කේතකයක් සමග YouTube සජීවී ප්‍රවාහයක් නිර්මාණය කරන්න

YouTube මත ප්‍රවාහයක් සිදු කළ හැකි ආකාර තුනක් තිබේ: වෙබ් කැමරාවක්, ඔබේ ජංගම උපාංගය හෝ කේතකයක් (ප්‍රවාහ මෘදුකාංගය හෝ දෘඪාංග කේතකයක්) භාවිත කිරීම. කේතකයක් භාවිත කිරීමෙන් ඔබට මෙවැනි දේ කළ හැකි ය:

  • ඔබේ තිරය බෙදාගැනීම හෝ ඔබේ ක්‍රීඩා කිරීම විකාශනය කිරීම
  • බාහිර ශ්‍රව්‍යාංග හා වීඩියෝ දෘඪාංග භාවිත කිරීම
  • (කැමරා සහ මයික්‍රොෆෝන කිහිපයක් වැනි) දියුණු නිෂ්පාදනයක් කළමනාකරණය කිරීම

පහත පියවර ඔබේ පළමු සජීවී ප්‍රවාහය ආරම්භ කිරීමට ඔබට උපකාරී වේ.

1. සජීවී ප්‍රවාහ කිරීම සබල කරන්න

පළමු වතාවට සජීවී ප්‍රවාහයක් සබල කිරීම සඳහා පැය 24ක් දක්වා කාලයක් ගත වනු ඇත. ඔබේ සජීවී ප්‍රවාහය සබල කිරීමත් සමග ඊට ක්ෂණිකව සජීවී විය හැකි ය. සජීවී ප්‍රවාහ කිරීම ආරම්භ කරන ආකාරය දැන ගන්න.

2. කේතකයක් ස්ථාපනය කරන්න

කේතකයක් ඔබේ වීඩියෝව YouTube මත ප්‍රවාහ කළ හැකි ඩිජිටල් ආකෘතියක් බවට පරිවර්තනය කරයි. ඇතැම් කේතක ඔබේ පරිගණකයෙහි ස්ථාපිත මෘදුකාංග යෙදුම් වන අතර ඇතැම් ඒවා ස්වාධීන දෘඪාංග වෙයි.

ඔබ කේතකයක් භාවිත කළ යුතු හේතුව සහ ඒවා ක්‍රියා කරන ආකාරය පිළිබඳ වැඩිදුර දැන ගැනීමට මෙම වීඩියෝව නරඹන්න.

කේතක සජීවී ප්‍රවාහ කිරීම: කේතකයක් පිහිටුවන හා භාවිත කරන ආකාරය පිළිබඳ මූලික කරුණු

YouTube සජීවී සත්‍යාපිත කේතක

YouTube සජීවී සත්‍යාපිත කේතක ලැයිස්තුවක් මෙහි දැක්වේ. මෙම නිෂ්පාදන කිසිවක් YouTube විසින් නිපදවන ලද ඒවා නොවේ. නිෂ්පාදන ඇගයීමට ලක් කොට ඔබේ ව්‍යාපාරයට වඩාත් හොඳින් ගැළපෙන්නේ කවර විකල්පය ද යන්න තීරණය කිරීමට වග බලා ගන්න.

මෘදුකාංග කේතක

AWS Elemental MediaLive

AWS Elemental MediaLive යනු 4Kp60 HEVC දක්වා ම සජීවී ප්‍රවාහයට සහාය දක්වන විකාශන ශ්‍රේණියේ සජීවී වීඩියෝ සැකසුම් සේවයකි.

Cinamaker Director Studio

(Mac සහ iOS)

සියලු පහසුකම් සහිත බහු කැමරා වීඩියෝ පටිගත කිරීමේ, සංස්කරණය කිරීමේ සහ සජීවී ප්‍රවාහ කිරීමේ යෙදුම. ස්ථානීය iPhone 8ක්, ඩිජිටල් කැමරා සහ විශාලනය කිරීමේ HD තාක්ෂණය ඔස්සේ දුරස්ථ අමුත්තන් ඇතුළත් කරන්න. උඩැතිරි, චිත්‍රණ, ශ්‍රව්‍යාංග, වීඩියෝ තිර සහ දෘශ්‍ය ප්‍රයෝග එක් කරන්න. YouTube, Zoom, RTMP වෙත ප්‍රවාහ කරන්න. යෙදුම තුළ ඇති සංස්කාරකය සමගින් ඔබේ වීඩියෝ පුස්තකාලය ගොඩනැඟීමට ගත වන කාලය ඉතිරි කරගන්න.

