘකාවක් තුළ සෑම පණිවුඩයකම ලේබල් රක්‍ෂිත තබනු ලැබේ. දැන් කිසිඳු තැපැල් සේවාලාභියෙකු මෙම ශීර්ෂය හඳුනා නොගන්නා අතර, බොහෝ තැපැල් සේවාලාභීන් ලේබල භාවිත කිරීමට හැකි වන පරිදි දිගු ලිවීමට ඉඩ සලසයි.

මට මගේ YouTube වීඩියෝ සමහරක් සොයා ගත නොහැක්කේ ඇයි?

ඔබට ඔබේ YouTube වීඩියෝවලින් සමහරක් බා ගැනීමට නොහැකි නම්, ඔබේ YouTube නාලිකාව සන්නම් ගිණුමකට සම්බන්‍ධ කර තිබේද සොයා ගැනීමට පරීක්‍ෂා කරන්න. එය එසේ නම්, ඔබ කිරීමට අවශ්‍ය වන්නේ:

  • ඔබ සන්නම් ගිණුමට සම්බන්‍ධ Google ගිණුමට පුරනය වී සිටීම තහවුරු කර ගන්න.
  • ඔබ YouTube වෙත වීඩියෝ උඩුගත කිරීමට භාවිත කළ සන්නම් ගිණුමට මාරු වන්න.

ඉඟිය: ඔබට එක සන්නම් ගිණුමකට වඩා තිබේ නම්, ඔබට ඔබේ වෙනත් සන්නම් ගිණුම්වලින් වීඩියෝ බා ගැනීමට මෙම පියවර නැවත කළ හැක.

මට මගේ පාසල් හෝ කාර්යාල ගිණුමෙන් දත්ත බා ගත නොහැක්කේ ඇයි?

පරිශීලකයින්ට වෙනස් නිෂ්පාදනවලින් දත්ත බා ගත හැකි නම් Google Workspace පරිපාලකයින්ට කළමනා කළ හැක. ඔබේ පරිපාලකයා කවුද සොයා ගන්න.

මගේ යෙදුමට Takeout පරිශීලක අතුරු මුහුණත අභිරුචිකරණය කළ හැකි ද?

Takeout පරිශීලක අතුරු මුහුණත පරාමිතිවලට සහාය දක්වන බැවින්, යෙදුම්වලට පරිශීලක අතුරු මුහුණත අභිරුචිකරණය කළ හැක. උදාහරණයක් ලෙස, යෙදුම්වලට නිශ්චිත නිෂ්පාදන, ක්ලවුඩ් නිර්යාත කිරීම් සඳහා ගමනාන්තය, සහ කාල සටහන්ගත ගෙන යාම් සඳහා වාර ගණන තේරිය හැක.

පරාමිති තුනම භාවිතා කරන url එකක් සඳහා වන ආකෘතියෙහි උදාහරණයක් මෙන්න:

https://takeout.google.com/settings/takeout/custom/google_account,my_activity,fit,youtube?dest=drive&frequency=2_months

ඉඟිය: මෙම උදාහරණය ක්‍රියා කරමින් පවතින අතර, කලින් කලට යාවත්කාලීන විය හැක. යෙදුම් හෝ ඇතුළත් කළ හැකි වෙනත් නිෂ්පාදන සඳහා විය හැකි අගයන් “data-id” නම් css උපලක්ෂණය(න්) තුළ විදැහුම් කරන ලද html මූලාශ්‍රයෙන් සොයා ගත හැක. උදාහරණයක් ලෙස, “dest” පරාමිතිය සඳහා විය හැකි අගයන්ට "box", "dropbox", "drive", "onedrive" ඇතුළත් වේ.  “වාර ගණන” පරාමිතිය සඳහා විය හැකි අගයන්ට “2_months” ඇතුළත් වේ

ඔබේ ගිණුම සඳහා නිර්යාත කළ හැකි දත්ත සහිත නිෂ්පාදන සඳහා දත්ත-id ගුණත්වයෙහි අගය හඳුනා ගැනීමට: 


වැදගත්: මෙම උපදෙස් Chrome සමග භාවිතය සඳහා වේ. ඔබ වෙනත් බ්‍රව්සරයක් භාවිතා කරන්නේ නම්, ක්‍රියාවලිය වෙනස් විය හැක.

