YouTube සජීවී කථාබහ

ඔබේ නාලිකාවේ සජීවී ප්‍රවාහයේ ප්‍රේක්ෂක පිරිස ළමයින් සඳහා සාදන ලද ලෙස සකස් කර නොමැති නම් සජීවී කථාබහ පෙරනිමියෙන් ක්‍රියාත්මක වේ. ඔබේ සජීවී ප්‍රවාහය අවසන් වූ විට, එය සංරක්ෂණාගාරගත කරනු ලැබෙන අතර නරඹන්නන්ට සජීවී කථාබහ සමග සජීවී ප්‍රවාහය නැරඹිය හැකි ය.

සජීවී කථාබහ විශේෂාංගය ලද හැක්කේ YouTube නැරඹුම් පිටු තුළ පමණක් වන අතර කාවැද්දූ ධාවකවල මෙය ලද නොහැකි ය.

සජීවී ප්‍ර සහ පි

සජීවී ප්‍ර සහ පි

සජීවී ප්‍ර සහ පි යනු නිර්මාපකයන් හා නරඹන්නන් අතර තත්කාලීන අන්තර් ක්‍රියාකාරීත්වය පුළුල් කළ හැකි තවත් ක්‍රමයකි. මෙම විශේෂාංගය සජීවී ප්‍රවාහ සහ මංගල දර්ශන අතරතුර භාවිත කරනු ලැබිය හැකි ය. නිර්මාණකරුවකු ලෙස, ඔබට ඔබේ සජීවී අභිරුචි කරන්න‍රමිතකරණය කරන ආකාරය ඉගෙන ගැනීමෙන් සජීවී ප්‍රශ්නෝත්තර අත්දැකීම තවදුරටත් අභිරුචි ලෙස සකස් කළ හැකි ය.

සටහන: සජීවී ප්‍ර සහ පි සහ මත විමසුම් ජංගම දුරකථනවල ලද නොහැකි ය. ඔබ ජංගම දුරකථන YouTube යෙදුම ඔස්සේ ප්‍රවාහ කරන්නේ නම්, සජීවී කථාබස් විශේෂාංග වෙත ප්‍රෙව්ශ වීම සඳහා ඔබට සජීවී පාලන කුටිය ඔස්සේ ඔබේ ජංගම සජීවී ප්‍රවාහය කළමනාකරණය කළ හැකි ය.

සජීවී ප්‍ර සහ පි සැසියක් ඇරඹීමට:

  1. සජීවී ප්‍රවාහයක් හෝ මංගල දර්ශනයක් සඳහා කාල සටහනක් සැකසීම හෝ ඇරඹීම සිදු කරන්න.
  2. කථාබස් කවුළුවේ පහළින් ම ක්ලික් කර, අනතුරුව ප්‍රශ්නෝත්තර සැසියක් අරඹන්න තෝරන්න.
  3. ප්‍රේරකය එක් කර අනතුරුව ප්‍රශ්නෝත්තර සැසිය අරඹන්න ක්ලික් කරන්න.
  4. ප්‍රශ්නෝත්තර සැසියක් ආරම්භ වූ පසු කථාබස් කවුළුව තුළ ප්‍රශ්න ලැයිස්තුවක් දිස් වනු ඇත. ප්‍රශ්නයකට පිළිතුරු දීම පිණිස, ප්‍රශ්න ලැයිස්තුවට ගොස් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් තෝරා, මෙනුව ක්ලික් කර , අනතුරුව ප්‍රශ්නය තෝරන්න ක්ලික් කරන්න. ප්‍රශ්නය කථාබස් කවුළුවේ ඉහළට අමුණනු ලැබෙන අතර ඔබේ නරඹන්නන්ට දිස් වනු ඇත. කථාබස් කවුළුවෙන් ප්‍රශ්න බැනරයක් අස් කිරීමට වසන්න ක්ලික් කරන්න.

සටහන: සජීවී කථාබහ තුළ පණිවිඩ බැලීමට, කථාබස් මෙනුවේ මුදුනෙහි ඇති පහළට ඊතලය ක්ලික් කර ඉහළම කථාබස් හෝ සියලුම කථාබස් තෝරන්න.

