මාර්ගගතව සිටීමේ දී ආරක්ෂිතව සිටීම සඳහා හෝඩුවා

දත්ත සොරකම

තතුබෑම යනු ණය කාඩ්පත් අංකය හෝ අනෙකුත් මූල්‍ය දත්ත වැනි ඔවුනගේ පෞද්ගලික තොරතුරු ලබාදීෘමේ දී යම් අයෙකුගෙන් තොරතුරු උකහා ගැනීමයි. යම් අයෙකු සතුව එම තොරතුරු තිබෙන විට , ඔවුන් සාමාන්‍යයෙන් ඔබගේ මුදල්, දේපළ හෝ අනන්‍යතාව  සොරකම් කිරීමට ඒවා භාවිත කරයි.

සිහි තබාගන්න, YouTube කිසිවිටක ඔබගේ මුරපදය, ඉ-තැපැල් ලිපිනය, හෝ වෙනත් ගිණුම් තොරතුරු නොවිමසයි. යම් අයෙකු ඔබ අමතා YouTube වෙතින් අමතන සේ ඔබව සම්බන්ධ කර ගැනීමට යත්න දරන විට මුළා නොවන්න.

ඔබ YouTube වෙතින් වීඩියෝ සොයා යන්නේ නම්, සහ එය ආයාචිත පණිවුඩ හෝ තතුබෑමක් යයි ඔබ සිතන්නේ නම්, YouTube කණ්ඩායම මගින් සමාලෝචනය කරවා ගැනීමට ඒවා වාර්තා කරන්න. ආයාචිත තැපැල් සහ තතුබෑම පිළිබඳව වැඩිදුර හැදෑරීමට, ජාතික අන්තර්ජාල ආරක්ෂක සන්ධානය කරා පිවිසෙන්න.

ඔබගේ Google ගිණුම අනිෂ්ට දත්ත විවරණයකට සම්බන්ධ බවට ඔබ සැලකිලිමත් වන්නේ නම්, අනවසර පිවිසුමක් හෝ Google ගිණුම අවභාවිතයකින් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩිදුර හදාරන්න.

ගිණුම් ආරක්ෂාව

අප ගබඩා කරන තොරතුරු ආරක්ෂා කිරීමට YouTube යෝග්‍ය ආරක්ෂක පිළියම් ගනියි. වැඩිදුර තොරතුරු සඳහා, Google රහස්‍යතා ප්‍රතිපත්තිය කියවන්න.

ඔබේ මුරපදය ආරක්ෂා සහිතව තබා ගන් පිණිස එය ඔබගේ වගකීමක් හැටියට සලකා ආරක්ෂිතව තබා ගැනීමට සිහිතබා ගන්න. කිසිවිටක ඔබගේ මුරපදය අන්‍යයන් හා බෙදාහදා නොගන්න.

