ඔබේ Google ගිණුම සහ තෙවන පාර්ශ්ව අතර සම්බන්ධතා කළමනාකරණය කරන්න

ප්‍රයෝජනවත් විශේෂාංග අගුළු හැරීම සඳහා, ඔබට ඔබේ Google ගිණුම සහ තෙවන පාර්ශ්ව යෙදුම් සහ සේවා අතර දත්ත බෙදා ගැනීම සඳහා තෝරා ගැනීමට හැක.

වැදගත්: තෙවන පාර්ශ්ව යනු Google නොවන සමාගම් හෝ සංවර්ධකයින් වේ. ඔබ විශ්වාස කරන තෙවන පාර්ශව සමග පමණක් ඔබේ දත්ත බෙදා ගන්න. Google ඔබේ අවසරයකින් තොරව සම්බන්ධතා පිහිටුවන්නේ නැත.

තෙවන පාර්ශවීය සම්බන්ධතා පිළිබඳව දැන ගන්න

ඔබේ වත්මන් තෙවන පාර්ශ්ව සම්බන්ධතා සියල්ල සමාලෝචනය කිරීම සඳහා:

  1. ඔබේ Google ගිණුමේ තෙවන පාර්ශ්ව සම්බන්ධතා පිටුවට පිවිසෙන්න.
  2. ලැයිස්තුවේ යෙදුම හෝ සේවාව සොයා ගන්න.
  3. ඔබට සමාලෝචනය කිරීමට අවශ්‍ය සම්බන්ධතා ඇති යෙදුම හෝ සේවාව තෝරන්න.

ඉඟිය: ඔබ Google මුරපද කළමනාකරු තුළ සුරකින ලද මුරපදයක් ඇති තෙවන පාර්ශ්වීය යෙදුමක් හෝ සේවාවක් තෝරා ගන්නේ නම්, පිටුව සබැඳියක් සංදර්ශනය කරයි. ඔබේ මුරපද සුරැකීම, කළමනාකරණය කිරීම, සහ ආරක්ෂා කිරීම කරන ආකාරය දැන ගන්න.

තෙවන පාර්ශවීය සම්බන්ධතා කළමනාකරණය කරන්න

Google සමග පුරනය

තෙවන පාර්ශ්ව යෙදුම් සහ සේවා වෙත පුරනය වීමට ඔබේ Google ගිණුම භාවිතා කිරීමට, Google සමග පුරනය වීම භාවිතා කරන්න. ඔබට නව මුරපදයක් තජිමේ අවශ්‍යතාවයකින් තොරව විවිධ වේදිකා සහ බ්‍රව්සර හරහා පුරනය විය හැක.

මෙම සම්බන්ධතා සමාලෝචනය කර කළමනාකරණය කරන්න

යෙදුමක් හෝ සේවාවක් සඳහා Google සමග පුරනය වීම භාවිතය නැවැත්වීම සඳහා:

වැදගත්: ඔබ මෙම සම්බන්ධතාවය මකා දැමුවහොත්, Google යෙදුමට හෝ සේවාවට ස්වයංක්‍රීයව පුරනය වීම නවත්වයි. මෙය තෙවන පාර්ශ්වීය යෙදුම හෝ සේවාව නොමකයි.

  1. ඔබේ Google ගිණුමේ තෙවන පාර්ශ්ව සම්බන්ධතා පිටුව වෙත යන්න.
  2. Google සමග පුරන්න තෝරන්න.
  3. ඔබට ඉවත් කිරීමට අවශ්‍ය සම්බන්ධතාවය ඇති තෙවන පාර්ශ්ව යෙදුම හෝ සේවාව සහ අනතුරුව විස්තර බලන්න තෝරන්න.
    • ඉඟිය: ඔබට එම යෙදුම හෝ සේවාව සමග සම්බන්ධතා වර්ග එකකට වඩා තිබේ නම්, ඔබේ Google සමග පුරනය වීමේ සම්බන්ධතාව “Google ඔබට {යෙදුමේ නම} වෙත පුරනය වීමට උදවු කරන ආකාරය” යටතේ දිස් වේ.
  4. Google සමග පුරනය වීම නවත්වන්න සහ අනතුරුව තහවුරු කරන්න තෝරන්න.

Google සමග පුරනය වීම පිළිබඳව තව දැන ගන්න.

Google සමග පුරනය වීම ඔබට සුරක්ෂිතව දත්ත බෙදා ගැනීමට උදවු වන ආකාරය දැන ගන්න.

ඔබේ Google ගිණුම සබැඳි කරන්න
වැඩි දියුණු කළ සහ පෞද්ගලීකරණය කළ අත්දැකීම් සැපයීමට ඔබට ඔබේ Google ගිණුම ඔබේ තෙවන පාර්ශ්ව යෙදුම හෝ සේවාව සමග සම්බන්ධ කළ හැක.