 

Elgato ක්‍රීඩා රූගත කිරීමේ මෘදුකාංගය
Windows, Mac

ඔබේ Xbox, PlayStation හෝ Wii U ක්‍රීඩා කිරීම් පටිගත කිරීම හා ප්‍රවාහ කිරීම සිදු කරන්න.

 

Gamecaster
Windows (ගාස්තු රහිත අනුවාදයක් ලබා ගත හැකි ය!)

බොත්තමක් එබූ සැණින් ඔබේ විශිෂ්ටතම ක්‍රීඩා අවස්ථා ප්‍රවාහ කිරීමට හා වාර්තා කිරීමට ඇති පහසුම මඟ. ඔබේ ක්‍රීඩා කිරීම බෙදා ගැනීමට කදිමයි.

 

Streamlabs Talk Studio

ඔබේ බ්‍රවුසරයෙන් වෘත්තීය මට්ටමේ සජීවී ප්‍රවාහ සිදු කිරීමට ඇති හොඳම සජීවී ප්‍රවාහ යෙදුම. ඉතා පහසුවෙන් අමුත්තන්ට ඇරයුම් කරන්න. විශේෂාංග රැසක්, අභිරුචි කිරීමේ විකල්ප සුවිශාල ප්‍රමාණයක්, පරිත්‍යාගවලින් සමන්විත වන අතර බා ගැනිමක් අවශ්‍ය නොවේ.

Broadcaster මෘදුකාංගය විවෘත කරන්න

ගාස්තුවකින් තොරව වීඩියෝ පටිගත කිරීම හා සජීවී ප්‍රවාහ සිදු කිරීමට ඇති විවෘත කේත මෘදුකාංගයකි.

PRISM Live Studio

Windows

PRISM Live Studio යනු අති නවීන පරිශීලක අතුරු මුහුණතක් සහ පහසුදායී ප්‍රයෝජ්‍යතාවක් සහිත, Windows සඳහා වන ප්‍රවාහ මෘදුකාංගයකි. මෙහි ස්ථායී ප්‍රවාහ කිරීමේ තත්ත්‍වය සහ රූපාලංකරණ හා ස්ටිකර් ප්‍රයෝග, චිත්‍ර, අතථ්‍ය පසුබිම්, අතථ්‍ය කැමරාව සහ PRISM ජංගම යෙදුම්වලට ඒකාබද්ධ වීම වැනි ආකර්ෂණීය විශේෂාංග නිසා ප්‍රවාහකරුවෝ මෙම මෘදුකාගයට බෙහෙවින් ඇලුම් කරති. සියලුම විශේෂාංග ගාස්තු රහිත ය.

 

ප්‍රතිප්‍රවාහය

නිර්මාණකරුවන් සහ ව්‍යාපාර සඳහා වන පුරෝගාමී සජීවී ප්‍රවාහ කිරීමේ විකාශන ස්ටුඩියෝව. අපගේ ක්ලවුඩ් ස්ටුඩියෝවේ සිට එකම අවස්ථාවේ දී වේදිකාව 30කට වැඩි ප්‍රමාණයක් වෙත සජීවී ප්‍රවාහ සිදු කරන්න. අමුත්තන්ට ඇරයුම් කිරීම, උඩැතිරි එක් කිරීම, වීඩියෝ ධාවනය සහ ඔබේ ප්‍රවාහය වෘත්තීය මට්ටමේ එකක් බවට පත් කිරීම - ගාස්තුවකින් තොර වන අතර භාවිතයට පහසු සේවයකි.

 

Stage TEN

විකාශන තත්ත්‍වයේ සජීවී ප්‍රවාහ පහසුවෙන් නිෂ්පාදනය කොට බෙදා හරින්න. ඕනෑම ස්ථානයක සිට අමුත්තන්ට ඇරයුම් කිරීමටත්, මාධ්‍ය හා චිත්‍රණ ඇද දැමීමටත් ඔබේ ප්‍රවාහ සඳහා සජීවී වාණිජ්‍යය එක් කිරීමටත් ප්‍රේක්‍ෂක පිරිස සමග අන්තර්ක්‍රියා පැවැත්වීමටත් ආදායම් ඉපැයීමටත් ඔබට හැකි ය.

