YouTube මත “පහත අන්තර්ගතය මේ යෙදුමේ ලද නොහැකි ය“ දෝෂ පණිවුඩය නිරාකරණය කරන්න

“පහත අන්තර්ගතය මේ යෙදුමේ ලද නොහැකි ය“ යනුවෙන් සඳහන් වන දෝෂ පණිවුඩයක් ඔබට ලැබෙන්නේ නම්, ඔබ භාවිත කරන යෙදුම YouTube අන්තර්ගතවලට සහාය දක්වන්නේ නැත. YouTube මත අන්තර්ගතය බැලීමට පහත පියවර අනුගමනය කරන්න.

YouTube යෙදුමට මාරු වන්න

ඔබ YouTube ලබා ගැනීමට තෙවැනි පාර්ශ්වීය යෙදුමක් භාවිත කරන්නේ නම්, ඔබට YouTube යෙදුමට මාරු වීමට සිදු විය හැකි ය. YouTube යෙදුම බාගැනීම සිදු කරන ආකාරය දැනගන්න, නොඑසේ නම්, ඔබේ බ්‍රවුසරයෙන් www.youtube.com වෙත ප්‍රවේශ වන්න. දැන්වීම් රහිත අත්දැකීමක් සඳහා, ඔබට YouTube Premium සඳහා ලියාපදිංචි විය හැක.

YouTube සහ තෙවැනි පාර්ශ්වීය යෙදුම් පිළිබඳ

අප තෙවැනි පාර්ශ්වීය සේවාවන්ට අපගේ API භාවිත කිරීමට ඉඩ දෙන්නේ ඒවා අපගේ API සේවා නියම භාවිත කරන විට පමණි. තෙවැනි පාර්ශ්වීය යෙදුම් මගින් වෙළඳ දැන්වීම් ක්‍රියා විරහිත කිරීමෙන් නිර්මාණකරුවන්ට සිය ප්‍රේක්ෂකත්වය වෙනුවෙන් ත්‍යාග දීමනා ලබා ගැනීම වළක්වන බැවින් අපේ නියම මගින් තෙවැනි පාර්ශ්වීය සේවාවන්ට එසේ කිරීමට ඉඩ නොදෙයි. අපගේ නියම උල්ලංඝනය කරන යෙදුමක් හමු වූ විට, අපි අපගේ වේදිකාව, නිර්මාපකයන් හා නරඹන්නන් ආරක්ෂා කර ගැනීමට අපි නිසි ක්‍රියා මාර්ග ගන්නෙමු.

YouTube යෙදුම යාවත්කාලීන කරන්න

ඔබ YouTube යෙදුම භාවිත කරන්නේ නම්, එය නවතම අනුවාදයට යාවත්කාලීන වී ඇති බව සහතික කරගන්න. YouTube යෙදුම යාවත්කාලීන කරන ආකාරය ඉගෙන ගන්න.

සටහන:

  • ඔබට දිගින් දිගට ම දෝෂයක් ලැබේ නම්, ඔබේ උපාංගයෙහි Google Play Store යාවත්කාලීනව ඇති බව සහතික කරගන්න. Google Play Store යාවත්කාලීන කරන ආකාරය දැන ගන්න.
  • යෙදුම යාවත්කාලීන කිරීමෙන් තොරව ඔබේ ජංගම බ්‍රවුසරයෙන් අඛණ්ඩව YouTube භාවිත කිරීම සඳහා m.youtube.com වෙත යන්න.

පැරණි උපාංග

ඔබට තවමත් දෝෂ පණිවුඩයක් ලැබෙන්නේ නම්, ඔබට වෙනත් උපාංගයක් හෝ පැරණි උපාංග වින්‍යාසකරණයක් තිබීමට ඉඩ ඇත. ඔබේ උපාංගය මාරු නොකර, ඔබේ ජංගම බ්‍රවුසරයෙහි අඛණ්ඩව YouTube භාවිත කිරිමට m.youtube.com වෙත යන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
3050895480137036524
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false