ස්වයංක්‍රීය සිරස්තල යෙදීම භාවිත කරන්න

සිරස්තල යනු අන්තර්ගතය නරඹන්නන්ට ප්‍රවේශ්‍ය කිරීමට විශිෂ්ට මාර්ගයකි. ඔබේ වීඩියෝ සඳහා ස්වයංක්‍රීයව සිරස්තල සෑදීමට YouTube කථන හඳුනා ගැනීම් තාක්‍ෂණය භාවිත කළ හැක.
සටහන: මෙම ස්වයංක්‍රීය සිරස්තල යාන්ත්‍රික ඉගෙනුම් ඇල්ගොරිදම මගින් උත්පාදන කෙරෙන බැවින් සිරස්තලවල ගුණත්වය වෙනස් වේවි. අපි නිර්මාපකයින්ට පළමුව වෘත්තීය සිරස්තල එක් කිරීමට පොලඹවන්නෙමු. YouTube කථන හඳුනා ගැනීම් තාක්‍ෂණය අඛණ්ඩව දියුණු කරයි. කෙසේ වෙතත්, වැරදි උච්ඡාරණ, ස්වරණ, උපභාෂා, හෝ පසුබිම් ඝෝෂාව නිසා කථන අන්තර්ගතය ස්වයංක්‍රීය සිරස්තල වැරදි නියෝජන වීමට ඉඩ ඇත. ඔබ සැම විටම ස්වයංක්‍රීය සිරස්තල සමාලෝචන කර නිසි පරිදි අනුපත් නොකරන ලද ඕනෑම කොටසක් සංස්කරණ කළ යුතු ය.

දිගු ආකෘතියේ වීඩියෝ සහ Shorts සඳහා ස්වයංක්‍රී සිරස්තල

ස්වයංක්‍රීය සිරස්තල අරාබි, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, හෙබ්‍රෙව්, හින්දි, ඉන්දුනීසියානු, ඉතාලි, ජපන්, කොරියානු, පෘතුගීසි, රුසියානු, ස්පාඤ්ඤ, තුර්කි, යුක්‍රේන, සහ වියට්නාම යන භාෂාවලින් ලබා ගත හැක. වීඩියෝවක මත බහු භාෂා ශ්‍රව්‍ය ඛණ්ඩ තිබේ නම්, ස්වයංක්‍රීය සිරස්තල පෙරනිමි භාෂාවේ වෙයි.

අපි නිර්මාපකයින්ට පළමුව වෘත්තීය සිරස්තල එක් කිරීමට පොලඹවන්නෙමු. ස්වයංක්‍රීය සිරස්තල ලැබේ නම්, ඒවා වීඩියෝව මත ස්වයංක්‍රීයව ප්‍රකාශන කරනු ලැබේ. ඔබ වීඩියෝවක් උඩුගත කරන වේලාවේ ස්වයංක්‍රීය සිරස්තල සූදානම් වී නොතිබේවි. සැකසුමි කිරීමේ කාලය වීඩියෝවේ ශ්‍රව්‍යයේ සංකීර්ණත්වය මත පදනම් වෙයි.

YouTube කථන හඳුනා ගැනීම් තාක්‍ෂණය අඛණ්ඩව දියුණු කරයි. වැරදි උච්ඡාරණ, ස්වරණ, උපභාෂා, හෝ පසුබිම් ඝෝෂාව නිසා කථන අන්තර්ගතය ස්වයංක්‍රීය සිරස්තල වැරදි නියෝජන වීමට ඉඩ ඇත. සැම විටම ස්වයංක්‍රීය සිරස්තල සමාලෝචන කර නිසි පරිදි අනුපත් නොකරන ලද ඕනෑම කොටසක් සංස්කරණ කරන්න.

මෙන්න ඔබට ස්වයංක්‍රීය සිරස්තල සමාලෝචන කර අවශ්‍ය නම් වෙනස්කම් කළ හැකි ආකාරය:

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් උපසිරැසි තෝරන්න.
  3. ඔබට සිරස්තල හෝ උපසිරැසි එක් කිරීමට අවශ්‍ය වීඩියෝව ක්ලික් කරන්න.
  4. “උපසිරැසි” යටතේ, ඔබට සංස්කරණ කිරීමට අවශ්‍ය උපසිරැසි ළඟින් තව '' ක්ලික් කරන්න.
  5. ස්වයංක්‍රීය සිරස්තල සමාලෝචන කර නිසි පරිදි අනුපත් නොකරන ලද කොටස් සංස්කරණ කරන්න හෝ ඉවත් කරන්න.

