සැඟවුණු නාලිකාව යළි සබල කරන්න

ඔබට ඔබේ අන්තර්ගත පිටුවේ “ඔබේ YouTube නාලිකාවේ අන්තර්ගතය තිබෙන නමුත් එය අබල කර තිබේ“ යන පණිවුඩය දිස් විය හැකි ය. එසේ දිස් වන්නේ නම්, ඔබේ නාලිකාව සැඟවී ඇති අතර ඔබේ වීඩියෝ හා වෙනත් අන්තර්ගත දැනට අන් අයට බැලීමේ හැකියාවක් නැත. 

මේ තත්ත්වය ඇති වී තිබීමට ඉඩ ඇත්තේ ඔබ Google ගිණුම් සැකසුම් ඔස්සේ ඔබේ නාලිකාව සැඟවීමට තේරූ බැවින් විය හැකි ය.

ඔබට තවදුරටත් නැරඹීම, කැමැත්ත දැක්වීම සහ ග්‍රාහකත්වය ලබා ගැනීම සිදු කළ හැකි අතර එම ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් ම පෞද්ගලික වනු ඇත. ඔබට ඔබේ අන්තර්ගතය දැකිය හැකි කිරීමට අවශ්‍ය නම් හෝ වෙනත් විශේෂාංග භාවිත කිරීමට අවශ්‍ය නම්, ඔබ විසින් නාලිකාව ක්‍රියාත්මක කළ යුතු ය.

ඔබේ නාලිකාව ක්‍රියාත්මක කරන හා අන්තර්ගතය පෙන්වන ආකාරය

  1. YouTube වෙත පුරන්න.
  2. නාලිකාවක් තනන්න වෙත ගොස් පෝරමය සම්පූර්ණ කරන්න. මේ ක්‍රියාව මගින් ඔබේ YouTube නාලිකාව ප්‍රතිසාධනය කරනු ලැබේ. 
    • පෝරමය තුළ, “ව්‍යාපාර හෝ වෙනත් නමක් භාවිත කිරීමට මෙතැන ක්ලික් කරන්න“ ක්ලික් කිරීමෙන් වළකින්න. මේ ක්‍රියාවෙන් ඔබේ සැඟවුණු නාලිකාව ප්‍රතිසාධනය කිරීම වෙනුවට නාලිකාවක් තැනීම සිදු වේ.
  3. ඔබ ඔබේ පොදු නාලිකාව නැවත නිර්මාණය කිරීමෙන් පසු, ඔබට ඔබේ වීඩියෝ සහ ධාවන ලැයිස්තුව වීඩියෝ පිටුව තුළ දැකිය හැකි බවට පත් කළ හැකි ය.

ඔබට සන්නම් ගිණුමක් තිබේ නම්

  1. YouTube වෙත පුරන්න.
  2. ඔබේ පැතිකඩ පින්තූරය තට්ටු කරන්න.
  3. සැකසුම් තට්ටු කරන්න.
  4. ගිණුම ඉන් අනතුරුව ඔබේ නාලිකා(ව) එක් කරන්න හෝ කළමනාකරණය කරන්න තට්ටු කරන්න.
  5. සැඟවුණු නාලිකාව තෝරන්න.
  6. නාලිකාවක් තැනීමට විමසූ විට හරි ක්ලික් කරන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
12820988397453148282
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false