YouTube මගේ වීඩියෝ පෞද්ගලික වෙත වෙනස් කළේ ඇයි?

ඇතැම් අවස්ථාවල දී, අපි ඔබගේ නාලිකාව මත සැක සහිත ක්‍රියාකාරකමක් හඳුනාගන්නා විට, එම වීඩියෝ අපහාරකයෙකු විසින් උඩුගත කරන ලද බවට අපි විශ්වාස කරන්නේ නම් අපි ඒවා පෞද්ගලික වෙත සැකසීමට පියවර ගැනීමට ඉඩ ඇත. ඔබේ නාලිකාව සහ ප්‍රජාව වඩා හොඳින් ආරක්ෂා කිරීමට අපි මෙම පියවර ගනිමු.

අපි ඔබේ වීඩියෝවලින් කිසිවක් පෞද්ගලික වෙත සකසන්නේ නම්, අපි ඔබට ඉ-තැපෑල මගින් දැනුම්දෙමු. අතිරේක වශයෙන්, ඔබ සහ අපගේ YouTube ප්‍රජාව යන දෙපාර්ශ්වයම ආරක්ෂා කෙරෙන බව තහවුරු කිරීමට අපි ඔබව ඔබේ ගිණුමෙන් වරනය කරන්නෙමු.

මම කළ යුත්තේ කුමක් ද?

ඔබ වීඩියෝ පළ කරන්නේ නම්

ඔබේ රහසිගත වීඩියෝ නැවත ප්‍රසිද්ධ කරන්නේ ද නැති ද යන්න තීරණය කිරීමට පෙර ඒවා දෙස බලන්න. ඒවා අපගේ ප්‍රජා මාර්ගෝපදේශ අනුගමනය කරන බව ඔබ සිතන්නේ නම්, ඔබට වීඩියෝ ප්‍රසිද්ධ වෙත වෙනස් කිරීමට හැක.

සටහන: ඔබට ඔබේ වීඩියෝ ප්‍රසිද්ධ වෙත වෙනස් කිරීමට නොහැකි නම්, වෙනත් හේතුවක් සඳහා ඔබේ වීඩියෝව පෞද්ගලික ලෙස සලකුණු කර තිබීමට ඉඩ ඇත. අදාළ නොවන හෝ නොමග යවන ටැග් භාවිතා කිරීම හේතුවෙන් පෞද්ගලික කෙරෙන වීඩියෝ පිළිබඳ තව දැන ගන්න.

ඔබ වීඩියෝ ප්‍රකාශයට පත් නොකළේ නම්

  1. studio.youtube.com වෙත පැමිණ ඔබ උඩුගත නොකළ වීඩියෝ කිසිවක් වෙතොත් මකන්න. රහසිගත වීඩියෝ පවා ප්‍රජා මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු අතර, ඔබ පළ නොකළ අන්තර්ගතය සඳහා ඔබට දඬුවම් කිරීමට අපට අවශ්‍ය නැත.
  2. ඔබේ Google ගිණුම මත ආරක්ෂක පරීක්ෂාවක් සිදු කර නිර්දේශිත පියවර කිසිවක් වෙතොත් ඒවා ගන්න. යෝජිත ක්‍රියාමාර්ගවලට ඔබේ මුරපදය වෙනස් කිරීම හෝ පැරණි උපාංග ඉවත් කිරීම ඇතුළත් වීමට ඉඩ ඇත.
  3. ඔබේ නාලිකාවට ප්‍රවේශය තිබෙන්නේ කාට දැයි සමාලෝචනය කරන්න. ඔබේ ගිණුම හා සම්බන්ධ අනවශ්‍ය පරිශීලකයින් කිසිවකු නොමැති බව තහවුරු කිරීමට නාලිකා අවසර පරීක්ෂා කරන්න.
  4. අපහාරකයා ඔබේ නාලිකාවේ ඇති බැනරය, වීඩියෝ විස්තරවල ඇති සබැඳි, හෝ ඇමුණූ අදහස් වැනි වෙනත් කිසිවක් වෙනස් කර ඇත්දැයි පරීක්ෂා කරන්න.

ඔබට අපගේ නිර්මාණකරු සුරක්ෂිතතා මධ්‍යස්ථානය තුළ දී හෝ ඔබේ YouTube ගිණුම ආරක්ෂා කරගන්න වෙත පැමිණීමෙන් ඔබේ ගිණුම අපහාරකයින්ගෙන් ආරක්ෂා කර තබාගන්නා ආකාරය පිළිබඳව තව දැන ගැනීමට හැක.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
10410344163271932023
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false