  1. සජීවී ප්‍ර සහ පි ප්‍රේරක බැනරයෙන් ඔබේ සජීවී ප්‍රශ්නෝත්තර අවසන් කිරීමට ප්‍රශ්නෝත්තර අවසන් කරන්න ක්ලික් කරන්න. ලැයිස්තුවේ ඇති සියලු පිළිතුරු නොදුන් ප්‍රශ්න මැකී යන අතර සජීවී ප්‍ර සහ පි සැසි කථාබස් යළි ධාවනය තුළ ලද හැකි වේ.

සටහන: සජීවී ප්‍ර සහ පි විස්තර YouTube විශ්ලේෂණ තුළ ලද හැකි නොවේ. නරඹන්නන්ට යොමු කළ හැක්කේ විනාඩියකට 1 ප්‍රශ්නය බැගින් පමණි.

ප්‍රශ්නයක් ඉවත් කිරීම හෝ මැකීම:

කථාබස්වලට අමුණා නොමැති ඔබ ඉදිරිපත් කළ ප්‍රශ්නයක් මැකීමට මගේ ක්‍රියාකාරකම් වෙත යන්න.

  • කථාබස් කවුළුව වෙත අමුණා ඇති ප්‍රශ්න මැකීමට මෙනුව ක්ලික් කර, අනතුරුව මකන්න ක්ලික් කරන්න.

සජීවී කථාබස් දසුන්

නරඹන්නන්ට ඕනෑම වේලාවක සජීවී කථාබහේ දසුන් දෙකක් අතරින් එකක් තෝරාගත හැකි ය.

  • ඉහළ ම කථාබහ: මෙම දසුනෙන් කථාබහ කියවීමට පහසු කිරීම සහ වඩාත් ප්‍රෙයා්ජනවත් කිරීම පිණිස අයාචිත විය හැකි ඒවා වැනි පණිවුඩ පෙරහන් කරයි.
  • සජීවී කථාබහ: මෙම දසුන පෙරහන් කර නොමැත. එය පැමිණෙන සියලුම කථාබස් පණිවුඩ පෙන්වයි.

සටහන: වීඩියෝ සංස්කාරක තුළ සංස්කරණය වන සජීවී ප්‍රවාහ තුළ කථාබස් යළි වාදනයක් නොමැති වෙයි. මෙය යොදා ඇති සියලු ආකාරයේ සංස්කරණ කාර්යවලට අදාළ වෙයි.

ඉහළම කථාබස් ශ්‍රේණිගත වී ඇති ආකාරය

ඉහළ ම කථාබහ මගින් නරඹන්නන් අගය කිරීමට සහ ගනුදෙනු කිරීමට කැමති විය හැක්කේ මොනවා සමග ද යන්න පෙන්වයි. ඉහළ ම කථාබහේ දිස් වන්නේ මොනවා ද යන්න පදනම් වන්නේ කථාබස් පෙළ, හසුරු පෙළ, නාලිකා නමේ පෙළ, නියුරුව සහ වීඩියෝව ඇතුළත් විවිධ සංඥා මත වේ.

කථාබහෙන් YouTube මඟින් නරඹන්නන් අගය කිරීමට හෝ ගනුදෙනු කිරීමට ඉඩක් නැති වන ආකාරයේ අන්තර්ගත නොපෙන්වීමට ඉඩ ඇත. මීට අනුචිත විය හැකි, අයාචිත හෝ ව්‍යාජ ලෙස පෙනී සිටීමක් ලෙස හඳුනාගත් අදහස් දැක්වීම් අයත් විය හැකි අතර ඒවා ඉහළම කථාබහ තුළ දිස් නොවීමට ඉඩ ඇත. හඳුනාගැනීම කථාබස් පෙළ, අදහස් දක්වන්නාගේ නාලිකාවේ නම් පෙළ හෝ හසුරු පෙළ, නියුරුව සහ නාලිකා ප්‍රමිතකරණ සැකසුම් වැනි විවිධ සංඥා මත පදනම් වේ.

සජීවී කථාබස් නිල ලාංඡනය

සජීවී කථාබස් ලාංඡන මගින් ප්‍රවාහකරු සහ ප්‍රමිතකරු හඳුනා ගනී. ඔබේ නාලිකාව සාමාජිකත්වයන් සඳහා සුදුසුකම් සහිත නම්, සජීවී කථාබහේ දිස් වන අභිරුචි සාමාජිකත්ව ලාංඡන තැනීමට ද ඔබට හැකියාව තිබේ.

