අධීක්ෂිත අත්දැකීම් සඳහා අන්තර්ගත සැකසීම් සකසන්න

අපි මාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ YouTube ගමනට මග පෙන්වීමට තෝරා ගැනීම් ලබා දෙමු. දරුවන්ට නව රුචිකත්ව සොයා ගැනීමට, විවිධාකාර දෘෂ්ඨිකෝණවලින් ඉගෙන ගැනීමට සහ ඔවුන් YouTube හරහා වීඩියෝ ලෝකය ගවේෂණය කරන විට අයිති වීමේ හැඟීමක් දැනීමට හැකි බව අපි විශ්වාස කරමු. ඔබ ඔබේ දරුවා YouTube හි සුවිශාල අන්තර්ගත සාර්වලෝකය ගවේෂණය කිරීමට සූදානම්ව ඇතැයි විශ්වාස නම්, විකල්ප කිහිපයක් ඇත. වඩා ආරක්ෂිත සහ සරල අත්දැකීමක් සඳහා අපගේ වෙනම ඇති YouTube Kids යෙදුම භාවිත කිරීම හෝ YouTube හි අධීක්ෂිත අත්දැකීමක් තනා කළමනාකරණය කිරීම අතරින් ඔබට තෝරා ගත හැකි ය.

අධීක්ෂිත අත්දැකීම් භාවිතයෙන් පවුල් සඳහා අන්තර්ගත සැකසීම්

නවතම පුවත්, යාවත්කාලීන, සහ ඉඟි සඳහා YouTube බලන්නන් නාලිකාවට ග්‍රාහක වන්න.

YouTube හි, විවිධාකාර අන්තර්ගතය සහ අදහස් පරාසයකින් අසන්නට ලැබීම එකිනෙකා පිළිබඳව ඉගෙන ගැනීමට උදව් විය හැකි බව අපි විශ්වාස කරමු. මෙම විවිධත්වය ඔබ එකඟ නොවන මතවලට නිරාවරණය වීම ද අදහස් කරයි. සියලු දෙනා සඳහා ආරක්ෂිත බැලීමේ අත්දැකීමක් ගොඩ නැගීමට උදව් වීම සඳහා අපට ප්‍රජා මාර්ගෝපදේශ ඇත. අධීක්ෂිත අත්දැකීමක් තුළ ලාබාල බලන්නන් සඳහා විශේෂයෙන් අදාළ වන පහත විස්තර කර ඇති තවත් අන්තර්ගතය පිළිබඳ ප්‍රතිපත්ති ද අපට ඇත. ඔබ ඔබේ දරුවා සඳහා YouTube හි අධීක්ෂිත අත්දැකීමක් සලකා බලන්නේ නම්, ඇරඹීමට පෙර ඔබේ පවුල සමග මෙම මාර්ගෝපදේශය සමාලෝචනය කිරීමට අපි ඔබව දිරිමත් කරන්නෙමු.

අපගේ ප්‍රවේශය

රූපවාහිනී සහ චිත්‍රපට අන්තර්ගත ශ්‍රේණිගත කිරීම් සමග සාමාන්‍යයෙන් ගැලපෙන අන්තර්ගතයේ සුදුසු බව ගැන ප්‍රතිපත්ති කට්ටලයක් YouTube සංවර්ධනය කර ඇත. පවුල් සඳහා ලබා ගත හැකි විවිධ අන්තර්ගත සැකසීම්වල කුමන වීඩියෝ සුදුසුකම් ලබන්නේ දැයි මග පෙන්වීමට මෙම ප්‍රතිපත්ති උදව් කරයි. ළමා සංවර්ධනය, ළමයින්ගේ මාධ්‍ය, ඩිජිටල් ඉගෙනුම සහ ,පුරවැසිභාවය පිළිබඳ විවිධ බාහිර විශේෂඥයන්ගෙන් උපදෙස් ලබා ගනිමින් මෙම ප්‍රතිපත්ති තවදුරටත් හැඩ ගස්වා ඇත. මෙම අන්තර්ගතය පිළිබඳ ප්‍රතිපත්ති සැලකිල්ලට ගන්නා අපගේ ස්වයංක්‍රිය කළ පද්ධති, පසුව එක් එක් අන්තර්ගත සැකසීම තුළ ඇතුළත් කිරීමට සුදුසු වීඩියෝ හඳුනා ගනියි. අපගේ පද්ධති පරිපූර්ණ නොවන බව සහ වැරදීම් සිදු විය හැකි බව අපි දනිමු. අපගේ පද්ධති අඛණ්ඩව වැඩි දියුණු කිරීමට හවුල්ව කටයුතු කරන ඉංජිනේරුවන්ගේ සහ මානව සමාලෝචකයන්ගේ කණ්ඩායමක් අපට සිටියි. තවද අප නිතිපතා අපගේ ප්‍රතිපත්ති නැවත අගයන බැවින් පහත ලැයිස්තුගත කර ඇති ප්‍රතිපත්ති නිරවශේෂ නොවිය හැකි ය.

