අධීක්‍ෂිත ගිණුම් සහ "ළමයින් සඳහා සාදන ලද" ලෙස සකසන ලද අන්තර්ගතය සඳහා YouTube මත දැන්වීම් ක්‍රියා කරන ආකාරය

ළමයින් සඳහා සාදන ලද දැන්වීම් කිරීමේ ප්‍රතිපත්ති නවතම යාවත්කාලීන කියවීමට නිතර ආපසු පරීක්‍ෂා කිරීමට අපි ඔබ පොලඹ වන්නෙමු.

ළමයින්ගේ සබැඳි පෞද්ගලිකත්ව ආරක්‍ෂණ පනතට සහ වෙනත් නීතිවලට අනුකූල වීමට පුද්ගලායන කළ දැන්වීම්, නැවත අලෙවි කිරීම, සහ වෙනත් පුද්ගලායන කළ ඉලක්ක කිරීමේ විශේෂාංග මේවා සඳහා YouTube මත තහනම් කරනු ලැබේ:

අධීක්‍ෂිත ගිණුම් සඳහා සහ ළමයින් සඳහා සාදන ලද ලෙස සකසන ලද අන්තර්ගතය මත YouTube මත සන්දර්භානුකූල දැන්වීම් සපයනු ලැබිය හැක. මෙම දැන්වීම් මෙවැනි කරුණු මත පදනම් වෙයි:

  • නරඹනු ලබන අන්තර්ගතය
  • නරඹන්නාගේ වත්මන් සෙවීම
  • නරඹන්නාගේ (නගරය හෝ ප්‍රාන්තය වැනි) සාමාන්‍ය ස්ථානය

අධීක්‍ෂිත ගිණුම් සඳහා සහ ළමයින් සඳහා සාදන ලද ලෙස සකසන ලද අන්තර්ගතය මත YouTube මත දිස් වීමට සුදුසුකම් ලැබීමට දැන්වීම් ළමයින් සඳහා සාදන ලද දැන්වීම් ප්‍රතිපත්තිය අනුගමන කළ යුතු ම ය.

“ළමයින් සඳහා සාදන ලද” අන්තර්ගතය මත දැන්වීම් නැරඹීම

සමහර ප්‍රවර්ගවල දැන්වීම් තවමත් “ළමයින් සඳහා සාදන ලද” බවට සලකුණු කරන ලද අන්තර්ගතය මත දිස් වේවි. “ළමයින් සඳහා සාදන ලද” අන්තර්ගතය නරඹන්නෝ වීඩියෝ දැන්වීමක් පෙන්වනු ලැබීමට පෙර සහ පසු දැන්වීම් අවරෝධකයක් දකිති. මෙය ඔවුන්ට දැන්වීමක් පටන් ගන්නා සහ අවසන් වන අවස්ථාව ඇඟවීමට උදවු කරයි. 

“ළමයින් සඳහා සාදන ලද” අන්තර්ගතය මත දැන්වීම් පිළිබඳ දැන්වීම්කරු ප්‍රතිපත්ති තේරුම් ගැනීමට අප “ළමයින් සඳහා සාදන ලද” දැන්වීම් ප්‍රතිපත්තිය පරීක්‍ෂා කරන්න.

දැන්වීම්කරුවන් සඳහා වන ප්‍රතිපත්ති

දැන්වීම්කරුවන් අධීක්‍ෂිත ගිණුම් සඳහා හෝ ළමයින් සඳහා සාදන ලද ලෙස සකසන ලද අන්තර්ගතය මත YouTube මත පුද්ගලායන කළ දැන්වීම් ධාවන නොකළ යුතුය.

ළමයින් සඳහා අදහස් කෙරෙන හෝ ළමයින් සඳහා සාදන ලද ලෙස සකසන ලද අන්තර්ගතය මත දැන්වීම් කිරීම අදාළ සියුලම නීති සහ රෙගුලාසිවලට අනුකූල විය යුතු ම ය. එයට නොකළ හැක්කේ:

  • රැවටිලිකාර, අසාධාරණ, හෝ එහි අදහස් කෙරෙන ප්‍රේක්‍ෂක පිරිසට නුසුදුසු වීම
  • පුද්ගලික තොරතුරු එකතු කිරීමට කිසියම් තෙවන පාර්ශ්ව හඹා යන්නන් භාවිත කර ගැනීම හෝ වෙනත් ආකාරයේ ප්‍රයත්න දැරීම