ඉමොජි

ඉමොජි යනු හැඟුම් නිරූපකයක්, අදහසක් සහ තවත් දෑ ප්‍රකාශ කළ හැකි කුඩා පින්තූර වේ. ඕනෑම අයකුට ඉමොජි විශාල ගණනාවක් භාවිත කළ හැකි අතර, නිර්මාණකරුවන්ට නාලිකා සාමාජිකත්ව අමතර දීමනාවක් ලෙස ලද හැකි අභිරුචි ඉමොජි තැනිය හැකි ය.

ඔබේ අදහස් දැක්වීමට හෝ පණිවුඩයට ඉමොජි එක් කරන්න

ජංගම දුරකථනයෙන්: කථාබස් පණිවුඩයක් ලියන අතරතුර YouTube ඉමොජියක් එක් කිරීමට  තට්ටු කරන්න, නැතහොත් ඔබේ උපාංගයේ මෙහෙයුම් පද්ධතියෙන් ඉමොජිය එක් කිරීමට ඔබේ උපාංගයේ යතුරු පුවරුව මත ඇති ඉමොජි නිරූපකය තට්ටු කරන්න.

පරිගණකයෙන්: කථාබස් පණිවුඩයක් ලියන අතරේ ඉමොජියක් එක් කරන්න තට්ටු කරන්න.

සටහන: පරිගණකයක් මත, පෙනුම අභිරුචි කිරීම සඳහා ඔබට ඉමොජියක් ඔබාගෙන සිටීමට පුළුවන. අනාගත භාවිතය සඳහා ඔබේ සැකසුම් සුරකිනු ලැබේ. ඔබේ පෙරනිමි සැකසුම වෙනස් කිරීමට, වෙනස් ඉමොජි ප්‍රභේදනයක් තෝරන්න. ඔබට බ්‍රවුසර කුකී හා වෙනත් අඩවි දත්ත හිස් කිරීමෙන් හෝ YouTube වෙතින් වැරීමෙන් ද සැකසුම් හිස් කිරීමට පුළුවන.

ඔබේ අදහස් දැක්වීමට හෝ පණිවිඩයට YouTube Emote එකක් එක් කරන්න

YouTube සිතුරූ යනු YouTube මත පමණක් ලද හැකි සජීවී කථාබහ සහ අදහස් දැක්වීම් තුළ පමණක් භාවිත කළ හැකි ස්ථිතික රූප කට්ටලයකි. මෙම සිතුරූ නිර්මාණය කරන්නේ ඔබේ හැඟීම් හෝ අදහස් ප්‍රකාශ කිරීම සඳහා විවිධාකාරයේ ශිල්පීන් සමූහයක් විසිනි. ඒවා සම්මත ඉමොජි කට්ටලයට ඉහළින් ඇති ඉමොජි තෝරකය තුළ සොයාගත හැකි ය.

ජංගම දුරකථනයෙන්: කථාබස් පණිවිඩයක් ලියන අතරේ, YouTube සිතුරුවක් එක් කිරීමට තට්ටු කරන්න.

පරිගණකයක් මත: කථාබස් පණිවුඩයක් හෝ අදහස් දැක්වීමක් ලියන අතරේ ඔබේ YouTube සිතුරුව එක් කිරීමට තට්ටු කරන්න.

ප්‍රතිචාර

සජීවී මත ඇති ප්‍රතිචාර මගින් නරඹන්නන් හට සජීවි ප්‍රවාහයක් පුරා සිදු වන දෑට ඒ ඇසිල්ලේ ම ප්‍රතිචාර දැක්වීමට ඉඩ සලසයි. නරඹන්නන්ට සජීවී කථාබහ විවෘතව ඇති විට ප්‍රතිචාර වෙතින් පිටව යා හැකි ය. ඔබට හා නරඹන්නන්ට නිර්නාමික කළ ප්‍රතිචාර දැකිය හැකි අතර නිශ්චිත ප්‍රතිචාරයක් තබා ගොස් ඇත්තේ කවර පරිශීලකයන් විසින් ද යන්න දැකීමේ හැකියාවක් නැත.

ප්‍රතිචාර වර්ග

  • නරඹන්නන්ට හදවත, සිනා මුහුණ, සාද මල් විසුරුව, රතු වූ මුහුණ හා “100“ ප්‍රතිචාර තබා යා හැකි ය.