ස්වයංක්‍රීය සිරස්තල ග්‍රහණ ගැටලු දෝෂාවේක්‍ෂ කරන්න

ඔබේ වීඩියෝව ස්වයංක්‍රීය සිරස්තල නොඋපදවන්නේ නම්, එය පහත සඳහන් හේතුවලින් එකක් හෝ වැඩි ගණන් නිසා විය හැක:

  • ස්වයංක්‍රීය සිරස්තල විඩියෝව තුළ ඇති සංකීර්ණ ශ්‍රව්‍යයේ සැකසුම් කිරීම නිසා එය තවමත් නොලැබෙයි.
  • ස්වයංක්‍රීය සිරස්තල වීඩියෝව තුළ ඇති භාෂාවට සහය නොදක්වයි.
  • වීඩියෝව දිග වැඩියි.
  • වීඩියෝවේ ශබ්ද ගුණත්වය දුර්වලයි හෝ YouTube කථාව නොහඳුනා ගනියි.
  • වීඩියෝව ආරම්භයේ දිග නිශ්ශබ්ද කාලයක් ඇත.
  • ඔවුන්ගේ කථාව එක පිට එක වැටෙන කථිකයින් කිහිප දෙනෙක් ඇත හෝ එක වරම භාෂා කිහිපයක් ඇත.
සජීවී ප්‍රවාහ වීඩියෝව මත ස්වයංක්‍රීය සිරස්තල
සටහන: සජීවී ප්‍රවාහ සඳහා ස්වයංක්‍රීය සිරස්තල ඉංග්‍රීසියෙන් පමණක් ලැබෙයි. ස්වයංක්‍රීය සිරස්තල සක්‍රීය කළ හැක්කේ තනි තනි සජීවී ප්‍රවාහවලට පමණයි, සම්පූර්ණ නාලිකාවටම නොවේ.

සජීවී ප්‍රවාහ සඳහා ස්වයංක්‍රීය සිරස්තල දැනට ඉංග්‍රීසි නාලිකාවලට සමාරම්භ කෙරෙමින් පවතියි. මෙම නාලිකා වෘත්තීය සිරස්තල නොලැබීමත් සමග "සාමාන්‍ය පමාව" ඇතිව ප්‍රවාහ වෙයි. අපි නිර්මාපකයින්ට පළමුව වෘත්තීය සිරස්තල භාවිත කිරීමට පොලඹවන්නෙමු. සජීවී සිරස්තල අවශ්‍යතා ගැන දැන ගන්න.

සජීවී ප්‍රවාහය අවසන් වූ පසු, සජීවී ස්වයංක්‍රීය සිරස්තල වීඩියෝව මත නොපවතියි. නව ස්වයංක්‍රීය සිරස්තල VOD ක්‍රියාවලියට අනුව උත්පාදන කෙරෙන අතර සජීවී ප්‍රවාහය සමයේ දිස් වූ ඒවාට වඩා වෙනස් විය හැක.

සජීවී ස්වයංක්‍රීය සිරස්තල සකසන්න

මෙන්න ඔබට ස්වයංක්‍රීය සිරස්තල (ඉංග්‍රීසි පමණක්) සක්‍රීය කළ හැකි ආකාරය:

  1. YouTube වෙත යන්න.
  2. ඉහළ දකුණින්, සාදන්න  ඉන් අනතුරුව සජීවී වන්න ක්ලික් කරන්න.
  3. වම් අතේ මෙනුවෙන් ප්‍රවාහය  තෝරන්න.
  4. ප්‍රවාහ සැකසීම් ඇතුළත, වැසූ සිරස්තල සක්‍රීය කරන්න.
  5. සිරස්තල මූලාශ්‍රය ලෙස “ස්වයංක්‍රීය සිරස්තල” තෝරන්න.
  6. ඔබේ වීඩියෝ භාෂාව (ඉංග්‍රීසි පමණයි) තෝරන්න.

