වීඩියෝ හා ධාවන ලැයිස්තු කාවද්දන්න

YouTube වීඩියෝවක් හෝ ධාවන ලැයිස්තුවක් කාවැද්දීම මගින් ඔබට එය වෙබ් අඩවියකට හෝ බ්ලොගයකට එක් කළ හැකි ය.

ඔබ අධ්‍යාපනය ලබා දෙන්නකු නම්, ඔබේ පන්ති සඳහා YouTube අන්තර්ගත කාවද්දන ආකාරය පිළිබඳ විස්තර ලබා ගැනීමට ඔබේ අධ්‍යාපන තාක්ෂණ වේදිකාව සම්බන්ධ කරගන්න.

YouTube API සේවා නියම සහ සංවර්ධක ප්‍රතිපත්ති YouTube කාවැද්දූ ධාවකයේ සියලු ප්‍රවේශයන් හා භාවිතාවන්ට අදාළ වේ.

වීඩියෝවක් හෝ ධාවන ලැයිස්තුවක් කාවද්දන්න

  1. පරිගණකයකින් ඔබට කාවැද්දීමට උවමනා YouTube වීඩියෝව හෝ ධාවන ලැයිස්තුව වෙත යන්න.
  2. බෙදාගන්න ක්ලික් කරන්න.
  3. බෙදාගැනීමේ විකල්ප ලැයිස්තුවෙන් කාවද්දන්න ක්ලික් කරන්න.
  4. දිස් වන කොටුවෙන් HTML කේතය පිටපත් කරගන්න.
  5. ඔබේ වෙබ් අඩවි HTML තුළට කේතය අලවන්න.
  6. ජාල පරිපාලකයන් සඳහා: ෆයර්වෝල අනුමත ලැයිස්තුවට youtube.com එක් කිරීමට ඔබට සිදු වේ.
  7. වැදගත්: ඔබේ වෙබ් අඩවිය හෝ යෛදුම දරුවන් කේන්ද්‍ර කරගත් එකක් නම් හා ඔබ විසින් YouTube අන්තර්ගත කාවද්දන්නේ නම්, ඔබ විසින් ම මේ මෙවලම් භාවිතයෙන් ඔබේ අඩවිය හෝ යෙදුම පැවරීම සිදු කළ යුතු ය. ස්වයං පැවරීම මගින් Google මගින් මේ අඩවිවල හෝ යෙදුම්වල පුද්ගල විශේෂී වෙළඳ දැන්වීම් පිරිනමන්නේ නැති බවත්, ඇතැම් විශේෂාංග කාවැද්දූ ධාවකය තුළ ක්‍රියා විරහිත වනු ඇති බවත් සහතික කරනු ඇත.
සටහන: බොහෝ තෙවැනි පාර්ශ්වීය වෙබ් අඩවිවල වයස් සීමා පැනවූ වීඩියෝ නැරඹිය නොහැකි ය. මෙම වීඩියෝ ධාවනය කළ විට නරඹන්නන්ව නැවත YouTube වෙත හරවා එවනු ලැබේ.

වීඩියෝ කාවැද්දීමේ විකල්ප කළමනාකරණය

රහස්‍යතාව ඉහළ නැංවූ ප්‍රකාරය ක්‍රියාත්මක කරන්න

YouTube කාවැද්දූ ධාවකයේ රහස්‍යතාව ඉහළ නැංවූ ප්‍රකාරය මගින් කාවැද්දූ YouTube අන්තර්ගතවල නැරඹීම භාවිතය YouTube මත නරඹන්නාගේ බ්‍රවුස් කිරීමේ අත්දැකීමට බලපෑම් කිරීම වළක්වයි. මින් අදහස් වන්නේ, කාවැද්දූ ධාවකයේ රහස්‍යතාව ඉහළ නැංවූ ප්‍රකාරය තුළ දක්වා ඇති වීඩියෝවක නැරඹීම, ඔබේ රහස්‍යතාව ඉහළ නැංවූ ප්‍රකාරයේ කාවැද්දූ ධාවකය තුළ හෝ නරඹන්නාගේ ඊට අනුගාමී YouTube නැරඹුම් අත්දැකීම තුළ YouTube බ්‍රවුස් කිරීමේ අත්දැකීම පුද්ගල විශේෂී ලෙස සකස් කිරීම සඳහා යොදා නොගන්නා බවයි.