දැන්වීම්කරුවන් අධීක්‍ෂිත ගිණුම් හෝ ළමයින් සඳහා සාදන ලද ලෙස සකසන ලද අන්තර්ගතය සඳහා YouTube මත දැන්වීම් නොකළ යුතු සමහර නිර්ෂාපදන පහත දැක්වේ:

  • ළමයින්ට නුසුදුසු මාධ්‍ය: වයස අවුරුදු 13 ට පහළ පරිශීලකයින්ට පෙන්වීමට සංවේදී වන මාධ්‍ය (චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන් ආදිය).
  • ළමයින්ට නුසුදුසු වීඩියෝ ක්‍රීඩා: ක්‍රීඩාවේ කර්මාන්ත ශ්‍රේණිගත කිරීම වයස අවුරුදු 13 ට පහළ ප්‍රේක්‍ෂක පිරිස්වලට සුදුසු නොවිය හැක නම් වීඩියෝ ක්‍රීඩා කොන්සෝලයක, පරිගණකයක, හෝ ජංගම දුරකථනයක් හෝ ටැබ්ලටයක් වැනි වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක ක්‍රීඩා කළ හැකි ඉලෙක්ට්‍රොනික වීඩියෝ ක්‍රීඩා (සහ අදාළ උපාංග).
  • ආලය සහ සම්බන්‍ධතා: ආලය කිරීමේ අඩවි, පවුල් උපදේශනය, විවාහ හෝ දික්කසාද සේවා සඳහා වන දැන්වීම්.
  • අලංකාරය සහ බර අඩු කිරීම: බාහිර පුද්ගලික රැකවරණයට, බර අඩු කිරීමට, පථ්‍ය ආහාරයට, සහ පෝෂණයට අදාළ යෝග්‍යතා නිෂ්පාදනවලට අදාළ නිෂ්පාදන.
  • කෑම බීම: පෝෂණ අන්තර්ගතය කුමක් වූවත් අනුභව කළ හැකි කෑම බීමට අදාළ නිෂ්පාදන තහනම් කෙරේ.
  • නීති විරෝධී හෝ නියාමන කෙරෙන නිෂ්පාදන: තහනම් අන්තර්ගතය සහ සීමා කෙරෙන අන්තර්ගතය ඇතුළු ළමයින්ට දැන්වීම් කිරීම නියාමන කෙරෙන හෝ නීති විරෝධී නිෂ්පාදන තහනම් කෙරේ. මෙයට ළමයින්ට ආරක්‍ෂක අවදානම් ඇති කළ හැකි නිෂ්පාදන ද ඇතුළු වෙයි.
  • දේශපාලන දැන්වීම්: දේශපාලන අපේක්‍ෂකයින් හෝ ඔවුන්ගේ ප්‍රතිපත්ති ස්ථාවර, දේශපාලන පක්‍ෂ, අරමුදල් එකතු කිරීම හෝ දේශපාලන ක්‍රියාමාර්ග කමිටු හෝ ඒවායේ න්‍යාය පත්‍ර ඇතුළු කිසිම ආකාරයේ ගෙවුම් දේශපාලන දැන්වීම්.
  • ආගමික දැන්වීම්: කිසිම ආකාරයක ආගමික දැන්වීම් තහනම් කෙරේ, උදාහරණය වශයෙන් ආගමික පාසල්, ආගමික පොත් ආදිය ඇතුළු ආගමට, ආගමික විශ්වාසයට අදාළ පිරිනැමීම්.
  • වැඩිහිටි අන්තර්ගතයට අදාළ දැන්වීම්: වැඩිහිටි ප්‍රේක්‍ෂක පිරිස්වලට අදහස් කෙරෙන අතර වයස අවුරුදු 13 ට අඩු පරිශීලකයින්ට සුදුසු නොවන ලිංගික සහ පරිණත අන්තර්ගතය.
  • අනතුරුදායක අන්තර්ගතය: වයස අවුරුදු 13 ට අඩු පරිශීළකයින්ට අනතුරුදායක සහ නුසුදුසු හෝ සාමාන්‍යයෙන් වැඩිහිටි අධීක්‍ෂණය අවශ්‍ය වන අන්තර්ගතය.
  • ප්‍රචණ්ඩ අන්තර්ගතය: වැඩිහිටි ප්‍රේක්‍ෂක පිරිස්වලට අදහස් කෙරෙන අතර වයස අවුරුදු 13 ට අඩු පරිශීලකයින්ට සුදුසු නොවන ප්‍රචණ්ඩ සහ චිත්‍රක අන්තර්ගතය.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
17332919877027286629
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false