සුපිරි කථාබසක් හෝ සුපිරි ස්ටිකරයක් මිලදී ගන්න

සටහන: YouTube Android යෙදුම මත කෙරෙන සමහර අලුත් සුපිරි කථාබස්, සුපිරි ස්ටිකර, හෝ සුපිරි ස්තුති මිලදී ගැනීම්වලට Google Play හරහා බිල් කරනු ලැබේ. මෙම වෙනස මිල ගණනට හෝ පිරිවැයට බලපාන්නේ නැත, එය බලපාන්නේ බිල් කරනු ලබන තැනට පමණයි. නව අය කිරීම් සහ ඔබට බිල් කෙරෙන ආකාරය බැලීමට ඔබට pay.google.com වෙත යා හැක.

සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකර සමග පිටතට පැන සජීවී කථාබස් පණිවුඩ කරන්න. ඔබ සුපිරි කථාබසක් මිලදී ගෙන යවන විට, ඔබට සජීවී කථාබස් සංග්‍රහය ඇතුළත ඔබේ පණිවුඩය උද්දීපන කළ හැක. සුපිරි ස්ටිකර ඇතිව, ඔබ සජීවී කථාස් සංග්‍රහයක් සමයේ ඩිජිටල් හෝ සජීවන පණිවුඩයක් උත්පතන වීම දකියි. ලැබීම සහ පද්ධති අවශ්‍යතා ගැන තව දැන ගන්න. සුපිරි කථාබසේ සහ සුපිරි ස්ටිකරවල ආදායමින් විශාල කොටස නිර්මාපකයින්ට ලැබේ.

සුපිරි කථාබසක් හෝ සුපිරි ස්ටිකරයක් මිලදී ගන්න

ඔබේ පරිගණකයෙන් සුපිරි කථාබසක් හෝ සුපිරි ස්ටිකරයක් මිල දී ගැනීමට මෙම උපදෙස් අනුගමනය කරන්න:
  1. සජීවී කථාබසක් ඇතුළත ඩොලර් සලකුණ ක්ලික් කරන්න. සජීවී කථාබස දෘශ්‍යමාන විය යුතු ම ය.
  2. පහත ඒවායෙන් එකක් තෝරන්න:​
    1. සුපිරි ස්ටිකරය ඉන් අනතුරුව ඔබ කැමති ස්ටිකර පොදියක් සොයා ගන්න ඉන් අනතුරුව මිල දී ගැනීමට තනි ස්ටිකරයක් තෝරන්න.
    2. සුපිරි කථාබස ඉන් අනතුරුව මුදලක් තේරීමට, ස්ලයිඩරය අදින්න හෝ ඔබේ කැමති අගය ටයිප් කරන්න ඉන් අනතුරුව විකල්ප පණිවිඩයක් එක් කරන්න.
      • ඔබ වියදම් කරන ප්‍රමාණය අනුව කථාබස් සංග්‍රහයක මුදුනේ අමුණා ඇති කාලයේ වර්ණය සහ ප්‍රමාණය වෙනස් වේ. 
  3. මිලදී ගෙන යවන්න.
  4. ඔබේ මිලදී ගැනීම අවසන් කිරීමට, උපදෙස් පිළිපදින්න.

ඔබ සුපිරි කථාබසක් හෝ සුපිරි ස්ටිකරයක් මිලදී ගත් විට:

