වෛද්‍ය වැරදි තොරතුරු ප්‍රතිපත්තිය

නිශ්චිත සෞඛ්‍ය තත්ත්‍ව සහ වස්තු ගැන දේශීය සෞඛ්‍ය අධිකාරීන්ගේ (LHA) හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මග පෙන්වීමට පටහැනි වෛද්‍ය වැරදි තොරතුරු පතුරු වීමෙන් බරපතල හානිය පිළිබඳ දැඩි අවදානමක් එල්ල කරන අන්තර්ගතයට YouTube ඉඩ නොදෙයි. මෙම ප්‍රතිපත්තියට පහත ප්‍රවර්ග ඇතුළත් වෙයි:

  • තොරතුරු වැළැක්වීම 
  • ප්‍රතිකාර වැරදි තොරතුරු 
  • වැරදි තොරතුරු ප්‍රතික්‍ෂේප කිරීම

සටහන: YouTube හි වෛද්‍ය වැරදි තොරතුරු ප්‍රතිපත්ති සෞක්‍ය අධිකාරීන්ගෙන් හෝ WHO වෙතින් ලැබෙන මඟ පෙන්වීමට කෙරෙන වෙනස්කම්වලට ප්‍රතිචාරය වශයෙන් වෙනස් විය හැක. නව LHA/WHO මඟ පෙන්වීම් සහ ප්‍රතිපත්ති යාවත්කාලීන අතර ප්‍රමාදයක් තිබේවි, අප ප්‍රතිපත්ති නිශ්චිත සෞඛ්‍ය තත්ත්‍වවලට සහ පදාර්ථවලට අදාළ සියලුම LHA/WHO මඟ පෙන්වීම් ආවරණ නොකරාවි.

මෙම ප්‍රතිපත්තියෙන් ඔබට ඇති තේරුම

අන්තර්ගතයට පහත කිසිවක් ඇතුළු වන්නේ නම් YouTube මත එය පළ නොකරන්න:

වැරදි තොරතුරු වැළැක්වීම: අපි නිශ්චිත සෞඛ්‍ය තත්ත්‍වවල වැළැක්වීම හෝ සම්ප්‍රේෂණය පිළිබඳ, හෝ දැනට අනුමත සහ ලබා දෙනු ලබන එන්නත්වල ආරක්‍ෂාව, ඵලදායිතාව හෝ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ සෞඛ්‍ය අධිකාරීන්ගේ මඟ පෙන්වීමට පටහැනි වන තොරතුරු ප්‍රවර්ධන කරන අන්තර්ගතයට ඉඩ නොදෙන්නෙමු.

ප්‍රතිකාර වැරදි තොරතුරු: අපි ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරීන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආරක්‍ෂිත හෝ ඵලදායිී බවත අනුමත කර හෝ දැඩි හානිය ඇති නොකරන බවට තහවුරු වී නැති, නිශ්චිත හානිකාර පදාර්ථ හෝ පුරුදු ප්‍රවර්ධන කිරීම ඇතුළුව නිශ්චිත සෞඛ්‍ය තත්ත්‍ව සඳහා ප්‍රතිකාර කිරීම පිළිබඳ සෞඛ්‍ය අධිකාරීන්ගේ මඟ පෙන්වීමට පටහැනි වන තොරතුරු ප්‍රවර්ධන කරන අන්තර්ගතයට ඉඩ නොදෙන්නෙමු.

වැරදි තොරතුරු ප්‍රතික්‍ෂේප කිරීම: අපි නිශ්චිත සෞඛ තත්ත්‍ව පවතින බව ප්‍රතික්‍ෂේප කරන අන්තර්ගතයට ඉඩ නොදෙමු.

මෙම ප්‍රතිපත්ති වීඩියෝ, වීඩියෝ විස්තර, අදහස්, සජීවී ප්‍රවාහ, සහ වෙනත් ඕනෑම YouTube නිෂ්පාදනයක් හෝ විශේෂාංගයකට යෙදෙයි. මෙය සම්පූර්ණ ලැයිස්තුවක් නොවන බව මතක තබා ගන්න. මෙම ප්‍රතිපත්ති ඔබේ අන්තර්ගතයේ ඇති බාහිර සබැඳි සඳහා ද අදාළ වන බව සලකන්න. මෙයට ක්ලික් කළ හැකි URL, වීඩියෝව තුළ වාචිකව පරිශීලකයින් වෙනත් අඩවි වෙත යොමු කිරීම, මෙන්ම වෙනත් ආකෘති ඇතුළත් විය හැක.

