ගිණුම සඳහා පෙරනිමි නාලිකාව සකසන්න

ඔබේ Google ගිණුමෙහි එක් YouTube නාලිකාවකට වඩා ඇතුළත් නම්, ඔබ පුරන විට නාලිකාවක් තෝරාගන්නට ඔබ උත්පතනයක් දැකීමට ඉඩ ඇත:

Channel switcher

ඔබට සැමවිටම සෘජුවම එක් නාලිකාවකට පුරන්නට අවශ්‍ය නම්, ඔබට උත්පතනයේ පෙරනිමි නාලිකාවක් සකසන්නට හැකිය. හුදෙක් ඔබට උවමනා එක තෝරා‌ගෙන මගෙන් නැවත නොවිමසන්න සලකුණු කරන්න. ඔබට පහසුවෙන් ගිණුමේ ඇති වෙනත් නාලිකා වෙත මාරු වන්නට තවමත් හැකිය.

සටහන: නාලිකාව මාරු කිරීමට සහය නොදක්වන තුන් වන පාර්ශ්ව මෙවලම් සහ යෙදුම් (උදාහරණය ලෙස: වීඩියෝ සංස්කාරක මෘදුකාංගය) තුළ ද පෙරනිමි නාලිකාව භාවිත කරනු ලැබේ. ඔබ මෙම මෙවලම් තුළ ඔබේ Google ගිණුම් අක්තපත්‍ර ඇතුළත් කරන විට, පෙරනිමි නාලිකාව ස්වයංක්‍රීයව භාවිත කරනු ලැබේ.

පෙරනිමි නාලිකාව වෙනස් කරන්න

ඔබේ Google ගිණුමේ පෙරනිමි නාලිකාව වෙනස් කරන්නට:

  1. පරිගණකයකින්, ඔබේ Google ගිණුමෙන් YouTube වෙත පුරන්න.
  2. ඔබට පෙරනිමි නාලිකාව කිරීමට අවශ්‍ය නාලිකාවට මාරු වන්න.
  3. ඔබේ උසස් ගිණුම් සැකසීම් වෙත යන්න.
  4. "පෙරනිමි නාලිකාව" යටතේ "මම මගේ <ඉ-තැපැල්> ගිණුමට පුරන විට මෙම නාලිකාව (නාලිකාවේ නම) භාවිත කරන්න" සලකුණු කරන්න.
  5. සුරකින්න ක්ලික් කරන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
13207891410016428523
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false