දිග වීඩියෝ තුළ මැදි රෝල දැන්වීම් විරාම කළමනා කරන්න

විනාඩි 8 ක් හෝ වඩා දිගැති මුදල් කෙරෙන වීඩියෝවල, ඔබට වීඩියෝවේ මැදින් ("මැදි රෝල" ලෙස හැඳින් වේ) දැන්වීම් සක්‍රීය කිරීමට ද හැකිය.

පෙරනිමියෙන්, නරඹන්නාගේ අත්දැකීම සහ ඔබේ මුදල් කිරීමේ විභවය තුලන කිරීමට මැදි රෝල දැන්වීම් ඔබේ වීඩියෝ තුළ ස්වභාවික විරාම තුළ ස්වයංක්‍රීයව තබනු ලැබේ. ඔබට නව උඩුගත කිරීම් සඳහා මැදි රෝල දැන්වීම් සක්‍රීය කර නැති නම් ඔබට තනි වීඩියෝ සඳහා ඒවා සක්‍රීය කළ හැක.

ස්වයංක්‍රීයව තබනු ලබන මැදි රෝල දැන්වීම් සෑදීමට, පෙරදැකීමට, සහ සංස්කරණ කිරීමට හෝ වීඩියෝව තුළ හස්තීයව දැන්වීම් විරාම තැබීමට දැන්වීම් විරාම මෙවලම භාවිත කරන්න. ඔබේ නාලිකා මට්ටමේ උඩුගත කිරීම් පෙරනිමිය කුමක් වුවත් ඔබට මෙවලම භාවිත කළ හැක.

සුදුසුකම් ලබන්නේ නම්, ඔබට ඔබේ සජීවී ප්‍රවාහ සඳහා ද මැදි රෝල දැන්වීම් ප්‍රේරණ කිරීමට ද හැකිය.

දිග වීඩියෝ තුළ මැදි රෝල දැන්වීම් භාවිත කිරීම

නරඹන්නන් සඳහා දැන්වීම් අත්දැකීම ඔවුන් භාවිත කරන උපාංග වර්ගයට අනුව ටිකක් වෙනස් වේවි.

  • පරිගණකය මත: මැදි රෝල දැන්වීමකට පෙර තත්පර 5 ක කාල ගණකයක් මතු වෙයි.
  • වෙනත් වේදිකා මත: දැන්වීමක් පෙන්වනු ලබන අවස්ථාව සඳහන් කිරීමට වීඩියෝ ප්‍රගති තීරුව තුළ කහ ලකුණුකර මතු වෙයි.
නිතර අසන ප්‍රශ්න

මම මැදි රෝල දැන්වීම් භාවිත කළ යුතුදැයි මම දැන ගන්නේ කෙසේද?

YouTube හට මැදි රෝල දැන්වීම් සඳහා හොඳම ස්ථාන ගත කිරීම ස්වයංක්‍රීයව සොයා ගත හැකි අතරතුර ඔබ නුසුදුසු නම් මැදි රෝල දැන්වීම් අක්‍රිය කිරීමට කැමති වේවි. උදායරණය වශයෙන්, භාවනා වීඩියෝ මැදි රෝල දැන්වීම් සඳහා සුදුසු නොවේවි. ඔබ ඒවා භාවිත කිරීමට තෝරන්නේ නම්, අපි බාධාකාරී නරඹන්නා අත්දැකීමක් වැළැක්වීමට ඔබේ අන්තර්ගතය තුළ ස්වභාවික විරාම සොයා ගැනීමට ස්වයංක්‍රීයව තබන මැදි රෝල දැන්වීම් නිර්දේශ කරමු.

ස්වයංක්‍රීයව තබන ලද මැදි රෝල දැන්වීම් ක්‍රියා කරන්නේ කෙසේද?

ස්වයංක්‍රීයව තබන ලද මැදි රෝල දැන්වීම් බලන්නාගේ අත්දැකීම සහ නිර්මාණකරුගේ ආදායම් විභවය සමතුලිත කිරීමට ඉලක්ක කරයි. YouTube හි උසස් යාන්ත්‍රික ඉගෙනුම් තාක්‍ෂණය විශාල වීඩියෝ ප්‍රමාණයක් බලා මැදි රෝල සඳහා හොඳම තැන් අනාවරණ කිරීමට ඉගෙන ගනියි. මෙය ස්වභාවික දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය විරාම වැනි කරුණු ඇගයීමෙන් කරනු ලැබේ. ස්වයංක්‍රීයව තබන ලද මැදි රෝල දැන්වීම් හස්තීයව තබන ලද මැදි රෝල දැන්වීම්වලට වඩා බාධාකාරී බව අඩු යැයි පරිශීලක අධ්‍යයන සඳහන් කරයි.