  • ගැනුම් අගය මත පදනම්ව, අපි ඔබේ සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකරය සජීවී කථාබස් සංග්‍රහයේ ඉහළින් ඇමිණිය හැක. කාල ගණකයක් ඔබේ සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකරය කොපමණ කාලයකට අමුණනු ලබන්නේද පෙන්වයි. නිර්මාපකයා ගණකය තුළ ඔබේ කාලය අවසන් වීමට පෙර සජීවී කථාබස හෝ සජීවී ප්‍රවාහය අවසන් කරාවි. සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකරය වීඩියෝ අතර මාරු වන්නේ නැත.
  • ඔබේ සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකරය මිලදී ගැනීමේ කොටසක් වශයෙන්, අන් අයට ඔබේ වැදගත් සිද්ධියට අගය කළ හැකි වීමට අපි ඔබේ සුපිරි කථාබසක් මිලදී ගත් පළමු අවස්ථාව වැනි ඔබේ ගැනුම් වැදගත් සිද්ධියක් ප්‍රසිද්ධියේ නිවේදන කළ හැක. ඔබ මිලදී ගැනීමට පෙර, ඔබට වැදගත් සිද්ධිය අගය කිරීමේ නිවේදනයේ පෙරදසුනක් ලැබේ. ඔබේ වැදගත් සිද්ධි මගේ ක්‍රියාකාරකම් තුළ ස්ථාන ගත වූ ඔබේ මිල දී ගැනීමේ ඉතිහාසය මත පදනම් වෙයි.
  • එයට “සවන්දීමෙන්” හෝ “කැමතිවීමෙන්” නිර්මාපකයෙකුට හෝ බලන්නන්ට සජීවී කතාබස් සංග්‍රහය තුළ ඔබේ සුපිරි කථාබස සමග අන්තර් ක්‍රියා කළ හැක. පරිශීලකයෙකු සුපිරි කථාබස පණිවිඩයට “කැමති වන්නේ” නම්, එය සජීවී ප්‍රවාහය තුළ දක්නට ලැබෙනු ඇති නමුත් සුරැකීම හෝ ඉන්පසුව තබා ගැනීම, උදා: සජීවී ප්‍රවාහයේ සංරක්ෂණය තුළ සිදු නොවනු ඇත.
සටහන්:
  • ඔබේ සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකරය, නාලිකාවේ නම, පැතිකඩ පින්තූරය, සහ මිල දී ගැනීමේ මුදල ප්‍රසිද්ධියේ දෘශ්‍යමාන වෙයි.
  • YouTube මත ඇති සෑම දෙයක්ම මෙන්ම, ඔබ යවන සුපිරි කථාබස් සහ සුපිරි ස්ටිකර් අපගේ ප්‍රජා මාර්ගෝපදේශ සමග අනුකූල විය යුතු යි.
  • ඔබ ගැනුම් වැදගත් සිද්ධි සඳහා ප්‍රසිද්ධියේ පිළිගනු ලැබීමට YouTube ඔබ කරන මිලදී ගැනීම් සංඛ්‍යාව සටහන් කරයි. ඔබ ගැනුම් වැදගත් සිද්ධිවලට සහභාගී වීමට අකමැති නම්, ඔබේ ඓතිහාසික ගැනුම් දත්ත ඉවත් කිරීමට මගේ ක්‍රියාකාරකම් වෙත යන්න.

ගැනුම් සීමා

ඇ.ඩො. $5 (හෝ ඔබේ දේශීය සමාන මුදලට) අඩු මිලදී ගැනීම් ගණකය තුළ දිස් නොවෙයි.

ඔබේ රට හෝ කලාපය අනුව, දෛනික සහ සතිපතා මිල දී ගැනීමේ සීමාව වෙනස්වනු ඇත. සාමාන්‍යයෙන්, ඔබට මේවා මත දිනකට ඇ.ඩො. $500 ක් හෝ සතියකට ඇ.ඩො. $2,000 ක් (හෝ ඔබේ දේශීය මුදලින් සමාන ප්‍රමාණයක්) දක්වා වියදම් කළ හැක:

  • සුපිරි කථාබස
  • සුපිරි ස්ටිකර
  • සුපිරි ස්තුති
  • 3 ම එක්ව

කථාබස් ප්‍රමිත කිරීම

පාඨ සහ චිත්‍රක ඇතුළුව සියලුම කථාබස් පණිවුඩ නිර්මාපකයින් සහ YouTube විසින් ප්‍රමිත කරනු ලැබේවි. ප්‍රමිත කරන ලද කථාබස් ඔබ හා / හෝ අන් අය විසින් ඕනෑම වේලාවකදී, ඕනෑම හේතුවක් නිසා, දැනුම් නොදී දර්ශනයෙන් ඉවත් කරනු ලැබේවි.

