YouTube මත සාධාරණ භාවිතය

සාධාරණ භාවිතය යනු ප්‍රකාශන හිමියාගේ අවසරය නොමැතිවයම් සන්දර්භවලදී ප්‍රකාශන හිමිකමින් ආරක්‍ෂිත ද්‍රව්‍යය නැවත භාවිත කිරීමට අවසර ඇති බව කියන නෛතික ධර්මයකි.

ප්‍රකාශන හිමිකම් නීතිය යටතේ උල්ලංඝන කරන බවට ප්‍රකාශන හිමිකම් දරන්නන් විසින් හිමිකම් පානු ලබන වීඩියෝ ඉවත් කිරීමට YouTube හට ඉල්ලීම් බොහොමයක් ලැබේ. සමහර විට මෙම ඉල්ලීම් ප්‍රකාශන හිමිකම් ව්‍යතිරේකවලට සුදුසුකම් ලබන හෝ සාධාරණ භාවිතයේ පැහැදිලි උදාහරණ ලෙස පෙනෙන වීඩියෝවලට මෙම ඉල්ලීම් යෙදෙයි.

ප්‍රකාශන හිමිකරුවන් ඔවුන් ප්‍රකාශන හිමිකම් ඉවත් කිරීමේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අයැදුම් කිරීමට පෙර ප්‍රකාශන හිමිකම් ව්‍යතිරේක යෙදෙන්නේද සලකා බැලිය යුතුම බවට අධිරකණ තීරණ කර ඇත.

වීඩියෝවක් තුළ ප්‍රකාශන හිමිකමින් ආරක්‍ෂිත ද්‍රව්‍යයේ භාවිතය ප්‍රකාශන හිමිකම් ව්‍යතිරේකයකට සුදුසුකම් ලබන්නේ නම් එවිට වීඩියෝව නීත්‍යානුකූල බවටත් උල්ලංඝන නොකරන බවටත් සලකනු ලැබේ. YouTube වෙත ප්‍රකාශන හිමිකම් ඉවත් කිරීමේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට පෙර ප්‍රකාශන හිමිකම් ව්‍යතිරේක යෙදෙන්නේද ගැන සිතා බලන ලෙස අපි ප්‍රකාශන හිමිකරුවන්ට නිතර කියන්නේ මෙය නිසා ය. ප්‍රකාශන හිමිකරුවෙක් වීඩියෝවක් ව්‍යතිරේකයකට සුදුසුකම් නොලබන බව විශ්වාස කරන්නේ නම් එවිට ඔවුහු අපට හේතුව ගැන ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් දිය යුතු ම ය. 

ප්‍රකාශන හිමිකරුවෙක් අපට හේතුව ගැන ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නොදෙන්නේ නම් එවිට වීඩියෝව YouTube වෙතින් ඉවත් නොකෙරේ. 

ලොව පුරා ප්‍රකාශන හිමිකම් ව්‍යතිරේක

ප්‍රකාශන හිමිකම් ව්‍යතිරේක පිළිබඳ ජාත්‍යන්තර රීති නිතර සමාන වන අතරතුර ඒවා වෙනස් විය හැක. ප්‍රකාශන හිමිකම දරන්නාගේ අවසරය නොමැතිව ප්‍රකාශන හිමිකමින් ආරක්‍ෂිත ද්‍රව්‍යය භාවිත කළාට කමක් නැතිද ගැන විවිධ රටවල සහ කලාපවල විවිධ රීති තිබේවි.

අපි ප්‍රකාශන හිමිකම් ඉවත් කිරීමේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන විට අපි දේශීය රීති සැලකිල්ලට ගන්නා බව මතක තබා ගන්න. අපි වීඩියෝවක් ප්‍රකාශන හිමිකම් ව්‍යතිරේකයකට සුදුසුකම් නොලබන බව කියන ප්‍රකාශන හිමිකම් දරන්නෙකුගෙන් කෙතරම් නිතර අමතර පැහැදිලි කිරීම් ඉල්ලන්නේද යන්න ඇතුළුව අපි ප්‍රකාශන හිමිකම් ඉවත් කිරීමේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ වැඩි තොරතුරු සඳහා ඔබට YouTube ප්‍රකාශන හිමිකම් විනිවිද භාව වාර්තාව බැලිය හැක.