 

Streamlabs
Windows, iOS, Android

Streamlabs යනු ප්‍රවාහකරුවන් සඳහා ඇති පුරෝගාමී විකාශන මෘදුකාංගය වෙයි. එය ගාස්තු රහිත සේවයක් වන අතර ඔබට වර්ධනය වීමට, පුද්ගලයින් දැන හඳුනා ගැනීමට සහ මුදල් ඉපැයීමට උපකාරී වන ප්‍රබල විශේෂාංග රැසක් ඊට ඇතුළත් වෙයි.

 

Wirecast
Windows, Mac

භාවිතයට පහසු, සම්මාන දිනූ සජීවී ප්‍රවාහ සහ නිෂ්පාදන මෘදුකාංගයකි. බොත්තමක් එබූ සැණින් කැමරා, සජීවී තිර රෑප, සිරැසි, චිත්‍රණ සහ තවත් බොහෝ දේ එක් කරන්න. YouTube හෝ වෙනත් ඕනෑම RTMP ගමනාන්තයක් වෙත ඍජුවම ප්‍රවාහ කිරීමේ යෙදෙන්න. ඔබට යෙදුමෙන් ඉවත් නොවී ඔබගේ සජීවී නාලිකාව කළමනාකරණය කිරීමට, නිර්මාණය කිරීමට සහ කාල සටහන්ගත කිරීමට හෝ ප්‍රවාහ කිරීමට ඉඩ සලසමින් YouTube API සමග ක්‍රියා කරයි.

 

XSplit Broadcaster
Windows (ගාස්තු රහිත අනුවාදයක් ලබා ගත හැක!)

ඔබට වෘත්තීය මට්ටමේ සජීවී විකාශන සහ වීඩියෝ පටිගත කිරීම් නිර්මාණය කිරීමට ඉඩ සලසන විප්ලවීය ශ්‍රව්‍ය/දෘශ්‍ය සංකලන යෙදුමකි.

 

StreamYard

StreamYard යනු ලොව ඇති ජනප්‍රියතම සජීවී ප්‍රවාහ හා පොඩ්කාස්ට් ස්ටුඩියෝවයි. අමුත්තන්ට ඇරයුම් කිරීම, සජීවී කථාබස් තිරය මත දිස් කිරීම, ඔබේ විකාශන සන්නම් ගැන්වීම සහ තවත් බොහෝ දේ. සියලුම පහසුකම් ඔබේ බ්‍රවුසරයේ ම ඇති අතර බාගැනීම අවශ්‍ය නොවේ. නොමිලේ පටන් ගන්න!

 

Nimble Streamer

Nimble Streamer යනු පිරිවැය ඵලදායී ප්‍රවාහ කිරීමක් සහ අන්තර්ගත බෙදාහැරීමේ ජාල ගොඩනැඟීම සඳහා ඇති මෘදුකාංග මාධ්‍ය සර්වරයකි. මෙය සතු ජාල ශක්‍යතා අතරට RTMP, SRT, NDI, Dante, WebRTC, Icecast, HLS, DASH සහ තවත් බොහෝ දේ හා අන්තර්ගත පරිවර්තනය සඳහා Transcoder ඈඳුම ඇතුළත් වෙයි. අන්තර් ක්‍රියාකාරී වෙළඳ දැන්වීම් ඇතුළත් කිරීම, ගෙවුම් පවුර සහ අනෙකුත් විශේෂාංග නිසා ඔබට ඉතා පහසුවෙන් අන්තර්ගත මුදල් ඉපැයීම් සිදු කිරීමට ඉඩ සැලසේ.

දෘඪාංග කේතක

AirServer
Windows, Mac

ඔබේ ජංගම උපාංගය හෝ පරිගණකය YouTube වෙත ප්‍රතිබිම්බනය කරන්න.