මැදි රෝල දැන්වීම් නරඹන්නන්ට කරදර නොවේද?

සමහර නරඹන්නන්ට මැදි රෝල දැන්වීම් කරදරකාරී හෝ බාධාකාරී විය හැක. නමුත් නරඹන්නාගේ අත්දැකීම දියුණු කිරීමට, අපි අවම බාධාව සඳහා හොඳම දැන්වීම් ස්ථාන ගත කිරීම පුරෝකථන කිරීම බලා ගනිමු. අපි අප වේදිකාව මත නරඹන්නන්ගේ, දැන්වීම්කරුවන්ගේ, සහ නිර්මාපකයින්ගේ අවශ්‍යතා සමතුලිත කිරීමට ඉලක්ක කරමු.

මට තවමත් ස්වයංක්‍රීයව තබන ලද මැදි රෝල විරාම වෙනස් කළ හැකිද?

ඔව්. ස්වයංක්‍රීයව තබන ලද මැදි රෝල සක්‍රීය කළ විට, ඔබට ඕනෑම වීඩියෝවක් සඳහා වන මුදල් කිරීමේ සැකසීම් වෙත ගොස් දැන්වීම් විරාම ස්ථාන ගත කිරීම් හස්තීයව වෙනස් කළ හැක.

YouTube Studio තුළ දැන්වීම් විරාම කළමනා කරන්න

මැදි රෝල දැන්වීම් ස්ථාන ගත කිරීම නැරඹුම් අත්දැකීමට සහ දැන්වීම් සැපයීමේ විභවයට බලපෑ හැක. වීඩියෝවක් තුළ බාධාකාරී ලක්‍ෂ්‍ය තුළ මැදි රෝල දැන්වීම් විරාම හස්තීයව තබනු ලබන්නේ නම්, අප පද්ධතිය අඩුවෙන් දැන්වීම් සපයාවි.

මැදි රෝල දැන්වීම් තැබීමට මාර්ග 2 ක් තිබේ:
  • ස්වයංකරණ දැන්වීම් විරාම: ඔබට ස්වයංක්‍රීයව තබන ලද මැදි රෝල දැන්වීම් සක්‍රීය කළ හැක, එනම් අපි නරඹන්නන් සඳහා ඉතා සමතුලිත අත්දැකීමක් සාදමින් හොඳම දැන්වීම් ස්ථාන ගත කිරීම සහ සංඛ්‍යාතය සොයා ගනිමු.
  • හස්තීය දැන්වීම් විරාම: ඔබ හස්තීයව දැන්වීම් විරාම තැබීමට තෝරන්නේ නම් හොඳම ප්‍රතිඵල සඳහා ඒවා ස්වභාවික විරාම තුළ තැබීමට උත්සාහ කරන්න. මැදි රෝල විරාම වාක්‍යයට මැදින් හෝ ක්‍රියාවට මැදින් වැනි බාධාකාරී ලක්‍ෂ්‍යවල තැබීමෙන් වළකින්න. ඔබ ස්වභාවික දැන්වීම් විරාම තුළ ගොඩනැඟීමට ඔබේ අන්තර්ගතය සාදා තිබේ නම්, ඔබට දැන්වීම් ඔබට අවශ්‍ය අවස්ථාවේ පෙන්වනු ලැබීම තහවුරු කිරීමට හස්තීය දැන්වීම් විරාම භාවිත කළ හැක.

ස්වයංක්‍රීය ස්ථාන ගත කිරීම

ඔබට එක වීඩියෝවක් සඳහා මැදි රෝල විරාම ස්වයංක්‍රීයව සැකසිය හැක:

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් අන්තර්ගතය තෝරන්න.
  3. වීඩියෝවක් තෝරා, පසුව මුදල් කිරීම තෝරන්න.
  4. ඔබ දැනටමත් කර නැති නම් වීඩියෝව සඳහා මුදල් කිරීම සක්‍රීය කරන්න.
  5. “වීඩියෝව සමයේ (මැදි රෝල) දැන්වීම් තබන්න” ළඟින් ඇති කොටුව ලකුණු කරන්න.