YouTube සඳහා නුසුදුසු යැයි ඔබ විශ්වාස කරන දෙයක් ඔබ සොයා ගන්නේ නම්, ඔබට එය වාර්තා කිරීමට හැකි ය.

අන්තර්ගත සැකසීම්

ගවේෂණය කරන්න සාමාන්‍යයෙන් 9+ බලන්නන් සඳහා අන්තර්ගත ශ්‍රේණිගත කිරීම් සමග ගැළපෙයි
තවත් ගවේෂණය කරන්න සාමාන්‍යයෙන් 13+ බලන්නන් සඳහා අන්තර්ගත ශ්‍රේණිගත කිරීම් සමග ගැළපෙයි
YouTube හි වැඩි පංගුවක් 18+ ලෙස ලකුණු කර ඇති අන්තර්ගතය සහ අධීක්ෂිත අත්දැකීම් භාවිත කරන බලන්නන් සඳහා සුදුසු නොවිය හැකි වෙනත් වීඩියෝ සඳහා හැර YouTube හි වීඩියෝ සියල්ලම පාහේ

අන්තර්ගතය පිළිබඳ ප්‍රතිපත්ති

ඔබ ඔබේ දරුවා සඳහා අධීක්ෂිත ගිණුමක් පිහිටුවන විට අපගේ අන්තර්ගතය පිළිබඳ ප්‍රතිපත්ති ඔබට ලබා ගත හැකි විවිධ අන්තර්ගත සැකසීම් අතර වෙනස් වේ. මෙම අන්තර්ගතය පිළිබඳ ප්‍රතිපත්ති සැලකිල්ලට ගන්නා අපගේ ස්වයංක්‍රිය කළ පද්ධති, පසුව එක් එක් අන්තර්ගත සැකසීම තුළ ඇතුළත් කිරීමට සුදුසු අන්තර්ගතය හඳුනා ගනියි. අපගේ පද්ධති පරිපූර්ණ නොවන බව සහ වැරදීම් සිදු විය හැකි බව අපි දනිමු. 

ගවේෂණය කරන්න

“ගවේෂණය” YouTube Kids වෙතින් ඉවත් වී YouTube හි වඩා විශාල අන්තර්ගත සාර්ව ලෝකය ගවේෂණය කිරීම ආරම්භ කිරීමට සුදානමින් සිටින පවුල් සඳහා වේ. මෙම සැකසුම 9+ බලන්නන් සඳහා අන්තර්ගත ශ්‍රේණිගත කිරීම් සමග සාමාන්‍යයෙන් ගැලපෙන වීඩියෝ පුළුල් පරාසයක් විශේෂාංගගත කරයි. වීඩියෝවලට වීලොග, නිබන්ධන, ක්‍රීඩා වීඩියෝ, සංගීත වීඩියෝ, පුවත්, අධ්‍යාපනික අන්තර්ගතය, DIY, කලා සහ ශිල්ප, නර්තනය සහ තවත් දේ ඇතුළත් වේ. සමහර වීඩියෝවලට මේවා ඇතුළත් විය හැකිය:

වැඩිහිටි අන්තර්ගතය: සෙනෙහසේ සහ ආකර්ෂණයේ සුළු සංදර්ශක ඇතුළත්, ප්‍රේමණීය තේමා සහිත වීඩියෝ. ලිංගික සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව පිළිබඳ වයසට ගැළපෙන අධ්‍යාපනික වීඩියෝ සහ යෞවනෝදය සහ ප්‍රජනනය වැනි ලිංගික අධ්‍යාපන මාතෘකා.

ප්‍රචණ්ඩත්වය: අධ්‍යාපනික නමුත් සිද්ධියේ සන්දර්භය තුළ සුළු ප්‍රචණ්ඩත්වය අඩංගු විය හැකි වර්තමාන හෝ ඓතිහාසික සිදුවීම්වලට අදාළ වයසට සරිලන වීඩියෝ. කාටූන්, ක්‍රීඩා, රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපටවල සුලබව දක්නට ලැබෙන තිර රචනය කළ සහ සජීවිකරණ වීඩියෝවල චිත්‍රක නොවන ප්‍රචණ්ඩත්වය.