කාවැද්දූ ධාවකයේ රහස්‍යතාව ඉහළ නැංවූ ප්‍රකාරයේ දිස් වන වීඩියෝවක වෙළඳ දැන්වීම් පිළිගන්වන්නේ නම්, ඒ ආකාරයෙන් එම වෙළඳ දැන්වීම් පුද්ගල විශේෂි ලෙස සකස් නොකළ ඒවා වනු ඇත. ඊට අමතරව, කාවැද්දූ ධාවකයේ රහස්‍යතාව ඉහළ නැංවූ ප්‍රකාරය තුළ දිස් වන වීඩියෝවක් නැරඹීම නරඹන්නාට ඔබේ අඩවියෙන් හෝ යෙදුමෙන් පිටත දිස් වන වෙළඳ ප්‍රචාරණය පුද්ගල විශේෂී ලෙස සකස් කිරීම සඳහා යොදා නොගැනේ.

සිහි කැඳවීමක් ලෙස, YouTube API සේවා නියම සහ සංවර්ධක ප්‍රතිපත්ති YouTube කාවැද්දූ ධාවකයට ප්‍රවේශ වීම සහ එය භාවිතයට අදාළ වේ.

රහස්‍යතාව ඉහළ නැංවූ ප්‍රකාරය භාවිතයට:

  1. ඔබේ HTML තුළ ඇති කාවැද්දූ URL යොමුව සඳහා වන වසම https://www.youtube.com වෙතින් https://www.youtube-nocookie.com වෙත වෙනස් කරන්න.
  2. ජාල පරිපාලකයන් සඳහා: ඔබට ෆයර්වෝල් අනුමත ලැයිස්තුවට youtube-nocookie.com එක් කිරීමට සිදු වනු ඇත.
  3. යෙදුම් තුළ භාවිතය පිණිස, කාවැද්දූ ධාවකයේ WebView අවස්ථාවක් භාවිත කරන්න. රහස්‍යතාව ඉහළ නැංවූ ප්‍රකාරය ලද හැක්කේ වෙබ් අඩවි මත ඇති කාවැද්දූ ධාවකයන් සඳහා පමණි.
  4. වැදගත්: ඔබේ වෙබ් අඩවිය හෝ යෙදුම ළමුන් විසින් මෙහෙයවන්නේ නම්, ඔබ YouTube වීඩියෝ රහස්‍යාතව ඉහළ නැංවූ ප්‍රකාර ධාවකය සමගින් කාවැද්දුව ද, YouTube API සේවා නියම සහ සංවර්ධක ප්‍රතිපත්තිවලින් නියම කරන පරිදි, ඔබ විසින්මේ මෙවලම් භාවිතයෙන් ඔබේ අඩවිය හෝ යෙදුම ස්වයං පැවරීම සිදු කළ යුතු ය.

උදාහරණය:

පෙර

<iframe width="1440" height="762"

src="https://www.youtube.com/embed/7cjVj1ZyzyE"

frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen></iframe>

පසු

<iframe width="1440" height="762" src="https://www.youtube-nocookie.com/embed/7cjVj1ZyzyE"

frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen></iframe>

සටහන: නරඹන්නා කාවැද්දීමෙන් පිටත ක්ලික් කිරීමක් හෝ තට්ටු කිරීමක් සිදු කර වෙනත් වෙබ් අඩවියකට හෝ යෙදුමකට හරවා යවනු ලැබුවහොත්, එකී වෙබ් අඩවිය හෝ යෙදුම මගින් වෙබ් අඩවියේ හෝ යෙදුමේ ප්‍රතිපත්ති හා නියමවලට අනුකූලව නරඹන්නාගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමට ඉඩ ඇත.