  1. පරිගණකයක, takeout.google.com වෙත පිවිසෙන්න.
  2. Takeout වෙබ් පිටුව මත දකුණු-ක්ලික් කර "මූලාශ්‍ර පිටු" දසුන තෝරන්න. මෙමගින් ඔබට පිටුව සෑදෙන HTML කේතය දැකීමට ඉඩ දෙනු ඇත. 
  3. “data-id” ගුණත්වය හඳුනා ගැනීමට සෙවීම් විධානය (Windows මත Control + F හෝ Mac මත Command + F) භාවිතා කරන්න. 
  4. සෙවීම් ප්‍රතිඵල පරීක්ෂා කරන්න.  “data-id=” ට පසුව දිස් වන දේ අදාළ අගයන් වේ. උදාහරණයක් ලෙස: data-id="blogger"

තෙවන පාර්ශ්වීය යෙදුම් මගින් දත්ත භාවිතය සඳහා Google විසින් සංවර්ධකයින් සඳහා නව උසස් විශේෂාංග (Data Portability API) ද නිකුත් කර ඇත. ඔබට ලබා ගත හැකි සියලු ලියකියවිලි https://developers.google.com/data-portability හි දී සොයා ගත හැක.

පොදු Google නිෂ්පාදන බා ගැනීම් ප්‍රශ්න

මම මගේ YouTube වීඩියෝ බා ගන්නා විට භාවිත කෙරෙන ආකෘතිය කුමක්ද?

වීඩියෝ ඒවායේ මුල් ආකෘතියෙන්, හෝ H264 වීඩියෝ සහ AAC ශ්‍රව්‍ය සමඟ MP4 ගොනු ලෙස බා ගනු ලැබේ.

මම Google සමූහයක සාමාජිකයෙක් වෙමි. මම සමූහයෙන් පණිවිඩ සහ සාමාජිකත්ව තතු බාගන්නේ කෙසේ ද?

සමූහයක පණිවුඩ සහ සාමාජිකත්වය බා ගත හැක්කේ හිමිකරුවන්ට පමණයි.

ඔබ සාමාජිකයෙක් හෝ කළමනාකරුවෙක් නම්, ඔබට එය මගින් අවශ්‍ය වන තොරතුරු බා ගෙන බෙදා ගැනීමට හිමිකරුට කියන්න. නැති නම්, ඔබට ඔබේ ඉ-තැපෑලට පණිවුඩ බෙදා හරිනු ලබන්නේ නම්, ඔබට ඔබේ ඉ-තැපැල් සංරක්‍ෂණයෙන් පණිවුඩ ඉතිහාසය බා ගත හැක.

මට Gmail වෙතින් මගේ ඉ-තැපෑල කාලරාමුව එ. සම්පූර්ණ එන ලිපි නිර්යාත කිරීමෙන් බා ගත හැකි ද?
අවාසනාවන්ත ලෙස මේ අවස්ථාවේදී, අපි කාලරාමු නිර්යාතවලට සහය නොදක්වන්නෙමු.
මම Google Workspace පරිපාලකයෙකි. මම මගේ සංවිධානයේ දත්ත නිර්යාත කරන්නේ කෙසේ ද?

ඔබට ඉ-තැපැල්, දිනදර්ශන, ලේඛන, සහ අඩවි ඇතුළු ඔබේ සංවිධානයේ දත්ත බා ගැනීමට හෝ සංක්‍රමණ කිරීමට හැකි ය. ඔබේ සංවිධානයේ Google Workspace දත්ත බා ගන්නා ආකාරය දැන ගන්න.

**මෙම ලැයිස්තුවේ Google නොවන සේවා සපයන්නන් ඇත. ඔබ Google නොවන සේවා සපයන්නා විකල්පයක් තෝරා ගන්නා විට:

1. ඔබ වෙනුවෙන් ගොනු මෙම සේවා සපයන්නා වෙත මාරු කිරීමට ඔබ Google හට ඉඩ දෙයි.

2. මෙම සේවා සපයන්නා වෙත ගොනු උඩුගත කළ පසු, Google ගොනු සඳහා තවදුරටත් වගකියනු නොලැබේ. නිර්යාතයේ අන්තර්ගතය සේවා සපයන්නාගේ නියමයන් මගින් ආවරණය කරනු ලැබේ.

ඉඟිය: බෙදා ගත් දේ වටහා ගැනීම සඳහා, දත්ත ඔබම සමාලෝචනය කරන්න.

ප්‍රතිපෝෂණය අප වෙත එවන්න

ඔබේ Google දත්ත බාගැනීමේ ඔබේ අත්දැකීම පිළිබඳව අපට දන්වන්න. ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගැනීමෙන්, ඔබ සහ අනෙකුත් පුද්ගලයන් සඳහා මෙම නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට ඔබ Google හට උදවු කරයි.

true
Google ගිණුම වෙත සාදරයෙන් පිළිගනිමු!

ඔබට නව Google ගිණුමක් ඇති බව අපට පෙනෙයි! ඔබේ Google ගිණුම් පිරික්සුම් ලැයිස්තුව සමග ඔබේ අත්දැකීම වැඩි දියුණු කර ගන්නා ආකාරය දැන ගන්න.

සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
3992097233773873594
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
70975
false
false