උදාහරණ

මෙන්න YouTube මත ඉඩ නොදෙනු ලබන අන්තර්ගතවල සමහර උදාහරණ: මෙය සම්පූර්ණ ලැයිස්තුවක් නොවේ.

වැළැක්වීමේ වැරදි තොරතුරු

වැළැක්වීමේ ක්‍රම ලෙස හානිකර පදාර්ථ සහ පුරුදු
  • දැඩි ශාරීරික හානියක් හෝ මරණයක් පිළිබඳ සහජ අවදානම ඉදිරිපත් කරන පහත සඳහන් නිශ්චිත ද්‍රව්‍යවල සහ ප්‍රතිකාරවල ප්‍රවර්ධනය:
    • අද්භූත ඛනිජ ද්‍රාවණ (MMS)
    • කළු රුජානාශකය
    • ටර්පෙන්ටයින්
    • B17/ඇමිග්ඩැලින්/පීච් හෝ ඇප්‍රිකොට් ඇට
    • ඉහළ ශ්‍රේණියේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්
    • ස්වේච්ඡතාවට ප්‍රතිකාර කිරීමට නඛර චිකිත්සාව
    • කලිල රිදි
    • පෙට්‍රෝල්, ඩීසල්, සහ භූමි තෙල්
  • COVID-19 වැළැක්වීමට ඉවර්මෙක්ටින් හෝ හයිඩ්‍රෝක්ලෝරෝක්වින් භාවිත කිරිම ප්‍රවර්ධන කරන අන්තර්ගතය.
සහතික කළ වැළැක්වීමේ වැරදි තොරතුරු
  • COVID-19 සඳහා සහතික ලත් වැළකීමේ ක්‍රමයක් නැති බවට ප්‍රකාශ කිරීම්. 
  • කිසියම් ඖෂධ හෝ එන්නත් කිරීම COVID-19 සඳහා සහතික ලත් වැළැක්වීමේ ක්‍රමයක් ලෙස ප්‍රකාශ කිරීම්.
එන්නත් වැරදි තොරතුරු
  • දැනට භාවිත කෙරෙන සහ අනුමත එන්නත්වල ආරක්‍ෂාව, ඵලදායිතාව සහ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ සෞඛ්‍ය අධිකාරයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීමට පටහැනි ප්‍රකාශ.   
    • එන්නත් ආරක්‍ෂාව: එන්නත්වලින් සෞඛ්‍ය අධිකාරීන් විසින් හඳුන්වනු ලබන කලාතුර අතුරු විපාකවලට පිටතින් පිළිකාව හෝ අංශභාගය වැනි නිදන්ගත අතුරු විපාක සිදු වන බවට චෝදනා කරන අන්තර්ගතය.
      • උදාහරණය:
        • MMR එන්නත ස්වේච්ඡතාව ඇති කරන බව ප්‍රකාශ කිරීම්.
        • කිසියම් එන්නතක් COVID-19 වැළඳීමට හේතු වන බව ප්‍රකාශ කිරීම්.
        • එන්නත් ජනගහනය අඩු කිරීමේ න්‍යාය පත්‍රයක කොටසක් බව ප්‍රකාශ කිරීම්.
        • හෙම්බිරිස්සා උණ එන්නත වඳ බව වැනි නිදන්ගත අතුරු විපාක ඇති කර බවට හෝ COVID-19 වැළඳීමට හේතු වන බවට ප්‍රකාශ කිරීම්.
        • HPV එන්නත අංශභාගය වැනි නිදන්ගත අතුරු විපාක ඇති කරන බවට ප්‍රකාශ කිරීම්.
        • අනුමත COVID-19 එන්නතක් මරණය, වඳ බව, ගබ්සාව, ස්වේච්ඡතාව, හෝ වෙනත් ආසාදිත රෝග වැළඳීමට හේතු වන බවට ප්‍රකාශ කිරීම්.
        • ජනගහනයට එන්නත් කිරිමට වඩා ස්වභාවික ආසාදනය හරහා රංචු ප්‍රතිශක්තිය ලබා ගැනීම ආරක්‍ෂා බවට ප්‍රකාශ කිරීම්.
        • අනනුමත හෝ තමන් සාදා ගත් COVID-19 එන්නත් භාවිතය ප්‍රවර්ධන කරන අන්තර්ගතය.
    • එන්නත් ඵලදායිතාව: එන්නත් රෝග සම්ප්‍රේෂණය හෝ සංකෝචනය අඩු නොකරන බවට ප්‍රකාශ කරන අන්තර්ගතය.
      • උදාහරණය:
        • එන්නත් රෝගය වැළඳීමේ අවදානම අඩු නොකරන බවට ප්‍රකාශ කිරීම්.
        • එන්නත් රෝහල් ගත වීම හෝ මරණය ඇතුළුව රෝගයේ තීව්‍රතාව අඩු නොකරන බවට ප්‍රකාශ කිරීම්.
        • එන්නත COVID-19 සඳහා සහතික ලත් වැළැක්වීමේ ක්‍රමයක් ලෙස ප්‍රකාශ කිරීම්.
    • එන්නත් තුළ අඩංගු ද්‍රව්‍ය: එන්නත් තුළ අඩංගු දේවල් වැරදි නියෝජන කරන අන්තර්ගතය.
      • උදාහරණය:
        • එන්නත්වල එන්නතේ අඩංගු ද්‍රව්‍ය ලැයිස්තුවේ නැති ගැබ්වලින් ලැබෙන ජෛව ද්‍රව්‍ය (උදා: ගැබ් පටක, ගැබ් සෛල පට) හෝ සත්ත්‍ව අතුරු නිෂ්පාදන වැනි පදාර්ථ අඩංගු බවට ප්‍රකාශ කිරීම්.
        • එන්නත්වල හඹා යාමට හෝ හඳුනා ගැනීමට අදහස් කෙරෙන වස්තු හෝ උපාංග අඩංගු බවට ප්‍රකාශ කිරීම්.
        • එන්නත් පුද්ගලයෙකුගේ ජාන අංගරචනය වෙනස් කරන බවට ප්‍රකාශ කිරීම්.
        • එන්නත් ඒවා ලබා ගන්නා පුද්ගලයින් කාන්දම් කරන බවට ප්‍රකාශ කිරීම්.