කාවැද්දූ වීඩියෝවක් ස්වයංක්‍රීය ලෙස ධාවනය වීමට සලස්වන්න

කාවැද්දූ වීඩියෝවක් ස්වයංක්‍රීයව ධාවනය වීමට සැලැස්වීම සඳහා වීඩියෝවේ කාවැද්දූ කේතයට වීඩියෝ ID ("embed/" යන්නට පසුව ඇති අක්ෂර මාලාව) ඉදිරියෙන් "&autoplay=1" යන්න එක් කරන්න

ස්වයංක්‍රීයව ධාවනය වන කාවැද්දූ වීඩියෝ මගින් වීඩියෝ නැරඹීම් ඉහළ දමන්නේ නැත.

උදාහරණය:

<iframe width="560" height="315"
src="https://www.youtube.com/embed/D6Ac5JpCHmI?&autoplay=1"frameborder="0"
allowfullscreen></iframe>
නිශ්චිත වේලාවකට කාවැද්දූ වීඩියෝවක් ඇරඹීම

වීඩියෝවක් නිශ්චිත ස්ථානයකින් ධාවනය වීම ආරම්භ කරවීම සඳහා “?start=” යන්නට පසු, ඔබට වීඩියෝව ධාවනය වීම ආරම්භ වීමට අවශ්‍ය වේලාව තත්පර ගණනින් සඳහන් කර වීඩියෝවේ කාවැද්දීම් කේතයට එක් කරන්න.

උදාහරණ ලෙස, ඔබට වීඩියෝවක් එහි විනාඩි 1යි තත්පර 30ක් ගත වූ පසු ආරම්භ වීමට උවමනා නම්, ඔබේ කාවැද්දීම් කේතය මෙබන්දක් වනු ඇත:

<iframe allowfullscreen="" frameborder="0" height="315" src="http://www.youtube.com/embed/UkWd0azv3fQ?start=90" width="420"></iframe>
කැවැද්දූ වීඩියෝවකට උපසිරැසි එක් කිරීම

වීඩයෝවේ කාවැද්දීම් කේතයට "&cc_load_policy=1" එක් කිරීමෙන් කාවැද්දූ වීඩියෝවක් සඳහා උපසිරැසි ස්වයංක්‍රීයව දිස් වීමට සලස්වන්න.

ඔබට කාවැද්දූ වීඩියෝවේ උපසිරැසි සඳහා භාෂාවක් තෝරා ගැනීමට ද පුළුවන. ඔබ කාවැද්දීමට අපේක්ෂා කරන වීඩියෝව සඳහා උපසිරැසි භාෂාව නිශ්චිතව දැක්වීමට වීඩියෝවේ කාවැද්දීම් කේතයට "&cc_lang_pref=fr&cc_load_policy=1" එක් කරන්න.

  • "cc_lang_pref" යන්නෙන් වීඩියෝවේ දක්වා ඇති උපසිරැසි සඳහා භාෂාව සකස් කරයි.
  • "cc_load_policy=1" මගින් පෙරනිමියෙන් උපසිරැසි ක්‍රියාත්මක කරයි.
  • "fr" යන්නෙන් ප්‍රංශ භාෂාව සඳහා වන භාෂා කේතය නිරූපණය කරයි. ඔබට ISO 639-1 ප්‍රමිතීන් තුළ අක්ෂර 2ක භාෂා කේතයන් බලාගත හැකි ය.
ඔබේ වීඩියෝ සඳහා කාවැද්දීම ක්‍රියා විරහිත කරන්න
ඔබ වීඩියෝවක් උඩුගත කර ඇති අතර අන් අයට බාහිර අඩවිවල ඔබේ වීඩියෝව කාවැද්දීමට ඉඩ දීමට උවමනා නැතිනම්, පහත පියවර අනුගමනය කරන්න:
  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන් අන්තර්ගතය තෝරන්න.
  3. එබ කළමනාකරණය කිරීමට කැමති වීඩියෝව ඉදිරියෙන් විස්තර තෝරන්න .
  4. පහළින් ම තව පෙන්වන්න තෝරන්න.
  5. “කාවැද්දීමට ඉඩ දෙන්න“ යන්න ඉදිරියෙන් ඇති කොටුවේ හරි ලකුණු ඉවත් කර සුරකින්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
8648670188693353418
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false