YouTube මත RSS සංග්‍රහයකින් කතාංග ප්‍රකාශන කරන්න හෝ විසන්‍ධි කරන්න

ඔබ පෝඩ්කාස්ට් නිර්මාණකරුවෙක් නම් ඔබට RSS සංග්‍රහයක් හරහා YouTube වෙත ඔබේ පෝඩ්කාස්ට් උඩුගත කිරීමට YouTube Studio භාවිත කළ හැක. RSS සංග්‍රහයක් ප්‍රකාශන කිරීමට හෝ විසන්‍ධි කිරීමට පහත පියවර අනුගමන කරන්න. ඔබට RSS වෙතින් YouTube වෙත පෝඩ්කාස්ට් උඩුගත කිරීම ගැන තව දැන ගැනීමට ද හැකිය.

සටහන: RSS අධිග්‍රහණය තෝරන ලද රටවල් / කලාපවල් තුළ ලැබේ.

RSS සංග්‍රහ මගින් YouTube වෙත ශ්‍රව්‍යය පළමුව පෝඩ්කාස්ට් උඩුගත කරන ආකාරය

YouTube වෙත පෝඩ්කාස්ට් උඩුගත කිරීමට ඔබේ RSS සංග්‍රහය සම්බන්‍ධ කරන්න

ඔබ පටන් ගැනීමට පෙර YouTube Studio වෙත පුරන්න. පසුව ඔබේ RSS සංග්‍රහයෙන් YouTube වෙත පෝඩ්කාස්ට් කතාංග උඩුගත කිරීමට පහත පියවර අනුගමන කරන්න.

Submitting an RSS feed on YouTube

1. YouTube Studio තුළ, සාදන්න  සහ අනතුරුව නව පෝඩ්කාස්ට් සහ අනතුරුව RSS සංග්‍රහය ඉදිරිපත් කරන්න  ක්ලික් කරන්න.

සටහන: ඔබට උසස් විශේෂාංග ප්‍රවේශය නොමැති නම්, ඔබ ඔබේ අනන්‍යතාව සත්‍යාපන කිරීමට අවශ්‍ය වෙයි.

2. RSS අධිග්‍රහණ මෙවලම් සේවා නියම කියවා පිළිගන්න. 

3. තිරයේ ඇති උපදෙස් කියවා මීළඟ ක්ලික් කරන්න.

4. ඔබේ RSS සංග්‍රහ URL එක ඇතුළත් කර මීළඟ ක්ලික් කරන්න.

5. ඔබේ ගිණුම සත්‍යාපන කිරීමට කේතය යවන්න ක්ලික් කරන්න. 

6. ඔබේ RSS සංග්‍රහයේ ඇති ඉ-තැපැල් ලිපිනයට එවන ලද සත්‍යාපන කේතය ඇතුළත් කර සත්‍යාපන කරන්න ඇතුළත් කරන්න. ඔබ ඔබේ RSS සංග්‍රහයේ ඇති ඉ-තැපෑල නොදන්නේ නම් ඔබේ ධාරණ සපයන්නා සම්බන්‍ධ කර ගන්න.

7. ඔබට YouTub‌e මත ඔබේ පෝඩ්කාස්ට් වෙත උඩුගත කිරීමට අවශ්‍ය කතාංග තෝරා මීළඟ ක්ලික් කරන්න. ඔබට උඩුගත කිරීමට තෝරා ගත හැක්කේ:

  • පවතින කතාංග සියල්ල
  • නිශ්චිත දිනයක සිට ප්‍රකාශිත කතාංග
  • අනාගත කතාංග පමණක්
ඔබේ කාතංගවල ගෙවුම් ප්‍රවර්ධන තිබේ නම්, ඔබ “RSS සංග්‍රහයෙන් ලැබෙන කතාංග බොහොමයක ගෙවුම් ප්‍රවර්ධන තිබේ” යන විකල්පය ද තේරිය යුතුය. YouTube මත RSS සංග්‍රහ සඳහා වන හොඳම පුරුදු ගැන තව දැන ගන්න.

8. දෘශ්‍යතා විස්තර සමාලෝචන කර සුරකින්න ක්ලික් කරන්න.

ඔබේ RSS සංග්‍රහයෙන් පෝඩ්කාස්ට් ප්‍රකාශන කරන්න

ඔබ ඔබේ සංග්‍රහය සැකසූ පසු ඔබේ කතාංග උඩුගත වීමට දින කිහිපයක් ගත වේවි. ඔබේ පෝඩ්කාස්ට් එක ප්‍රකාශන වීමට සූදානම් වූ විට ඔබට ඉ-තැපෑලක් ලැබෙයි, කෙසේ වෙතත්, ඔබ පහත පියවර අනුගමන කරන තෙක් ඔබේ පෝඩ්කාස්ට් ප්‍රකාශන නොකෙරේ. 

