හානිකර හෝ අනතුරුදායක අන්තර්ගත පිළිබඳ ප්‍රතිපත්තිය

බරපතළ ශාරීරික හානියක් හෝ ජීවිත හානි වීමේ අවදානමක් ඇති අනතුරුදායක හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් දිරිගන්වන අන්තර්ගතයට YouTube ඉඩ නොදෙයි.
 
ඔබට මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන අන්තර්ගතයක් හමු වුවහොත් එය වාර්තා කරන්න

 

මෙම ලිපියේ විශේෂිත කොටසකට යුහුව යන්න:

වැදගත්: මේ ප්‍රතිපත්තිය වීඩියෝ, වීඩියෝ විස්තර, අදහස් දැක්වීම්, සජීවී ප්‍රවාහ සහ වෙනත් ඕනෑම YouTube නිෂ්පාදනයක් හෝ විශේෂාංගයකට අදාළ වේ. මෙම ප්‍රතිපත්තිය ඔබේ අන්තර්ගතයේ ඇති බාහිර සබැඳිවලට ද අදාළ වෙයි. මීට ක්ලික් කළ හැකි URL යොමු, පරිශීලකයන්ව වාචිකව වීඩියෝව තුළ ඇති වෙනත් අඩවිවලට මෙන් ම වෙනත් පෝරමවට යොමු කිරීම ද අයත් විය හැකි ය.

හානිකර හෝ අනතුරුදායක අන්තර්ගත පිළිබඳ ප්‍රතිපත්තිය

මෙම ප්‍රතිපත්තිය ඔබට බලපාන ආකාරය

සටහන: පහත ලැයිස්තුව සම්පූර්ණ එකක් නොවේ. ඔබේ අන්තර්ගතයෙන් මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළ හැකි බව ඔබ සිතන්නේ නම්, එය පළි කිරීමෙන් වළකින්න.
මේ අන්තර්ගතය සඳහා YouTube මත ඉඩ දෙනු නොලැබේ:

හානිකර හෝ අනතුරුදායක ක්‍රියා, අභියෝග සහ රැවටිලිකාර සරදම්

  • අතිශය අනතුරුදායක අභියෝග: ශාරීරික අනතුරක් සිදු වීමේ අත්‍යාසන්න අවදානමක් ඇති කරන අභියෝග.
  • අනතුරුදායක හෝ තර්ජනාත්මක රැවටිලිකාර සරදම්: වින්දිතයන්ට බරපතළ ශාරීරික අනතුරක් ඇති වීමේ අත්‍යාසන්න තත්ත්වයක් පිළිබඳ බියක් ඇති කළ හැකි හෝ බාලවයස්කරුවන් තුළ බරපතළ චිත්තවේගීය පීඩාවන් ඇති කළ හැකි රැවටිලිකාර සරදම්.
  • හානිකර හෝ අනතුරුදායක ක්‍රියා: දරුණු ශාරීරික අනතුරු හෝ ජීවිත හානි ඇති වීමේ බරපතළ අවදානමක් සහිත වැඩිහිටියන් විසින් සිදු කරන ක්‍රියා.
  • අනතුරුදායක ක්‍රියාකාරකම්වලට සහභාගි වන බාලවයස්කරුවන්: බාලවයස්කරුවන්ගේ චිත්තවේගීය හා ශාරීරික යහ පැවැත්ම අනතුරේ හෙළන අන්තර්ගත. වැඩි විස්තර සඳහා, අපගේ ළමා ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තිය කියවා බලන්න.

අවි ආයුධ අන්තර්ගතය

  • ඝාතනය කිරීමට හෝ අනතුරු කිරිමට උපදෙස් දීම: අන් අයව ඝාතනය කිරීම හෝ දරුණු ලෙස අනතුරට ලක් කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය නරඹන්නන්ට පෙන්වන හෝ විස්තර කරන උපදෙස්.
  • පුපුරන ද්‍රව්‍ය: අන් අයට අනතුරු කිරිම හෝ ජීවිත හානි කිරීම අරමුණු කරගත් පුපුරනශීලී උපාංග හෝ සංඝටක තැනීම සඳහා උපදෙස් දීම.
  • ගිනිඅවි: වැඩි විස්තර සඳහා, අපගේගිනි අවි ප්‍රතිපත්තිය කියවා බලන්න.