අමතර සම්පත්

ඒවායේ ආරක්‍ෂාව සහ ඵලදායිතාව ඇතුළු එන්නත් පිළිබඳ තව තොරතුරු පහත දැක්වේ.

සෞඛ්‍ය අධිකාරී එන්නත් තොරතුරු:

අමතර එන්නත් තොරතුරු:

සම්ප්‍රේෂණ තොරතුරු

  • දේශීය සෞඛ්‍ය අධිකාරීන්ට හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයට පටහැනි වන සම්ප්‍රේෂණ තොරතුරු ප්‍රවර්ධන කරන අන්තර්ගතය.
    • COVID-19 වෛරස ආසාදනයෙන් ඇති නොවන බව ප්‍රකාශ කරන අන්තර්ගතය.
    • COVID-19 ඇති වන්නේ 5G ජාලවලින් එන විකරණය නිසා බවට ප්‍රකාශ කිරීම්.
    • COVID-19 බෝ වෙන්නේ නැති බව ප්‍රකාශ කරන අන්තර්ගතය.
    • COVID-19 යම් දේශගුණ හෝ භූමි ප්‍රදේශ තුළ පැතිරිය නොහැකි බව ප්‍රකාශ කරන අන්තර්ගතය.
    • කිසියම් සමූහයකට හෝ පුද්ගලයෙකුට වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය තිබෙන බව හෝ වෛරසය සම්ප්‍රේෂණ කළ නොහැකි බව ප්‍රකාශ කර අන්තර්ගතය.