උදාහරණයක් ලෙස, ඔබට ඔබේ Google ගිණුම සමඟ සංගීත ප්‍රවාහ සේවාවක් සම්බන්ධ කළ හැකි අතර, එවිට ඔබට එම සංගීත ප්‍රවාහ සේවාවෙන් ගීතයක් වාදනය කිරීමට Google සහායකගෙන් විමසා සිටිය හැක.

මෙම සම්බන්ධතා සමාලෝචනය කර කළමනාකරණය කරන්න

වැදගත්: ඔබ මෙම සම්බන්ධතාවය මකා දැමුවහොත්, Google හට ඔබේ තෙවන පාර්ශවීය යෙදුමට හෝ සේවා ගිණුමට ප්‍රවේශය අහිමි වේ. ඔබ ඔබේ Google ගිණුමට පුරනය වී ඇති ඕනෑම උපාංගයක මෙම සම්බන්ධතාවය අවශ්‍ය වන විශේෂාංග වෙත ඔබට ප්‍රවේශය නොලැබෙනු ඇත.

තෙවන පාර්ශ්වීය යෙදුමකට හෝ සේවාවකට Google හි ප්‍රවේශය ඉවත් කිරීමට:

  1. ඔබේ Google ගිණුමේ තෙවන පාර්ශ්ව සම්බන්ධතා පිටුව වෙත යන්න.
  2. සම්බන්ධිත ගිණුම තෝරන්න.
  3. ඔබට මැකීමට අවශ්‍ය සම්බන්ධතාවය ඇති තෙවන පාර්ශ්ව යෙදුම හෝ සේවාව තෝරන්න.
    • ඉඟිය: ඔබට එම යෙදුම හෝ සේවාව සමග සම්බන්ධතා වර්ග එකකට වඩා තිබේ නම්, මෙම සම්බන්ධතාවය “Google හට ඔබේ {යෙදුමේ නම} ගිණුමට යම් ප්‍රවේශයක් ඇත” යටතේ දිස් වේ.
  4. ඔබට ඉවත් කිරීමට අවශ්‍ය තෙවන පාර්ශ්වීය ගිණුමට යාබදව, සම්බන්ධතාවය මකන්න සහ අනතුරුව තහවුරු කරන්න තෝරන්න.

ඉඟිය: ඔබ සම්බන්ධතාවය මැකීමට පෙර, තෙවන පාර්ශ්වය Google සමග කුමන ආකාරයේ තොරතුරු බෙදා ගන්නේ ද යන්න ගැන දැන ගැනීම සඳහා, ඔවුන්ගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය කියවන්න.

Google සමග තතු බෙදා ගන්නා තෙවන පාර්ශ්ව යෙදුම් සහ සේවා පිළිබඳව තව දැන ගන්න.
තෙවන පාර්ශ්වයක් සමග ඔබේ Google ගිණුමට ප්‍රවේශය බෙදා ගන්න

ඔබට තෙවන පාර්ශ්ව යෙදුම් සහ සේවාවන්ට ඔබේ Google ගිණුමට යම් ප්‍රවේශයක් ලබා දීමට ඉඩ දිය හැක.

උදාහරණයක් ලෙස, යෝග්‍යතා යෙදුමක් ඔබ යෙදුම හරහා ලියාපදිංචි වී ඇති පන්ති පෙන්වීමට ඔබේ Google දින දර්ශනය වෙත ප්‍රවේශය ඉල්ලා සිටිය හැක.

වැදගත්: ඔබ ඔබේ Google ගිණුමට තෙවන පාර්ශ්වයකට ප්‍රවේශය ලබා දීමට පෙර, තෙවන පාර්ශ්ව යෙදුම හෝ සේවාව ඔබේ දත්ත භාවිතා කරන ආකාරය සහ ඔවුන් එය සුරක්ෂිතව තබා ගන්නා ආකාරය දැන ගැනීමට ඔවුන්ගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති සහ ආරක්ෂක හෙළිදරව් කිරීම් කියවන්න.

මෙම සම්බන්ධතා සමාලෝචනය කර කළමනාකරණය කරන්න

තෙවන පාර්ශ්වීය යෙදුමකට හෝ සේවාවකට ප්‍රවේශ විය හැකි දේ සමාලෝචනය කිරීමට හෝ ඉවත් කිරීමට:

වැදගත්: ඔබ ප්‍රවේශය ඉවත් කරන්නේ නම්, තෙවන පාර්ශ්වීය යෙදුමට හෝ සේවාවට ඔබේ Google ගිණුමට ප්‍රවේශ විය නොහැක. මෙය සමහර විශේෂාංග ලබා ගත නොහැකි කළ හැක.