ඩිජිටල් සුරක්ෂිතතා අන්තර්ගතය

  • සොරකම් කිරීම සඳහා උපදෙස්: භෞතික භාණ්ඩ සොරා ගැනීම හෝ යමක් නොමිලේ ලබා ගැනීම ප්‍රකාශිතව ම අදහස් කරන සොරකම් කිරීම සඳහා උපදෙස් ලබා දෙන වීඩිියෝ.
  • අපහරණය: අක්තපත්‍ර සොරකම් කිරීම, පුද්ගලික තොරතුරු අනතුරේ හෙළීම හෝ අන් අයට බරපතළ හානියක් කිරීමේ අරමුණින් පරිගණක හෝ තොරතුරු තාක්ෂණය භාවිත කරන අයුරු විස්තර කිරීම
  • ඩිජිටල් අන්තර්ගත හෝ සේවා සඳහා ගෙවීම් මගහැරීම: සාමාන්‍යෙයන් මුදල් ගෙවා ලබා ගත යුතු අන්තර්ගත, මෘදුකාංග හෝ සේවා වෙත අනවසර ප්‍රවේශය ලබා ගන්නා ආකාරය නරඹන්න්නට පෙන්වන අන්තර්ගත.
  • තතුබෑම: නරඹන්නන් රැවටීම මගින් ප්‍රසිද්ධ නොවන පුද්ගලිකව හඳුනා ගන්නා තොරතුරු ලබා ගැනීමට යත්න දරන හෝ එසේ ලබා ගන්නා ආකාරය පිළිබඳ උපදෙස් දෙන අන්තර්ගත.
    • ගුප්තතතුබෑම: තතුබෑමේ ක්‍රමයෙහි අංගයක් ලෙස ගුප්ත විනිමය හෝ ගුප්ත විනිමය ආශ්‍රිත වොලට්ටු විස්තර ඉල්ලා සිටීම.

නීතිවිරෝධී හෝ නියාමනය කළ භාණ්ඩ හෝ සේවා

හානිකර හෝ අනතුරුදායක අන්තර්ගත සඳහා උදාහරණ

YouTube මත ඉඩ නොදෙන හානිකර හෝ අනතුරුදායක අන්තර්ගත කිහිපයකට උදාහරණ කිහිපයක් මෙන්න. 

සටහන: පහත ලැයිස්තුව සම්පූර්ණ එකක් නොවේ.

අතිශය අනතුරුදායක අභියෝග

  • හුස්ම හිර වීම: හුස්ම ගැනීම වළක්වන හෝ හුස්ම හිරවීමට මග පෑදිය හැකි ඕනෑම ක්‍රියාකාරකමක්. උදාහරණවලට ඇතුළු වන්නේ:
    • හුස්ම හිර කිරීමේ, ගිලීමේ හෝ එල්ලීමේ ක්‍රීඩා
    • ආහාරමය නොවන දෑ ආහාරයට ගැනීම
  • අවි ආයුධ අයථා පරිහරණය: තුවක්කු හෝ පිහි වැනි ආයුධ මනා ආරක්ෂක පූර්වෝපක්‍රම ගැනීමෙන් තොරව ශාරීරික අනතුරක් ඇති වන පරිද්දෙන් භාවිත කිරීම. උදාහරණවලට අයත් වන්නේ, “No Lackin“ නමින් හැඳින්වෙන අභියෝගය වේ.
  • හානිකර ද්‍රව්‍ය ශරීරගත කිරීම: ලෙඩරෝග හෝ විෂවීමක් ඇති කළ හැකි ආහාරමය නොවන ද්‍රව්‍ය හෝ රසායන ද්‍රව්‍ය ආහාරයට ගැනිම, පරිභෝජනය හෝ සිරුරට ඇතුළු කිරීම. උදාහරණවලට අයත් වන්නේ, ඩිටර්ජන්ට් කෑමේ අභියෝගයන් වේ.
  • පිළිස්සීම, අධික ශීතලෙන් ගල් ගැසීම හෝ විදුලි සැර වැදීම: දරුණු පිළිස්සීම්, අධික ශිතලෙන් ගල් ගැසීම, හිමෙන් ඇති වන දිය පට්ට හෝ විදුලි සැර වැදීමේ බරපතළ අවදානමක් ඇති කරන ක්‍රියාකාරකම්. උදාහරණවලට අයත් වන්නේ, ගිනි අභියෝගය සහ උණුවතුර අභියෝගය.
  • කපා ගැනීම් හා මොට බලයකින් ඇති වන ආබාධ: උදාහරණවලට අයත් වන්නේ:
    • තමාව ම කපා ගැනීම
    • සාමාන්‍ය සෞඛ්‍ය පුරුදුවලින් වැළකීම
    • වැටීම, උල තැබීම, ගැටීම, මොට බලයකින් ආබාධ වීම හෝ තැලීම
  • ළමුන් නිරූපණය කරන අභියෝග: උදාහරණවලට අයත් වන්නේ දරුවන් පහත දෑ කරන අන්තර්ගත වේ:
    • මද්‍යසාර පානය
    • වේපරයිසර්, ඉ-සිගරැට්, දුම්කොළ හෝ මරිජුවානා භාවිත කිරීම
    • ගිනිඅවි අවභාවිතය