ප්‍රතිකාර වැරදි තොරතුරු 

ප්‍රතිකාර ක්‍රම ලෙස හානිකර පදාර්ථ සහ පුරුදු

  • දැඩි ශාරීරික හානියක් හෝ මරණයක් පිළිබඳ සහජ අවදානම ඉදිරිපත් කරන පහත සඳහන් නිශ්චිත ද්‍රව්‍යවල සහ ප්‍රතිකාරවල ප්‍රවර්ධනය.
    • අද්භූත ඛනිජ ද්‍රාවණ (MMS)
    • කළු රුජානාශකය
    • ටර්පෙන්ටයින්
    • B17/ඇමිග්ඩැලින්/පීච් හෝ ඇප්‍රිකොට් ඇට
    • ඉහළ ශ්‍රේණියේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්
    • ස්වේච්ඡතාවට ප්‍රතිකාර කිරීමට නඛර චිකිත්සාව
    • කලිල රිදි
    • පෙට්‍රෝල්, ඩීසල්, සහ භූමි තෙල්
  • ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරරීන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආරක්‍ෂා කර හෝ ඵලදායී ලෙස අනුමත කර නොමැති හෝ පිළිකා ප්‍රතිකාර සඳහා හානිකර හෝ අකාර්යක්‍ෂම බව තහවුරු කර ඇති විට පිළිකා ප්‍රතිකාර සඳහා නිශ්චිත ක්‍රම භාවිත කිරීම නිර්දේශ කරන අන්තර්ගතය.
    • උදාහරණ:
      • සායනික අත්හදා බැලීම්වලට පිටතින් පිළිකාවට ප්‍රතිකාරය ලෙස පහත සඳහන් ක්‍රම භාවිත කිරීම ප්‍රවර්ධන අන්තර්ගතය:
        • සීසියම් ක්ලෝරයිඩ් (සීසියම් ලුණු)
        • හොක්සී ප්‍රතිකාරය
        • කෝපි වස්තිය
        • ගෙර්සන් චිකිත්සාව
      • සායනික අත්හදා බැලීම්වලට පිටතින් පිළිකාවට ප්‍රතිකාර කිරීම සඳහා පහත සදහන් ක්‍රම ආරක්‍ෂිත හෝ ඵලදායී බව ප්‍රකාශ කරන අන්තර්ගතය:
        • ප්‍රතිනවමූර්තිධර චිකිත්සාව
        • ක්වෙර්සෙටින් (අන්තඃශිරා එන්නත)
        • මෙතඩෝන්
        • කවුන්ටරයෙන් ගත හැකි නඛර චිකිත්සාව
  • COVID-19 ප්‍රතිකාරයට ඉවර්මෙක්ටින් හෝ හයිඩ්‍රෝක්ලෝරෝක්වින් භාවිත කිරිම ප්‍රවර්ධන කරන අන්තර්ගතය.
සහතික ලත් ප්‍රතිකාර වැරදි තොරතුරු
  • අනුමත ප්‍රතිකාරයට පිටතින් පිළිකාව සඳහා සහතික ගුණ කිරීමක් ඇති බව ප්‍රකාශ කරන අන්තර්ගතය.
  • COVID-19 සඳහා සහතික ලත් ගුණ කිරීමක් ඇති බව ප්‍රකාශ කරන අන්තර්ගතය.
