ඔබේ YouTube ගිණුම තහවුරු කරන්න

ඔබේ නාලිකාව සත්‍යාපනය කිරීම සඳහා, දුරකථන අංකයක් ඇතුළු කරන ලෙස ඔබට පවසනු ලැබේ. අපි එම දුරකථන අංකයට කෙටි පණිවුඩ හෝ හඬ ඇමතුම් මාර්ගයෙන් සත්‍යාපන කේතයක් එවන්නෙමු.

ඔබ ඔබේ ගිණුම තහවුරු කර ඇති විට ඔබට කළ හැකි දෑ:

ඔබ දැනටමත් ප්‍රමාණවක් නාලිකා ඉතිහාසයක් තනා ඇත්නම්, ඔබේ YouTube ගිණුම සත්‍යාපනය කිරීමෙන් උසස් විශේෂාංග ද අගුළු හැරෙනු ඇත.

ලියාපදිංචි වූ විට ඔබට ඔබේ ගිණුම සත්‍යාපනය කරන ලෙස ද පවසනු ලැබීමට ඉඩ ඇත.

නවතම පුවත්, යාවත්කාලීන, සහ ඉඟි සඳහා YouTube බලන්නන් නාලිකාවට ග්‍රාහක වන්න.

YouTube මගේ දුරකථන අංකය ඉල්ලා සිටින්නේ ඇයි?

අපි අයාචිත සහ අනිසි භාවිතයන් බැරෑරුම් ලෙස සලකමු. අනන්‍යතාවය සත්‍යාපනය සඳහා දුරකථන අංක භාවිතය අපගේ ප්‍රජාව ආරක්ෂා කිරීමේ සහ අනිසි භාවිතයට එරෙහිව සටන් කිරීමේ එක් ක්‍රමයකි.

ඔබට සත්‍යාපන කේතයක් එවීමට අපි එම දුරකථන අංකය භාවිත කරන්නෙමු. තව ද දුරකථන අංකයය වසරකට නාලිකා 2කට නොවැඩි නාලිකා ගණනකට පමණක් සම්බන්ධ වී ඇති බව ද අපි සහතික කර ගන්නෙමු.

සටහන්: අපි වෙනත් කිසිවකුට ඔබේ පුද්ගලික තොරතුරු විකුණන්නේ ඇත.

මට සත්‍යාපන කේතය ලැබී නැත.

ඔබට කේතය වහාම ලැබිය යුතු ය. එසේ ලැබී නැත්නම්, ඔබට නව කේතයක් ඉල්ලා සිටිය හැකි ය. ඔබ මෙම පොදු ගැටලුවකට මැදි නොවන බවට වග බලා ගන්න:

  • ඇතැම් රටවල්/දේශභූමි හා වාහකයන් Google වෙතින් ලැබෙන කෙටි පණිවුඩවලට සහාය දක්වන්නේ නැත: බොහෝ ජංගම වාහකයන් Google වෙතින් ලැබෙන කෙටි පණිවුඩවලට සහාය දක්වයි. ඔබේ වාහකයා Google වෙතින් ලැබෙන කෙටි පණිවුඩවලට සහාය නොදක්වන්නේ නම්, ඔබට හඬ ඇමතුම් විකල්පය උත්සාහ කර බැලීමට හෝ වෙනත් දුරකථන අංකයක් භාවිත කිරීමට පුළුවන.
  • එකම දුරකථන අංකයෙන් අධික ගිණුම් ප්‍රමාණයක් තිබේ: “මෙම දුරකථන අංකයෙන් දැනටමත් උපරිම ගිණුම් සංඛ්‍යාව තනා ඇත“ යන දෝෂ පණිවුඩය ලැබුණහොත් ඔබට වෙනස් ගිණුම් අංකයක් භාවිත කිරීමට සිදු වේ. අනිසි භාවිතය වළක්වා ගැනීමට උපකාරී වීම පිණිස, එක් දුරකථන අංකයක් සම්න්ධ කළ හැක්කේ වසරකට ගිණුම් 2කට පමණි.
  • කෙටි පණිවුඩ බෙදාහැරීම පමා වීමට ඉඩ ඇත: අධික පරිශීලක ගහනයක් සහිත ප්‍රදේශවල හෝ ඔබේ වාහකයාගේ යටිතල ව්‍යුහයන් මනා ලෙස නඩත්තු කර නොමැති නම් ප්‍රමාද වීම් සිදු විය හැකි ය. විනාඩි කිහිපයකට වඩා රැඳී සිටත් තවම අපගේ කෙටි පණිවුඩය ලැබී නොමැති නම්, හඬ ඇමතුම් විකල්පය උත්සාහ කරන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
3735307731059566765
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false