සජීවී ස්වයංක්‍රීය සිරස්තල දෝෂාවේක්‍ෂ කරන්න

සජීවී ප්‍රවාහය ස්වයංක්‍රීය සිරස්තල නොපෙන්වන්නේ නම්, එය පහත සඳහන් හේතුවලින් එකක් හෝ වැඩි ගණන් නිසා විය හැක:

  • අපි ග්‍රාහකයින් 1,000 දෙනෙකුට අධික නාලිකාවලට මන්දගාමීව දියත් කරන බැවින් නාලිකාව සඳහා විශේෂාංගය සක්‍රීය කර නැත.
  • නාලිකාව ඉතා අඩු හෝ අඩු පමාව තුළ (ජංගම සජීවී ප්‍රවාහයක් ලෙස) ප්‍රවාහ කරයි. සජීවී ස්වයංක්‍රීය සිරස්තල සාමාන්‍ය පවා ප්‍රවාහය සඳහා පමණක් ලැබේ.
  • ස්වයංක්‍රීය සිරස්තල වීඩියෝව තුළ ඇති භාෂාවට සහය නොදක්වයි.
  • වීඩියෝවේ ශබ්ද ගුණත්වය දුර්වලයි හෝ YouTube කථාව නොහඳුනා ගනියි.
  • ඔවුන්ගේ කථාව එක පිට එක වැටෙන කථිකයින් කිහිප දෙනෙක් ඇත හෝ එක වරම භාෂා කිහිපයක් ඇත.
සටහන: ඔබේ සජීවී ප්‍රවාහ තුළ ස්වයංක්‍රීය සිරස්තල පෙන්වනු ලැබීම වැළැක්වීමට නිර්මාපක සහය කණ්ඩායම සම්බන්‍ධ කර ගන්න.

ස්වයංක්‍රීය සිරස්තල යෙදීම් උසස් සැකසීම්

ස්වයංක්‍රීය සිරස්තල තුළ විභව්‍ය නුසුදුසු වචන

YouTube Studio තුළ “නුසුදුසු විය හැකි වචන පෙන්වන්න එපා” සැකසීම ස්වයංක්‍රීය සිරස්තල තුළ පෙරනිමියෙන් විභව්‍ය නුසුදුසු වචන විවෘත වරහනක්, යටි ඉර දෙකක්, සහ වැසූ වරහනක් “[ __ ]” මගින් ප්‍රතිස්ථාපන කරනු ලැබේ. මෙම සැකසීම කිසිම ශ්‍රව්‍ය ඛණ්ඩයකට හෝ හස්තීයව සංස්කරණ කළ සිරස්තලවලට බලපාන්නේ නැත. එය ස්වයංක්‍රීය සිරස්තල තුළ විභව්‍ය නුසුදුසු වචන වැරදියෙන් දිස් වීම වැළැක්වීමට උදවු කිරීමට අදහස් කෙරේ. එය ඔබේ වීඩියෝවේ මුදල් කිරීමේ තත්ත්‍වයට ද බල නොපායි.

ස්වයංක්‍රීය සිරස්තල යෙදීම උඩුගත කළ වීඩියෝවලටත් සජීවී ප්‍රවාහවලටත් යෙදෙයි.

අපි දිගටම අප කථන හඳුනා ගැනීමේ මෘදාකාංග දියුණු කරන අතර ස්වයංක්‍රීය සිරස්තල යෙදීමේ දෝෂ අඩු කරන අතරතුර අපි තවමත් නිර්මාපකයින්ට ඔවුනුගේ ස්වයංක්‍රීයව උත්පාදිත සිරස්තල සියල්ල සමාලෝචන කිරීමට පොලඹවන්නෙමු.

අවශ්‍ය නම් ඔබට “නුසුදුසු විය හැකි වචන පෙන්වන්න එපා” සැකසීම අක්‍රිය කළ හැකි ආකාරය මෙන්න:

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන්, සැකසීම් තෝරන්න.
  3. නාලිකාව ඉන් අනතුරුව උසස් සැකසීම් තෝරන්න.
  4. "ස්වයං ජනිත සිරස්තල"යටතේ නුසුදුසු විය හැකි වචන පෙන්වන්න එපා.
සටහන: මෙම සැකසීම ස්වයංක්‍රීය සිරස්තල සහ ස්වයං පරිවර්තිත උපසිරැසි සඳහා ලැබේ.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
1087213520817077316
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false