නාලිකා අවසර ඔබට විශේෂිත භූමිකාවන් ඔස්සේ වෙනත් පරිශීලකයින්ට ඔබේ නාලිකාවට ප්‍රවේශය ලබා දීමට හැකියාව ලබා දෙයි. භූමිකා නම් කිරීම ඔබට නිවැරදි ප්‍රවේශ මට්ටම තෝරා ගැනීමට ඉඩ දෙයි. මුරපද බෙදාගැනීම සහ වෙනත් පෞද්ගලිකත්ව ගැටලු අවම කිරීමට නාලිකා අවසර වෙත සංක්‍රමණය වන්න.
YouTube නාලිකාවක් සන්නම් ගිණුමකට සම්බන්ධ කර ඇත්නම්, විවිධ සාමාජිකයන්ට සිය Google ගිණුම් වෙතින් එකී නාලිකාව කළමනාකරණය කිරීමට පුළුවන. සන්නම් ගිණුම් සමගින් YouTube නාලිකා කළමනාකරණය කිරීමට ඔබට වෙනම පරිශීලක නාමයක් හෝ මුරපදයක් අවශ්‍ය නැත. සන්නම් ගිණුමක් YouTube නාලිකාවකට සම්බන්ධ කළ හැකි නමුත් වෙනත් Google සේවා වෙත සම්බන්ධ කළ නොහැකි ය.
පළමුව, ඔබේ නාලිකාව සන්නම් ගිණුමකට සම්බන්ධ කර ඇත්දැයි බලන්න. එය එසේ නොවේ නම්, ඔබට නාලිකා කළමනාකරුවන් වෙනස් කළ හැක, නමුත් හිමිකරුවන් නොවේ. නාලිකා හිමිකම මාරු කිරීමට, පිහිටුවා ඇති අවසරවල ඇති සියලු භූමිකාවන් ඉවත් කිරීමෙන් සන්නාම ගිණුමකට හරවන්න.
සන්නම් ගිණුම්වලට භූමිකා එක් කිරීම දෝෂාවේක්ෂණය කරන්න
ඔබ ඔබේ නාලිකාව වෙත පරිශීලක ප්‍රවේශය කළමනාකරණය කිරීම සඳහා නාලිකා අවසර භාවිතා කළ යුතු ය.
ඔබට සන්නම් ගිණුම් භූමිකා භාවිත කිරීමට අවශ්‍ය වන අතර (නිර්දේශ නොකෙරේ) අන් අයව එක් කිරීමේ ගැටලුවලට මුහුණ දෙන්නේ නම්, ඔබට නාලිකා අවසරවලින් ඉවත් වීමට තෝරාගෙන පසුව යළි එක් වීමට තෝරා ගැනීමට අවශ්‍ය විය හැකි ය. ඔබේ සන්නම් ගිණුමට ආපසු මාරු වීමට, ඔබ නැවත සියලු දෙනාටම සන්නම් ගිණුම වෙත ආරාධනා කළ යුතු ය.
ඉවත් වීමට තෝරා ගැනීම සඳහා YouTube Studio සැකසුම් අවසර වෙතින් “YouTube Studio තුළ අවසරවලින් ඉවත් වන්න” තෝරාගන්න. නාලිකා අවසරවලින් ඉවත් වන ආකාරය පිළිබඳ තව දැනගන්න.
ඔබේ සන්නම් ගිණුමේ භූමිකා බලන්න, නැතහොත් එක් කරන්න
සන්නම් ගිණුම් භූමිකා එක් කිරීම අවශ්‍ය නම් පමණක් සිදු කරන්න. ආරක්ෂක ගැටලු වළක්වා ගැනීම සඳහා පරිශීලකයන්ට උචිත ප්‍රෙව්ශ මට්ටම ලබා දීම වැදගත් වේ. මුරපද බෙදාගැනීම වැනි අනාරක්ෂිත පුරුදුවලින් වළකින්න.
සිය සන්නම් ගිණුමේ හිමිකාරීත්ව විස්තර දැන ගැනීම නාලිකා හිමිකරුගේ වගකීම ය. ගිණුම ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා නිරතුරුව සන්නම් ගිණුම් අවසර පරීක්ෂා කර බැලීම නිර්දේශ කෙරේ.
ඔබේ සන්නම් ගිණුම කළමනාකරණය කරන්නේ කවුරුන් ද යන්න බැලීමට:
-
ඔබේ iPhone හෝ iPad එක මත, Gmail යෙදුම විවෘත කරන්න.
- ඉහළ දකුණේ, ඔබේ පැතිකඩ පින්තූරය හෝ මූලික Google ගිණුම තට්ටු කරන්න. ඔබ Gmail භාවිත නොකරන්නේ නම්, myaccount.google.com වෙත යන්න.
- ඉහළින්ම ඇති, දත්ත සහ පෞද්ගලිකත්වය තට්ටු කරන්න.
- "ඔබ භාවිත කරන යෙදුම් සහ සේවා වෙතින් ලැබෙන දත්ත" වෙත අනුචලනය කරන්න.