ප්‍රතිචාර ක්‍රියාත්මක හෝ ක්‍රියා විරහිත කරන්න

නිර්මාණකරුවකු ලෙස, ඔබට සජීවී පාලන කුටිය තුළින් සජීවී ප්‍රවාහයක් සඳහා වන ප්‍රතිචාර ක්‍රියාත්මක හෝ ක්‍රියා විරහිත කිරීමේ හැකියාව තිබේ. ඔබට ඔබේ ප්‍රවාහයේ ඕනෑම අවස්ථාවක දී මේ සැකසුම වෙනස් කිරීමේ හැකියාව තිබේ.

  1. පරිගණකයකින් YouTube Studio වෙත යන්න.
  2. දකුණුපස ඉහළ කෙළවරෙන් තනන්න  ඉන් අනතුරුව සජීවී වන්න  ක්ලික් කර සජීවී පාලන කුටිය විවෘත කරන්න.
  3. ප්‍රවාහ පටිත්ත ක්ලික් කරන්න.
  4. සංස්කරණය ක්ලික් කර අභිරුචි කිරීම ක්ලික් කරන්න.
  5. ප්‍රතිචාර තෝරන්න.

පණිවිඩයක් යවන්න

සජීවී කථාබහ තුළ පළ කිරීමට:

  1. “යමක් පවසන්න“ යන්න ක්ලික් කර පෙළ ඇතුළු කිරීම අරඹන්න.
  2. යවන්න  ක්ලික් කරන්න.

කථාබස් සංග්‍රහය තුළ යමකුට ප්‍රතිචාර දක්වන්න

ඔබට යමකුගේ පරිශීලක නාමය සඳහන් කිරීමෙන් කථාබස් සංග්‍රහය තුළ ඒ අයට ප්‍රතිචාර දැක්විය හැකි ය.

  1. “@” ඇතුළු කරන්න.
  2. ඒ අයගේ පරිශීලක නාමය ඇතුළු කිරීම අරඹන්න.
  3. පරිශීලක නාමය තෝරන්න.

ඔබ සහ සඳහන් කළ කතාබස් සාමාජිකයා යන දෙදෙනාටම සජීවී කථාබහ තුළ ඒ අයගේ පරිශීලක නම උද්දීපනය කර දක්වා ඇති බව දිස් වේ. මෙම උද්දීපනය කිරීම කථාබස් සංග්‍රහය තුළ ඔබේ ප්‍රතිචාරය බැලීම ඔවුන්ට වඩා පහසු කරයි.

පණිවුඩ සීමා කිරීම්

නරඹන්නන් අනුලකුණු 200ක් සහ සෑම තත්පර 30කට ම ඉදිරිපත් කිරීම් 11ක උපරිමයකට සීමා කර තිබේ. වැඩසටහන් හිමිකරුවන් සංඛ්‍යාත සීමාවට යටත් නොවේ. නරඹන්නන්ට විශේෂ අනුලකුණු, URL හෝ HTML ටැග පළ කළ නොහැකි ය.

ග්‍රාහකයන්ට පමණක් හා සාමාජිකයන්ට පමණක් වන කථාබහ

නාලිකාවකට සිය සජීවී කථාබහ සාමාජිකයන්ට පමණක් හෝ ග්‍රාහකයන්ට පමණක් ලෙස සැකසිය හැකි ය.

කථාබහ ග්‍රාහකයන්ට පමණක් නම්, නාලිකාවට නරඹන්නන් ග්‍රාහකත්වය ලබා සිටිය යුත්තේ කොපමණ කාලයකට ද යන්න දැක්විය හැකි ය.

පණිවිඩයක් අමුණන්න

ඔබට සජීවී කථාබහ තුළ ඔබේ ම පණිවුඩය හෝ නරඹන්නකුගේ පණිවුඩය ඇමිණිය හැකි ය.

පණිවුඩ ඇමිණිය හැක්කේ ඔබට පමණක් වන අතර ඔබේ ප්‍රමිතකරුවන්ට හෝ නරඹන්නන්ට එසේ කළ නොහැකි ය. ඇමුණූ පණිවුඩ සුපිරි කථාබහට පහළින් දිස් වේ.

