සුපිරි කථාබස හා සුපිරි ස්ටිකර සක්‍රීය හෝ අක්‍රිය කරන්න

සුපිරි කථාබස සහ සුපිරි ස්ටිකර යනු YouTube හවුල්කාර වැඩසටහන හරහා ඔබේ නාලිකාවෙන් මුදල් ඉපැයීමේ මාර්ග වෙයි. මෙම විශේෂාංග ඔබේ නරඹන්නන්ට කැපී පෙනෙන අතර සමහර විට සජීවී කථාබස් සංග්‍රහයක ඉහළින් අමුණනු ලබන සජීවී කථාබස් පණිවුඩ මිලදී ගැනීමට ඉඩ දෙයි. සුදුසුකම් ලැබීම පිළිබඳව තව දැනගන්න.

සුපිරි කථාබස හා සුපිරිසි ස්ටිකර භාවිත කරන විට අදාළ සියලුම නීතිවලට අනුකූලතාව දැක්වීම සම්බන්‍ධයෙන් ඔබ වගකීම දරන බව මතක තබා ගන්න. ඔබට සුපිරි කථාබස් හා සුපිරි ස්ටිකර සක්‍රීය කිරීමට, පිරිනැමීමට, යැවීමට හා ඒවායින් මුදල් ඉපැයීමට හැකිද යන්න මෙම නීතිවලින් ආවරණ වේවි.

සුපිරි කථාබස සහ සුපිරි ස්ටිකර: ඒවා සැකසීම සහ භාවිත කිරීම සඳහා ඉඟි

 

ඔබේ නාලිකාව සඳහා සුපිරි කථාබස් හෝ සුපිරි ස්ටිකර සක්‍රීය හෝ අක්‍රිය කරන්න

සුපිරි කථාබස් හෝ සුපිරි ස්ටිකර සක්‍රීය කරන්න

To earn revenue from Super Chat or Super Stickers, you (and your MCN) must first accept the Commerce Product Module (CPM). සුපිරි කථාබස් හෝ සුපිරි ස්ටිකර් වෙතින් ආදායම් ඉපැයීම උදෙසා ඔබ (සහ ඔබේ MCN) පළමුව වාණිජ නිෂ්පාදන මොඩියුලය පිළිගත යුතුය. CPM පිළිබඳ වැඩිදුර තොරතුරු සදහා ඔබේ YouTube වාණිජ නිෂ්පාදන මුදල් කිරීමේ ප්‍රතිපත්ති බලන්න.

සුපිරි කථාබස් සහ සුපිරි ස්ටිකර් සක්‍රීය කිරීම සඳහා ඔබට පරිගණකයක් භාවිත කිරීමට අවශ්‍ය නම්:

  1. පරිගණකයකින්, YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුව තුළ, උපයන්න ක්ලික් කරන්න.
  3. සුපිරි පටිත්ත ක්ලික් කරන්න . මෙම පටිත්ත මතු වන්නේ ඔබේ නාලිකාව සුදුසුකම් ලබන්නේ නම් පමණයි.
  4. අරඹන්න මත ක්ලික් කර තිරය මත උපදෙස් පිළිපදින්න.
  5. ඔබ සුපිරි කොටස වෙත පිවිසෙන පළමු අවස්ථාව මෙය නම්, වාණිජ නිෂ්පාදන මොඩියුලය වෙත පුරනය වීම සඳහා තිරය මත උපදෙස් පිළිපදින්න.
  6. උපදෙස් සියල්ල සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔබට විකල්ප 2 ක් හමු වෙයි:
    • "සුපිරි කථාබස" ඔබට සක්‍රීය හෝ අක්‍රිය කළ හැකි ස්විචයකට යාබදව.
    • "සුපිරි ස්ටිකර" ඔබට සක්‍රීය හෝ අක්‍රිය කළ හැකි ස්විචයකට යාබදව .

ඔබට සුපිරි කථාබස සහ සුපිරි ස්ටිකර සක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිත කිරීමට අවශ්‍ය නම්:

  1. YouTube Studio ජංගම යෙදුම විවෘත කරන්න.
  2. තිරයේ පහළින්, උපයන්න තට්ටු කරන්න.
  3.  සුපිරි කාඩ්පත තට්ටු කරන්න . සුපිරි කාඩ්පතක් දිස් නොවන්නේ නම්, "සුපිරි" කොටසෙහි අරඹන්න යන්න තට්ටු කරන්න සහ අනතුරුව සක්‍රීය කරන්න.
  4. ඔබ සුපිරි කොටස වෙත පිවිසෙන පළමු අවස්ථාව මෙය නම්, වාණිජ නිෂ්පාදන මොඩියුලය වෙත පුරනය වීම සඳහා තිරය මත උපදෙස් පිළිපදින්න.
  5. උපදෙස් සියල්ල සම්පූර්ණ කිරීමෙන් අනතුරුව , ඔබ සුදුසුකම් ලබන පහත දෑවලට අදාළව සුපිරි නිෂ්පාදන සියල්ලම මතු වෙයි:
    • සජීවී ප්‍රවාහ සහ මංගල දර්ශන (සුපිරි කථාබස සහ සුපිරි ස්ටිකර)
    • දීර්ඝ වීටියෝ සහ කෙටි වීඩියෝ (සුපිරි ස්තුති කිරීම්)

