Google ඔබට කෙටි පණිවුඩයක් එවිය හැකි අවස්ථා

Google වෙතින් ඔබට කෙටි පණිවුඩයක් (SMS) ලැබිය හැකි හේතු සමහරක් පහත දැක්වේ.

ඔබට ඔබේ ගිණුමට පිවිසිය නොහැකි විට සහ ඔබට ඔබෙ මුරපදය යළි සැකසීමට අවශ්‍ය වීම

ඔබ ඔබේ ගිණුමට ප්‍රතිසාධන දුරකථන අංකයක් එක් කර ඇති නම්, Google ඔබට කේතයක් කෙටි පණිවුඩයක් හරහා එවිය හැකි ය. මෙම කේතය ඔබේ මුරපදය යළි සැකසීමට සහ නැවත පිවිසීමට උදවු කරයි. ඔබේ දුරකථන ප්‍රතිසාධන විකල්පයක් ලෙස භාවිත කිරීම ගැන තව දැන ගන්න

ඔබ දෙපියවර සත්‍යාපනය සඳහා ලියාපදිංචි වී තිබීම

ඔබ දෙපියවර සත්‍යාපනය භාවිත කරන්නේ නම් ඔබ පුරන විට සත්‍යාපන කේතයක් ලැබීමට තෝරා ඇත. මෙම කේතය ඔබේ ගිණුමට අමතර ආරක්‍ෂක ස්තරයක් ලබා දෙයි. දෙපියවර සත්‍යාපනය ගැන තව දැන ගන්න.

ඔබ ගිණුමක් නිර්මාණ කරන අතර අපට ඔබ රොබෝවෙක් නොවන බව තහවුරු කර ගැනීමට අවශ්‍ය වීම

ඔබ Google ගිණුමක් නිර්මාණය කරන්නේ නම්, අප ඔබගේ දුරකථනය වෙත එවන සත්‍යාපන කේතය ඇතුළු කරන ලෙස ඉල්ලා සිටිය හැක. ඔබේ ගිණුම කෙටි පණිවුඩයක් මගින් සත්‍යාපන කිරීම ගැන තව දැන ගන්න.

ඔබ පුරමින් සිටී, අපට ඒ ඔබ බවම තහවුරු කර ගැනීමට අවශ්‍ය වීම

අපි සමහර විට පහත පරිදි වූ අතිරේක පුරන පියවර සම්පූර්ණ කිරීමට ඉල්ලා සිටින්නෙමු:

  • ඔබ සාමාන්‍යයෙන් පිරීමක් නොකරන ස්ථානයක සිට පුරනය වෙයි.
  • ඔබ මින් පෙර භාවිත කර නොමැති උපාංගයක් භාවිත කරයි.

අමතර පියවරට අප ඔබගේ දුරකථනයට කෙටි පණිවුඩයක් හරහා එවන සත්‍යාපන කේතය ඇතුළු කිරීම ඇතුළත් විය හැකි ය. අසාමාන්‍ය පුරනය ගැන තව දැන ගන්න

ඔබ ඔබේ ගිණුමට වෙනස්කම් සිදු කර තිබීම

ඔබගේ ගිණුම මත ආරක්‍ෂාව හා සම්බන්ධ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති විට ඔබට ඉ-තැපෑලක් ලැබෙයි (උදාහරණයක් ලෙස. මුරපදය වෙනස් කිරීමක්). කෙසේ වෙතත් ඔබට මෙම දැනුම් දීම් කෙටි පණිවුඩ මගින් ද ලැබිය හැකි ය. ආරක්‍ෂක දැනුම්දීම් ගැන තව දැන ගන්න.

ඔබ ඉල්ලා නොමැති කේතයක් කෙටි පණිවුඩයක් (SMS) හරහා ඔබට ලැබුණා

ලැබුණු කෙටි පණිවුඩ කේතය ඔබට නොසලකා හැර මකා දැමිය හැකි ය. ලැබුණු කේත කිසිවක් කිසිවෙකු හෝ සමග බෙදා නොගන්න. ඔබේ Google ගිණුම ආරක්‍ෂිතව තබා ගැනීමට පුද්ගලායන කළ නිර්දේශ සහ මාර්ගෝපදේශ සඳහා නිරන්තර ආරක්‍ෂක පරීක්‍ෂාව සිදු කරගන්න.

true
Google ගිණුම වෙත සාදරයෙන් පිළිගනිමු!

ඔබට නව Google ගිණුමක් ඇති බව අපට පෙනෙයි! ඔබේ Google ගිණුම් පිරික්සුම් ලැයිස්තුව සමග ඔබේ අත්දැකීම වැඩි දියුණු කර ගන්නා ආකාරය දැන ගන්න.

සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
9799164205459813076
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
70975
false
false