 

AWS Elemental Live

AWS Elemental Live යනු ඕනෑම උපාංගයක් වෙත විකාශන හා ප්‍රවාහ කිරීම සිදු කිරීම සඳහා සජීවී වීඩියෝ සකසන වීඩියෝ කේතකයකි.

 

 

Elgato

Elgato යනු සෑම වීඩියෝ බෙදා ගැනීමේ වේදිකාවකම සිටින අන්තර්ගත නිර්මාණකරුවන් වෙනුවෙන් නිර්මිත ලොව පුරෝගාමී ශ්‍රව්‍ය දෘෂ්‍ය තාක්‍ෂණ සැපයුම්කරුවකු වන අතර, යතුරු පුවරු කෙටිමං යතුරු වෙත යා කරන හෝ ඔබේ සජීවී ප්‍රවාහ නිෂ්පාදනය වෙනුවෙන් කෙටි මං යොදන නිමි පේනු මෘදුකාංග 200කට අධික ප්‍රමාණයක් සහිත ක්‍රමලේඛනය කළ හැකි USB පාලකයක් වන Stream Deck නිර්මාපකයා ද වෙයි.

 

 

Epiphan Pearl 2

Pearl-2 යනු වීඩියෝ මාරු කරනයක්, රෙකෝඩරයක්, ප්‍රවාහකයක්, වීඩියෝ විභේදකයක් සහ පරිමාපකයක් යන සියලු පහසුකම් සහිත පද්ධතියකි. මෙම මෘදුකාංගයෙන් වීඩියෝ ආදාන හයක් සහ XLR වෘත්තීය ශ්‍රව්‍යාංග, 4K ප්‍රවාහ කිරීම සහ පටිගත කිරීම, NDI සහාය, ක්‍රෝමා යතුරු දැමීම, සහ තවත් පහසුකම් සඳහා ආදාන හතරක් සපයයි. ඉහළම ඉල්ලුමක් සහිත සජීවී ප්‍රවාහ සඳහා අවශ්‍ය PRO විශේෂාංග හා සැකසුම් බලය Pearl-2 විසින් ඔබ වෙත ගෙන එයි.

 

Direkt Link

Intinor අන්තර්ජාලය පුරාවට ඉහළ තත්ත්‍වයේ වීඩියෝ යැවීම සඳහා නිෂ්පාදන සංවර්ධනය කරයි. අපගේ නිෂ්පාදන භාවිතයට පහසු, ජංගම, කාර්යක්‍ෂම, සහ විශ්වසනීය ඒවා ය. විකාශකයින් විසින් භාවිත කරනු ලබන මෙය ප්‍රධානතම ඉ-ක්‍රීඩා ඉසව් සඳහා ඇති විශ්වසනීය කේතකයකි. ස්වීඩනයෙහි නිෂ්පාදනය කර ඇත.

 

LiveU Solo

ඔබේ කැමරාවේ/මාරු කරනයේ සිට YuoTube සහ වෙනත් ගමනාන්ත වෙත ඍජුවම රැහැන් රහිත සජීවී ප්‍රවාහ සිදු කිරීමට එකම තට්ටු කිරීමකින් පහසුකම් සලසන හොඳම තත්ත්වයේ ප්ලග් ඇන්ඩ් ප්ලේ තාක්ෂණයේ වීඩියෝ කේතකයකි. ප්‍රමුඛ විකාශකයින් විසින් භාවිත කරනු ලබන එකම LRT™ bonding තාක්‍ෂණය භාවිතයෙන් ඕනෑම තැනක සිට විශ්වාසයෙන් යුතුව ප්‍රවාහ කිරීමේ යෙදෙන්න.

 

Nvidia

ඔබේ CPU ප්‍රයෝජනයට නොගෙන ඉහළ තත්ත්‍වයේ සජීවී ප්‍රවාහ සහ වඩා හොඳ ක්‍රීඩා කාර්ය සාධනයක් ලබා ගැනීමට පහසුකම් සලසන, පූර්ණ ශීඝ්‍රතාවකින් ලබා දෙන දෘඪාංග පාදක වීඩියෝ කේතනයක් සහිත දෘඪාංග පාදක කේතකයක් (NVENC) NVIDIA GPU අඩංගු වෙයි.