එක්සත් ජනපදය තුළ විවරණ, විවේචන, පර්යේෂණ, ඉගෙන්වීම්, හෝ ප්‍රවෘත්ති වාර්තා කරන නිර්මාණ සාධාරණ භාවිතය ලෙස සලකනු ලැබේවි. යුරෝපා සංගමය තුළ, ඉතා සීමිත ව්‍යතිරේක හඳුනා ගනු ලබන අතර භාවිතය උපුටා දැක්වීම, විවේචනය, සමාලෝචනය, විකට රූපය, සරදම, සහ සංග්‍රහනුකරණය වැනි නිශ්චිත ප්‍රවර්ගවලට ගැළපිය යුතු ම ය. වෙනත් රටවල / කලාපවල වෙනත් ආකාරයේ ක්‍රියා කළ හැකි සාධාරණ ගනුදෙනුව ලෙස හැඳින් වෙන සංකල්පයක් තිබේ.

අවසානයෙන්, අධිකරණ සාධාරණ භාවිත නඩු තීන්දු කරන්නේ එක් එක් අද්විතීය නඩුවේ කරුණුවලට අනුව ය. ඔබ ප්‍රකාශන හිමිකමින් ආරක්‍ෂිත ද්‍රව්‍යය භාවිත කරන වීඩියෝ උඩුගත කිරීමට පෙර ප්‍රවීණයෙකුගෙන් නීති උපදෙස් ගැනීමට කැමති වේවි.

සාධාරණ භාවිතයේ කරුණු හතර

එක්සත් ජනපදය තුළ, විනිශ්චයකරුවෝ සාධාරණ භාවිතය ලෙස සැලකෙන දෙය තීරණ කරති. විනිශ්චයකරුවෙක් එක් එක් නිශ්චිත නඩුවකට සාධාරණ භාවිතයේ කරුණු හතර යෙදෙන ආකාරය සලකා බලයි. සාධාරණ භාවිතයේ කරුණු හතර:

1. එවැනි භාවිතය වාණිජමය ස්වභාවයෙන් යුතුද හෝ ලාභ නොසොයන අධ්‍යාපනික අරමුණු සඳහාද යන්න ඇතුළුව භාවිතයේ අරමුණ සහ ගති ලක්‍ෂණය

අධිකරණ සාමාන්‍යයෙන් ප්‍රකාශන හිමිකමින් ආරක්‍ෂිත භාවිතය “පරිණාමිතද” යන්න මත අවධානය යොමු කරයි. එනම් එය මුල් ද්‍රව්‍යයට නව ප්‍රකාශ හෝ අර්ථය දෙන්නේද හෝ එය නිකමම මුල් කෘතිය පිටපත් කරන්නේද වෙයි.
වාණිජ භාවිත සාධාරණ ලෙස සලකනු ලැබීමට ඉඩ අඩු නමුත් සාධාරණ භාවිත ද්‍රව්‍යය අඩංගු වීඩියෝවක් තවමත් මුදල් කළ හැක.

2. ප්‍රකාශන හිමිකම් නිර්මාණයේ ස්වභාවය

මූලික වශයෙන් කරුණුමය නිර්මාණවලින් ලැබෙන ද්‍රව්‍යය භාවිත කිරීම මුළුමනින්ම ප්‍රබන්‍ධ නිර්මාණ භාවිත කිරීමට වඩා සාධාරණ භාවිතය වීමට ඉඩකඩ වැඩියි.

3. මුළු ප්‍රකාශන හිමිකම් සහිත නිර්මාණයටම සාපේක්‍ෂව භාවිත කරනු ලබන කොටසේ ප්‍රමාණය සහ සාරානුකූල බව

මුල් කෘතියකින් කුඩා ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීම විශාල කොටස් ලබා ගැනීමට වඩා සාධාරණ භාවිතය ලෙස සලකනු ලැබීමට ඉඩකඩ වැඩියි. නමුත්, ලබා ගත් දෙය නිර්මාණයේ "හෘදය" ලෙස සලකනු ලබන්නේ නම් සමහර විට කුඩා නියැදියක් ලබා ගැනීම පවා සාධාරණ භාවිතයට එරෙහිව බරපතල වේවි.