සටහන: අපි අධ්‍යාපනික හෝ වාර්තා වැඩසටහන්මය සන්දර්භයක් සහිත අන්තර්ගතවලට වයස් සීමා පනවන්නෙමු.

අනතුරුදායක හෝ තර්ජනාත්මක රැවටිලිකාර සරදම්

  • චේතනාන්විත ශාරීරික හානිය: සැක නොසිතමින් රැවටිල්ලට ගොදුරු වන්නන්ට ශාරීරික හානි පමුණුවීම උදාහරණවලට ඇතුළු වන්නේ:
    • මුෂ්ටි ප්‍රහාර
    • ආහාරපානවලට බඩු බුරුලට යාමේ බෙහෙත් කලවම් කිරීම
    • විදුලි සැර වැදීමේ රැවටිලිකාර සරදම්
  • යමකු තුළ තමා අත්‍යාසන්න අනතුරකට ලක්ව ඇති බවට හැඟීමක් ඇති කිරීම: යමකුට කිසිදු ශාරීරික අනතුරක් සිදු නොවුණ ද තමා සැබෑ අනතුරක සිටින බව විශ්වාස කරන ලෙස අන් අයව රැවටීම. උදාහරණවලට ඇතුළු වනුයේ:
    • අවි ආයුධවලින් තර්ජනය කිරීම
    • බෝම්බ ඇතැයි බය ගැන්වීම
    • හදිසි අවස්ථා සේවා නොමග යැවීම හෝ 911 ඇමතුම් ලබා ගැනීම
    • ව්‍යාජ නිවාස ආක්‍රමණය කිරීම් හා කොල්ලකෑම්
    • ව්‍යාජ පැහැර ගැනීම්
  • බාලවයස්කරුවන්ට චිත්තවේගීය පීඩා ඇති කිරීම: ළමුන්ට හෝ අනතුරේ වැටීමේ අවදානම් ඇති අන් අයට චිත්තවේගීය පීඩා ඇති කරන කිනම් හෝ රැවටිලිකාර සරදමක්. උදාහරණවලට ඇතුළු වනුයේ:
    • ව්‍යාජ මරණ හෝ සියදිවි නසා ගැනීම්
    • ව්‍යාජ ප්‍රචණ්ඩත්වය
    • දෙමාපියකු හෝ රැක බලා ගන්නකු විසින් දරුවකු අත්හැර දමනු ඇති බවට ව්‍යාජ ලෙස පෙන්වීම
    • දෙමාපියකු හෝ රැක බලා ගන්නකු විසින් දරුවකු වාචිකව අපයෝජනය කිරීම හෝ ලජ්ජාවට පමුණුවීම පෙන්වීම

සටහන: අපගේ ප්‍රතිපත්ති අවලංගු නොකරන වැඩිහිටියන් සම්බන්ධ වන රැවටිලිකාර සරදම් අන්තර්ගතවලට අප විසින් වයස් සීමා පනවනු ලැබිය හැකි ය.