ඔබට ඔබ මිලදී ගෙන යැවූ සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකරය ද ඉවත් කළ හැක. තව '' ඉන් අනතුරුව ඉවත් කරන්න ක්ලික් කරන්න.

ප්‍රමිත කරන ලද හෝ ඉවත් කරන ලද සුපිරි කථාබස් සහ සුපිරි ස්ටිකර ආපසු ගෙවීමක් නොඋපදවයි. ඔබට සැලකිලි තිබේ නම්, ඔබට YouTube සහය කණ්ඩායම සම්බන්‍ධ කර ගැනීමට හෝ අප ආපසු ගෙවීම් ප්‍රතිපත්තිය පරීක්‍ෂා කිරීමට හැකි ය.

සුපිරි කථාබස් සහ සුපිරි ස්ටිකර ප්‍රතිපත්ති

YouTube මත ඇති සෑම දෙයක්ම මෙන්ම, ඔබ යවන සුපිරි කථාබස් සහ සුපිරි ස්ටිකර් අපගේ ප්‍රජා මාර්ගෝපදේශ සමග අනුකූල විය යුතු යි.

ඔබ YouTube හි සේවා නියමවලින් අවශ්‍ය කෙරෙන පරිදි අදාළ නීති සියල්ලටම දිගටම අනුකූල විය යුතු ම ය. ඔබ සුපිරි කථාබස් සහ සුපිරි ස්ටිකර මත වියදම් කරන මුදල ඔබටත් ඔබේ ක්‍රියාකාරකම්වලටත් යෙදෙන නීතිවලට අනුව වෙනස්ව සලකනු ලැබේවි. සුපිරි කථාබස සහ සුපිරි ස්ටිකර් යනු සමූහ අරමුදල් සම්පාදන හෝ පරිත්‍යාග මෙවලම් නොවන බව අවබෝධ කර ගන්න. ඔබට සුපිරි කථාබස හෝ සුපිරි ස්ටිකරය මිලදී ගත හැකිද නැතිද යන්න ඇතුළුව -- ඔබ අදාළ සියලුම නීති වටහා ගෙන ඒවාට අනුකූලතාව දැක්වීම සම්බන්‍ධයෙන් වගකීම දරයි.

සුපිරි ස්ටිකර සඳහා ප්‍රකාශන හිමිකම් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න

ඔබ සුපිරි ස්ටිකරයක් ඔබේ ප්‍රකාශන හිමිකම උල්ලංඝන කරන බව සිතන්නේ නම් ඔබට ප්‍රකාශන හිමිකම් උල්ලංඝන කිරීම් දැනුම්දීමක් ගොනු කළ හැක. මෙය නීතිමය ක්‍රියාවලියක් ආරම්භ කරයි. පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට, ඔබ ඔබේ ප්‍රකාශන හිමිකම උල්ලංඝන කරන බව සිටත සුපිරි ස්ටිකරයේ URL එක සැපයීමට අවශ්‍ය වෙයි.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමට, ඔබ copyright@youtube.com වෙත පහත සඳහන් තොරතුරු ඉ-තැපැල් කිරීමට අවහ්‍ය වෙයි:

  1. ඔබේ සම්බන්‍ධතා තොරතුරු
    ඔබ අපට සහ ඔබ ඉවත් කරන කිසියම් සුපිරි ස්ටිකර(යේ) උඩුගත කරන්නන්ට ඔබේ පැමිණිල්ල සම්බන්‍ධයෙන් ඔබ සම්බන්‍ධ කර ගැනීමට ඉඩ දෙන ඉ-තැපැල් ලිපිනයක්, භෞතික ලිපිනයක්, හෝ දුරකථන අංකයක් වැනි තොරතුරු සැපයීමට අවශ්‍ය වෙයි.

