හසුරු දළ විශ්ලේෂණය

හසුරු යනු ඔබට YouTube හි නිර්මාණකරුවන් සොයා ගැනීමට සහ සම්බන්ධ වීමට මාර්ගයකි. හසුරු යනු නාලිකා නම්වලින් වෙනස් වූ අනන්ය සහ කෙටි නාලිකා හැඳුනුම්කාරක වන අතර, ඒවා "@" සංකේතයෙන් ආරම්භ වේ. උදාහරණයක් ලෙස, @youtubecreators.

සියලු නාලිකාවලට වෙනත් පරිශීලකයන්–නිර්මාණකරුවන් සහ බලන්නන් යන දෙපිරිස ම සොයා ගැනීමට සහ ඔවුන් සමග අන්තර්ක්‍රියා කිරීමට සම්බන්ධිත හසුරුවක් ඇත. ඔබේ හසුරුව පුද්ගලයින්ට ඔබව සොයා ගැනීම පහසු කරවන ඔබේ නාලිකාව සඳහා නව YouTube URL බවට ද ස්වයංක්‍රියව පත් වනු ඇත. උදාහරණයක් ලෙස, youtube.com/@youtubecreators. ඔබට මෙම URL පුද්ගලයින් YouTube හි නොසිටින විට ඔවුන් ඔබේ නාලිකාවට යොමු කිරීමට භාවිත කළ හැකි ය. සෑම නාලිකාවකට ම එක් හසුරුවක් පමණක් තිබිය හැකි ය.

අදහස්, සඳහන් කිරීම් වැනි ස්ථානවල සහ Shorts හි ඔබ හසුරු දකිනු ඇත. කාලයත් සමග ඔබේ හසුරුව තවත් ස්ථානවල පෙන්වනු ඇත. ඔබට ඔබේ නාලිකාව ප්‍රවර්ධන කිරීමට YouTube වෙතින් පිටත ද ඔබේ හසුරුව භාවිත කළ හැකි ය.

ඔබ සතු ඕනෑ ම ලෙගසි පෞද්ගලීකරණය කළ URL දිගට ම වැඩ කරනු ඇත.

YouTube හි හසුරු

හසුරු නම් කිරීමේ මාර්ගෝපදේශ

සටහන: ඕනෑම අවස්ථාවක හසුරුව වෙනස් කිරීමට, නැවත ලබා ගැනීමට හෝ ඉවත් කිරීමට YouTube හට අයිතියක් ඇත.

ඔබේ හසුරුව මෙම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු ය:

  • අනුලකුණු 3-30 අතර වීම
  • අක්ෂරාංක අනුලකුණුවලින් සැදී තිබීම (A–Z, a–z, 0–9)
    • ඔබේ හසුරුවට මේවා ද ඇතුළත් විය හැකි ය: පහත් ඉරි (_), යා ඉරි (-), නැවතීමේ තිත් (.)
  • URL වැනි හෝ දුරකථන අංකය වැනි නොවීම
  • දැනටමත් භාවිත නොවීම
  • YouTube හි ප්‍රජා මාර්ගෝපදේශ අනුගමනය කිරීම

හසුරුවක් තෝරා ගැනීමේ හොඳම භාවිතයන්

YouTube හි ඔබේ ප්‍රසිද්ධ අනන්‍යතාව වඩාත් හොඳින් නියෝජනය කරන හසුරුවක් තෝරන්න. ඔබේ හසුරු සිම්පල් කැපිටල් සංවේදී නොවන බව සළකන්න.

අපි ඉඩ නොදෙන්නේ:

  • ප්‍රචණ්ඩ, අහිතකර, ලිංගිකමය හෝ අයාචිත හසුරු
  • හසුරු විකිණීම සහ මාරු කිරීම

ඔබේ හසුරුව අපගේ ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන බව සොයා ගන්නේ නම්, YouTube හසුරුව අහෝසි කර ඔබේ නාලිකාව සඳහා නව එකක් උත්පාදනය කරනු ඇත.

Note: In certain instances, like when you create a channel through methods like posting a comment on mobile, YouTube may auto assign you a handle based on your chosen channel name. There may be cases where your handle is randomly assigned if the chosen channel name cannot be converted to the handle. You can always view and edit the handle in Studio or by going to youtube.com/handle.

ඔබේ හසුරුව සඟවන්න

ඔබට ඔබේ හසුරුව සැඟවීමට අවශ්‍ය නම්, ඔබට ඔබේ නාලිකාව මැකීමට හෝ සැඟවීමට හැකි ය. 

 හසුරුව බලන්න හෝ වෙනස් කරන්න

සටහන: දින-14ක කාල පරිච්ඡේදයක් ඇතුළත ඔබට ඔබේ හසුරුව දෙවරක් වෙනස් කළ හැකි ය. ඔබ එසේ කළ හොත්, ඔබ ආපසු මාරු කිරීමට කැමති වන අවස්ථාවක් වෙනුවෙන් අපි ඔබේ පෙර හසුරුව දින 14ක් සඳහා රඳවා ගනිමු. මෙම දින-14 කාල පරිච්ඡේදය තුළ, ඔබේ පෙර හසුරුවේ URL සහ ඔබේ යාවත්කාලීන කරන ලද URL යන දෙක ම වැඩ කරනු ඇත. පසුව, වෙනත් පරිශීලකයින්ට ඔවුන්ගේ හසුරුව ලෙස තෝරා ගැනීමට එම හසුරුව ලබා ගත හැකි වෙයි.
  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන්, අභිරුචිකරණය ඉන් අනතුරුව මූලික තතු තෝරන්න.
  3. හසුරුව යටතේ, ඔබට ඔබේ හසුරුවේ URL බැලීමට හෝ වෙනස් කිරීමට හැකි ය.
  4. ​ඔබ ඔබේ හසුරුව වෙනස් කරන්නේ නම්, එය තහවුරු කිරීමට ප්‍රකාශයට පත් කරන්න ක්ලික් කරන්න.
ඔබ කැමති හසුරුව ලබා ගත නොහැකි නම්, ඔබට නැවතීමේ තිත්, අංක හෝ පහත් ඉරි එක් කිරීමෙන් උත්සාහ කළ හැකි ය.

ඔබ කැමති හසුරුව නොමැති නම්, එය සාමාන්‍යයෙන් මේ නිසා ය:

  • වෙනත් නාලිකාවක් දැනටමත් මෙම හසුරුව තෝරා ගෙන ඇත.

හෝ

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
7313998734827523481
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false