හානිකර හෝ අනතුරුදායක ක්‍රියා

  • බරපතළ හානි හෝ ජීවිත හානියට අවදානමක් ඇති කිරීම: අනතුරුදායක අභියෝග යටතේ ලැයිස්තුගත කර ඇති වැඩිහිටියන් විසින් හුස්ම හිරවීම හෝ විදුලි සර වැදීම වැනි බරපතළ ශාරීරික හානි සිදු වීමේ හෝ ජීවිත හානි වීමේ අවදානමක් ගන්නා අයුරු දැක්වෙන හැසිරීම්.
  • අතිශය අනතුරුදායක ලෙස රිය පැදවීම: රියැදුරුට හෝ අන් අයට බරපතළ අනතුරක් හෝ මරණය සිදු වීමේ අත්‍යාසන්න අවදානමක් පෙන්නුම් කරන ආකාරයට මෝටර් රථයක් භාවිත කිරීම. උදාහරණවලට ඇතුළු වනුයේ:
    • යතුරුපැදි රියැදුරකු විසින් සිතාමතා ම ඉදිරියට එන වාහන දෙසට අධික වේගයෙන් ගමන් කරන ආකාරය දැක්වෙන සෙලියුලර් දුරකථනයෙන් ලබා ගත් දර්ශන. “ඒක නම් පට්ට!“ යනුවෙන් පවසන පසුබිම් කථන ප්‍රතිචාර.
    • පදිකයන් සඳහා තනා ඇති පදික තීරුවක අධික වේගයෙන් මෝටර් රථයක් පදවාගෙන යාම.

අනතුරු කිරිමට උපදෙස් දීම

  • බෝම්බ තැනීම: අන් අයට අනතුරු කිරීම හෝ ඝාතනය කිරීම අරමුණු කරගත් බෝම්බයක් තනන අයුරු නරඹන්නන්ට පෙන්වීම. උදාහරණවලට අයත් වන්නේ:
    • පයිප්ප බෝම්බ
    • පාර්සල් බෝම්බ
    • පුපුරනශීලී කබා
    • මොලොටෝව් බෝතල් බෝම්බ
  • දරුවන් සම්බන්ධ වන ප්‍රචණ්ඩකාරී ක්‍රියා: දරුවන් අතර ඇති වන කිනම් හෝ සැබෑ ගැටුමක් හෝ ප්‍රචණ්ඩකාරී සිදුවීමක්. වැඩි විස්තර සඳහා අපගේ ළමා ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තිය බලන්න.

සටහන: අප විසින් වාර්තා වැඩසටහන්මය හෝ අධ්‍යාපනික සන්දර්භයක් සහිත අන්තර්ගතයට වයස් සීමා පනවනු ලැබීමට ඉඩ ඇත.

වයස් සීමා පැනවූ අන්තර්ගතය

සටහන: පහත ලැයිස්තුව සම්පූර්ණ එකක් නොවේ.
ඇතැම් විට අන්තර්ගතයන් මගින් අපේ ප්‍රතිපත්ති උල්ලංඝනය නොකළ ද, ඒවා වයස අවුරුදු 18ට අඩු නරඹන්නන්ට අනුචිත වීමට ඉඩ ඇත. යම් අන්තර්ගතයකට වයස් සීමා පැනවිය යුතු ද නැතහොත් එය ඉවත් කළ යුතු ද යන්න තීරණය කිරීමේ දී අප විසින් පහත ලැයිස්තුගත කර ඇති දෑ සැලකිල්ලට ගනු ලැබීමට ඉඩ ඇත. අන්තර්ගතය මගින් අනතුරුදායක හැසිරීම් ප්‍රවර්ධනය කරන්නේ නම් හෝ එකී හැසීරීම් උත්කර්ෂයට නංවන්නේ නම් “ගෙදර දී මේක අත්හදා බලන්න එපා“ යනුවෙන් පැවසීමෙන් ව්‍යතිරේකී මුක්තියක් ලැබෙන්නේ නැත.
  • ප්‍රශ්නගත ක්‍රියාව මගින් බරපතළ අනතුරක් හෝ ජීවිත හානියක් ඇති විය හැකි වීම.
  • අදාළ ක්‍රියාවේ නිරත වන පුද්ගලයන් විසින් පුහුණු කළ වෘත්තිකයන් වන අතර අනතුරු සිදු වීම වළක්වා ගැනීම සඳහා පූර්වාරක්ෂක උපාය මාර්ග අනුගමනය කිරීම.
  • ක්‍රියාව බාලවයස්කරුවන්ට ඉතා පහසුවෙන් අනුගමනය කිරීමේ හැකියාව තිබීම.
  • අන්තර්ගතය අධ්‍යාපනික, වාර්තා වැඩසටහන්නමය, විද්‍යාත්මක හෝ කලාත්මක ස්වරූපයේ එකක් වීම.
  • අදාළ ක්‍රියාව සිදු කිරීම අධෛර්යයට පත් කරවන සුලු වාර්තා කථනයක් අඩංගු වීම.
  • නරඹන්නන්ට අදාළ ක්‍රියාව සැබෑ එකක් ද ව්‍යාජ එකක් ද යන්න පැවසිය හැකි වීම.

