අන්තර්ගත හැඳුනුම් හිමිකම් පෑමවලින් නිදහස් කෙරෙන නාලිකා

මෙම විශේෂාංග ලබා ගත හැක්කේ YouTube Studio අන්තර්ගත කළමනාකරු භාවිතා කරන හවුල්කරුවන්ට පමණි. ප්‍රවේශය ලබා ගැනීමට ඔබේ YouTube හවුල්කාර කළමනාකරු සම්බන්ධ කර ගන්න.
ඔබ අන්තර්ගත හැඳුනුම් ගැළපුම් සක්‍රීය කළ විට ඔබේ සමුද්දේශ ගොනු සමග ගැළපෙන වෙනත් පරිශීලකයින් උඩුගත කර ඇති අන්තර්ගතවලට සාපේක්‍ෂව YouTube ස්වයංක්‍රීයවම හිමිකම් පෑම් ජනනය කරයි.

ඇතැම් අවස්ථාවලදී, ඔබට ඇතැම් YouTube නාලිකා උඩුගත කරන වීඩියෝවලට අදාළව අන්තර්ගත හැඳුනුම් හිමිකම් පෑම් වැළැක්වීමට අවශ්‍ය විය හැක. නිදසුනක් වශයෙන්, කිියම් චිත්‍රාගාරයක් තමන් සමාලෝචනය හා ප්‍රවර්ධනය කරනු ලබන නාලිකාවක් වෙතින් අන් අය වීඩියෝ හිමිකම් ලබා ගැනීමට අකැමැත්ත පළ කරන අවස්ථා තිබිය හැක. නාලිකා ඔබේ සුදු ලැයිස්තුවට එක් කිරීම තුළින් ඔබට අන්තර්ගත හැඳුනුම් හිමිකම් පෑම වළක්වාලිය හැක.

සටහන්
  • අන්තර්ගත හැඳුනුම් කිසිවිටෙකත් ඔබේ අන්තර්ගත කළමනාකරුට සම්බන්‍ධිත නාලිකා, වෙතින් වීඩියෝ හිමිකම් පෑමක් සිදු නොකරන නිසා, ඔබට එම නාලිකා සුදු ලැයිස්තුවට ඇතුළත් කළ නොහැක.
  • තනි වත්කම් ඔබේ සුදු ලැයිස්තුවට එක් කළ නොහැකි අතර එක් කළ හැක්කේ නාලිකා පමණි.

ඔබේ සුදු ලැයිස්තුවට නාලිකා එක් කිරීම

අන්තර්ගත හැඳුනුම් හිමිකම් පෑමෙන් ව්‍යතිරේක කිරීමට ඔබට නාලිකා එකක් හෝ වැඩි ගණනක් ඔබේ සුදු ලැයිස්තුවට එක් කළ හැක. ඔබේ සුදු ලැයිස්තුවට නාලිකා එක් කිරීමට:

  1. Studio අන්තර්ගත කළමනාකරු වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් සුදු ලැයිස්තුව තෝරන්න.
  3. ඉහත දකුණු කෙළවරෙහි නාලිකා එක් කරන්න ක්ලික් කරන්න
  4. නාලිකා හැඳුනුම හෝ URL ඇතුළු කරන්න නාලිකා හැඳුනුම යනු නාලිකා URL තුළ 'UC' සමග ඇරඹෙන අනුලකුණු 24ක අක්‍ෂරාංක තන්තුවකි.
    • වරකදී නාලිකා එකකට වැඩි ගණනක් එක් කිරීමට, පෙළ කොටුව තුළ කොමා සලකුණු යොදා වෙන් කරන ලද නාලිකා හැඳුනුම ලැයිස්තුවක් අලවන්න.
  5. එක් කරන්න ක්ලික් කරන්න

ඔබ ඔබේ සුදු ලැයිස්තුවට නාලිකා එක් කිරීමෙන් පසුව, ඉන් ඉදිරියට එකී නාලිකා වෙත උඩුගත කෙරෙන කිසිදු වීඩියෝවක් සඳහා අන්තර්ගත හැඳුනුම් හිමිකම් ඉල්ලීම් සිදු නොවෙයි. එහෙත්, ඔබේ සුදු ලැයිස්තුවට එකතු කිරීමට පෙර සිදු කරන ලද හිමිකම් පෑම් ස්වයංක්‍රීයව නිදහස් නොකෙරේ. හිමිකම් මුදාහරින ආකාරය දැනගන්න.