 

 

SlingStudio

ක්ෂේත්‍රය තුළ ඇති පළමු සුවහතා, රැහැන් රහිත බහු කැමරා විකාශන වේදිකාවයි. සජීවී HD තත්ත්‍වයේ වීඩියෝ රැහැන් රහිතව YouTube වෙත ප්‍රවාහ කිරීම, අධීක්‍ෂණය කිරීම, පටිගත කිරීම හා සංස්කරණය කිරීම සිදු කරන්න.

 

 

Teradek VidiU Go

ඕනෑම කැමරාවක්, ස්විචරයක් හෝ වීඩියෝ ප්‍රභවයක් වෙතින් විකාශන තත්ත්‍වයේ වීඩියෝ එසැණින් ප්‍රවාහ කරන්න. සංයුක්ත හා සුවහතා Vidiu Go සම්පූර්ණ 1080p60 SDI සහ HDMI කාර්ය ප්‍රවාහය සඳහා සහය දක්වයි.

 

 

Blackmagic Web Presenter 4K

YouTube වෙත සෘජුවම 2160p60 දක්වා ප්‍රවාහ කිරීම සඳහා වෘත්තීය දෘඪාංග ප්‍රවාහ එන්ජිමක් ඇතුළත් වන පරම HD සහ Ultra HD ප්‍රවාහ විසඳුම.

 

ජංගම කේතක


AirServer
Windows, Mac

ඔබේ ජංගම උපාංගය YouTube වෙත ප්‍රතිබිම්බනය කරන්න.

PRISM Live Studio

iOS, Android

PRISM යනු IRL හා ක්‍රීඩා ප්‍රවාහ කිරීම සඳහා ඇති ජංගම යෙදුම් සඳහා ප්‍රශස්තකරණය කරන ලද ජනප්‍රියතම සේවාවලින් එකකි. එහි ස්ථාවර ප්‍රවාහ තත්ත්‍වය සහ සැරසිලි හා රූපාලංකරණ ප්‍රයෝග, ප්‍රභව උඩැතිරි කිරීම සහ chroma key වැනි ආකර්ෂණීය විශේෂාංග නිසා ප්‍රවාහකරුවෝ ඊට බෙහෙවින් ඇලුම් කරති. සියලුම විශේෂාංග ගාස්තු රහිත ය.

 

Streamlabs
Windows, iOS, Android

තිළැලි OBS සහිත වන අතර, Streamlabs ඇඟවීම්, කෙටිමං, හෝඩුවාවන් ලබා දීම, මුහුණු ආවරණ, සහ දහස් ගණනක් තේමා සහ උඩතැරි ගාස්තුවකින් තොරව ලබා දේ.

 

 

Wirecast Go
iOS

iOS App Store වෙතින් බාගත් විට ගාස්තු අය කරනු නොලැබේ. ඔබේ iPhone උපාංගය වෙතින් පහසුවෙන්ම වෘත්තීය මට්ටමේ සජීවී විකාශන නිපදවා YouTube වෙත ප්‍රවාහ කරන්න. ප්‍රබල ජංගම නිෂ්පාදන සඳහා දසුන්කඩ මාරු කිරීම සහ ඡායාරූප, චිත්‍රණ හා තවත් දේ වරකට ස්ථර තුනක් දක්වා එක් කිරීම. YouTube අදහස් දැක්වීම් කියවීම, තථ්‍ය කාලීන කථාබස් හා ඔබේ ප්‍රේක්ෂක පිරිස සමග ගනුදෙනු කිරීම. ඍජුවම යෙදුම තුළම ඔබේ YouTube සජීවී ප්‍රවාහ කාල සටහන් සැකසීම, නිර්මාණය හා කළමනාකරණය. ඕනෑම RTMP ගමනාන්තයක් වෙත ප්‍රවාහ කිරීම සඳහා ගාස්තු රහිත අනුවාදයෙන් උත්ශ්‍රේණිගත කරන්න.

 

 

Larix Broadcaster

iOS, Android

Larix Broadcaster යනු iOS සහ Android සඳහා SRT, RTMP, NDI, WebRTC, Zixi සහ තවත් බොහෝ ප්‍රොටොකෝල හරහා සජීවීව රූපගත කිරීම හා ප්‍රවාහ කිරීම සඳහා වන ජංගම යෙදුමකි. වෙබ් හා පාඨ උඩැතිරි, චිත්‍රණ, ගතික කැමරා හැසිරවීම, උසස් මට්ටමේ ශ්‍රව්‍ය සැකසුම් සහ අනෙකුත් වැඩිදියුණු කිරීම් සහිත අන්තර්ගත දායාද කිරීම සඳහා පරිශීලකයින්ට සිය ජංගම උපාංග කැමරාවල උපරිම බලය ප්‍රයෝජනයට ගත හැකි ය.