4. ප්‍රකාශන හිමිකම සහිත කෘතියේ විභව්‍ය වෙළෙඳපොල වෙත බලපෑම හෝ වටිනාකම

ප්‍රකාශන හිමිකම් දරන්නාට තම මුල් කෘතියෙන් ලාභ ලැබීමේ හැකියාවට හානි කරන භාවිත සාධාරණ භාවිත වීමට ඉඩකඩ අඩුයි. සරදම් සම්බන්‍ධ වන අවස්ථාවලදී අධිකරණ සමහර විට මෙම කරුණ යටතේ ව්‍යතිරේකයක් කර ඇත.

සාධාරණ භාවිතයේ උදාහරණ

Donald Duck Meets Glenn Beck in Right Wing Radio Duck

"Donald Duck Meets Glenn Beck in Right Wing Radio Duck"

rebelliouspixels විසිනි

මෙම යළිමුසුව විවිධ මූලාශ්‍ර ද්‍රව්‍යවලින් ලැබෙන කෙටි උපුටා ගැනීම් ඒකාබද්ධ කරයි. යළිමුසු ආර්ථික අර්බුදය ඇති කාලවල අවුස්සන වාගලංකාරයේ විපාකය ගැන නව පණිවුඩයක් සාදයි. මූලාශ්‍ර ද්‍රව්‍යය සඳහා නව අර්ථය සාදන නිර්මාණ සාධාරණ භාවිතය ලෙස සලකනු ලැබේවි.

YouTube හි සාධාරණ භාවිත ආරක්‍ෂණ මූලාරම්භය

කලාතුර අවස්ථාවලදී, ප්‍රකාශන හිමිකම් ඉවත් කිරීමේ ඉල්ලීම්වලින් YouTube මත “සාධාරණ භාවිතයේ” සමහර උදාහරණ ආරක්‍ෂා කරන මූලාරම්භයකට එක් වන ලෙස අපි YouTube නිර්මාපකයින්ට පවසා ඇත. YouTube මෙම මූලාරම්භය හරහා, ප්‍රකාශන හිමිකම් උල්ලංඝන කිරීමේ නඩු කීමකින් ඉවත් කිරීම ප්‍රතිඵලය වන අවස්ථාවේදී තම සාධාරණ භාවිත වීඩියෝ ඉවත් කිරීමේ ඉල්ලීම්වලට යටත් වී ඇති නිර්මාපකයින්ට නීතිමය වියදම්වලින් $1 මිලියනයක් දක්වා වන්දි ගෙවයි.

මෙම මූලාරම්භයේ අරමුණ මෙම නිර්මාපකයින්ට තම නිර්මාණය ආරක්‍ෂා කිරීමට අවස්ථාවක් තිබීම තහවුරු කිරීම වෙයි. එය සාධාරණ භාවිතයේ වැදගත්කම සහ සීමා යන දෙකම ඉගැන්වීමෙන් නිර්මාණශීලී ලොව දියුණු කිරීම ද ඉලක්ක කරයි. ඉමත විස්තර කළ පරිදි විවිධ රටවලින් / කලාපවලින් එවැනි භාවිත පාලන කරන රීති තුළ ඇති විවිධත්වය නිසා අපට මෙම මූලාරම්භය පිරිනැමිය හැක්කේ තම වීඩියෝ එක්සත් ජනපදය තුළ පමණක් ලැබීමට එකඟ වන එක්සත් ජනපදය තුළ ජීවත් වන නිර්මාපකයින්ට පමණයි.

YouTube හි සාධාරණ භාවිත ආරක්‍ෂණ මූලාරම්භය තුළ ඇති වීඩියෝවල උදාහරණ

Fracking Next Door

තව උදාහරණ සඳහා, අප සාධාරණ භාවිත ආරක්‍ෂණ ධාවන ලැයිස්තුව පරීක්‍ෂා කරන්න.
සටහන: ඔබ එක්සත් ජනපදය තුළ සිටින්නේ නම් ඔබට අපි මෙම ධාවන ලැයිස්තුව තුළ ආරක්‍ෂා කර ඇති වීඩියෝ නැරඹිය හැක. අවාසනාවන්ත ලෙස, ඔබ එක්සත් ජනපදයට පිටත සිටින්නේ නම් ඔබට මෙම ධාවන ලැයිස්තුවේ ඇති වීඩියෝව බැලිය නොහැක.