හානිකර විකල්ප ක්‍රමය සහ වෘත්තීය ප්‍රතිකාරය පසුබට කිරීම
  • අපි පිළිකාව සඳහා අනුමත ප්‍රතිකාර කිසි විටෙක ඵලදායී නොවන බව ප්‍රකාශ කරන අන්තර්ගත.
    • උදාහරණ:
      • පිළිකාව සඳහා අනුමත රසායනික චිකිත්සාව හෝ විකරණය වැනි ප්‍රතිකාර කිසි විටෙක ඵලදායී නොවන බව ප්‍රකාශ කරන අන්තර්ගතය.
      • පුද්ගලයින් පිළිකාව සඳහා අනුමත ප්‍රතිකාර ලැබීම පසුබට කරන අන්තර්ගතය.
  • පිළිකාව සඳහා අනුමත ප්‍රතිකාරවලට වඩා විකල්ප ප්‍රතිකාර ඉතා ආරක්‍ෂිත හෝ ඉතා ඵලදායී බවට ප්‍රකාශ කිරීම්.
    • පිළිකාවට ප්‍රතිකාර කිරීම තුළ රසායනික චිකිත්සාවට වඩා යුෂ දීමට ඉතා හොඳ ප්‍රතිඵල ඇති බව ප්‍රකාශ කරන අන්තර්ගතය.
  • පිළිකාව සඳහා අනුමත ප්‍රතිකාර වෙනුවට විකල්ප ප්‍රතිකාර නිර්දේශ කරන අන්තර්ගතය.
    • පිළිකාව සඳහා අනුමත ප්‍රතිකාරය ලැබීම වෙනුවට පථ්‍ය ආහාර සහ ව්‍යායාම ප්‍රවර්ධන කරන අන්තර්ගතය.
  • පුද්ගලයින්ට COVID-19 රෝගය ඇති වන්නේ නම් වෛද්‍ය වෘත්තීය උපදේශනය ලැබීමෙන් හෝ වෛද්‍ය උපදෙස් ලැබීමෙන් ඔවුන් පසුබට කිරීම.
  • වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලැබීම හෝ රෝහලට යාම වැනියෙන් COVID-19 සඳහා වෛද්‍ය ප්‍රතිකාර වෙනුවට නිවසේ පිළියම්, යාඥාව, හෝ ශාන්තිකර්ම භාවිත කිරීම පොලඹ වන අන්තර්ගතය.
  • රසායනික සහ ශල්‍යකර්ම ගබ්සාවේ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරීන්ගේ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීමට පටහැනි වන අන්තර්ගතය:
    • ගබ්සා කිරීම පියයුරු පිළිකාව ඇති කරන බව ප්‍රකාශ කිරීම්.
    • ගබ්සාව සාමාන්‍යයෙන් වඳ වීමේ හෝ අනාගත ගබ්සා වීමේ ඉහළ අවදානමක් ඇති හෝ සිදු කරන බව ප්‍රකාශ කිරීම්.
  • සෞඛ්‍ය අධිකාරීන් විසින් ආරක්‍ෂිත ලෙස සලකනු ලබන රසායනික හෝ ශල්‍යකර්ම ක්‍රම වෙනුවට විකල්ප ගබ්සා ක්‍රම ප්‍රවර්ධන කිරීම.
  • මව්කිරි හෝ වාණිජ සූත්‍ර වෙනුවට ළදරුවන් සඳහා විකල්ප සූත්‍ර ප්‍රවර්ධන කිරීම.