3. ඔබේ දෘඪාංග සම්බන්‍ධ කරන්න

ඔබ වෙබ් කැමරාවක්, මයික්‍රොෆෝනයක් හෝ හෙඩ්සෙට් වැනි දෘඪාංග භාවිත කරන්නේ නම් ඒවා සම්බන්ධ කර ඒවා ඔබේ කේතකය සමග ගළපා ඇති බව සහතික කරගන්න.

ඔබේ ප්‍රවාහය මත පදනම්ව, ඔබට එකිනෙකට වෙනස් දෘඪාංග භාවිත කළ හැකි ය. පොදු උදාහරණ කිහිපයක් මෙසේය:

ක්‍රීඩා සහ සාමාන්‍ය සජීවී ප්‍රවාහ
බොහෝ ප්‍රවාහක බාහිර මයික්‍රොෆෝනයක්, වෙබ් කැමරාවක් සහ හෙඩ්ෆෝන් භාවිත කරයි. ක්‍රීඩාකරුවන්ට හරිත තිරයක් වැනි අනෙකුත් මෙවලම් ද භාවිත කළ හැකි ය.

Improper encoder setup can cause technical issues with your hardware while streaming.

වෘත්තීය සජීවී ප්‍රවාහ
උසස් මට්ටමේ ප්‍රවාහ සැකසුම්වලට මයික්‍රොෆෝන, කැමරා, සංකලනය කිරීමේ උපාංග සහ දෘඪාංග කේතක එකකට වඩා වැඩියෙන් ඇතුළත් විය හැකි ය.

4. ඔබේ කේතකය සම්බන්‍ධ කර සජීවී වන්න

ප්‍රවාහය ආරම්භ කිරීම සඳහා ඔබේ YouTube Live සර්වරයේ URL ඇතුළු කොට යතුර ඔබේ කේතකය වෙත ප්‍රවාහ කරන්න. ඔබ සතුව ශ්‍රව්‍ය හා වීඩියෝ දෘඪාංග තිබේ නම් ඒවා ප්‍රවාහ මෘදුකාංගය ලෙස ද හැඳින්වෙන ඔබගේ කේතකය සමග සකසන්න.

සජීවී පාලන කුටිය හඳුන්වා දීම - සජීවී ප්‍රවාහ කිරීම උදෙසා

දැන් සජීවී ප්‍රවාහය අරඹන්න

පළමුව, ප්‍රවාහයක් නිර්මාණය කරන්න

  1. YouTube Studio වෙත යන්න.
  2. සජීවී පාලන කුටිය විවෘත කිරීම සඳහා දකුණුපස ඉහළ කෙළවරෙන්, තනන්න ඉන් අනතුරුව සජීවී වන්න යන්න ක්ලික් කරන්න.
  3. ප්‍රවාහ පටිත්ත ක්ලික් කරන්න.
  4. මේ ඔබගේ පළමු සජීවී ප්‍රවාහය නම්: ඔබේ ප්‍රවාහය සංස්කරණය කොට ප්‍රවාහය නිර්මාණය කරන්න ක්ලික් කරන්න.
    ඔබ මින් පෙරද සජීවී ප්‍රවාහ සිදු කොට ඇති නම්: ඔබේ ප්‍රවාහ යතුර ඇතුළත්ව ඔබ මින් පෙර යොදන ලද ප්‍රවාහ සැකසුම් පූරණය වනු ඇති අතර ඉන් අදහස් වන්නේ ඔබ ඔබේ කේතකය යාවත්කාලීන කිරීම අවශ්‍ය නොවන බව ය.
    • For users aged 13–17 on YouTube, your default privacy setting is set to private. If you’re 18 or over, your default privacy setting is set to public. All streamers can change this setting to make their live stream public, private, or unlisted.
  5. ඔබ YouTube හවුල්කාර වැඩසටහන තුළ සිටින්නේ නම්, ඔබට ඔබේ සජීවී ප්‍රවාහයෙන් මුදල් ඉපැයීමට හැකි ය. තව දැනගන්න.