ඔබේ ගිණුම ආරක්ෂිතව තබා ගන්න

ඔබගේ පරිගණකය, බ්‍රවුසරය, Gmail, සහ Google ගිණුම ආරත්ෂා කරනු පිණිස අපි භාවිතයට පහසු පරීක්ෂා ලැයිස්තුවක් නිර්මාණය කර ඇත්තෙමු. සම්පූර්ණ පරීක්ෂා ලැයිස්තුව ඔස්සේ යන මෙන් අපි ඔබ දිරිමත් කරමු. නමුත් පහත සඳහන් පියවර උද්දීප්ත කිරීමට අවශ්‍ය කරන අතර එය ඔබට ඔබගේ YouTube නාලිකාව ආරක්ෂිතව තබා ගැනීමට එය ඔබට උපකාරී වෙයි.
  • ඔබගේ Google ගිණුමට ප්‍රතිසාධන දුරකථන අංකයක් සහ විකල්ප ආරක්ෂිත ඉ-තැපැල් ලිපිනයක් එක් කරන්න. දුරකථන අංකය සහ ආරක්ෂිත ඉ-තැපැල් ලිපිනයක් යන දෙකම නොමැතිව යමෙකුට ඔබගේ ආරක්ෂක ප්‍රශ්නය දැන සිටීමෙන් හෝ අනුමාන කිරීමෙන් ඔබගේ ගිණුමට ඇතුල්විය හැකිය. ඔබට මෙහි දී ආරක්ෂක තොරතුරු යාවත්කාල කළ හැකිය.
  • ඔබගේ ප්‍රතිසාධන තොරතුරු ආරක්ෂිතව සහ යාවක්කාලීනව පවත්වා ගන්න.
  • ඔබගේ Google ගිණුමට අනන්‍ය ශක්තිමත් මුරපදයක් නිර්මාණය කරන්න (තවද එකම ඇතුල්වීමේ මුරපදය අනෙකුත් අඩවි සඳහා භාවිත නොකරන්න). ශක්තිමත් මුරපදයක් නිර්මාණය කිරීම සඳහා ඔබට උපකාරී වන හෝඩුවා කිහිපයක් මෙන්න:
    • ඔබගේ මුරපදය දිගින් අනුලකුණු අටක් පමණවත් විය යුතු වන අතර ඉලක්කම් සහ අකුරු සංයෝජනයක් වීම මෙන්ම පොදුවේ භාවිත කෙරෙන වචන අඩංගු නොවීම අවශ්‍ය වේ.
    • වචනයක් හෝ මුලකුරු පදයක් තෝරා ගෙන අකුරු සමහරක් අතරට ඉලක්කම් ඇතුළත් කරන්න.
    • විරාම ලක්ෂණ ඇතුළත් කරන්න.
    • ලොකු හා කුඩා අකුරු මිශ්‍ර කරගන්න.
    • වෙනයම් ගිණුම් වර්ගයක් සමග ආශ්‍රිත මුරපද නැවත භාවිත නොකරන්න.
    • ඔබගේ ගිණුම සමාගමක් හෝ සංවිධානයක් සඳහා සකස් කර ඇත්තේ නම්, සහ යමෙකු ඔපබගේ සමාගම හැර යන්නේ නම්, ඔබගේ මුරපදය සහ ප්‍රතිසාධන තොරතුරු යාවත්කාල කරන්න.

ඔබගේ ගිණුම යම් අවභාවිතයක තිබෙන බව ඔබට හැඟී යා නම්, ඔබට එය මෙහිදී වාර්තා කළ හැකිය.

Google වංචා වළකාලීම සහ වාර්තා කිරීම කරන ආකාරය හදාරන්න.

Google ආරක්ෂිත මධ්‍යස්ථානය

Google සහ වෙබ් අඩවි මත ඔබගේ දත්ත තේරුම් ගන්න. ඔබගේ දත්ත පාලනය කිරීම සහ මාර්ගගතව සිටියදී ආරක්ෂිතව සිටීම සඳහා අවවාද සහ හෝඩුවා කිහිපයක් කියවන්න.

Google ඩිජිටල් පුරවැසිභාව විෂයමාලාව

Google ඩිජිටල් පුරවැසිභාව විෂය මාලාව යනු අන්තර්ක්‍රියාකාරී සහ පරිශීලක හිතැති විෂය මාලාවක් ගුරුවරුන් සහ ද්විතියික පාසල් ශිෂ්‍යයන් ඉලක්ක කර නිර්මාණය කර ඇත. කෙටි පාඩම් කිහිපයක් සමග, රහස්‍යතා ප්‍රතිපත්තිය, සහ වගකීමක් ඇති අන්තර්ජාල පුරවැසියෙකු වන ආකාරය පිළිබඳව හදාරන්න.

Google පවුල් ආරක්‍ෂා මධ්‍යස්ථානය

Google පවුල් ආරක්ෂණ මධ්‍යස්ථානය සතුව ඔබගේ පවුල ආරක්ෂා සහිතව මාර්ගගතවීම සඳහා හෝඩුවා සහ අවවාද තිබේ.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
5714537608712260026
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false