සටහන්:

  • තුන්වැනි පාර්ශ්වයක් විසින් ඔබේ හිමිකම් පරිපාලනය කරනු ලැබෙන්නේ නම්, සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකර සක්‍රීය කිරීමට පෙර ඔවුන් සමඟ පරීක්‍ෂා කරන්න.
  • ඔබට ඇතැම් නිශ්චිත සුපිරි අක්‍රිය කිරීමට අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් YouTube Studio වෙත පුරනය වීමට ඔබට පරිගණකයක් භාවිත කළ හැක. අදාළ සුපර්ස් අක්‍රිය කිරීම සඳහා සුපර්ස් පටිත්ත වෙත යන්න.

සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකර අක්‍රිය කරන්න

  1. පරිගණකයකින්, YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුව තුළ, උපයන්න ක්ලික් කරන්න.
  3. සුපිරි පටිත්ත ක්ලික් කරන්න .
  4. පහත විකල්ප දෙකම හෝ එකක් තෝරාගන්න:
    • "සුපිරි කථාබස" ට යාබදව ඇති ස්විච්චය අක්‍රිය කරන්න .
    • "සුපරි ස්ටිකර්" වලට යාබදව ඇති ස්විච්චය අක්‍රිය කරන්න.
  5. උත්පතන මෙනුවෙහි "මෙම ක්‍රියාවේ ගම්‍යතා මම වටහා ගනිමි" යන්නට එහායින් ඇති තේරීම් කොටුව ක්ලික් කරන්න.
  6. අක්‍රිය කරන්න ක්ලික් කරන්න.

ඔබේ ජාලය සඳහා සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකර සක්‍රීය කරන්න

සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකර සක්‍රීය කිරීමට ජාලයට ඉඩ දෙන්න

සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකර වෙතින් ආදායම් ඉපැයීම සඳහා, ජාල විසින් පළමුව වාණිජ නිෂ්පාදන මොඩියුලය පිළිගත යුතුය. CPM පිළිබඳ වැඩිදුර තොරතුරු සදහා ඔබේ YouTube වාණිජ නිෂ්පාදන මුදල් කිරීමේ ප්‍රතිපත්ති බලන්න.

  1. පරිගණකයකින්, YouTube Studio වෙත පුරන්න.
  2. සැකසීම් වෙත යන්න.
  3. "ගිවිසුම්" ක්ලික් කර වාණිජ නිෂ්පාදන මොඩියුලය පිළිගන්න.

මංගල දර්ශන සඳහා සුපිරි කථාබස හා සුපිරි ස්ටිකර් සක්‍රීය කරන්න.

සුපිරි කථාබස හා සුපිරි ස්ටිකර් YouTube මංගල දර්ශන සමඟ ක්‍රියා කරයි. ඔබ ඔබේ නාලිකාව සඳහා සුපිරි කථාබස් හා සුපිරි ස්ටිකර් සක්‍රීය කර ඇති නම්, ඔබ වීඩියෝවක මංගල දර්ශනය පෙන්වන විට ඒවා ස්වංක්‍රීයව සක්‍රීයව පවතියි. සුපිරි කථාබස් හා සුපිරි ස්ටිකර් සමඟින් වීඩියෝවක මංගල දර්ශනය පෙන්වීම සඳහා මෙම උපදෙස් පිළිපදින්න:

  1. පරිගණකයකින් ඔබේ සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකර් සබල කර ඇති නාලිකාව සමඟින් YouTube වෙත පුරන්න.
  2. පිටුවෙහි ඉහළින්, උඩුගත කරන්න ක්ලික් කරන්න, හෝ youtube.com/upload වෙත යන්න.
  3. පතන මෙනුවෙන් කාල සටහන් කරන ලද යන්න ක්ලික් කරන්න.
    • පොදු යන්න තේරීමෙන් වීඩියෝව උඩුගත වීම අවසන් වූ පසුව මංගල දර්ශනය එසැණින් ආරම්භ වන බව සලකන්න.
    • ලැයිස්තුගත නොවූ වීඩියෝ මංගල දර්ශන පෙන්විය නොහැක.
  4. පරිගණකය වෙතින් උඩුගත කිරීමට ඔබට අවශ්‍ය වීඩියෝව ක්ලික් කරන්න.
  5. ඊළඟ පිටුවෙහි, මංගල දර්ශනය සක්‍රීය කරන්න.
  6. ඔබේ මංගල දර්ශනය සදහා දිනය හා වේලාව තෝරන්න.
  7. වීඩියෝව සැකසීම අවසන් වූ පසුව, ඉහළ දකුණු කෙළවරෙහි ඇති මංගල දර්ශනය යන්න ක්ලික් කරන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
12080449780740878151
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false