සංග්‍රහයක් ප්‍රකාශන කිරීමට,

  1. YouTube Studio තුළ, අන්තර්ගතය සහ අනතුරුව ‌පෝඩ්කාස්ට් වෙත යන්න.
  2. “වීඩියෝ ගණන” යටතේ ඔබේ පෝඩ්කාස්ට් සංග්‍රහයට යාබද ප්‍රකාශන කරන්න ක්ලික් කරන්න. මෙම බොත්තම දිස් වෙන්නේ ඔබේ පෝඩ්කාස්ට් කතාංග උඩුගත වීම අවසන් වූ විට පමණයි. 

ඔබ ප්‍රකාශන කළ පසු, ඔබේ පෝඩ්කාස්ට් සහ කිසියම් අලුත් කතාංග YouTube මත ඕනෑම කෙනෙකුට ප්‍රසිද්ධ වෙයි. ඔබට පෝඩ්කාස්ට් විස්තර පිටුව මත මෙම සැකසීම් වෙනස් කළ හැක. මීළඟ කොටස තුළින් ඔබේ පෙරනිමි වීඩියෝ දෘශ්‍යතාව සංස්කරණ කරන ආකාරය දැන ගන්න.

පෝඩ්කාස්ට් විස්තර සංස්කරණ කරන්න

ඔබේ RSS සංග්‍රහය තුළ බෙදා හරිනු ලබන පෝඩ්කාස්ට් විස්තර මඟ හැරී හෝ වැරදිව තිබේ නම්, ඔබට පෝඩ්කාස්ට් විස්තර පිටුවෙන් ඒවා සංස්කරණ කළ හැක.

1. YouTube Studio තුළ, අන්තර්ගතය සහ අනතුරුව ‌පෝඩ්කාස්ට් වෙත යන්න.
2. ඔබ සංස්කරණ කිරීමට කැමති පෝඩ්කාස්ට් එකට උඩින් තබා ගෙන විස්තරEdit setting, pencil icon තෝරන්න.
3. පෝඩ්කාස්ට් විස්තර පිටුව මත, පහත සඳහන් සැකසීම් කිසිවක් යාවත්කාලීන කරන්න:

  • මාතෘකා
  • විස්තර
  • වීඩියෝ දෘශ්‍යතාව
  • පෙරනිමි වීඩියෝ පිළිවෙල
  • RSS සැකසීම්

4. සම්පූර්ණ කළ විට සුරකින්න ක්ලික් කරන්න.

සටහන: කතාංග විස්තර ඔබේ RSS සංග්‍රහයෙන් ස්වයංක්‍රීයව යාවත්කාලීන වෙයි. ඔබේ කතාංග විස්තර වෙනස් වන්නේ නම්, ඔබට ඔබේ RSS සංග්‍රහය තුළ ඒවා සංස්කරණ කළ හැක. ඔබ YouTube Studio තුළ කතාංග විස්තර වෙනස් කරන්නේ නම්, අපි ඔබේ RSS සංග්‍රහය තුළ එම කතාංගයට කෙරෙන අනාගත සංස්කරණ අවහිර කරමු.

ඔබේ YouTube පෝඩ්කාස්ට් වෙතින් RSS සංග්‍රහයක් විසන්‍ධි කරන්න

YouTube මත ඔබේ පෝඩ්කාස්ට් වෙතින් ඔබේ RSS සංග්‍රහය විසන්‍ධි කිරීම නව කතාංග උඩුගත වීම නවත්වයි. 

  1. YouTube Studio තුළ, අන්තර්ගතය සහ අනතුරුව ‌පෝඩ්කාස්ට් වෙත යන්න.
  2. ඔබ සංස්කරණ කිරීමට කැමති පෝඩ්කාස්ට් එකට උඩින් තබා ගෙන විස්තරEdit setting, pencil icon තෝරන්න.
  3. පෝඩ්කාස්ට් විස්තර පිටුවෙන්, ඔබේ RSS සංග්‍රහය සොයා ගෙන විසන්‍ධි කරන්න ක්ලික් කරන්න.
  4. ඔබ ඔබේ නාලිකාවෙන් RSS සංග්‍රහය විසන්‍ධි කිරීමට කැමති බව තහවුරු කරන්න.

කතාංගයක් නැවත උඩුගත කරන්න

ඔබට ඔබේ RSS සංග්‍රහය හරහා ශ්‍රව්‍ය ගොනුවක් යාවත්කාලීන කිරීමට අවශ්‍ය නම් ඔබේ වීඩියෝව නැවත උඩුගත කිරීමට පහත පියවර අනුගමන කරන්න.

  1. YouTube Studio තුළ, අන්තර්ගතය සහ අනතුරුව ‌පෝඩ්කාස්ට් වෙත යන්න.
  2. ඔබ සංස්කරණ කිරීමට කැමති පෝඩ්කාස්ට් එකට උඩින් තබා ගෙන වීඩියෝ තෝරන්න.
  3. ඔබ නැවත අධිග්‍රහණ කිරීමට කැමති වීඩියෝවට උඩින් ගබා ගෙන මෙනුව ක්ලික් කරන්න.
  4. RSS සංග්‍රහයෙන් නැවත උඩුගත කරන්න තෝරන්න. 

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
18445317237617684360
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false