වයස් සීමා පැනවූ අන්තර්ගතය සහ වයස් සීමා පැනවූ අන්තර්ගතය නරඹන ආකාරය පිළිබඳ දැනගන්න.

වයස් සීමා පැනවූ අන්තර්ගතයට උදාහරණ

  • ව්‍යාජ රුධිරය අධික වශයෙන් භාවිත කරන හෝ අප්‍රසන්න ව්‍යාජ අනතුරු භාවිත කරන වැඩිහිටියන් නිරූපණය කරන රැවටිලිකාර සරදම් අන්තර්ගතය.
  • අනතුරුදායක අභියෝගය අධෛර්යමත් කිරීමේ වාර්තා කථනයකින් තොරව අනතුරුදායක අභියෝගයක් සඳහා සිදු කළ පිළිතුරු වීඩියෝවක්.
  • වැඩිහිටියන් විසින් ගිනිකෙළි අවභාවිතා කරනු පෙන්වන අන්තර්ගත.
  • ලාබාල ප්‍රේක්ෂකයන් විසින් පහසුවෙන් අනුගමනය කළ හැකි ආකාරයෙන් වැඩිහිටියන් විසින් පාලනය නොකළ ආකාරයෙන් ගිනි දැල්වීමේ නිරත වීමෙන් බරපතළ අනතුරුවලට අවදානමක් ඇති කරන අයුරු පෙන්වන අන්තර්ගත.

අධ්‍යාපනික, වාර්තා වැඩසටහන්මය, විද්‍යාත්මක හෝ කලාත්මක අන්තර්ගත

ඇතැම් විට, අන් ආකාරයකින් මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන්නේ වුව ද, අධ්‍යාපනික, වාර්තා වැඩසටහන්මය, විද්‍යාත්මක හෝ කලාත්මක (EDSA) සන්දර්භයක් ඇති අන්තර්ගතවලට YouTube මත රැඳීමේ අවසරය ලැබේ. YouTube විසින් EDSA අන්තර්ගත අගයන ආකාරය දැනගන්න.

සටහන: ඇතැම් අවස්ථාවල දී, EDSA අන්තර්ගතවලට වයස් සීමා පනවා තිබීමට ඉඩ ඇත. මත්ද්‍රව්‍ය හෝ නියාමනය කරනු ලබන ඖෂධ ද්‍රව්‍ය බෙහෙත් වට්ටෝරුවකින් තොරව විකුණන අන්තර්ගත වැනි,.යම් නිශ්චිත අන්තර්ගතයකට EDSA සන්දර්භයක් එක් කර තිබුණ ද, එකී අන්තර්ගතවලට YouTube මත අවසර දෙනු නොලැබීමට ඉඩ ඇත.