ආයුධ: ඓතිහාසික සන්දර්භයක් තුළ සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කිරීම, ක්‍රීඩා, සජීවිකරණය සහ කලාත්මක ආයුධ සන්දර්භය තුළ යථාර්ථ නොවූ ආයුධ විශේෂාංගී වන වීඩියෝ.

අනතුරුදායක අන්තර්ගතය: බාලවයස්කරුවන් විසින් පහසුවෙන් අනුකරණය කළ නොහැකි හෝ යෝග්‍ය ආරක්ෂක අනාවරණ සමග ප්‍රමුඛ වියාචනයක් ඇතුළත් වන අමාරු වික්‍රම, රවටන විහිළු ක්‍රියා සහ අභියෝග වැනි අනතුරුදායක ක්‍රියා විශේෂාංගී වන වීඩියෝ. මත්පැන් හෝ දුම්කොළ කෙටියෙන් ප්‍රදර්ශනය වන වීඩියෝ.

නුසුදුසු භාෂාව: හිංසාකාරී නොවන සන්දර්භයක "විකාරයක්" හෝ "අපායක්" වැනි සුළු වශයෙන් අපහාසාත්මක භාෂාව නිතර භාවිත නොකරන වීඩියෝ.

ආහාර, යෝග්‍යතාව සහ රූපලාවන්‍ය:රූපලාවන්‍ය නිෂ්පාදන සමාලෝචන, වයසට සරිලන මේකප් නිබන්ධන සහ සුවතාව පිළිබඳ අධ්‍යාපනික අන්තර්ගතය පෙන්වන වීඩියෝ. මෙම අන්තර්ගතයට සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ව්‍යායාම ඇතුළත් වේ.

සංවේදී මාතෘකා:මානසික සෞඛ්‍යය, ඇබ්බැහි වීම, ආහාර ගැනීමේ අක්‍රමිකතා සහ අහිමි වීම සහ ශෝකය වැනි සංවේදී ගැටලු සාකච්ඡා කරන වයසට සරිලන වීඩියෝ. මෙම සැකසීමේ වීඩියෝවල චිත්‍රක නිරූපණ ඇතුළත් නොවන අතර ධනාත්මකව මුහුණ දීම සහ ප්‍රතිසාධන ක්‍රමෝපාය, සහ උදවු සෙවීමේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරයි.

සංගීත වීඩියෝ: සුළු වශයෙන් අපහාසාත්මක භාෂාව හෝ මත්පැන් හෝ දුම්කොළ සඳහන් වන ගී පද ඇතුළත් විය හැකි සංගීත වීඩියෝ. වීඩියෝවල නිකරුණේ නොවූ ලිංගිකමය නර්තනය සහ කලාතුරකින් මත්පැන් හෝ දුම්කොළ සංදර්ශක විශේෂාංගී වීමටද හැකි ය.

තවත් ගවේෂණය කරන්න

“තවත් ගවේෂණය කරන්න” YouTube සුවිශාල සාර්වලෝකයෙන් වැඩි ප්‍රමාණයක් ගවේෂණය කිරීමට සූදානම් දරුවන් සඳහා ය. මෙම සැකසීමට ගවේෂණය තුළ සියලු දේ සහ 13+ බලන්නන් සඳහා අන්තර්ගත ශ්‍රේණිගත කිරීම් සමග සාමාන්‍යයෙන් ගැලපෙන වීඩියෝ පුළුල් පරාසයක් ඇතුළත් වේ. වීඩියෝවලට සජීවී ප්‍රවාහ, වීලොග, නිබන්ධන, ක්‍රීඩා වීඩියෝ, පුවත්, අධ්‍යාපනික වීඩියෝ, DIY, කලා සහ ශිල්ප, නර්තනය සහ තවත් දේ අඩංගු වේ. සමහර වීඩියෝවලට මේවා ඇතුළත් විය හැකිය:

වැඩිහිටි අන්තර්ගතය: ලිංගික අත්දැකීම්වල අසභ්‍ය නොවන විස්තර සහ කායික සම්බන්ධතා ප්‍රදර්ශනය කිරීම් වැනි ලිංගික තේමා සහිත වීඩියෝ. ලිංගික සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව සහ ලිංගික සංවර්ධනය, ප්‍රජනන සෞඛ්‍යය, වැළකී සිටීම සහ රෝග වැලැක්වීම වැනි ලිංගික අධ්‍යාපන මාතෘකා පිළිබඳව අධ්‍යාපනික වීඩියෝ.

ප්‍රචණ්ඩත්වය: වර්තමාන හෝ ඓතිහාසික සිදුවීම්වලට අදාළ චිත්‍රක නොවන අධ්‍යාපනික වීඩියෝ. ක්‍රීඩා, රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපටවල සුලබව දක්නට ලැබෙන තිර රචනය කළ සහ සජීවිකරණ වීඩියෝවල ක්ෂණික චිත්‍රක ප්‍රචණ්ඩත්වය.