  2. ඔබ උල්ලංඝනය වී ඇති බවට විශ්වාස කරන ඔබේ නිර්මාණයේ විස්තර කිරීමක්
    ඔබේ පැමිණිල්ල තුළ, ඔබ ආරක්‍ෂා කිරීමට බලාපොරොත්තු වන ප්‍රකාශන හිමිකම් සහිත අන්තර්ගතය පැහැදිලිව සහ සම්පූර්ණයෙන් විස්තර කිරීමට වග බලා ගන්න. ඔබේ පැමිණිල්ල තුළ ප්‍රකාහන හිමිකම් ඇති නිර්මාණ බොහොමයක් ආවරණ කරනු ලබන්නේ නම්, නීතිය එම නිර්මාණවල නියෝජිත ලැයිස්තුවකට අවසරය දෙයි.

  3. උල්ලංඝන කරන බවට චෝදනා කෙරෙන එක් එක් සුපිරි ස්ටිකරයේ නිශ්චිත URL
    ඔබේ පැමිණිල්ල තුළ ඔබේ හිමිකම් උල්ලංඝන කරන්නේ යැයි ඔබ විශ්වාස කරන සුපිරි ස්ටිකරයේ නිශ්චිත URL එක අඩංගු විය යුතු ම ය, නැති නම් අපට එය සොයා ගෙන ඉවත් කිරීමට නොහැකි වෙයි. URL හෝ පරිශීලක නාමය වැනි සුරිසි ස්ටිකරය පිළිබඳ සාමාන්‍ය තොරතුරු ප්‍රමාණවත් නොවේ.

    • URL එක සොයා ගැනීමට: පරිගණකයකින්, කථාබස් සංග්‍රහය තුළ ඇති සුපිරි ස්ටිකරය හෝ සුපිරි ස්ටිකර ගැනුම් ප්‍රවාහය වෙත යන්න ඉන් අනතුරුව සුපිරි ස්ටිකරය දකුණු ක්ලික් කරන්න ඉන් අනතුරුව රූප ලිපිනය පිටපත් කරන්න.

  4. ඔබ පහත සඳහන් ප්‍රකාශයට එකඟ වී එය ඇතුළු කළ යුතු ම ය:
    “පැමිණිලි කරනු ලබන ආකාරයේ ද්‍රව්‍යයේ භාවිතයට ප්‍රකාශන හිමිකරු, එහි නියෝජිතයා, හෝ නීතිය මගින් බලය දී නැති බවට මට හොඳ විශ්වාසයක් ඇත.”

  5. තවද පහත සඳහන් ප්‍රකාශය:
    "මෙම දැනුම්දීම තුළ ඇති තොරතුරු නිරවද්‍ය වන අතර අසත්‍ය ප්‍රකාශය සඳහා වන දඬුවම යටතේ, මම උල්ලංඝන කෙරෙන බවට චෝදනා කෙරෙන සුවිශේෂී හිමිකමක හිමිකරු, හෝ හිමිකරු වෙනුවෙන් ක්‍රියා කිරීමට බලය දෙන ලද නියෝජිතයෙක් වෙමි.”

  6. ඔබේ අත්සන
    සම්පූර්ණ පැමිණිලිවලට ප්‍රකාශන හිමිකමරුගේ හෝ ඔවුන් වෙනුවෙන් ක්‍රියා කිරීමට බලය දෙන ලද නියෝජිතයෙකුගේ භෞතික හෝ ඉලෙක්ට්‍රොනික අත්සන අවශ්‍යයි. මෙම අවශ්‍යතාව සපුරාලීමට, ඔබට ඔබේ පැමිණිල්ල යටතේ ඔබේ අත්සන වශයෙන් ක්‍රියා කිරීමට ඔබේ සම්පූර්ණ නීත්‍යානුකූල නම (පළමු සහ අවසාන නමක්, සමාගම් නමක් නොවේ) ටයිප් කළ හැක.

