YouTube Studio හි වාදන ලැයිස්තු කළමනාකරණය කරන්න

ඔබේ ප්‍රේක්ෂකයින් සමග සම්බන්ධ වීමට YouTube Studio තුළ ඔබේ වාදන ලැයිස්තු නිර්මාණය කිරීම, සංස්කරණය කිරීම, කළමනාකරණය කිරීම සහ පෙරීම සිදු කරන ආකාරය දැන ගන්න.

සටහන: මෙම විශේෂාංගය YouTube මත අධීක්‍ෂිත අත්දැකීම් සමග ලද නොහැකි වීමට ඉඩ ඇත. වැඩි විස්තර දැනගන්න.

 

ධාවන ලැයිස්තුවක් සාදන්න

නව වාදන ලැයිස්තුවක් තැනීමට.

  1. YouTube Studio වෙත පුරන්න.
  2. ඉහළ දකුණු කෙළවරේ, නව වාදන ලැයිස්තුවක් තනන්න  සහ අනතුරුව තෝරන්න.
  3. වාදන ලැයිස්තු මාතෘකාව ඇතුළත් කරන්න
  4. ඔබේ වාදන ලැයිස්තුවේ දෘශ්‍යතා සැකසුම තේරීමට පතන කොටුව භාවිත කරන්න.
  5. තනන්න ක්ලික් කරන්න.

පහත YouTube Studio හි පෝඩ්කාස්ට් එකක් නිර්මාණය කරන ආකාරය දැන ගන්න, නැතහොත් මෙම උදවු මධ්‍යස්ථාන ලිපිය වෙත පිවිසෙන්න.

වාදන ලැයිස්තු මාතෘකා ඉඟි:
  • වාදන ලැයිස්තු මාතෘකාවලට අනුලකුණු 150ක අනුලකුණු සීමාවක් ඇත
  • වාදන ලැයිස්තු මාතෘකාවල වලංගු නොවන අක්ෂර ඇතුළත් විය නොහැකි ය ("<", ">", සහ රේඛා බෙදුම්කරු "\u2028")
වාදන ලැයිස්තු විස්තර ඉඟි:
  • වාදන ලැයිස්තු විස්තරවලට අනුලකුණු 5,000ක සීමාවක් ඇත
  • වාදන ලැයිස්තු විස්තරවල වලංගු නොවන අක්ෂර ඇතුළත් විය නොහැකි ය ("<", ">", සහ රේඛා බෙදුම්කරු "\u2028")

වාදන ලැයිස්තුවක් කළමනාකරණය කරන්න

ඔබේ වාදන ලැයිස්තුව කළමනාකරණය කිරීමට,

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන්, අන්තර්ගතය තෝරන්න.
  3.   වාදන ලැයිස්තු පටිත්ත ක්ලික් කරන්න.
  4. ඔබ යාවත්කාලීන කිරීමට කැමති වාදන ලැයිස්තුව අසල මෙනුව  ක්ලික් කරන්න.
  5. YouTube හි සංස්කරණය කරන්න තෝරන්න. ඔබේ වාදන ලැයිස්තුව නව පටිත්තක විවෘත වනු ඇත.
    • වාදන ලැයිස්තුවක් තුළ වීඩියෝ අනුපිළිවෙලට සැකසීමට, නැවත පිළිවෙල කිරීමට වීඩියෝව ඉහළට සහ පහළට ඇද දමන්න .
    • වාදන ලැයිස්තුවක් බෙදා ගැනීමට, ඔබේ වාදන ලැයිස්තු විස්තර වෙත ගොස් බෙදා ගන්න  තෝරන්න. ඉන්පසුව, ඔබ වාදන ලැයිස්තුව බෙදා ගැනීමට කැමති ස්ථානය තෝරා ගන්න.
    • සහකරුවන්ක එක් කිරීමට, ඔබේ වාදන ලැයිස්තු විස්තර වෙත ගොස් තවත් සහ අනතුරුව සහයෝගයෙන් ක්‍රියා කරන්න  ක්ලික් කරන්න.
    • වාදන ලැයිස්තුවකට වීඩියෝ එක් කිරීමට, ඔබේ වීඩියෝ විස්තර වෙත ගොස් තවත්  සහ අනතුරුව වීඩියෝ එක් කරන්න තෝරන්න. ඔබට සෙවුම, URL ලිපිනය හෝ ඔබේ පුස්තකාලයෙන් වීඩියෝවක් එක් කළ හැකි ය.
සටහන: ඔබට ඔබේ පෞද්ගලිකත්ව සැකසීම් වෙනස් කිරීම ද සිදු කළ හැකි ය.

වාදන ලැයිස්තු මාතෘකාවක් හෝ විස්තරයක් සංස්කරණය කරන්න

ඔබේ වාදන ලැයිස්තුවෙහි විස්තර යාවත්කාලීන කිරීමට,

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන්, අන්තර්ගතය තෝරන්න.
  3. වාදන ලැයිස්තු පටිත්ත ක්ලික් කරන්න.
  4. ඔබේ වාදන ලැයිස්තු මාතෘකාවට හෝ විස්තරයට යාබද විස්තර  ක්ලික් කර අවශ්‍ය පරිදි විස්තර යාවත්කාලීන කරන්න.
  5. සුරකින්න ක්ලික් කරන්න.

