YouTube Studio තුළ උපසිරැසි සංස්කාරක ප්‍රෙව්ශය එක් කිරීම හෝ ලබා ගැනීම

උපසිරැසි සංස්කාරක යනු නිර්මාණකරුවන්ට සිය නාලිකාවෙන් අන් ඒවාට උපසිරැසි නිර්මාණය අභිනියෝජනය කිරීමට ඉඩ සලසන YouTube Studio තුළ පවතින නව නාලිකා අවසරයකි. ඔබේ YouTube නාලිකාවට ප්‍රෙව්ශය එක් කරන හෝ ඒ වෙතින් ප්‍රෙව්ශය ඉවත් කරන ආකාරය පිළිබඳ වැඩි විස්තර දැනගන්න.

ඔබ සන්නම් ගිණුමක් භාවිත කරන්නේ නම්, උපසිරැසි සංස්කාරක භූමිකාව ලද නොහැකි ය. සන්නම් නාලිකාවකින් නාලිකා අවසර වෙත යන ආකාරය පිළිබඳ වැඩි විස්තර දැනගන්න.
නාලිකා අවසර භාවිතයෙන් උපසිරැසි සංස්කාරක භූමිකාව

නාලිකා හිමිකරුවකු හෝ කළමනාකරුවකු ලෙස උපසිරැසි සංස්කාරක වෙත ප්‍රවේශය ලබා දෙන්න

වැදගත්: ඔබ විශ්වාස කරන පරිශීලකයන්ට පමණක් ප්‍රවේශය ලබා දෙන්න. 
  1. පරිගණකයකින් YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් සැකසුම් ක්ලික් කරන්න.
  3. අවසර ක්ලික් කරන්න.
  4. ආරාධනා කරන්න ක්ලික් කර ඔබ ආරාධනා කිරීමට කැමති නාලිකාවේ ඉ-තැපැල් ලිපිනය ඇතුළු කරන්න.
    1. ආරාධනය කළ නාලිකාව Google ගිණුමක් සමග සම්බන්ධ වූ එකක් විය යුතු ය.
  5. ප්‍රෙව්ශය ක්ලික් කර උපසිරැසි සංස්කාරක භූමිකාව තෝරන්න.
  6. නිමයි ක්ලික් කරන්න.
  7. ආරාධනාව යැවීමට සුරකින්න ක්ලික් කරන්න.

නාලිකා හිමිකරුවකු හෝ කළමනාකරුවකු ලෙස වීඩියෝ භාෂාව සකසන්න

උපසිරැසි කළමනාකරුවන්ට උපසිරැසි එක් කළ හෝ සංස්කරණය කළ හැක්කේ වීඩියෝ භාෂාවක් සකස් කර ඇති වීඩියෝවලට පමණි.

  1. පරිගණකයකින් YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් අන්තර්ගතය ක්ලික් කරන්න.
  3. ඔබ උපසිරැසි එක් කිරීමට කැමති සෑම වීඩියෝවකට ම ඉදිරියෙන් ඇති තේරීම් කොටු ක්ලික් කරන්න.
  4. මුදුනේ ඇති තීරුවෙන් සංස්කරණය ක්ලික් කරන්න.
  5. පහළට ඊතලයෙන් වීඩියෝ භාෂාව තෝරන්න.
  6. ඔබේ අභිමත වීඩියෝ භාෂාව තෝරන්න.
  7. වීඩියෝ යාවත්කාලීන කරන්න ක්ලික් කරන්න.
සියලු ඉදිරි උඩුගත කිරීම් සඳහා පෙරනිමි වීඩියෝ භාෂාවක් පිහිටුවීමට YouTube Studio තුළින් සැකසුම් වෙත යන්න. උසස් සැකසුම් පටිත්ත යටතේ, ඔබේ අභිමත වීඩියෝ භාෂාව තෝරන්න.

නාලිකාමය නොවන හිමිකරුවකු/කළමනාකරුවකු ලෙස උපසිරැසි සංස්කාරක භූමිකාව වෙත ප්‍රෙව්ශය ලබාගන්න

  1. පළමුව නිර්මාණකරුවකු ඔබට සිය YouTube Studio සැකසුම් තුළ උපසිරැසි සංස්කාරකයකු වන ලෙස ආරාධනා කළ යුතු ය.
  2. නිර්මාණකරුවකු ඔබට ආරාධනා කළ විට, “[channel name] ප්‍රෙව්ශය සඳහා ආරාධනය” යන ශීර්ෂය සහිත පණිවුඩයක් සඳහා ඔබේ ඉ-තැපෑල පිරික්සා බලන්න.
  3. YouTube Studio වෙත ගෙන යනු ලැබීමට ආරාධනය පිළිගන්න ක්ලික් කරන්න.
    1. උත්පතනයක් මගින් ඔබ උපසිරැසි සංස්කරණය කරනු ඇති නාලිකාවේ නම සහ ඔබේ නාලිකා භූමිකාව දිස් කරනු ඇත.
  4. උපසිරැසි සංස්කාරකයකු ලෙස Studio වෙත ඉදිරියට යාමට වසන්න ක්ලික් කරන්න.
සටහන: උපසිරැසිකරුවන් වෙත ප්‍රවේශය ඇත්තේ YouTube Studio තුළ උපසිරැසි කොටස වෙත පමණකි. මෙම අවසර මට්ටම සහිත පරිශීලකයන්ට වෙනත් නාලිකා දත්ත හෝ ආදායම් දත්ත බැලිය නොහැකි ය. උපසිරැසි සංස්කාරක සඳහා අවසර පිළිබඳ වැඩි විස්තර දැනගන්න.

උපසිරැසි සංස්කාරකයකු ලෙස උපසිරැසි එක් කරන්න

  1. පරිගණකයකින් YouTube Studio වෙත පුරන්න.
  2. ඔබ වම් මෙනුවෙහි උපසිරැසි කොටසේ සිටින බව සනාථ කරගන්න.
  3. උපසිරැසි එක් කිරීම සඳහා වීඩියෝවක් සොයා ගැනීමට, සියලු, කෙටුම්පත්, හෝ ප්‍රකාශිත පටිති ක්ලික් කරන්න.
  4. ඔබ සංස්කරණය කිරීමට කැමති වීඩියෝව ක්ලික් කරන්න.
  5. භාෂාව එක් කරන්න ක්ලික් කර ඔබේ භාෂාව තෝරන්න.
  6. උපසිරැසි යටතේ, එක් කරන්න ක්ලික් කරන්න.

උපසිරැසි හා අනුපාඨ එක් කිරීම පිළිබඳ සහ උපසිරැසි සංස්කරණය හා ඉවත් කරන ආකාරය පිළිබඳ වැඩි විස්තර දැනගන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
16704362404942261125
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false