වෙළඳ දැන්වීම් මගේ YouTube නාලිකාවේ සහ වීඩියෝවල දිස් වීම අවහිර කරන්න

මේ ලිිපිය YouTube හවුල්කාර වැඩසටහනේ (MCN අනුබද්ධිත ආයතන ඇතුළුව) තමාගේ ම අන්තර්ගතවල ධාවනය වන වෙළඳ දැන්වීම්වලට වෙනස් කිරිම් සිදු කිරීමට අවශ්‍ය නිර්මාපකයන් සඳහා පමණි.
 
ඔබ නරඹන්නකු නම්, ඔබ වීඩියෝ මත දකින වෙළඳ දැන්වීම් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට මේ ලිපිය විමසා බලන්න.

YouTube හවුල්කරුවකු ලෙස, ඔබේ YouTube වීඩියෝ හා නාලිකාවට ඉදිරියෙන් දර්ශනය වන වෙළඳ දැන්වීම් පෙරහන් කිරීමට ඔබට පුළුවන.

පොදු හෝ විශේෂිත කාණ්ඩවලින් හෝ විශේෂිත වෙළඳ ප්‍රචාරක වසම්වලින් වෙළඳ දැන්වීම් පෙරහන් කරන ආකාරය මෙන්න:

  1. ඔබේ YouTube සඳහා AdSense ගිණුම වෙත පුරන්න.
  2. ඉහළ වම්පස, මෙනුව  ක්ලික් කරන්න.
  3. අවහිර කිරීමේ පාලන ඉන් අනතුරුව YouTube සඳහා AdSense ක්ලික් කරන්න.
    • ​​විශේෂිත වෙළඳ ප්‍රචාරක URL යොමු අවහිර කිරීම සඳහා: පිටුවේ ඉහළින් ම හරස් අතට ඇති තිරුවේ ඇති වෙළඳ ප්‍රචාරක URL යොමු පටිත්ත ක්ලික් කරන්න. දෙන ලද කොටුවේ ඇති URL යොමු ඇතුළු කර අනතුරුව URL යොමු අවහිර කරන්න ක්ලික් කරන්න.
    • සාමාන්‍ය ෙහා් සංවේදී ප්‍රවර්ග යටතේ වෙළඳ දැන්වීම් අවහිර කිරීමට: පිටුවේ ඉහළින් ම හරස් අතට ඇති තීරුවේ යෝග්‍ය පටිත්ත ක්ලික් කරන්න. කාණ්ඩවලට අනුමැතිය දීමට හෝ ඒවා අවහිර කිරීමට පිටුවේ ඇති පාලන භාවිත කරන්න.

වෙනස්කම් තේරූ විට ස්වයංක්‍රීයව සුරැකෙන අතර පැය 24ක් තුළ ඔබේ නාලිකාවේ පිළිඹිබු විය යුතු ය.

පාලන අවහිර කිරීම අදාළ වන්නේ නැරඹුම් පිටුවේ පිළිගන්වන වෙළඳ දැන්වීම් සඳහා පමණි. ඒවා සංග්‍රහයේ හෝ Shorts වීඩියෝවල පිළිගන්වන වෙළඳ දැන්වීම්වලට බලපාන්නේ නැත.

ඔබේ පෙරහන් ලැයිස්තුව මගින් අවහිර කරන්නේYouTube සඳහා AdSense ඔස්සේ පිළිගන්වන ලද වෙළඳ දැන්වීම් පමණි. විශේෂිත වසම් පෙරහන් කිරීමෙන් Google වෙළඳ දැන්වීම් කළමනාකාරකය ඔස්සේ පිරිනමන වෙළඳ දැන්වීම් වළක්වන්නේ නැත.

වෙළඳ දැන්වීම්වලට ඉඩ දීම හා අවහිර කිරීම පිළිබඳ වැඩි විස්තර දැනගන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
12867218172965042951
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false