ආයුධ: රූපවාහිනී සංදර්ශන සහ චිත්‍රපටවල සුලබව දක්නට ලැබෙන තිර රචනය කළ වීඩියෝවල සැබෑ හෝ යථාර්ථ වූ ආයුධ විශේෂාංගී වන වීඩියෝ. ක්‍රීඩාවක හෝ තුවක්කු ආරක්ෂාව ගැන අධ්‍යාපනික සන්දර්භයක භාවිත වන විට සැබෑ තුවක්කු විශේෂාංගී වන වීඩියෝ.

අනතුරුදායක අන්තර්ගතය: බරපතල කායික පීඩාවලට ලක් කළ හැකි නමුත් බාලවයස්කරුවන් විසින් පහසුවෙන් අනුකරණය කළ නොහැකි අමාරු වික්‍රම, රවටන විහිළු ක්‍රියා සහ අභියෝග වැනි අනතුරුදායක ක්‍රියා විශේෂාංගී වන වීඩියෝ. බහුලව මත්පැන් හෝ දුම්කොළ භාවිතය ප්‍රදර්ශනය කරන හෝ පෙන්වන වීඩියෝ.

නුසුදුසු භාෂාව: හිංසාකාරී නොවන හෝ ලිංගික නොවන සන්දර්භයක "බැල්ලී" හෝ "තට්ටම්" වැනි අපහාසාත්මක භාෂාව හෝ අසභ්‍ය වචන සුලබව භාවිත කරන වීඩියෝ. නිතර සිදු නොවේ නම් සහ හිංසාකාරී නොවන සන්දර්භයක භාවිත කළේ නම්, දැඩි ලෙසම අධ්‍යාපනික හෝ සංගීත වීඩියෝ සන්දර්භයක දිස් විය හැකි පරිභවාත්මක අපවාද.

ආහාර, යෝග්‍යතාව සහ රූපලාවන්‍ය: මේකප් නිබන්ධන, රූපලාවන්‍ය ඉඟි සහ ජීවන උපක්‍රම විශේෂාංගී වන වීඩියෝ සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ව්‍යායාමවලට අදාළ වීඩියෝ.

සංවේදී මාතෘකා: මානසික සෞඛ්‍යය, සියදිවි නසා ගැනීමට සිතීම, තමන්ටම හානි කර ගැනීම, ඇබ්බැහි වීම, ආහාර ගැනීමේ අක්‍රමිකතා සහ අහිමි වීම සහ ශෝකය වැනි සංවේදී ගැටලුවලට අදාළ චිත්‍රක නොවන වීඩියෝ. මෙම වීඩියෝ ධනාත්මකව මුහුණ දීම සහ ප්‍රතිසාධන ක්‍රමෝපායන් සහ උදවු සෙවීමේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරයි.

සංගීත වීඩියෝ: ලිංගික යොමු කිරීම්, නිතර භාවිත නොවන අසභ්‍ය වචන හෝ හිංසාකාරී නොවන හෝ වෛරී සහගත සන්දර්භයක පරිභවාත්මක අපවාද සහිත ගී පද ඇතුළත් විය හැකි සංගීත වීඩියෝ. වීඩියෝ ලිංගිකමය නර්තනය සහ මත්පැන්, දුම්කොළ හෝ මරිජුවානා භාවිතය ද විශේෂාංගී කළ හැකි ය.

YouTube හි වැඩි පංගුවක්
“YouTube හි වැඩි පංගුවක්'' වැඩිමහල් නව යෞවනයන් සඳහා අන්තර්ගතය ඇතුළත්ව YouTube හි සුවිශාල සාර්වලෝකය ගවේෂණය කිරීමට සුදානමින් සිටින ළමයින් සඳහා වේ. මෙම සැකසීමට 18+ ලෙස ලකුණු කර ඇති වීඩියෝ සහ අධීක්ෂිත අත්දැකීම් භාවිත කරන බලන්නන් සඳහා සුදුසු නොවිය හැකි වෙනත් වීඩියෝ සඳහා හැර YouTube හි සියල්ලම පාහේ ඇතුළත් වේ. වීඩියෝවලට සජීවී ප්‍රවාහ, වීලොග, නිබන්ධන, ක්‍රීඩා වීඩියෝ, පුවත්, අධ්‍යාපනික වීඩියෝ, DIY, කලා සහ ශිල්ප. නර්තනය සහ තවත් දේ ඇතුළත් වේ.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
3505037156660975274
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false