හස්තීය ස්ථාන ගත කිරීම

ඔබට මැදි රෝල දැන්වීම් විරාම හස්තීයව සැකසිය හැක:

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් අන්තර්ගතය තෝරන්න.
  3. වීඩියෝවක් තෝරා, පසුව මුදල් කිරීම     තෝරන්න
  4. ඔබ දැනටමත් කර නැති නම් වීඩියෝව සඳහා මුදල් කිරීම සක්‍රීය කරන්න.
  5. “වීඩියෝව සමයේ (මැදි රෝල) දැන්වීම් තබන්න” ළඟින් ඇති කොටුව ලකුණු කරන්න.
  6. ස්ථාන ගත කිරීම සමාලෝචන කරන්න තෝරන්න.
    • දැන්වීම් විරාමයක් එක් කරන්න:   දැන්වීම් විරාමය ක්ලික් කරන්න. දැන්වීම් ආරම්භක වේලාව ඇතුළත් කරන්න, නැති නම් සිරස් තීරුව කැමති කාලයට අදින්න.
    • දැන්වීම් විරාමයක් මකන්න: දැන්වීම් විරාමය ළඟින් මකන්න  ක්ලික් කරන්න.
  7. ඉහළ දකුණින්, ඉදිරියට යන්න සහ පසුව සුරකින්න ක්ලික් කරන්න.

නව වීඩියෝවක් උඩුගත කරන විට දැන්වීම් විරාම තබන්න

ඔබ නව වීඩියෝවක් උඩුගත කරන විට ඔබට දැන්වීම් විරාම තැබිය හැක: 

  1. YouTube Studio වෙත පුරන්න.
  2. විනාඩි 8 ක් හෝ වඩා දිගැති වීඩියෝවක් උඩුගත කරන්න.
  3. “මුදල් කිරීම” යන පටිත්ත මත, මුදල් කිරීම සක්‍රීය කරන්න.
  4. “වීඩියෝව සමයේ (මැදි රෝල) දැන්වීම් තබන්න” ළඟින් ඇති කොටුව ලකුණු කරන්න.
  5. ඔබේ වීඩියෝව සැකසුම් කිරීම අවසන් වු විට, ස්ථාන ගත කිරීම සමාලෝචන කරන්න තෝරන්න.
    • දැන්වීම් විරාමයක් එක් කරන්න:   දැන්වීම් විරාමය ක්ලික් කරන්න. දැන්වීම් ආරම්භක වේලාව ඇතුළත් කරන්න, නැති නම් සිරස් තීරුව කැමති කාලයට අදින්න.
    • දැන්වීම් විරාමයක් මකන්න: දැන්වීම් විරාමය ළඟින් මකන්න  ක්ලික් කරන්න.
  6. පහළ දකුණින්, මීළඟ ක්ලික් කරන්න.
  7. උඩුගත කිරීම් ප්‍රවාහය සම්පූර්ණ කරන්න.

වීඩියෝවක් සංස්කරණ කරන විට දැන්වීම් විරාම තබන්න

ඔබ වීඩියෝවක් සංස්කරණ කරන අතරතුර ද ඔබට දැන්වීම් විරාම තැබිය හැක: 

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් අන්තර්ගතය තෝරන්න.
  3. ඔබ සංස්කරණ කිරීමට කැමති වීඩියෝව ක්ලික් කරන්න.
  4. වම් මෙනුවෙන්, සංස්කාරකය ක්ලික් කරන්න.
  5.     දැන්වීම් විරාම ළඟින් සංස්කරණය තෝරන්න.
    • හස්තීය ස්ථාන ගත කිරීම සඳහා:  දැන්වීම් විරාමය ක්ලික් කර දැන්වීමේ ආරම්භක වේලාව ඇතුළත් කරන්න, නැති නම් සිරස් තීරුව කැමති කාලයට අදින්න. 
    • ස්වයංක්‍රීය ස්ථාන ගත කිරීම සඳහා: ස්වයංක්‍රීයව තබන්න ක්ලික් කරන්න.
    • දැන්වීම් විරාමයක් මකන්න: දැන්වීම් විරාමයක් ළඟින් මකන්න     ක්ලික් කරන්න.
  6. දැන්වීම් විරාමයක් මැකීමට, දැන්වීම් විරාමයක් ළඟින් මකන්න ක්ලික් කරන්න.
  7. සුරකින්න ක්ලික් කරන්න.

මැදි රෝල දැන්වීම් ස්ථාන ගත කිරීම පෙරදකින්න සහ වෙනස් කරන්න

ඔබට ඔබේ මැදි රෝල දැන්වීම් විරාම ස්ථාන ගත කිරීම පෙරදැකීමටත් වෙනස් කිරීමටත් හැකිය.