ඊළඟට, ඔබේ ප්‍රවාහය ඔබේ කේතකය වෙත සම්බන්‍ධ කොට සජීවී වන්න

  1. ඔබේ කේතක ප්‍රවාහ සැකසුම් තුළ YouTube වෙත ප්වා‍රහ කිරීමේ විකල්පය දිස් වේ නම් එය තෝරන්න. එසේ නොවේ නම්, YouTube වෙතින් ප්‍රවාහ URL පිටපත් කොට එය ඔබේ කේතකයේ ප්‍රවාහ සැකසුම් සර්වරය වෙත අලවන්න. එය RTMP සර්වරය ලෙස දිස් විය හැකි ය.
  2. එය ප්‍රවාහ යතුර ලෙස දිස් වේ නම් YouTube වෙතින් ප්‍රවාහ URL පිටපත් කොට එය ඔබේ කේතකයේ ප්‍රවාහ සැකසුම් වෙත අලවන්න.
  3. ඔබේ කේතකයෙහි සැකසුම් සිදු කොට කේතකයෙන් ප්‍රවාහය අරඹන්න. දැන් ඔබේ ප්‍රවාහය සඳහා නැරඹුම් පිටුවක් නිර්මාණය වී ඇති අතර ඔබ දැන් YouTube මත සජීවීව සිටී. දැනුම්දීම් යැවෙනු ඇති අතර ඔබේ ප්‍රවාහය ග්‍රාහකත්ව සංග්‍රාහකයේ දිස් වනු ඇත.
  4. ප්‍රවාහය අවසන් කිරීම සඳහා, ඔබේ කේතකයේ සිට අන්තර්ගත යැවීම නතර කරන්න. පැය 12කට වඩා අඩු කාලයක ප්‍රවාහ සියල්ලම ස්වයංක්‍රීයව සංරක්‍ෂණය කෙරේ. ඔබට ඔබේ YouTube Studio උපකරණ පුවරුව මත ඇති සජීවී පටිත්ත තුළ ඔබගේ පූර්ව, වත්මන් හා ඉදිරි ප්‍රවාහ සොයා ගත හැකි ය. තව දැනගන්න.

සජීවී ප්‍රවාහයක් සඳහා වේලාවක් යොදාගන්න

සජීවී ප්‍රවාහයක් සඳහා වේලාවක් යොදා ගැනීම තුළින් ඔබට ඔබේ ප්‍රවාහය ප්‍රවර්ධනය කළ හැක. නරඹන්නන් හට ඉදිරි ප්‍රවාහ පිළිබඳ සිහිකැඳවීම් ලබා ගැනීමට හැකි අතර ඔබට අදාළ URL සමාජ මාධ්‍යවල බෙදාගැනීමට හා තවත් බොහෝ දේ කිරීමට හැකි ය.

ප්‍රවාහයක් සඳහා වේලාවක් යොදා ගන්න

  1. YouTube Studio වෙත යන්න.
  2. සජීවී පාලන කුටිය විවෘත කිරීමට, දකුණුපස ඉහළ කෙළවරෙන් තනන්න ඉන් අනතුරුව සජීවී වන්න ක්ලික් කරන්න.
  3. කළමනාකරණය කරන්න පටිත්ත ක්ලික් කරන්න.
  4. ප්‍රවාහයක් සඳහා වේලාව සැලසුම් කරන්න මත ක්ලික් කරන්න.
  5. ඔබට පෙර සිදු කරන ලද ප්‍රවාහයක සැකසුම් නැවත භාවිත කරමින් සැකසුම් නැවත භාවිත කරන්න ක්ලික් කිරීමට හැකි අතර, නැතහොත්, නව එකක් තනන්න ක්ලික් කිරීමෙන් නව ප්‍රවාහයක් තැනීමට ඔබට පුළුවන.
    • For users aged 13–17 on YouTube, your default privacy setting is set to private. If you’re 18 or over, your default privacy setting is set to public. All streamers can change this setting to make their live stream public, private, or unlisted.
  6. ඔබ YouTube හවුල්කාර වැඩසටහන තුළ සිටින්නේ නම්, ඔබට ඔබේ සජීවී ප්‍රවාහයෙන් මුදල් ඉපැයීමට හැකි ය. තව දැනගන්න.