ඉඟිය:

  • වාදන ලැයිස්තු මාතෘකාවලට අනුලකුණු 150ක අනුලකුණු සීමාවක් ඇත
  • වාදන ලැයිස්තු මාතෘකාවල වලංගු නොවන අක්ෂර ඇතුළත් විය නොහැකි ය ("<", ">", සහ රේඛා බෙදුම්කරු "\u2028")
  • වාදන ලැයිස්තු විස්තරවලට අනුලකුණු 5,000ක අනුලකුණු සීමාවක් ඇත
  • වාදන ලැයිස්තු විස්තරවල වලංගු නොවන අක්ෂර ඇතුළත් විය නොහැකි ය ("<", ">", සහ රේඛා බෙදුම්කරු "\u2028")

වාදන ලැයිස්තුවක් පෙරහන් කරන්න

වාදන ලැයිස්තුවක් පහසුවෙන් සොයා ගැනීමට, ඔබේ සෙවුම පටු කිරීමට පෙරහනක් භාවිත කරන්න:

  1. YouTube Studio වෙත පුරන්න.
  2. වම් මෙනුවෙන්, අන්තර්ගතය තෝරන්න.
  3. වාදන ලැයිස්තු පටිත්ත ක්ලික් කරන්න.
  4. මාතෘකාව අනුව ඔබේ වාදන ලැයිස්තු සොයා ගැනීමට සහ පෙරහන් කිරීමට පෙරහන් තීරුව භාවිත කර මූල පද ඇතුළත් කරන්න.

වාදන ලැයිස්තුවක් පොඩ්කාස්ට් එකක් බවට පත් කරන්න

පවතින වාදන ලැයිස්තුවක් පොඩ්කාස්ට් එකක් බවට පත් කිරීමට,

  1. YouTube Studio තුළ, අන්තර්ගත  සහ අනතුරුව වාදන ලැයිස්තුව වෙත යන්න.
  2. ඔබට පොඩ්කාස්ට් එකක් ලෙස සැකසීමට අවශ්‍ය වාදන ලැයිස්තුව මත උඩින් තබා ගන්න.
  3. මෙනුව  සහ අනතුරුව පෝඩ්කාස්ට් ලෙස සකසන්න ක්ලික් කරන්න.
  4. ඔබේ පොඩ්කාස්ට් විස්තර සමාලෝචනය කර සමචතුරස්‍රාකාර පොඩ්කාස්ට් සිඟිති රුවක් එක් කරන්න. පොඩ්කාස්ට් විස්තරවලට මාතෘකාව, විස්තරය සහ YouTube හි ඔබේ පොඩ්කාස්ට් බැලිය හැකි වන්නේ කවුරුන් හට ද යන්න ඇතුළත් වේ.
  5. ඔබේ වෙනස් කිරීම් තහවුරු කිරීමට හරි ක්ලික් කරන්න.

YouTube හි පොඩ්කාස්ට් කිරීම පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, අපගේ උදවු මධ්‍යස්ථාන ලිපිය බලන්න.

වාදන ලැයිස්තුවකින් පොඩ්කාස්ට් කිරීමේ විශේෂාංග ඉවත් කරන්න

ඔබේ වාදන ලැයිස්තුවෙන් පොඩ්කාස්ට් කිරීමේ විශේෂාංග ඉවත් කිරීමට,

  1. YouTube Studio තුළ, අන්තර්ගතය ඉන් අනතුරුව පෝඩ්කාස්ට් වෙත යන්න.
  2. ඔබට පොඩ්කාස්ට් එකක් ලෙස සැකසීම ඉවත් කිරීමට අවශ්‍ය වාදන ලැයිස්තුව මත උඩින් තබා ගන්න
  3. ඔබට විශේෂාංග ඉවත් කිරීමට අවශ්‍ය පොඩ්කාස්ට් එක අසල ඇති මෙනුව මත ක්ලික් කරන්න.
  4. වාදන ලැයිස්තතුව ලෙස සකසන්න තෝරන්න.
  5. තහවුරු කිරීමට ඔව් ක්ලික් කරන්න.

YouTube හි පොඩ්කාස්ට් කිරීම පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, අපගේ උදවු මධ්‍යස්ථාන ලිපිය බලන්න.

වාදන ලැයිස්තු විශ්ලේෂණ බලන්න

ඔබේ එක් එක් වාදන ලැයිස්තු සඳහා, වාදන ලැයිස්තුවේ ඇති ඔබේ සියලු ම වීඩියෝ සඳහා එකට එකතු කර ඇති විදසුන් සොයා ගැනීමට ඔබට දළ විශ්ලේෂණය, අන්තර්ගතය, ප්‍රේක්ෂක සහ ආදායම් පටිත්ත වෙත ප්‍රවේශ විය හැකි ය. ඔබේ වාදන ලැයිස්තු විශ්ලේෂණවලට ප්‍රවේශ වන ආකාරය දැන ගන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
12464640594454231844
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false