මෙම උදාහරණ වීඩියෝ අපට ලැබෙන ප්‍රකාශන හිමිකම් ඉවත් කිරීමේ ඉල්ලීම්වල විශාල ප්‍රමාණයක කුඩා නියැදියක් නියෝජන කරයි. ඒවා ද ඉවත් කිරීමට යටත් වන විභව්‍ය සාධාරණ භාවිත වීඩියෝ විශාල ප්‍රමාණයකින් කිහිපයක් පමණක් නියෝජන කරයි.

සෑම වසරකම, YouTube හට බොහෝ කරුණු මත පදනම්ව තෝරා ගනු ලබන වීඩියෝ කිහිපයකට පමණක් සාධාරණ භාවිත ආරක්‍ෂාව පිරිනැමිය හැක. සාමාන්‍යයෙන්, අපි සාධාරණ භාවිතයේ කරුණු හතර මත පදනම්ව සාධාරණ භාවිතය හොඳින්ම පෙන්නුම් කරන වීඩියෝ තෝරා ගනිමු.

මෙම මූලාරම්භය සඳහා ඔබේ වීඩියෝව තෝරා ගනු ලබන්නේ නම් අපි ඔබට දන්වමු. අපට ඔබේ වීඩියෝව ආරක්‍ෂා කිරීමට කියමින් අප සම්බන්‍ධ කර ගැනීමට අවශ්‍ය නැත. අපට ඔබට මෙම ආරක්‍ෂාව දිය හැකි නම් අපි ඔබ සම්බන්‍ධ කර ගනිමු.

පුනස්ථාපිත සාධාරණ භාවිත වීඩියෝ

YouTube හට සියලු දෙනාට නීතිමය ආරක්‍ෂාවක් පිරිනැමිය නොහැකි අතරතුර, අපි සියලුම YouTube නිර්මාපකයින්ට බලපාන ප්‍රකාශන හිමිකම් ඉවත් කිරීමේ ඉල්ලීම් ගැන අවධානයෙන් සිටිමු.

අපි ප්‍රකාශන හිමිකම් දරන්නන්ට ඉවත් කිරීමේ ඉල්ලීම් නැවත සලකා බලා සාධාරණ භාවිත වීඩියෝ පුනස්ථාපන කිරීමට ඉල්ලා ඇති යම් සැලකිය යුතු අවස්ථා ගැන ඔබට අවබෝධය තිබේවි. උදාහරණය වශයෙන්:

  • එය නරඹන්නන්ට අහිතකර වූ හේතුව පිළිබඳ සාකච්ඡාවක කොටසක් වශයෙන්, තරයේ විවේචන කරන ලද වෙළෙඳ දැන්වීමක කෙටි පසුරු පෙන්වන Young Turks ගේ මෙම වීඩියෝව.
  • දියවැඩියාව සඳහා ඔප්පු නොකරන ලද ප්‍රතිකාරයකට පිටසන් කරන දේශපාලන ප්‍රමුඛයෙක් විවේචන කරන Secular Talk ගේ මෙම වීඩියෝව.
  • Buffy vs Edward: Twilight Remixed -- [original version], නව යොවුන් ඉලක්ක කරන වෑම්පයර් ආශ්‍රිත නිර්මාණ දෙකක් තුළ ගැහැනුන් නිරූපණ කෙරෙන මාර්ග සසඳන යළිමුසු වීඩියෝවක්.
  • "No Offense", අශිෂ්ට හැසිරීමේ උදාහරණයක් ලෙස ප්‍රසිද්ධ පුද්ගලයෙකු දක්වන පසුරක් භාවිත කරන National Organization for Marriage විසින් උඩුගත කරන ලද වීඩියෝවක්.

තව තොරතුරු

ඔබ සාධාරණ භාවිතය ගැන තව දැන ගැනීමට කැමති නම් අන්තර්ජාලය මත බොහෝ සම්පත් තිබේ. පහත සඳහන් අඩවි අධ්‍යාපන අරමුණු සඳහා පමණක් වන අතර YouTube විසින් පිටසන් නොකරනු ලැබේ:

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
892096926651125194
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false