ඔබේ ස්මාර්ට් රූපවාහිනියේ සහ වෙනත් උපාංග මත හාත්පස සංදර්ශකය සංචාලනය කරන්න

ඔබ ස්මාර්ට් රූපවාහිනියකින්, ප්‍රවාහ කිරීමේ උපාංගයකින් හෝ ක්‍රීඩා කොන්සෝලයකින් YouTube නරඹන විට, ඔබ වීඩියෝ රස විඳීමෙන් පසු ඔබට අකර්මණ්‍ය වේලාවක් තිබීමට ඉඩ ඇත. මෙකී අකර්මණ්‍ය කාල සීමාවන් තුළ, තිර පිළිස්සීම වැළැක්වීම සඳහා අපි ඇතැම් විට හාත්පස සංදර්ශකය දිස් කරන්නෙමු. සැනසිලිදායක පසුබිම් වීඩියෝ මගින් නිරතුරුව නැවුම් වන අචල අනුරූප අතර හාත්පස සංදර්ශකය මාරු වීමක් සිදු වේ.

හාත්පස සංදර්ශකයක් ලෙස ඉදිරිපත් කෙරෙන වීඩියෝවක් නැරඹීමට:

  • ඔබේ දුරස්ථ පාලකයේ ඉහළට බොත්තම ඔබන්න.

ඔබ කලින් නරඹමින් සිටි තිරයට ආපසු යාමට:

  • ඔබේ දුරස්ථ පාලකය මත ආපසු බොත්තම ඔබන්න.

සිතාමතා ම හාත්පස සංදර්ශකය ඇරඹීමට:

  • YouTube යෙදුමෙන් පිටවීමේ දී “හාත්පස සංදර්ශකය අරඹන්න“ තෝරන්න.

වීඩියෝවක් හාත්පස සංදර්ශකය තුළ ලැබිය හැකි ද යන්න තීරණය කරන්නේ කවරකින් ද?

විශිෂ්ට ගණයේ නව හාත්පස වීඩියෝ බොහොමයක් සෑම දිනක ම YouTube වෙත උඩුගත කෙරෙන නමුත්, හාත්පස සංදර්ශකය මගින් දිස් කළ හැක්කේ සීමිත සංඛ්‍යාවක් පමණි. හාත්පස සංදර්ශකය මගින් මතු කිරීමට ඉලක්ක කරන වීඩියෝ වන්නේ:

  • නිෂ්පාදන ගුණත්වය හා සෞන්දර්යය අතින් විශාල HD රූපවාහිනී තිරවලට ගැළපෙන ඒවා

  • තේමාවන්, ප්‍රභේද සහ නිර්මාණකරුවන් අතින් විවිධත්වයක් පෙන්නුම් කරන ඒවා

  • සැනසිලිදායක හෝ සිත් සැහැල්ලු කරවන ආකාරයේ ඒවා

  • නොමග යවන සුලු, ක්ලික් කිරීම් ලබා ගැනීමේ ඇමක් ලෙස භාවිත වන හෝ හැඟම් අවුස්සන සුලු නොවන ඒවා

  • පුළුල් පරාසයක නරඹන්නන්ට උචිත ඒවා (හාත්පස සංදර්ශක වීඩියෝ ගෝලීය ප්රේක්ෂක පිරිසට දිස් වන අතර පෞද්ගලීකරණය කළ නොමැත)

හාත්පස සංදර්ශකය මෙකී සියලු ප්‍රතිෂ්ටාවන් අතර සමබරතාවක් පවත්වා ගැනීම අරමුණු කරයි. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා, හාත්පස සංදර්ශකය පහත ඒවා ඇතුළුව (ඊට සීමා නොවූ) බොහෝ ලකුණු සැලකිල්ලට ගනියි:

  • නැරඹීම් සංඛ්‍යාව

  • වීඩියෝවේ කාල සීමාව

  • වීඩියෝවේ වයස

  • සමාන ප්‍රභේදවල වෙනත් වීඩියෝවලට සාපේක්ෂව වීඩියෝවේ කාර්ය සාධනය කෙබඳු ද යන්න

ආරක්ෂාව හා උචිතභාවය සම්බන්ධයෙන් අවසන් පෙරහනක් ලෙස අපි කාර්ය මණ්ඩලය ද සම්බන්ධ කරගෙන ඇත්තෙමු.

YouTube විසින් හාත්පස සංදර්ශකය මත දිස් කිරීම සඳහා ඉදිරිපත් කිරීම් හෝ ගෙවීම් භාර නොගන්නා අතර විශේෂිත නිර්මාණකරුවන්ට විශේෂයක් කරන්නේ නැත.

හාත්පස සංදර්ශක වීඩියෝ සඳහා පෞද්ගලිකත්ව සැකසුම්

වීඩියෝවකට හාත්පස සංදර්ශක ප්‍රකාරයේ දිස් විය හැක්කේ එහි පෞද්ගලිකත්ව සැකසුම් පොදු නම් පමණි.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
2444349497904745988
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false