  1. සජීවී ප්‍රවාහයක් හෝ මංගල දර්ශනයක් අතරතුර කතාබස් කවුළුව වෙත යන්න.
  2. සජීවී කථාබහ වෙතින් පණිවුඩයක් සොයා ගැනීමට (ඔබේම එකක් හෝ) තවත්  තට්ටු හෝ ක්ලික් කරන්න.
  3. පණිවුඩය ඇමිණීමට අමුණන්න  තට්ටු හෝ ක්ලික් කරන්න.

සටහන: ඔබට වරකට ඇමිණිය හැක්කේ එක් පණිවුඩයක් පමණි. ඇමුණූ පණිවුඩයක් ආදේශ කිරීම සඳහා, හුදු වෙනත් පණිවුඩයක් අමුණන්න. පණිවුඩයක් ඇමිණීමට, ඇමුණූ පණිවිඩයක් මත තවත් යනුවෙන් ක්ලික් කර ඇමුණුම ඉවත් කරන්න තට්ටු කරන්න.

සජීවී මත විමසුමක් තනන්න

නාලිකා හිමිකරුවන්ට සිය ප්‍රවාහ හා මංගල දර්ශන තුළ සජීවී මත විමසුම් තැනීමට හා කළමනාකරණය කිරීමට පුළුවන. යමකු වරක් ඡන්දය ප්‍රකාශ කළ පසු, ඒ අයට එය වෙනස් කළ නොහැකි ය.

  1. සජීවී ප්‍රවාහයක් හෝ මංගල දර්ශනයක් සඳහා කාල සටහනක් සැකසීම හෝ ඇරඹීම සිදු කරන්න.
  2. කථාබස් කවුළුවේ පහළින් මත විමසුමක් තනන්න තට්ටු කරන්න.
  3. ඔබේ මත විමසුම තනා, අනතුරුව ඔබේ ප්‍රජාවෙන් විමසන්න තෝරන්න.

මත විමසුමක් අවසන් කර කථාබහේ මුදුනෙහි ඇති බැනරයේ කථාබහෙන් ප්‍රතිඵල බැලීමට මත විමසුම අවසන් කරන්න තට්ටු කරන්න.

සීමාවන්

සජීවී මත විමසුම්:

  • ඔබේ පරිගණකය තුළ YouTube වෙතින් පමණක් තැනිය හැකි ය.
  • විකල්ප 2-4 තිබිය හැකි ය.
  • දැකිය හැක්කේ සජීවීව පමණි. ඒවා සජීවී කථාබස් යළි ධාවන තුළ දිස් නොවේ.
  • පැය 24ක් දක්වා පමණක් රැඳී තිබේ.

සජීවී කථාබහ කාවැද්දීම

සජීවී ප්‍රවාහයක් අතරතුර, ඔබට iframe එකක් භාවිතයෙන් ඔබේ ම අඩවිය තුළ සජීවී කථාබස් කාවැද්දිය හැකි ය.

සටහන: සජීවී කථාබස් කාවැද්දීම ජංගම වෙබය තුළ ලද නොහැකි ය.

  1. සජීවී ප්‍රවාහය සඳහා වීඩියෝ ID ලබා ගන්න. ඔබට නැරඹුම් පිටුවේ URL යොමුවෙන් වීඩියෝ ID ලබාගත හැකි ය (youtube.com/watch?v=12345). මේ අවස්ථාවේ දී වීඩියෝ ID ‘12345’ වේ.
  2. ඔබට කථාබහ කාවැද්දීමට අවශ්‍ය අඩවිය සඳහා වසම් URL යොමුව ලබාගන්න. ඔබ www.example.com/youtube_chat තුළ කථාබහ කාවද්දන්නේ නම් ඔබේ කාවැද්දුම් වසම වනුයේ "www.example.com" වේ.
  3. පහත ක්‍රමයට කාවැද්දූ URL යොමුව ඒකාබද්ධ කරන්න: https://www.youtube.com/live_chat?v=12345&embed_domain=www.example.com.
    • මෙම URL යොමුව ඔබේ iframe සඳහා වේ. embed_domain ඔබ විසින් කථාබහ කාවද්දන පිටුවේ URL යොමුවට ගැළපිය යුතු බව සලකන්න. ඒවා වෙනස් නම්, කාවැද්දූ කථාබහ විවෘත නොවේ.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
6257671484500679412
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false