වැරදි තොරතුරු ප්‍රතික්‍ෂේප කිරීම  

  • COVID-19 පැවැත්වීම හෝ මිනිසුන් COVID-19 නිසා මිය ගිය බව ප්‍රතික්‍ෂේප කරන අන්තර්ගතය.
    • උදාහරණ:
      • COVID-19 පැවැත්වීම ප්‍රතික්‍ෂේප කිරීම
      • මිනිසුන්ට COVID-19 ඇති නොවූ බව හෝ එයින් රෝගී නොවූ බවට ප්‍රකාශ කිරීම්
      • ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරීන් හෝ WHO විසින් සිද්ධි හෝ මරණ තහවුරු කර ඇති රටවල් තුළ සිද්ධි හෝ මරණ සිදු නොවූ බවට ප්‍රකාශ කිරීම්

අධ්‍යාපනික, වාර්තාමය, විද්‍යාත්මක හෝ කලාත්මක අන්තර්ගතය

එම අන්තර්ගතයට වීඩියෝව, ශ්‍රව්‍යය, මාතෘකාව, හෝ විස්තරය තුළ අමතර සන්දර්භය තිබේ නම් අපි මෙම පිටුව මත සඳහන් වන වැරදි තොරතුරු උල්ලංඝන කරන අන්තර්ගතයට ඉඩ දිය හැක. මෙය වැරදි තොරතුරු ප්‍රවර්ධන කිරීමට අවසරපතක් නොවේ. අමතරව සන්දර්භයට ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරීන්ගෙන් හෝ වෛද්‍ය විශේෂඥයින්ගෙන් ලැබෙන ප්‍රතිතෝලන දසුන් ඇතුළු වේවි. අන්තර්ගතයේ අරමුණ අප ප්‍රතිපත්ති උල්ලංඝන කරන වැරදි තොරතුරු හෙළා දැකීම, ආරවුල් කිරීම, හෝ විකට කිරීම නම් ද අපි ව්‍යතිරේක කළ හැක. අපි අන්තර්ගතය අප ප්‍රතිපත්ති උල්ලංඝන කරන වැරදි තොරතුරු ප්‍රවර්ධන කිරීමට ඉලක්ක නොකරන්නේ නම් නිශ්චිත වෛද්‍ය අධ්‍යයනයක ප්‍රතිඵල, හෝ විරෝධතාවක් හෝ ප්‍රසිද්ධ විමර්ශනයක් වැනි විවෘත පොදු සංසදයක් ගැන සාකච්ඡා කරන අන්තර්ගතයට ද ව්‍යතිරේක කළ හැක.

උදාහරණය වශයෙන්, පුද්ගලයින්ට එන්නත් කිරීම් පිළිබඳ පුද්ගලික අත්දැකීම් ඇතුළුව ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකි විය යුතු බවට ද YouTube විශ්වාස කරයි. එනම් අපි නිර්මාපකයෝ තමන්ගේ හෝ තම පවුලේ මුල් අත්හදා බැලීම් විස්තර කරන අන්තර්ගතය සඳහා අපි ව්‍යතිරේක කළ හැක. ඒ අතරතුර, අපි පුද්ගලික අත්දැකීම් බෙදා ගැනීමත් වැරදි තොරතුරු ප්‍රවර්ධන කිරීමත් අතර වෙනසක් තිබෙන බව අවබෝධ කර ගනිමු. මෙම තුලනය සම්බන්‍ධයෙන් කටයුතු කිරීමට, අන්තර්ගතවලට හෝ නාලිකාවලට වෙනත් ප්‍රතිපත්ති උල්ලංඝන ඇතුළු වන්නේ නම් හෝ වෛද්‍ය වැරදි තොරතුරු ප්‍රවර්ධන කරන රටාවක් පෙන්නුම් කරන්නේ නම් අපි තවමත් ඒවා ඉවත් කරමු.

අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝන කරන්නේ නම් කුමක් වෙයිද

ඔබේ අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝන කරන්නේ නම්, අපි අන්තර්ගතය ඉවත් කර ඔබට දැන්වීමට ඔබට ඉ-තැපෑලක් එවමු. අපට ඔබ පළ කරන සබැඳියක් ආරක්‍ෂිත බව සත්‍යාපන කළ නොහැකි නම් අපි සබැඳිය ඉවත් කළ හැක.

ඔබ අප ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝන කරන පළමු අවස්ථාව මෙය නම් ඔබේ නාලිකාවට දඬුවමක් නොමැතිව ඔබට අවවාදයක් ලැබිමට ඉඩ ඇත. එය එසේ නොවේ නම්, අපි ඔබේ නාලිකාවට එරෙහිව වර්ජනයක් නිකුත් කළ හැක. ඔබට දින 90 ක් තුළ වර්ජන 3 ක් ලැබෙන්නේ නම් ඔබේ නාලිකාව අවසන් කරනු ලැබේ. ඔබට මෙතැනින් අප වර්ජන ක්‍රමය ගැන තව දැන ගත හැක.

ප්‍රජා මාර්ගෝපදේශ හෝ සේවා නියම නැවත නැවතත් උල්ලංඝන කිරීම නිසා අපි ඔබේ නාලිකාව හෝ ගිණුම අවසන් කළ හැක. අපි දැඩි අපයෝජනයක එක් අවස්ථාවකට පසු හෝ නාලිකාව ප්‍රතිපත්ති උල්ලංඝන කිරීමකට කැප වී ඇති විට ද ඔබේ නාලිකාව හෝ ගිණුම අවසන් කළ හැක. ඔබට මෙතැනින් නාලිකා හෝ ගිණුම් අවසන් කිරීම ගැන තව දැන ගත හැක. 

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
17221457396075326625
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false