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් අන්තර්ගතය තෝරන්න.
  3. වීඩියෝවක් තෝරා, පසුව මුදල් කිරීම තෝරන්න.
  4. "වීඩියෝව සමයේ (මැදි රෝල) දැන්වීම් තබන්න" යටින් ස්ථාන ගත කිරීම සමාලෝචන කරන්න තෝරන්න.
  5. වීඩියෝ ධාවකය මත, ධාවන කරන්න  තෝරන්න.
  6. වීඩියෝවේ නිශ්චිත කොටසකට ළඟා වීමට කර්සරය අදින්න.

එක වීඩියෝවක් සඳහා මැදි රෝල දැන්වීම් විරාම කළමනා කරන්න

ඔබට තනි වීඩියෝවක් සඳහා මැදි රෝල දැන්වීම් විරාම සක්‍රීය හෝ අක්‍රිය කළ හැක:

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන්, වීඩියෝ තෝරන්න.
  3. වීඩියෝවක් තෝරා, පසුව මුදල් කිරීම තෝරන්න.
  4. මැදි රෝල දැන්වීම් විරාම සක්‍රීය හෝ අක්‍රිය කිරීමට “වීඩියෝව සමයේ (මැදි රෝල) දැන්වීම් තබන්න” ළඟින් ඇති කොටුව ලකුණු කරන්න. සක්‍රීය කළ විට, මැදි රෝල පෙරනිමියෙන් ස්වයංක්‍රීයව තබනු ලැබේ.
  5. සුරකින්න තෝරන්න.

බහු වීඩියෝ සඳහා මැදි රෝල දැන්වීම් විරාම කළමනා කරන්න

ඔබට බහු වීඩියෝ සඳහා මැදි රෝල දැන්වීම් විරාම සක්‍රීය හෝ අක්‍රිය කළ හැක:
  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් අන්තර්ගතය තෝරන්න.
  3. බහු වීඩියෝ තෝරා, පසුව සංස්කරණ මෙනුවෙන් “දැන්වීම් සැකසීම්” තෝරන්න.
  4. මැදි රෝල දැන්වීම් විරාම සක්‍රීය හෝ අක්‍රිය කිරීමට “වීඩියෝව සමයේ (මැදි රෝල) දැන්වීම් තබන්න” ලකුණු කරන්න. සක්‍රීය කළ විට, මැදි රෝල පෙරනිමියෙන් ස්වයංක්‍රීයව තබනු ලැබේ.
  5. ඔබට දැන්වීම් විරාම රහිතව වීඩියෝ යාවත්කාලීන කිරීමට පමණක් අවශ්‍යද නැති නම් පවතින දැන්වීම් විරාම කිසිවක් ප්‍රතිස්ථාපන කිරීමට අවශ්‍යද තෝරන්න.
  6. වීඩියෝ යාවත්කාලීන කරන්න තෝරා මෙම වෙනස තහවුරු කිරීමට සංදර්ශන කෙරෙන පියවර අනුගමන කරන්න.
  7. විඩියෝ යාවත්කාලීන කරන්න තේරීමෙන් මෙම වෙනස සම්පූර්ණ කරන්න.

මැදි රෝල දැන්වීම් විරාම සඳහා නාලිකා උඩුගත කිරීම් පෙරනිමිය වෙනස් කරන්න

ඔබට අනාගත උඩුගත කිරීම් සඳහා මැදි රෝල දැන්වීම් විරාම දැක්වීමට ඔබේ නාලිකාව සඳහා උඩුගත කිරීම් පෙරනිමි සැකසීම් වෙනස් කළ හැක. ඔබ කැමති නම්, ඔබට මෙම සැකසීම අක්‍රිය කිරීමට ද හැකිය:
  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් සැකසීම් තෝරන්න.
  3. උඩුගත කිරීම් පෙරනිමි ඉන් අනතුරුව මුදල් කිරීම තෝරන්න.
  4. මැදි රෝල දැන්වීම් විරාම සක්‍රීය හෝ අක්‍රිය කිරීමට “වීඩියෝව සමයේ (මැදි රෝල) දැන්වීම් තබන්න” ළඟින් ඇති කොටුව ලකුණු කරන්න. සක්‍රීය කළ විට, මැදි රෝල පෙරනිමියෙන් ස්වයංක්‍රීයව තබනු ලැබේ.
  5. සුරකින්න තෝරන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
16350144453125135757
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false