  1. ඔබේ Google ගිණුමේ තෙවන පාර්ශ්ව සම්බන්ධතා පිටුව වෙත යන්න.
  2. ඔබේ Google ගිණුමට ප්‍රවේශය ඇත තෝරන්න.
  3. ඔබට සමාලෝචනය කිරීමට අවශ්‍ය තෙවන පාර්ශ්වීය යෙදුම හෝ සේවාව තෝරන්න.
    • ඔබේ Google ගිණුමට නිශ්චිත ප්‍රවේශයක් සහිත තෙවන පාර්ශ්ව යෙදුම් සහ සේවා සඳහා පෙරීමට, ප්‍රවේශය තෝරන්න සහ Google නිෂ්පාදනයක් තෝරා ගන්න හෝ වෙනත් ප්‍රවේශය තෝරන්න.
  4. විස්තර බලන්න තෝරන්න.
    • ඉඟිය: ඔබට එම යෙදුම හෝ සේවාව සමග සම්බන්ධතා වර්ග එකකට වඩා තිබේ නම්, මෙම සම්බන්ධතාවය “{යෙදුමේ නම} හට ඔබේ Google ගිණුමට යම් ප්‍රවේශයක් ඇත” යටතේ දිස් වේ.
  5. තෙවන පාර්ශ්ව යෙදුමට හෝ සේවාවට ඔබේ Google ගිණුමට ඇති ප්‍රවේශය සමාලෝචනය කරන්න.
  6. ඔබට යෙදුමේ හෝ සේවාවේ ප්‍රවේශය ඉවත් කිරීමට අවශ්‍ය නම්, ප්‍රවේශය ඉවත් කරන්න සහ අනතුරුව තහවුරු කරන්න තෝරන්න.

තෙවන පාර්ශ්වීය යෙදුමක් හෝ සේවාවක් වාර්තා කරන්න

තෙවන පාර්ශ්වීය යෙදුමක් හෝ සේවාවක් ඔබේ දත්ත අනිසි ලෙස භාවිතා කරන බව ඔබ සිතන්නේ නම්:

  1. ඔබේ Google ගිණුමේ තෙවන පාර්ශ්ව සම්බන්ධතා පිටුව වෙත යන්න.
  2. ඔබේ Google ගිණුමට ප්‍රවේශය ඇත තෝරන්න.
  3. ඔබට සමාලෝචනය කිරීමට අවශ්‍ය තෙවන පාර්ශ්වීය යෙදුම හෝ සේවාව තෝරන්න.
  4. විස්තර බලන්න තෝරන්න.
  5. පිටුවේ පහළම, මෙම යෙදුම වාර්තා කරන්න තෝරන්න.
  6. පෝරමය පුරවා ඉදිරිපත් කරන්න තෝරන්න.

ඔබේ Google ගිණුමට ප්‍රවේශය සහිත තෙවන පාර්ශ්ව යෙදුම් සහ සේවා පිළිබඳව තව දැන ගන්න.

ඔබේ දත්ත සහ පුද්ගලික තතු ආරක්ෂා කිරීමට Google උදවු කරන ආකාරය

  • Google ඔබේ Google ගිණුමේ මුරපදය කිසිදු තෙවන පාර්ශ්වීය යෙදුමක් හෝ සේවාවක් සමග බෙදා නොගනී.
  • ඔබේ Google ගිණුමේ සිට තෙවන පාර්ශ්වයට බෙදා ගැනීමට ඔබ එකඟ වූ දත්ත වර්ගය ඔබට සමාලෝචනය කළ හැක.
  • ඔබට ඕනෑම වේලාවක දී ඔබේ Google ගිණුමට තෙවන පාර්ශ්වයකට ඇති ප්‍රවේශය ඉවත් කළ හැක.

වැදගත්: ඔබ ඔබේ Google ගිණුම සහ තෙවන පාර්ශ්වීය යෙදුමක් හෝ සේවාවක් අතර සම්බන්ධතාවය මකා දැමුවහොත්, යෙදුම හෝ සේවාව ඔබ දැනටමත් ඔවුන් සමග බෙදා ගෙන ඇති දත්ත තබා ගත හැක. තෙවන පාර්ශ්වීය යෙදුම හෝ සේවාව සමග බෙදා ගත් දත්ත මැකීම සඳහා, විස්තර සඳහා යෙදුම හෝ සේවාව සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න.

අදාළ සම්පත්

true
Google ගිණුම වෙත සාදරයෙන් පිළිගනිමු!

ඔබට නව Google ගිණුමක් ඇති බව අපට පෙනෙයි! ඔබේ Google ගිණුම් පිරික්සුම් ලැයිස්තුව සමග ඔබේ අත්දැකීම වැඩි දියුණු කර ගන්නා ආකාරය දැන ගන්න.

සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
10911512740475928839
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
70975
false
false