කිසියම් වත්කමක අයිතිය හවුල්කරුවන් එක් අයෙකුට වැඩි පිරිසක් සතුව පවතින්නේ නම්, එම වත්කමෙහි එිමිකම් පෑම් වැළැක්වීමට නම් එකී හවුල්කරුවන් සියලුම දෙනා තමතමන්ගේ සුදු ලැයිස්තුවට එම නාලිකාව එක් කළ යුතුය.

ඔබේ සුදු ලැයිස්තුවෙන් නාලිකා ඉවත් කිරීම

ඔබේ සුදු ලැයිස්තුව වෙතින් නාලිකා ඉවත් කිරීම යන්නෙන් අදහස් වන්නේ අන්තර්ගත හැඳුනුම් තවදුරටත් නාලිකා හිමිකම් පෑම්වලින් මුදා නොහැරෙන බවයි. මෙම නාලිකා ඔබේ සමුද්දේශ ගොනුසමග ගැළපෙන වීඩියෝ උඩුගත කළහොත් සහ ඒවා තවදුරටත් ඔබේ සුදු ලැයිස්තුවේ නොපවතින්නේ නම්, එවිට අන්තර්ගත හැඳුනුම් විසින් හිමිකම් ජනන කරනු ලැබේ. ඔබේ සුදු ලැයිස්තුවෙන් නාලිකා ඉවත් කිරීමට:

  1. Studio අන්තර්ගත කළමනාකරු වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් සුදු ලැයිස්තුව තෝරන්න.
  3. පෙරහන් තීරය ඉන් අනතුරුව නාලිකා හැඳුනුම හෝ නාලිකාවේ නම ක්ලික් කරන්න.
  4. කොමාවලින් වෙන් කරන ලද නාලිකා හැඳුනුම හෝ නාලිකා නාම අලවන්නඉන් අනතුරුව යොදන්න.
  5. ඔබට ඔබේ සුදු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අවශ්‍ය නාලිකාවලට පසෙකින් ඇති තේරීම් කොටු ක්ලික් කරන්න.
    • නාලිකා සියල්ලම තේරීමට, සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවට ඉහළින් ඇති ඉන් අනතුරුව සියල්ල තෝරන්න ක්ලික් කරන්න.
  6. ඉහළින්ම ඇති බැනරයෙහි ඉවත් කරන්න ක්ලික් කරන්න.
සටහන: කිසියම් නාලිකාවක් ඔබේ සුදු ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් එය YouTube වෙතින් මැකී යාමක් සිදු නොවේ.

ඔබේ සුදු ලැයිස්තුවේ ඇති නාලිකා පිළිබඳ විස්තර නිර්යාත කරන්න

ඔබේ සුදු ලැයිස්තුවේ ඇති නාලිකාවලට අදාළ බොහෝ විස්තර වන නාලිකා හැඳුනුම, නාලිකාවේ නම සහ නාලිකාව මුදා හරින ලද දිනය ආදී විස්තර රැසක් ගැන තොරතුරු ඔබට ලබා ගත හැක. මෙම තොරතුරු නිර්යාත කිරීමට:

  1. Studio අන්තර්ගත කළමනාකරු වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් සුදු ලැයිස්තුව තෝරන්න.
  3. තොරතුරු නිර්යාත කිරීමට ඔබට අවශ්‍ය නාලිකාවලට පසෙකින් ඇති තේරීම් කොටු ක්ලික් කරන්න.
  4. ඉහළ බැනරය තුළ නිර්යාත කරන්න  ක්ලික් කොට කොමාවලින් වෙන් කොට ඇති අගයවල් (.csv) හෝ Google Sheets (නව පටිත්ත) තෝරන්න. ගොනුව සැකසීමට පටන් ගනියි.
  5. ගොනුව සැකසීම අවසන් වූ පසුව:
    • csv ගොනුවක් නම් ඉහළ බැනරයෙහි බාගන්න ක්ලික් කරන්න.
    • Google Sheets ගොනුවක් නම්, ඉහළ බැනරයෙන් පත්‍ර නව කවුළුවක විවෘත කරන්න ක්ලික් කරන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
157752664406414770
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false