උපදෙස: පූර්ව ප්‍රචාරක පටයක් පෙන්වීම තුළින් ඔබගේ අනාගත සජීවී ප්‍රවාහ පිළිබඳව ඔබේ ප්‍රේක්‍ෂක පිරිස තුළ උනන්දුවක් ඇති කරන්න. තව දැනගන්න.

ඔබේ ප්‍රවාහය ඇරඹීමට කාලය උදා වූ විට...

ඔබේ ප්‍රවාහය ඔබේ කේතකය වෙත සම්බන්‍ධ කොට සජීවී වන්න

  1. ඔබේ කේතක ප්‍රවාහ සැකසුම් තුළ YouTube වෙත ප්වා‍රහ කිරීමේ විකල්පය දිස් වේ නම් එය තෝරන්න. එසේ දිස් නොවේ නම්, YouTube වෙතින් ප්‍රවාහ URL පිටපත් කොට එය ඔබේ කේතකයේ ප්‍රවාහ සැකසුම් සර්වරය වෙත අලවන්න. එය RTMP සර්වරය ලෙස දිස් විය හැකි ය.
  2. එය ප්‍රවාහ යතුර ලෙස දිස් වේ නම් YouTube වෙතින් ප්‍රවාහ URL පිටපත් කොට එය ඔබේ කේතකයේ ප්‍රවාහ සැකසුම් වෙත අලවන්න.
  3. ඔබේ කේතකයෙහි සැකසුම් සිදු කොට අනතුරුව ප්‍රවාහය අරඹන්න.
  4. සජීවී පාලන කුටිය තුළ ප්‍රවාහයේ පෙරදසුන දිස් වන තෙක් හිඳ සජීවී වන්න ක්ලික් කරන්න.
  5. ප්වා‍රහය අවසන් කිරීම සඳහා, ප්‍රවාහය අවසන් කරන්න ක්ලික් කර ඔබේ කේතකයෙන් අන්තර්ගත යැවීම නතර කරන්න. පැය 12කට වඩා අඩු කාලයක ප්‍රවාහ සියල්ලම ස්වයංක්‍රීයව සංරක්‍ෂණය කෙරේ. ඔබට ඔබේ YouTube Studio උපකරණ පුවරුව මත ඇති සජීවී පටිත්ත තුළ ඇති ඔබගේ පූර්ව, වත්මන් හා ඉදිරි ප්‍රවාහ සොයා ගත හැකි ය. තව දැනගන්න

සජීවී පාලන පුවරුව භාවිත කරන්න

ඔබ සජීවීව ප්‍රවාහයේ යෙදෙන විට, ඔබට ඔබේ ප්‍රවාහය සඳහා අවශ්‍ය සංදර්ශක කලාපය අවම කිරීම සඳහා සජීවී පාලන කුටියේ (සජීවී පාලන පුවරුව) සංයුක්ත අනුවාදයක් භාවිත කළ හැකි ය. සජීවී පාලන පුවරුව මගින් නැරඹීම් හා කථාබස් ආදායම වැනි සජීවී පාලන කුටියේ වැදගත් තොරතුරු වඩා කුඩා සංදර්ශක කලාපයක් තුළ දිස් කරයි.

සජීවී පාලන පුවරුව ක්‍රියාත්මක කිරීමට:

  1. සජීවී පාලන කුටිය තුළ, ප්‍රවාහ උපකරණ පුවරුව වෙත යන්න.
  2. වම්පස පහළ කෙළවරෙන් උත්පතන උපකරණ පුවරුව ක්ලික් කරන්න Pop out .

සජීවී පාලන පුවරුව වැසීමට, කවුළුවෙන් පිටවන්න.

සටහන: ඔබට සජීවී පාලන පුවරු විශේෂාංගය භාවිත කළ හැක්කේ ඔබ කේතයක් හෝ වෙබ් කැමරාවක් භාවිතයෙන් සජීවී ප්‍රවාහයේ යෙදෙන විට පමණි.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
17458126047725175588
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false