සුපිරි කථාබස් සහ සුපිරි ස්ටික ලැබෙන ස්ථාන

සුපිරි කථාබස් සහ සුපිරි ස්ටිකර පහත සඳහන් ස්ථාන තුළ ලැබේ:
  • ඇල්ජීරියාව
  • ඇමෙරිකානු සැමෝවාව
  • ආජන්ටිනාව
  • අරූබාව
  • ඕස්ට්‍රේලියාව
  • ඕස්ට්‍රියාව
  • බහරේනය
  • බෙලරුසය
  • බෙල්ජියමය
  • බර්මියුඩාව
  • බොලිවියාව
  • බොස්නියාව හා හර්සගෝවිනාව
  • බ්‍රසීලය
  • බල්ගේරියාව
  • කැනඩාව
  • කේමන් දූපත්
  • චිලී
  • කොළොම්බියාව
  • කොස්ටා රිකාව
  • ක්‍රොඒෂියාව
  • සයිප්‍රසය
  • චෙක් ජනරජය
  • ඩෙන්මාර්කය
  • ඩොමිනිකානු ජනරජය
  • ඉක්වදෝරය
  • මිසරය
  • එල් සැල්වදෝරය
  • එස්තෝනියාව
  • ෆින්ලන්තය
  • ප්‍රංශය
  • ප්‍රංශ ගයනාව
  • ප්‍රංශ පොලිනීසියාව
  • ජර්මනිය
  • ග්‍රීසිය
  • ගුවාඩෙලූපය
  • ගුවාම්
  • ගුවාතමාලාව
  • හොණ්ඩූරසය
  • හොංකොං
  • හංගේරිය
  • අයිස්ලන්තය
  • ඉන්දියාව
  • ඉන්දුනීසියාව
  • අයර්ලන්තය
  • ඊශ්‍රායලය
  • ඉතාලිය
  • ජපානය
  • ජෝර්දානය
  • කෙන්යාව
  • කුවේටය
  • ලැට්වියාව
  • ලෙබනනය
  • ලික්ටන්ස්ටයින්
  • ලිතුවේනියාව
  • ලක්සම්බර්ගය
  • මැසිඩෝනියාව
  • මැලේසියාව
  • මෝල්ටාව
  • මෙක්සිකෝව
  • මොරොක්කෝව
  • නෙදර්ලන්තය
  • නවසීලන්තය
  • නිකරගුවාව
  • නයිජීරියාව
  • උතුරු මරියානා දූපත්
  • නෝර්වේ
  • ඕමානය
  • පැනමාව
  • පපුවා නව ගිනිය
  • පැරගුවෛ
  • පෙරු
  • පිලිපීනය
  • පෝලන්තය
  • පෘතුගාලය
  • පුවේටෝ රිකෝව
  • කටාර්
  • රුමේනියාව
  • සවුදි අරාබිය
  • සෙනගාලය
  • සර්බියාව
  • සිංගප්පූරුව
  • ස්ලෝවැකියාව
  • ස්ලෝවේනියාව
  • දකුණු අප්‍රිකාව
  • දකුණු කොරියාව
  • ස්පාඤ්ඤය
  • ස්වීඩනය
  • ස්විට්සර්ලන්තය
  • තායිවානය
  • තායිලන්තය
  • තුර්කිය
  • ටර්ක්ස් සහ කැයිකොස් දූපත්
  • එක්සත් ජනපද වර්ජින් දූපත්
  • උගණ්ඩාව
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • එක්සත් රාජධානිය
  • එක්සත් ජනපදය
  • උරුගුවෛ
  • වියට්නාමය

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
6533512837802841213
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false