- "යෙදුම් හා සේවා" යටතේ Google සේවා වෙතින් සුරැකි අන්තර්ගත සන්නම් ගිණුම් තට්ටු කරන්න.
- "ඔබගේ සන්නම් ගිණුම්" යටතේ, ඔබට කළමනාකරණය කිරීමට අවශ්‍ය ගිණුම තෝරන්න.
- අවසර කළමනාකරණය කරන්න තට්ටු කරන්න. ඔබට හිමිකරුවන් ඇතුළුව ගිණුම කළමනාකරණ කළ හැකි පුද්ගලයන් ලැයිස්තුවක් හමු වනු ඇත.
නව පුද්ගලයන්ට ආරාධනා කිරීමට:
- නව පුද්ගලයන්ට ආරාධනා කරන්න තෝරන්න.
- ඔවුන්ගේ ඊ-තැපැල් ලිපින ඇතුළත් කරන්න.
- ඔවුන්ගේ නම්වලට පහළින්, අදාළ භූමිකාව තෝරන්න:
- වැඩිම පියවර ගත හැක්කේ හිමිකරුවන්ට වන අතර ගිණුම කළමනාකරණය කරන්නේ කවුරුන් ද යන්න ඔවුන් විසින් පාලනය කරනු ලැබේ. ගිණුමකට එක් මූලික හිමිකරුවෙක් සිටිය යුතු වේ.
- කළමනාකරුවන්ට සන්නම් ගිණුම්වලට සහාය දක්වන Google සේවා භාවිත කළ හැකි ය (උදාහරණ ලෙස Google ඡායාරූප තුළ ඡායාරූප බෙදා ගැනීම හෝ YouTube මත වීඩියෝ පළ කිරීම).
- සන්නිවේදන කළමනාකරුවන්ට කළමනාකරුවන්ට ගත හැකි පියවර ම ගත හැකි නමුත් YouTube භාවිත කළ නොහැකිය.
- ආරාධනා කරන්න නිමයි තට්ටු කරන්න.
ඔබ ආරාධනා කරන ඔ්නෑම අයකුට ඔබේ ආරාධනය පිළිගත හැකි ඉ-තැපෑලක් ලැබේ.
ඔබේ සන්නම් ගිණුමේ මූලික හිමිකරු ලෙස ඔබව ම පිහිටුවන්න
සන්නම් ගිණුමට එක් මූලික හිමිකරුවකු සිටීමට අමතරව, ඔබේ සන්නම් ගිණුම ආශ්‍රිතව තවත් එක් හිමිකරුවකු හෝ තබා ගන්නා ලෙස නිර්දේශ කෙරේ.
ඔබට නව මූලික හිමිකරුවකු පත් කිරීමට නොහැකි නම්, ඔබ නාලිකා අවසරවලින් ඉවත් වීමට තෝරාගෙන ඇති බව තහවුරු කරගන්න. කළමනාකරුවන්ට මූලික හිමිකරුගේ භූමිකාව වෙනස් කළ නොහැකි ය.
- ඔබේ iPhone හෝ iPad එක මත, Gmail යෙදුම විවෘත කරන්න.
- ඉහළ දකුණේ, ඔබේ පැතිකඩ පින්තූරය හෝ මූලික Google ගිණුම තට්ටු කරන්න. ඔබ Gmail භාවිත නොකරන්නේ නම්, myaccount.google.com වෙත යන්න.
- ඉහළින්ම ඇති, දත්ත සහ පෞද්ගලිකත්වය තට්ටු කරන්න.
- "ඔබ භාවිත කරන යෙදුම් සහ සේවා වෙතින් ලැබෙන දත්ත" වෙත අනුචලනය කරන්න.
- "යෙදුම් හා සේවා" යටතේ Google සේවා වෙතින් සුරැකි අන්තර්ගත සන්නම් ගිණුම් තට්ටු කරන්න.
- "ඔබගේ සන්නම් ගිණුම්" යටතේ, ඔබට කළමනාකරණය කිරීමට අවශ්‍ය ගිණුම තෝරන්න.
- අවසර කළමනාකරණය කරන්න තට්ටු කරන්න. සංදර්ශනයෙහි ගිණුම කළමනාකරණය කළ හැකි පුද්ගලයින් ලැයිස්තුවකි.
- ලැයිස්තුගත කර ඇති ඔබේ නම සොයාගන්න.
- ප්‍රයෝජනවත් තොරතුර: ඔබට ඔබේ නම සොයාගත නොහැකි නම්, වෙනත් නාලිකා හිමිකරුකු විසින් ඔබව හිමිකරුවකු ලෙස එක් කිරීම සිදු කළ යුතු ය. ආරාධනාව භාරගෙන දින 7ක් රැඳී සිටීමෙන් පසු 1 වැනි පියවරේ සිට නැවත කර බලන්න.
- ඔවුන්ගේ නමට ඉදිරියෙන් පහළට ඊතලය මූලික හිමිකරු මාරු කරන්න තට්ටු කරන්න.