EDSA අන්තර්ගතවලට උදාහරණ

  • හුස්ම හිර කිරීමේ ක්‍රීඩාවල අනතුරු පිළිබඳ ප්‍රවෘත්තිමය අන්තර්ගතයක් සුදුසු විය හැකි වුව ද, එම වාර්තා වැඩසටහන සඳහා ම අවස්ථාවෝචිත නොවන දර්ශන කොටස් පළ කිරීම අනුචිත විය හැකි ය.
  • අදාළ ස්ථානයේ සිටින වෛද්‍ය වෘත්තිකයන් සහ ආරක්ෂක උපකරණ භාවිතය වැනි ආරක්ෂක පූර්වෝපක්‍රම සූදානම් කර ඇති නරඹන්නන්ට අනතුරුදායක යතුරුපැදි කරණමක් ගසන වෘත්තීය කරණම්කරුවකු පෙන්වන වීඩියෝවක්.
  • මත් ද්‍රව්‍ය භාවිතය පෙන්වන අතර ම, නරඹන්නන්ව මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් අධෛර්ය කරවන, එකී මත්ද්‍රව්‍ය තනා ගන්නා හෝ මිල දී ගන්නා ආකාරය පිළිබඳ තොරතුරු සපයන්නේ නැති විශේෂිත ප්‍රජාවක් තුළ මත්ද්‍රවය භාවිතයේ ආදීනව පෙන්වන වාර්තා වැඩසටහනක්.
  • නරඹන්නන්ව ආරක්ෂාකාරී රිය පැදවීමේ පරිචයන් හෝ වාහන ආරක්ෂාව හා බැඳුණු විශේෂාංග පිළිබඳ දැනුවත් කිරීම උදෙසා පාලනය කළ පරිසරයන් තුළ අනතුරුදායක රිය පැදවීම හෝ රිය ගැටුම් පෙන්වන වීඩියෝවක්.

අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළහොත් සිදු වන දේ

ඔබේ අන්තර්ගතය මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළහොත්, අපි අන්තර්ගතය ඉවත් කර ඔබට දැන්වීමට ඉ-තැපෑලක් එවමු. අපට ඔබ පළ කරන සබැඳියක් ආරක්ෂිත බව සත්‍යාපනය කළ නොහැකි නම් අප සබැඳිය ඉවත් කළ හැකිය. වීඩියෝව තුළ හෝ වීඩියෝවේ පාරදත්ත තුළ පළ කරනු ලබන උල්ලංඝනාත්මක URL වීඩියෝව ඉවත් කරනු ලැබීමට හේතු විය හැකි බව සලකන්න.

ඔබ අපගේ ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පළමු අවස්ථාව මෙය නම්, ඔබට ඔබේ නාලිකාවට දඬුවමක් නොමැතිව අවවාදයක් ලැබීමට ඉඩ ඇත. අවවාදය දින 90කට පසු කල් ඉකුත් වීමට ඉඩ දීම සඳහා ප්‍රතිපත්ති පුහුණුවක් ලබා ගැනීමට ඔබට අවස්ථාව ලැබේ. කෙසේ වෙතත්, එම ප්‍රතිපත්තියම එම දින 90 කවුළුව තුළ උල්ලංඝනය කළහොත්, අවවාදය කල් ඉකුත් නොවනු ඇති අතර ඔබේ නාලිකාවට වර්ජනයක් ලබා දෙනු ඇත. පුහුණුව අවසන් කිරීමෙන් පසු ඔබ වෙනත් ප්‍රතිපත්තියක් උල්ලංඝනය කළහොත්, ඔබට තවත් අවවාදයක් ලැබෙනු ඇත.

ඔබ දින 90ක් ඇතුළත වර්ජන 3ක් ලැබුණහොත්, ඔබේ නාලිකාව අවසන් කරනු ඇත. අපගේ වර්ජන පද්ධතිය ගැන තව දැන ගන්න.

ප්‍රජා මාර්ගෝපදේශ හෝ සේවා නියම නැවත නැවතත් උල්ලංඝන කිරීම් නිසා අප ඔබේ නාලිකාව හෝ ගිණුම අවසන් කළ හැක. අපට ඔබේ නාලිකාව හෝ ගිණුම දැඩි අනිසි භාවිත සිද්ධියකින් පසුව, හෝ නාලිකාව ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් කළ බව ඔප්පු වූ විටද අවසන් කළ හැකිය. අප නැවත නැවතත් වැරදි කරන්නන් අනාගතයේදී ප්‍රතිපත්ති පුහුණුව ලබා ගැනීමෙන් වැළැක්විය හැකිය. නාලිකා හෝ ගිණුම් අවසන් කිරීම් ගැන තව දැන ගන්න.

අපගේ සෙසු ප්‍රජා මාර්ගෝපදේශ පිළිබඳ දැනුවත් වන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
14162962079555486616
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false